තරුද නිදන්නී
මගෙ ලඟ ඉන්න කියා කඳුලක මුවා වෙලා
සුසුමක පා කරලා තරු මල් කැකුළු නෙලා
තුරුලට ගන්න සිතා නිදි නැති කදුළු සලා
හදවත සින්න වෙලා නුඹ ලඟ මටත් හොරා
තරුද නිදන්නී සඳ පාළු මකන්නී
කවුදෝ මේ සිහිනේ ආදරවන්තී
සතුට බෙදන්නී මගෙ පාළු මකන්නී
කුළුදුල් ආදරයේ මා හැරයන්නේ
සීතල කදුලෙන් මගේ ආදරෙ ඉල්ලා...