සංවේදනා මාහදේ දරා
සංවේදනා මාහදේ දරා
මං ඉන්නේ මුළු රෑම නොනිදා නිදා
පෙම් චේතනා ඇවිලී ගියා
දුක් ගින්න මට දීලා ඔබ ගිය නිසා
පවනේ පවා
මුසුවි ගියා
මං ගැයුව දුක් ගායනා
අකාසේ දෙදරා ගියා
සඳ අහසේ ගිලුනා කියා
මා දෑස නොපෙනේ සදා
ඔබේ රුවම ඕනා නිසා
සංසාරේ නිම්නේ පවා
හමුවන්නේ ඔබවයි සදා
ඒ මොහොත ලං වෙයි...