1. Malinga

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    ඒකනම් ඇත්ත. හැබැයි ඉතින් අපි හැමෝම වගකියන්න ඕන ඒකට. ලෝකය හෝ සමාජය වෙනස් කරන්න අපිට බැරිනම් අපි හරි වෙනස් වෙන්න ඕන. අපිට ලැබුණ ඒ දේවල් අපේ දරුවන්ටත් පුළුවන් හැටියට ලබාදෙන්න දැනට වුණත් පුළුවන්. ඒක නිසා අපිට ලැබුණ ඒ දේවල් අනාගත දරුවන්ට දෙන්න අපි දැනගන්න ඕන. නැතතම් ඉතින් අපේ ඡන්දෙ අරගෙන ගිහින්...
  2. Malinga

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    ඒකත් හොඳයි. හැබැයි ඉතින් තේරුම්ගන්න යම් තල්ලුවක් දෙන්න පුළුවන් වෙයි ඔයාට
  3. Malinga

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    අනිවාර්යයෙන්. ගෙදර ළමය දෙමවුපියන්ව දකින්නෙ නෑ. එයාලගෙ ආදරය දකින්නෙ නෑ. එයාලගෙන් ආදරය ලැබෙන්නෙ නෑ මොකද ඒ ගොල්ලො ළමයට හොඳ අනාගතයක් උදාකරන්න වානිජමය දේවල් හොයන්න වෙහෙසෙනව. ඒත් ළමයට ඒන සෙනෙහස, ආදරය, රැකවරණය, උපදෙස් වගේ දේවල් ලැබෙන්නෙ නෑ. එතකොට ඒ සෙනෙහස වෙනත් තැන්වලින් අපේක්ෂා කරනව. වැරදි දේට...
  4. Malinga

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    සමහර දේවල් තේරුම් කරන්න අපහසු වෙන්න පුළුවන්. ඒත් ඉතින් තේරුම් කරල බලන්න.
  5. Malinga

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    අනිවාර්යයෙන් වංචාව තියෙන තැන කොහොමත් ආදරයක් නැහැනෙ. හැබැයි ඉතින් තමන් ආදරය කරන ප්‍රමාණෙන්ම හෝ ඊට වැඩි ප්‍රමාණයෙන් ආදරය බලාපොරොත්තු වෙන්නෙ නැත්තම් දුකක් ඇතිවෙන්නෙත් නෑ. හැබැයි ඉතින් අපි මනුෂ්‍යයො හින්ද ආදරය පෙරලා බලාපොරොත්තු වෙනව. තමන් හරියට අවංකව ආදරය කරන්නයි ඕන.
  6. Malinga

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    අනිව ඒ වගේ අයත් ඉන්නව.
  7. Malinga

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    අඩුගානෙ මේ අධ්‍යාපන රටාවවත් වෙනස් වෙන්න ඕන සමාජය හා ආකල්ප වෙනස් කරන්න බැරිනම්. ළමයට පොතේ පතේ දැනුම විතරක් දීල, විභාගවලට විතරක් හුරු කරල හොඳ පුරවැසියෙක් නිර්මාණය කරන්න බෑ.
  8. Malinga

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    ඕකට කියන්නෙ රැල්ල කියල. දැනුම් තේරුම් ඇතුව කරන දෙයක් නෙමෙයි. ආදරයට වඩා ඔතන තියෙන්නෙ සමාජය යන රැල්ලට ගහගෙන යන එක. ඔය වගේ ආදරය කියන වචනය යොදාගෙන පවතින් සම්බන්ධතා බොහොමයක්ගෙ ආයුෂ ඉතාම කෙටියි. මොකද දැනුවත්බාවය අඩු නිසා.
  9. Malinga

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    අනිත් අයගෙ සතුට වෙනුවෙන් තමන්ගෙ දුක හංඟ‍ගෙන හිනාවෙන පිරිස් මේ ලෝකෙ ගොඩක් ඉන්නව
  10. Malinga

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    ඕව ‍ඔහොම තමයි. සුභවාදිව සේරම වෙයි කියල හිතනන්න. හිතටත් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙනවනම් ඉතින් පිළිතුරු එකකට වැඩි ප්‍රමාණයක් තියෙනව. හරිම ගැලපෙන පිළිතුර තොරගන්න එක තමයි ඉතින් අමාරු වැඩේ
  11. Malinga

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    අනිව අනිව. හැමෝම එහෙම වෙන්නෙ නැහැනෙ කොහොමත් :D කාලවකවානුව කුමක් වුණත් ඉතින් සමාජ රැල්ලට ගොඩක් අය අසුවෙනව. ඒත් නව දේවල් බිහිවෙන්නෙ ඒ රැල්ලට පිටින් යන රැල්ල විසින් පිස්සො ලෙස හඳුන්වන අය තුළින් තමයි වැඩිහරියක්. :D
  12. Malinga

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    එළ එළ හිතමු අපි කරන දේවල් ගැනත් වැඩසටහනත් අහමින් :D
  13. Malinga

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    අනිව ප්‍රශ්නයෙන් පලායනව කියන්නෙ හැමදාම දුවන එක. ජීවිතේ දුක සතුට දෙකම ‍එනව. ඒ වගේ තමයි ප්‍රශ්නත්. හැබැයි ඉතින් ඒ ප්‍රශ්නවලට පිළිතුරු නැතුව නෙමෙයිනෙ. ඒව හොයන්න තමන් ම උත්සහ කරන්න ඕන.
  14. Malinga

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    මනුෂ්‍යයෙක් වුණහම හැමවෙලේ ම බැරිවුණත් පුලුවන් වෙලාවට හරි අනිත් අය ගැනත් පොඩ්ඩක් හිතන්න ඕන.
  15. Malinga

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    මං දැක්ක ඊයෙ ත්‍රේඩ් එක අද බලද්දි ඒ ගැන. එයාට හැකි උපරිමයෙන් විභාග කටයුතු කරගෙන යන්න අවශ්‍යය කරන ශක්තිය, ධෛර්යය හා විශ්වාසය ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව!!
  16. Malinga

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    ඔව් දැන් ගොඩක් දේවල්නම් කරන්නෙ විලාසිතාවට, රැල්ලට තමයි. ආදරය වුණත් එහෙමයිනෙ. මෙහෙමයි ඒ අය ඉපදුන පරිසරය වානිජත්වය කරා දුවනව මිසක් ආධ්‍යාත්මයට යමක් එකතු කරන්නෙ බොහොම අඩුවෙන්. ඒ අයට නිසි මඟපෙන්වීමක් නෑ. පොඩි දේටත් ලේ රත්කරගෙන වියරුවෙන් කටයුතු කරනව. සංයමය කියන දේ අඩුයි. බුද්ධිය මෙහෙයවල කටයුතු...
  17. Malinga

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    ඒව ගැන කල්පනා කළොත්නම් ඉතින් අද රේඩි‍යෝ අහන්න වෙන එකක් නෑ නේද? :D
  18. Malinga

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    කවුරුත් ඉතින් තමන් ගැන තමයි මුලින් හිතන්නෙ. ඒකෙ වැරැද්දක් නෑ කියමුකො. ඒත් තමන්ට දැනෙන හැඟීම්, දැනීම් ම අනිත් අයටත් දැනෙනව කියල හිතනවනම් අවුලක් නෑ.
  19. Malinga

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    අවාසනාවන්තකමටත් වඩා විහින් අවාසනාවන්ත වීමක් තමයි :yes::yes:
  20. Malinga

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    :yes::yes: ඒකනම් ඇත්ත තමයි. දැන්කාලෙ ගොඩක් අය තමන් වැරදියි කියල පිළිගන්නත් කැමති නෑ. පිළිගත්තත් එවෙලෙට විතරයි. ආයිත් ටිකකින් අමතකයි.

    No contents