ඉස්තීර තැංපතුවක් දාමුද? Shall we make a Fixed Deposit?

Ruma2015

Member
Feb 23, 2015
5
30
0
ඉස්තීර තැංපතුවක් දාමුද? Shall we make a Fixed Deposit?



ස්ථාවර තැන්පතුවක්, සිංහලෙං කියනවානං එෆ්.ඩී. එකක් දාන්නෙ ඉතිං එකපාර කීයක් හරි අතට ආවහමනෙ. ඒක සමහර විට ඊ. පී.එෆ්. (අර්ථ සාධක) එක, ඒකාබද්ධ විශ්‍රාම වැටුප, ලොකු කොමිස් එකක් ඒත් නැත්තං නිතරම ඇදෙන කෝටි ගාණක ලොතරැයි දිනුමක් වගේ විශාල මුදලක් තමා මෙහෙම ස්ථාවර තැන්පතු දාන්නෙ. එහෙම දාපු ස්ථාවර තැන්පතු තමයි බැංකු හා මූල්‍ය සමාගම් වල තියෙන වැඩිම තැන්පතු ප්‍රමාණය වෙන්නෙ. ගොඩක් අය මේවා දැම්මට මුලදිම නිසි අවබෝධයක් ඇතුව නෙමෙයි දාන්නෙ. ඉතිං දාගත්තට පස්සෙ ප්‍රශ්න කෝටියයි. අන්න ඒ ස්ථාවර තැන්පත් දාන අන්ත දුගී ජනතාවගේ හිත සුව පිණිස මෙන්න මේ කරුණු කාරණා ටික එළියට දාන්නෙ.

දැං ඇත්තටම ඕක මොකක්ද?
මේක ඇවිල්ලා ආයෝජනය කොරන උන්දැට නියමිත කල් පිරීමේ දිනයකදි සාමාන්‍ය තැන්පතු ගිණුමකට වඩා වැඩි පොලියක් ලැබෙන තැන්පතු වර්ගයක්. කල් පිරීම කිව්වම ඉතිං ඕක මාසයක් වෙන්ට පුලුවං, මාස 3 ක්, 6 ක් ඒත් නැත්තං අවුරුද්දක්, දෙකක්, තුනක්, හතරක්, පහක් වෙන්ටත් පුලුවං. ඊට වැඩි වෙන්ටත් පුලුවං. හැබැයි, මූල්‍ය සමාගම් සිංහලෙන් කිවුවොත් Financial Companies වල ඔය කාලය දික්වෙන්ට දික්වෙන්ට පොලී අනුපාතයත් වැඩි වෙනවා. හැබැයි රජෝ වාණිජ බැංකුවල ඔය කල්පිරීම සමග පොලී අනුපාතය තීරණය වෙන්නෙ රටේ ආර්ථිකයේ සංසරණ මුදල් ප්‍රමාණය පාලනය කිරීම අනුව. ඒ කියන්නෙ, රජයට මුදල් ඕනි වෙලා තියෙනවා කියමු අවුරුද්දක විතර කාලෙකට. අන්න එතකොට අවුරුද්දෙං කල් පිරෙන ස්ථාවර තැන්පතුවලට වැඩි පොලියක් නියම කරනවා. මේක සිරසෙ මුදුන වගේ. ඊට අඩු සහ වැඩි කාලසීමාවල තැන්පතු දෙපැත්තට අඩුවෙවී යනවා.

නියම කල පොලී අනුපාතය ලැබෙන්නෙ කල්පිරීමේදී ආපසු ගත්තොත් තමා. අපි උදාහරණෙකට ගමු ලේසියෙන් නොදෙන දුවෙක් ඉන්න ජෝඩුවක්. මේ ජෝඩුව තමං හම්බු කොරපු හැම සතේම එකතුකරල දානවා ඉස්තීර තැන්පතුවක් බැංකුවෙ, තව අවුරුද්දකිං පොලියත් එක්ක මේක අරං දෙන්න දුවට දෑවැද්දට. ඔන්න ඔතෙංදි බැංකුව කියනවාය හිතමු අවුරුද්දට 8% ක පොලියක් දෙනවා කියලා. දැන් මේ තැන්පතුව දැම්මෙ ජනවාරි පළවෙනිදා කියලත් හිතමුකො. ඉතිං දුවට ඉන්ට බෑ එච්චර කල්. දවසක් දුවගෙ කාමරේ ලඟිං යනකොට අපේ ජෝඩුවට පොඩි හම් එකක් ඇහෙනවා. බැලින්නං දෝනියන්දැ ඉන්නවා වයිබරේට‍රේකුත් තියාගෙන! “මොකෑ බං ඔය?“. ඩබලම අහපි. “මං මේ මගේ අනාගත සුවාමි පුරුසයත් එක්ක ඉන්නෙ“ කෙල්ල කියපි.
තව ටිකදොහකිං එක දවසක් අම්මට ඇහෙනවා සාලෙංම මේ සද්දෙ. බැලිංනං තාත්තා ඉන්නවා ටී වී බල බලා වයිබරේටොරෙත් නිකං රිමෝට් කොන්ටරෝල් එක වගේ සැටියෙ පැත්තකින් තියාගෙන. “මොකෑ ඕයි, ඔය?“. මහ මෑන් කියාපි “මං මේ අපේ බෑණත් එක්ක ටී වී බලනවා“ කියල!!!

කොහොමිං කොහොම හරි දෙන්න දෙමාල්ලො තීරණය කොලා අවුරුද්දක් හමාරක් ගියොත් මොකිං මොකක් වෙයිද දන්නෑ, ඉක්මනට කෙල්ල දීලා දාන්ට ඕනි කියලා. ඉතිං සේරම උප්පරවැට්ටි දාලා මගුලක් පැටලෙව්වා දෝනියන්දැට. දැන් ඉතිං කාසි පනං එපායැ. දෑවැද්දත් එපායැ. මාම යනවා බැංකුවට.

“මැනේජර් මහත්තයො, මං මාස තුන හතරකට කලිං අර දැම්මෙ ඉස්තීර තැංපතුවක්ද මොකක්ද. තව අවුරුද්දකිං හමාරකිං කෙල්ලට හොඳ පෙලවහක් කොරල දෑවැද්දකුත් දෙන්ට තමා ලෑස්ති උනේ. අනේ ඒ උනාට ඉතිං, කෙල්ලට එච්චරකල් ඉංට බෑ කියනවනෙ. ඔන්න ඔය දාපු සල්ලි ටික මට පොලියත් එක්ක ආපහු දුන්නනං“ කියලා මාමා කියාපි.

දැන් මැනේජර් මහත්තයා කියනවා “මේ උන්නැහැ, ඔහේ අවුරුදු දෙහෙකට දැම්මට තමා මාස 4 යිනෙ ගතවුනේ. ඉතිං පොලියෙං කොටහක් තමා දෙන්ට වෙන්නෙ“.

මෙන්න මෙතෙංදි කොහොමද ගෙවන පොලිය ගණන් බලන්නේ. ක්‍රම කීපයක් තියෙනවා.

එකක් තමා දැනට ස්ථිර තැන්පතු සඳහා පවතින කෙටි කාලසීමාවන් (මාස 3, 6 ආදී වශයෙන්) අතරින් යෙදිය හැකි උපරිම කාලසීමාවට ගෙවන පොලී අනුපාතය යොදා ගැනීම.
තව ක්‍රමයක් තමා ගතවූ මාස ගණනට ඉතිරිකිරීමේ ගිණුමකට ගෙවන පොලී අනුපාතය යොදාගැනීම.
තවත් ක්‍රමයක් තමා එහෙම උපරිම කාලසීමාවක් ස්ථිර තැන්පතු පොලිය බලලා තව ඉතිරි මාස තියේනං ඒවාට සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුම්වලට ගෙවන පොලිය ගෙවීම. ඒ කියන්නෙ මුල් ක්‍රම දෙකේ හයිබ්‍රිඩ් එක.
අනෙක් පජාතම ක්‍රමයක් තමා කිසිම පොලියක් නොගෙවා මුල් මුදල පමණක් ගෙවීම.
ඊටත් වඩා පජාත ක්‍රමයක් තියේනං ඒ තමා තැන්පතුව කලිං අවලංගු කරනවට දඩයක් ගහලා තැන්පතුව මුදා හැරීම.


ඔය අන්තිමට කියපු ක්‍රම බැංකුවල සිද්ද වෙන්නෙ නෑ. මහ බැංකුව ඒ අයව සෘජුවම අදීක්සනේ කොරන නිසා. හැබැයි සමහර මූල්‍ය සමාගම් ඕක කරලා තියෙන බවට පැමිණිලි තියෙනවා.

අපි හිතමු මාස තුනේ (3) ඉස්තීර තැංපතුවකට පොලිය 6% යි, ඉතිරි කිරීමේ සේවිංස් පොතකට පොලිය 4% යි කියලා.මෙන්න පොලිය හැදෙන විදිහ.

· පළමු කරමෙදි තැංපතුව තිබුණෙ මාස 4 නිසා මාස 3 ට පොලිය තමා යොදන්නෙ.

1,000,000 x 3 x 6 = 15,000
12 100

· දෙවන කරමෙදි මාස 4 ට ඉතිරිකිරීමේ පොලී අනුපාතය යොදනවා.

1,000,000 x 4 x 4 =13,333.33
12 100

· හයිබ්‍රිඩ් කරමෙදි අර පළමු කරමෙන් හදාගත්තු 15,000 ට මෙන්න මෙහෙම ඉතිරිකිරීමේ ගිණුමක් විදිහට මාසෙක පොලිය ගණන් බලාල එකතු කොරනවා.

1,000,000 x 1 x 4 =3,333.33
12 100

15,000 + 3,333.33 =18,333.33

· අනික් කෙරම මං හදංට යන්නෑ. එව්වට කිසිම පොරතිපත්තියක්, නීතියක් නැති හිංද.

මාසයක් ගානෙ පොලිය ගන්න
කවුරුත් අහල ඇති මාස්පතා පොලිය ගෙවන ඉස්තිර තැංපතු (Interest payable monthly) කරමෙ ගැන. එතෙංදි කල්පිරීමේදී (Interest payable at maturity) සාමාන‍්‍යයෙන් ගෙවන පොලී අනුපාතයට වඩා තරමක් අඩු ප්‍රමාණයක් තමා ගෙවන්නෙ. හැබැයි තැන්පතුව විශාලනං මේ පොලියෙං කාල ඇඳල ඉංට බැරිකමක්මත් නෑ පැංසොං ගිහාම එහෙම. මෙන්න මෙහෙමයි පොලිය හැදෙන්නෙ. අපි හිතමු මාසිකව ගෙවන කෙරමෙට වාර්ෂික පොලිය 7.5% ක් කියලා. ඔන්න ලස්ස දහයකට හැදෙන පොලිය.

1,000,000 x 1 x 7.5 = 6,250
12 100
මදිදැ ඉතිං එහෙං පිටිං මනුස්ස පරාණ දෙහෙකටයි තව බාගෙකටයි මාසයක් කාල ඇඳල ඉංට!
ඉතිං දරුවනේ දැං අපි බලමු මේ කියන නියම කාලය පිරුණම මක්කැයි වෙන්නෙ කියලා ඉස්තිර තැංපතුවකට. මෙතෙංදි බැංකු ගොඩක්ම යොදන්නෙ ස්වයංක්‍රීය අලුත්වීමේ Automatic Renewal නියාය. ඒ කියන්නේ ඒ ගතවුනු කාලයට හැදුනු පොලිය එයාගෙම වෙනත් ඉතිරිකිරීමේ (Savings Account) හරි ජංගම (Current Account) ගිණුමකට හරි දාලා මුල් මුදල විතරක් අලුත් ඉස්තිර තැංපතුවක් විදිහට අලුත් කොරනවා.

තව විදිහක් තමයි පොලී ගෙඩිය පැලකිරීම (Interest Capitalization). එතෙංදි කොරන්නේ ගතවුනු කාලසීමාවට අදාල පොලියත් තැංපතුවටම එක්කහු කොරල අලුත් ගාණට ඉස්තිර තැංපතුව අලුත් කොරන එක. නිකං අපි හිතමු 8% පොලියට අවුරුදු දෙහෙකට (2) රුපියල් දසලස්සයක් දැම්ම කියල. ඉතිං අවුරුදු දෙකට පොලිය හැදෙනවා මෙහෙම.

1,000,000 x 2 x 8 = 160,000
100

එතකොට ඊ ළඟ අවුරුදු දෙකට රුපියල් 1,160,000 ක් තමා අලුත් වෙන්නෙ. ඔය විදිහට ගිහිං අවුරුදු 10 කදි ඕක දහ අට ලස්සෙත් පනිනවා. දැං ඉතිං අහංට එපා අවුරුදු 10 කින් දහඅටලස්සෙන් කොරංට පුලුවං එව්වා.

හැබැයි අර මං කලිං කියාපු අප්සැට් කට්ටිය අතරෙ ඉන්නවා පොලිය විතරක් වෙන් කොරාල බලං ඉන්නවා අයිතිකාරයා එනකං බලං ඉන්න අය, නියම දිනෙං පස්සෙ සත පහක්වත් පොලී නොගෙවා.
කාල සීමාව මක්ක වුනත් තැන්පතුවලට වගේම ණය වලටත් පොලී අනුපාත පොරකාස කොරන්නේ අවුරුද්දකට මෙච්චරයි කියලා. ඒ කියන්නේ වාර්ෂික පොලී අනුපාතය (Annual Rate of Interest). හැබැයි ඔය පොලී අයියල/අක්කල නං 10% යි කියන්නෙ මාසෙකට. ඒ කියන්නෙ අවුරුද්දට 120% ක්. මේක 360% ක් පමණ වෙන වෙලාවල් තියෙනවා. ඔය දවස ගානෙ බිසිනොස් කරන ඈයො ණයට ගන්නෙ දිනකට 2%-5% ක වගේ පොලියකට. ඒ කියන්නේ අවුරුද්දකදි ඔවුන් නොදනම 700%-1800% ක විතර පොලියක් ගෙවලා. ඉතිං හැදෙයිද මේ රට? මේක ආර්ථික ව්‍යසනයක්!!! නෑ...නෑ...ආර්ථික ඝාතනයක්.
(මං වෙනම පෝස්ට් එකක් දාන්ට ඉන්නෙ ගිනි පොලියට ණය ගැනීමේ ආදීනව ගැනත්!)

ඇත්තටම, තමංගෙ ඉස්තීර තැංපතුවට ඩැමේජ් එකක් නොවී හදිසියකදී මුදලක් ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමා ඒ තැංපතුවම ඇපේට තියලා ණයක් (Cash to Cash Loans) ගන්න එක. එතෙංදි තැංපතුවෙන් 75%, 90% වගේම 100% ම වුණත් ගන්ට ක්‍රම තියෙනවා. ඒ ගැන තැංපතුව දාංට කලිං බැංකුවෙං අහල දැනුවත් වෙංට.

එහෙම තමංගෙම සල්ලි තමංටම ණයට දෙන එක බොරු වැඩක් වගේ එකපාරටම පෙනුනත් මේකෙ වාසි කීපයක් තියෙනවා.
තැන්පතුව එයට අයිති පොලිය ලබමින් අඛණ්ඩව පැවතීම.
තැන්පතුවට ගෙවන පොලියට වඩා 2%-3% ක් වැනි සුලු ප්‍රමාණයක් පොලියක් ණයට නියම වීම.
ණය මුදල වාරික වශයෙන් ගෙවන නිසා පොලී අනුපාතය අදාල වෙන්නෙ මුලු කාලයම පැවතුණු සාමාන්‍ය ශේෂයට. ඒ නිසා තැන්පතුවට ලැබෙන පොලියට වඩා අඩු පොලියක් තමා අංතිමේදි ගෙවිලා තියෙන්නෙ. මේ බලංටකො.

තැන්පතුව අවුරුදු පතා පොලී ගෙවි ගෙවී අවුරුදු 5 ක් තිබුණා කියමු.

1,000,000 x 8 x 5 = 400,000
100

නමුත් ණය කැපී කැපී යන නිසා, අවුරුදු 5 කින් නෙමෙයි කීයෙං ගෙව්වත් සාමාන්‍ය ශේෂය 500,000 ක් පමණ වෙනවා. එතකොට අවුරුදු 5 ටම ගෙවංට ඕනැ මෙච්චරයි.

500,000 x 10 x 5 =250,000
100

ඒ වගේම අවුරුද්දක් ගානෙ තමංට ලැබෙන පොලිය මේ අවුරුදු 5 ඉතිරි කිරීමේ ගිණුමක දැම්මොත් අමතර රු. 10,000 ක් විතර හම්බු වෙනවා.

මාස්පතා පොලී ගෙවන තැන්පතුවක් ඇපේට තියලා ණයක් ගත්තොත් අර ණය පොලී අනුපාතය ගණං බලන්නේ ඒ කාලයටම හෝ අවුරුද්දකින් කල්පිරීමේදී ගෙවන පොලී අනුපාතයට 2%-3% ක් එකතු කොරලයි.
ඒ කියන්නෙ, අපි හිතමු රු.1,000,000 ක් අවුරුද්දකිං කල් පිරීමේදී 8% ක් ගෙවනවා, මාස්පතා ගෙවනවානං 7.5% යි කියලා. ඉතිං මෙතනදි ණයට 2% ක් වැඩිපුර ගන්නවානං අපි ගෙවන්නේ 9.5% ක පොලියක් තමා.

තව එකක්. තැංපතුවකට මාස්පතා පොලිය ගෙවනවනං ඒ පොලියෙං ගෙවංට ණයක් ගන්නත් බැරි නෑ. හැබැයි එතෙංදි අතට ලැබෙන ණය මුදලනං සොච්චමයි. අපි හිතම අර දසලස්සෙම තැන්පතුවට කල්පිරීමෙදි 8% ක් සහ මාසික පොලිය ගෙවීමෙදි 7.5% ක් විදිහටයි ගෙවන්නෙ කියලා. දැන්, මාසෙකට ලැබෙන පොලිය,

1,000,000 x 1 x 7.5 = 6,250
12 100

ඔතෙංදි සමාන වාරික කරමෙට ණයක් ගන්නවානං ගන්න පුලුවං උපරිම මුදල මෙහෙමයි හැදෙන්නෙ. ලබාගන්ටැහැකි ණය මුදල PV කියලත් පොලී අනුපාතය (Rate) (මාස්පතා පොලියට 7.5% වුනත් කල්පිරීමේදී 8% නිසා 8% ට 2% එකතුවෙලා) 10% ක් මාසපතා පොලී ගෙවන හින්ද 12 න්බෙදල ගන්නවා. ගෙවන කාලය අවුරුදු 5 ක් ඒ කියන්නේ Nper මාස 60 ක් කියලත් ගමු. එතකොට වාරිකය හෙවත් PMT අර රු.6,250 තමා. මෙන්න එක්සෙල් පන්සොන් එක.

= PV (Rate, Nper, Pmt)
= PV (10% / 12, 60, - 6250)
= 294,158.56

සමාන වාරික නැතිව සාමාන්‍ය වාරික වලිං ගෙවනවානං ලැබෙන්නෙ ටිකක් අඩු මුදලක්. ඕක ගණං බලංට එක්සෙල් සීට් එහෙක උඩම හිස් සෙල් එකක් (අපි හිතම A1 කියලා) ඉතුරු කරලා ඊ ලඟ සෙල් තුනට (A2, A3, A4) පහලට මෙන්න මේ පෝමියුලා දා ගංට.

A2 සෙල් එකට = A1 / 60
A3 = E6/12*10%
A4 = A2 + A3

දැං ගෝල් සීක් (Dataà What If Analysis à Goal Seek) ගන්ටකො. එතන හිටං එන ඩයලොග් පෙට්ටියේ ඔය පල්ලෙහා රූපෙ විදිහට කරුණු කාරණා එන්ට කොරංටකො. එතෙංදි ඔය කියල තියෙන සෙල් කිලික් කොරල 6250 ටයිප් කොරල ගන්ට.




උත්තරේ විදිහට 250,000 ක් ආවනං හරි. හැබැයි, මේ කරමෙදි වාරිකය එන්න එන්න අඩුවන නිසා අවුරුදු 5 අන්තිමේ රු.62,500 ක මුදලක් අර මාස්පතා ඉස්තිර තැන්පතුවට ලැබෙන පොලියෙං ඉතිරි වෙනවා.

මෙන්න මේකත් කියංට ඕනි. රාජ්‍ය බැංකුවල ඉස්තීර තැංපතුවලට ගෙවන පොලිය සාපේක්සව අඩුයි. පෞද්ගලික බැංකුවල ටිකක් වැඩියි. පෞද්ගලික මූල්‍ය සමාගම් ඒ කියන්නෙ ෆිනෑන්ස් කොම්පැනි වල හොඳටම වැඩියි. මෙතන තියෙන්නෙ අවදානම සහ තැංපතු අවශ්‍යතාවය. අවදානම වැඩි වගේම තමංට තැන්පතු උවමනා කට්ටිය වැඩි පොලියක් ගෙවන එක පුදුමයක් නෑ. තැංපතුව දාන ඇත්තා වැඩි අවදානමක් අරගෙන වැඩි ලාබයක් බලාපොරොත්තු වෙනවනං වැඩි පොලියක් ගෙවන තැනක දැංමට කමක් නෑ. එහෙමනං ඔය පොලියට සල්ලි ණයට දෙන කාණ්ඩෙත් මෙහෙම තැංපතු ගන්නවා. මට මතකයි එහෙම පොරක් හිටියා වතු කම්කරුවො තමංගෙ අර්ථ සාධක අරමුදල ආපහු ගන්නකොට ඒ සල්ලිවලිං ඉස්තීරම තැංපතු දාගත්ත. මයෙ හිතේ මාසෙකට සීයට 3 ක් විතර ගෙවන පොරොංදුව පිට. පස්සෙ මක්කා වුනාදනං දන්නෑ.
 

d7k

Active member
  • May 15, 2015
    314
    68
    28
    Nice Thread. Rep ++
    Financial Companies වලින් කවුද බන් හොඳම ඩිපෝසිට් එක ගෙවන්නෙ?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    පළමු කරමෙදි තැංපතුව තිබුණෙ මාස 4 නිසා මාස 3 ට පොලිය තමා යොදන්නෙ.

    1,000,000 x 3 x 6 = 15,000
    12 100

    · දෙවන කරමෙදි මාස 4 ට ඉතිරිකිරීමේ පොලී අනුපාතය යොදනවා.

    1,000,000 x 4 x 4 =13,333.33
    12 100

    · හයිබ්‍රිඩ් කරමෙදි අර පළමු කරමෙන් හදාගත්තු 15,000 ට මෙන්න මෙහෙම ඉතිරිකිරීමේ ගිණුමක් විදිහට මාසෙක පොලිය ගණන් බලාල එකතු කොරනවා.

    1,000,000 x 1 x 4 =3,333.33
    12 100

    15,000 + 3,333.33 =18,333.33
    :oo::oo::dull:

    පුටේ බැංකුවල යන්නෙ වැල් පොලිය. ඔහොම a x b x c කියල හදන්න බෑ. :dull:

    01. FD
    Deposit = 100,000.00
    Interest = 6% (Annual)

    04 Months
    100,000.00 + (100,000.00*6%/12*3)
    =101,500.00

    02.Saving
    Deposit = 100,000.00
    Interest = 4% (Annual)

    04 Months
    Deposit * (1+interest/04 months)^interest*04 months
    = 101,340.01

    03.Hybrid
    Deposit = 100,000.00

    04 Months
    i. 100,000.00 + (100,000.00*6%/12*3)
    =1,500.00

    ii. 100,000.00 + (100,000.00*4%/12)
    = 333.33

    Total = 1,833.33

    ඔහොම නේද එන්න ඕනෙ.. :rolleyes:
     

    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    :oo::oo::dull:

    පුටේ බැංකුවල යන්නෙ වැල් පොලිය. ඔහොම a x b x c කියල හදන්න බෑ. :dull:

    01. FD
    Deposit = 100,000.00
    Interest = 6% (Annual)

    04 Months
    100,000.00 + (100,000.00*6%/12*3)
    =101,500.00

    02.Saving
    Deposit = 100,000.00
    Interest = 4% (Annual)

    04 Months
    Deposit * (1+interest/04 months)^interest*04 months
    = 101,340.01

    03.Hybrid
    Deposit = 100,000.00

    04 Months
    i. 100,000.00 + (100,000.00*6%/12*3)
    =1,500.00

    ii. 100,000.00 + (100,000.00*4%/12)
    = 333.33

    Total = 1,833.33

    ඔහොම නේද එන්න ඕනෙ.. :rolleyes:

    මොකද්ද අයියේ මේ Hybrid ? අපිටත් දාන්න පුලුවන්ද​?
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මෙන්න මෙහෙමයි පොලිය හැදෙන්නෙ. අපි හිතමු මාසිකව ගෙවන කෙරමෙට වාර්ෂික පොලිය 7.5% ක් කියලා. ඔන්න ලස්ස දහයකට හැදෙන පොලිය.

    1,000,000 x 1 x 7.5 = 6,250
    12 100

    machan meke warshikawa 7.5 % poliya kiyanne awuruddatama dena poliya neda?

    a kiyanne masikawa nam 7.5/ 12 neda?

    mama waradida?
    -----------------------------------------------------------------------

    mokakda ara yatin 12100 kiyala dala thiyenne.?​
     
    Last edited:

    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    machan meke warshikawa 7.5 % poliya kiyanne awuruddatama dena poliya neda?

    a kiyanne masikawa nam 7.5/ 12 neda?

    mama waradida?
    -----------------------------------------------------------------------

    mokakda ara yatin 12100 kiyala dala thiyenne.?​

    uo ae daala thiyenne,

    mudala/12(maasa)*100(%)

    kiyala