තරු ඇස් හැඬවූ නාඳුනනා කෙනා
සැපවත් හීනෙක රහසේ ගැවසිලා
අදහන්නත් බෑ ඔබම ද ඒ කෙනා
සුසුමට සුසුමක් රහසේ මුසුවෙලා
මා දමා පාලුවේ ඔබ කොහේදෝ ගියේ
තනිවෙලා මා ලොවේ විඳවමී ආදරේ
දෑස කකියා කඳුළු රූරා මතකෙ වැලපෙන්නේ
ඔබම සිහිවී පාලු මේ රෑ හීන අහුලන්නේ
මා දමා පාලුවේ ඔබ කොහේදෝ ගියේ
තනිවෙලා මා ලොවේ විඳවමී ආදරේ...