දෑසේ ඔය රුව මැවිලා...
දෑසේ ඔය රුව මැවිලා
නෑ ලඟ සැනසුම රැඳිලා
කාලය හෙමිහිට ගෙවිලා
යයි තව අපි දුර ඇදිලා...
හදවත ගැහෙනා ගැහෙනා මොහතක් පාසා
මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා
මේ සංසාරේ ඔබ සතුටයි මට ඕනා...
රෑ අහසේ තරු නෑ දැන් හිනැහෙන්නේ
ඔබ කොහෙදෝ මා හැරදා අද ඉන්නේ...