අංක තහඩුවේ විස්තරේ ...

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,173
    8,164
    113
    M-Town
    අංක තහඩුවේ විස්තරේ ...

    මුලින්ම ශ්‍රී අංක පිලිවෙල සලකා බලමු ...

    01 ශ්‍රී සිට 10 ශ්‍රී - මෝටර් කාර් / බයික් / ත්‍රීවිල්
    11 ශ්‍රී සිට 19 ශ්‍රී - පෙට්‍රල් මෝටර් කාර් / ත්‍රීවිල්
    20 ශ්‍රී - පෙට්‍රල් ද්විත්වකාර්යය
    21 ශ්‍රී - පෙට්‍රල් ත්‍රීවිල්
    22 ශ්‍රී - ඩීසල් ලොරි / බස්
    23 ශ්‍රී - ඩීසල් බස්
    24 ශ්‍රී - ඩීසල් ලොරි
    25 ශ්‍රී - ඩීසල් ඉඩම් වාහන රෝද 04
    26 ශ්‍රී සිට 28 ශ්‍රී - ඩීසල් ලොරි
    29 ශ්‍රී සිට 30 ශ්‍රී - ඩීසල් බස්
    31 ශ්‍රී සිට 32 ශ්‍රී - ඩීසල් කාර් / ජීප්
    33 ශ්‍රී - පෙට්‍රල් වෑන් / බස් / ලොරි
    34 ශ්‍රී - පෙට්‍රල් ලොරි
    35 ශ්‍රී - පෙට්‍රල් බස්
    36 ශ්‍රී සිට 37 ශ්‍රී - ඩීසල් ඉඩම් වාහන රෝද 04
    38 ශ්‍රී සිට 39 ශ්‍රී - පෙට්‍රල් ලොරි
    40 ශ්‍රී සිට 43 ශ්‍රී - ඩීසල් ලොරි
    44 ශ්‍රී සිට 46 ශ්‍රී - ටේලර් ( ඈඳූ රථ )
    47 ශ්‍රී සිට 48 ශ්‍රී - ඩීසල් ලොරි
    49 ශ්‍රී - ඩීසල් ඉඩම් වාහන රෝද 04
    50 ශ්‍රී සිට 54 ශ්‍රී - ඩීසල් වෑන් / ද්විත්වකාර්යය
    55 ශ්‍රී - ලාම්පුතෙල් ඉඩම් වාහන රෝද 04
    56 ශ්‍රී සිට 59 ශ්‍රී - ඩීසල් වෑන් / ද්විත්වකාර්යය
    60 ශ්‍රී සිට 63 ශ්‍රී - ඩීසල් බස්
    64 ශ්‍රී සිට 65 ශ්‍රී - ඩීසල් කාර් / ජීප්
    66 ශ්‍රී - මෝටර් වැගන් රථ
    67 ශ්‍රී - ටේලර් ( ඈඳූ රථ )
    68 ශ්‍රී - ඩීසල් ලොරි
    69 ශ්‍රී - අධිකරණ මගින් වෙන්දේසි කරන රථ
    70 ශ්‍රී සිට 75 ශ්‍රී - ඩීසල් ඉඩම් වාහන රෝද 02
    76 ශ්‍රී - ලාම්පුතෙල් ඉඩම් වාහන රෝද 02
    77 ශ්‍රී - ඩීසල් ඉඩම් වාහන රෝද 02
    78 ශ්‍රී - ඩීසල් ඉඩම් වාහන රෝද 02
    79 ශ්‍රී - ඩීසල් ත්‍රීවිල්
    80 ශ්‍රී සිට 97 ශ්‍රී - පෙට්‍රල් බයික්
    98 ශ්‍රී - තානාපති කාර්යාල භාවිතා කරන රථ
    99 ශ්‍රී - ඩීසල් කාර් / ජීප්
    100 ශ්‍රී සිට 160 ශ්‍රී - පෙට්‍රල් බයික්
    201 ශ්‍රී සිට 207 ශ්‍රී - පෙට්‍රල් ත්‍රීවිල්
    225 ශ්‍රී - ඩීසල් ඉඩම් වාහන ( විශේෂ )
    226 ශ්‍රී සිට 227 ශ්‍රී - ඩීසල් ලොරි
    250 ශ්‍රී - 254 ශ්‍රී - ඩීසල් වෑන් / ද්විත්වකාර්යය
    270 ශ්‍රී - ඩීසල් ඉඩම් වාහන රෝද 04
    290 ශ්‍රී - ප්‍රයිම්මූවර්
    300 ශ්‍රී සිට 302 ශ්‍රී - පෙට්‍රල් කාර්
    340 ශ්‍රී - ඩීසල් ඉඩම් වාහන රෝද 02
    325 ශ්‍රී - ඩීසල් පෙට්‍රල් පරිවර්තිත රථ, හමුදා හෝ රාජ්‍ය ආයතන මගින් වෙන්දේසි කරන ලද රථ හෝ මූලික වශයෙන් වෙනස් කිරීමකට ලක්කොට නැවත ලියාපදිංචි කල රථ

    පසුකාලීනව හදුන්වා දුන් ඉංග්‍රීසි අක්ෂර දෙකක් යටතේ ලියාපදිංචි අංක පහත පරිදි වේ ..

    DP - මුල්කාලීනව තානාපති කාර්යාල සතු රථ
    EA සිට EG - නැවත ලියාපදිංචි කළ රථ
    FZ - තානාපති කාර්යාල භාවිතා කරන රථ
    GA සිට GZ - සියලුම වාහන වලට ලබාදී ඇත
    HA සිට HZ - සියලුම වාහන වලට ලබාදී ඇත
    JA සිට JZ - සියලුම වාහන වලට ලබාදී ඇත
    KA සිට KY - ඩීසල් , පෙට්‍රල් කාර් / ජීප්
    KZ - පෙට්‍රල් ත්‍රීවිල් කාර්
    LA සිට LP >> - ඩීසල් ලොරි
    LW - ගිලන් රථ
    LX - ප්‍රයිම්මූවර් ටේලර්
    LY - ප්‍රයිම්මූවර්
    LZ - අවමංගල්‍යය රථ
    MA සිට MZ - බයික්
    NA සිට NH >> - ඩීසල් බස්
    PA සිට PN >> - ඩීසල් වෑන් / ඩබල් කැබ්
    PP සිට PY - ඩීසල් ද්විත්වකාර්යය
    PZ - ආබාධිතයන් සඳහා වෙනස් කල රථ
    QA සිට QX - පෙට්‍රල් / ඩීසල් ත්‍රීවිල්
    QY - ඩීසල් / පෙට්‍රල් ත්‍රීවිල් ලොරි
    QZ - ඩීසල් / පෙට්‍රල් ත්‍රීවිල්
    RA සිට RG >> - ඩීසල් ඉඩම් වාහන රෝද 04
    RU සිට RZ - ටේලර් ( ඈඳූ රථ )
    SA සිට >> - ඩීසල් ඉඩම් වාහන රෝද 02
    TA සිට TZ - බයික්
    UA සිට UZ - බයික්
    VA සිට VZ - බයික්
    WA සිට WZ - බයික්
    XA සිට XZ - බයික්
    YA සිට YZ - ඩීසල් / පෙට්‍රල් ත්‍රීවිල්
    ZA සිට ZB>> - විශේෂ භාවිතයන් සඳහා නිපදවූ රථ / පාරේ ගමන් කළ හැකි යන්ත්‍ර

    වර්තාමනයේදී ඉංග්‍රීසි අක්ෂර තුනක් යටතේද ලියාපදිංචි අංක ලබාදෙනු ලබයි ...

    AAA සිට >> - පෙට්‍රල් ඩීසල් ත්‍රීවිල්
    BAA සිට >> - බයික්
    CAA සිට >> - පෙට්‍රල් ඩීසල් කාර්
    DAA සිට >> - පෙට්‍රල් / ඩීසල් ද්විත්වකාර්යය
    GAA සිට >> - පෙට්‍රල් ක්‍රොඩිසයිකල්
    PAA සිට >> - මෝටර් හෝම්
    AYA සිට >> - පෙට්‍රල් ත්‍රීවිල් කාර් ( Booking )

    මෙහි දක්වා ඇති අංක ක්‍රමයටත් පෙර යටත්විජිත සමයේදී පහත ආකාරයට ලියාපදිංචි අංක ලබාදී ඇත ..

    X, Z, CE, CY, CL, CN - බස් / ලොරි / කාර් / බයික්
    EY, EL, EN - යතුරුපැදි / බයික්
    TR - ලොරි / ටේලර්
    IC - ලොරි / බස් ( ඩීසල් )
    CV - ලොරි / බස් ( පෙට්‍රල් )
    LV - ඉඩම් වාහන / ටේලර්
    MW - මෝටර් වැගන් රථ

    1990 වර්ෂයෙන් පසු " ශ්‍රී " වෙනුවට " - " යොදා ඇත ..
    FB_IMG_1622139478809.jpg

    සටහන © Lakshan S Dissanayaka | 2021
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,363
    1
    4,060
    113
    Good. Can you please let me know what is Red number plate with white Enghlish Letters and numbers, vehicles. I have seen lot of such vehicles specially land rovers and even some VIP vehicles.
     
    • Like
    Reactions: The Kingslayer

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    ලොරි නො. වලට Defender තියෙන්වා දැකලා තියෙනවා......සුපිරි නීතියක් නේද තියෙන්නේ.....
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Good. Can you please let me know what is Red number plate with white Enghlish Letters and numbers, vehicles. I have seen lot of such vehicles specially land rovers and even some VIP vehicles.

    Red number plate is a garage number owned by a dealership. They used to put it to bring the vehicle to their place from harbour
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    වාහන වල ගහලා තියෙනවා එක එක විදියේ අංක තහඩු.
    සමහර ඒවා අංක, සමහර ඒවා ඩෑෂ්, සමහර ඒවා ශ්‍රී.
    දැන් නම් ගොඩක් ඉංග්‍රීසි අකුරු…
    මොනවාද මේ අකුරු?
    🙃


    වාහන වල අංක දෙන්නේ කොහොමද? 😉
    නිකම්වත් හිතලා බැලුවද ?? 🤔🤔🤔
    එන්න ඒ ගැන දැන ගන්න.....
    RMV- Vehicle Number Plate system in Sri Lanka | ශ්‍රී ලංකාවේ වාහන අංක තහඩුවේ නොදන්න කතාව