තරුමල් යායම පොඩිකර අහස්විලේ
ඉර හද මිරිකා දියකර සාගරයේ
අදුරේ උන්නෙමි ලොවම එපාවී
මා හැරදා ඈ ගිය දවසේ...
දුක පැවසුවෙමී අසනා කෙනෙකු නැතී
පාලු නැසුවෙමී තනියට කෙනෙක් නැතී
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකිනි
එකම ලදක් වෙත පෙම්කල උමතුවෙනී..
නුවර උයන් මැද හමුවූ ලදුන් නැතී
යටැසින් බැලු නෙත් පෙරදා බැලුම් නැතී...