ඉස්තීර තැංපතුවක් දාමුද? Shall we make a Fixed Deposit?
ස්ථාවර තැන්පතුවක්, සිංහලෙං කියනවානං එෆ්.ඩී. එකක් දාන්නෙ ඉතිං එකපාර කීයක් හරි අතට ආවහමනෙ. ඒක සමහර විට ඊ. පී.එෆ්. (අර්ථ සාධක) එක, ඒකාබද්ධ විශ්රාම වැටුප, ලොකු කොමිස් එකක් ඒත් නැත්තං නිතරම ඇදෙන කෝටි ගාණක ලොතරැයි දිනුමක් වගේ විශාල මුදලක් තමා...