රෑ තිස්සෙ නිදිවරන නෙත කඳුළු සැලුවා
බෑ ඉන්න තනියෙන් ම හිත ඔබව සෙවුවා
හිතුවාට දුර යන්න මගෙ හීන බිඳලා
සැනසෙන්න පුළුවන් ද මගෙ කඳුළු දැකලා
පෑ සිනාවන් මැවෙන්නේ
කී කතා තව ඇසෙන්නේ
වේදනා ගිනි නිවෙන්නේ නැතුවා
දැනුනේ නැති ද ඔය හිතට
මට දැනෙන මේ තනිය
ගියෙ ඇයි ද මගෙ හීන බිඳලා
පාවෙන්න දුර අහසෙ මා එක්ක යමු කීව...