අංගම්පොර ඉතිහාසය

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අංගම්පොර ඉතිහාසය

    අංගම්පොර ඉතිහාසය

    kundalini.jpg


    අදින් වර්ෂ 33,000 කට පෙර ලක් දෙරණ ඉපිද සුර අසුර යුද්ධයට තම සේනාධිපතිත්වය එක් කරමින් දක්ෂ ලෙස යුධ මෙහෙයවූ කරතගම මහසෙන් නම් වූ යුධ වීරයාගෙන් ඇරඹෙන අප හෙළ සටන් පෙළපත රණ රාවනා, පණ්ඩුකාභය, දුටුගැමුණු, පරාක්‍රමබාහු, විජයබාහු, සීතාවක රාජසිහ ආදී රණකාමී රජ දරුවන්ගේ ශිල්ප දැනුමෙන් පෝෂණය වී සුරක්ෂිත වී පාරම්පරිකව අද දක්වාම නොනැසී පැවත එන ”අංගම්පොර” නම්වූ ලොව විශිෂ්ඨතම හා අසිරිමත්ම සටන් සම්ප්‍රදාය වනවා මෙන්ම ලොව බිහිවූ ඉපැරණිතම සටන් කලාව ද වන්නේ ය.

    ලංකාද්වීපයේ ආරක්ෂාවේ රන් වැට වූ හෙළ සටන් සම්ප්‍රදාය අපගේ තෙද බල බිඳ දමනුවස් වර්ෂ 1827 දී බ්‍රිතාන්‍ය පාලන අධිකාරිය මෙය තහනම් ශිල්පයක් බවට ගැසට් නිවේදනයක් පල කරනු ලැබූ අතර අංගම් ශිල්පයක් බවට ගැසට් නිවේදනයක් පල කරනු ලැබූ අතර අංගම් ශිල්පය දැන උගත්තවුන්ගේ දණ හිසින් පහළට වෙඩි තබන්නට පවා නියෝග කළහ.

    මෙසේ විනාශ කරන්නට යෙදුණ මේ අගනා ශිල්පය ඉන්පසුව අතිශය රහසිගතව නර්තනය සමඟ මුහුවෙමින් පාරම්පරිකව ප්‍රගුණ කරමින් වර්තමානය දක්වාම ජීවිත පරිත්‍යාගයෙන් සටන් ශිල්පීන් නොනැසී රැකගෙන ආරක්ෂා කරමින් පවත්වාගෙන එන ලදී.

    අංගම්පොර සඳහා වූ විදේශීය බලපෑම්

    සොලී ආක්‍රමණ, පෘතුගීසි ආගමනය වැනි අවස්ථාවලදී දස දහස් ගණනින් සටන් ශිල්පීන් මරා දමා ඇත. එපමණක් නොව පෘතුගීසීන් හා ඉංග්‍රීසීන් වැනි පරදේශක්කාර ආක්‍රමණිකයින් අංගම්මඩු, වෙහෙර විහාර, පොත්පත් ආදිය මහා පරිමාණයෙන් විනාශ කළ බවට ද සාක්ෂි ඇත. ඉංග්‍රීසීන් අංගම්මඩු ගැසට් නිවේදනයක් මගින් තහනම් කරන ලදී.

    රහසිගතව සටන් ශිල්පය පවත්වාගෙන යාම

    ඉංග්‍රීසීන් මෙම ශිල්පය තහනම් කිරීමෙන් පසුව පාරම්පරික රහස්‍ය ශිල්පයක් ලෙස පවත්වාගෙන යාමට සටන් ශිල්පීන්ට සිදු විය. එමනිසා මෙය අප්‍රකට රහස් ශිල්පයක් බවට පත් වී තම පරම්පරාවට පමණක් උගන්වට තත්ත්වයට පත් විය. එපමණක් නොව, මෙම ශිල්පීය කුසලතා තවදුරටත් ආරක්ෂා කිරීම උදෙසා නර්තනය තුළට මෙම සටන් ශිලීපීය ලක්ෂණ බද්ධ කොට නර්තන අංග ලෙස පවත්වාගෙන එනු ලැබීය. එවාට උදාහරණ අදටත් නර්තනය තුළ දක්නට ලැබේ. වැදි නැටුම, සිංහ නැටුම, වලස් නැටුම, කොටි නැටුම වැනි නර්තන අංගවල අංගම්පොර සටන් ශීල්පීය ක්‍රමවේදයන් දක්නට ඇත.

    තහනම් යුගයේදී පැමිණි වෙනත් සටන් ක්‍රම

    ඉංග්‍රීසීන් මෙම ශිල්පය තහනම් කිරීමත් සමඟ රටේ සටන් ශිල්පීන්ගේ දැඩි නිහඬතාවයක් ඇතිවන්නට වීමත් සමඟ සටන් ශාස්ත්‍රයක් හැදෑරීමට අවශ්‍ය අයෙකුට සටන් ශිල්පයන් නොමැතිවීමේ රක්තකය තුළට වෙනත් සටන් ක්‍රම ආගමනය වීමට පටන් ගනී. මෙහිදී විශේෂයෙන් කොළඹ කොටුව ආශ්‍රිත ප්‍රදේශවල තිබූ දැඩි මිශ්‍ර සමාජ ක්‍රමය තුළට ඉතාමත් ලෙහෙසියෙන් විදේශීය සටන් ක්‍රමවල අනුගාමිකන් සංක්‍රමණය විය. එවැනි සටන් ක්‍රම ලෙස පහත ඒවා දැක්විය හැකි ය.

    චීන චෙම්පූ

    ඉන්දියාවේ මාත්තියාර් මිනිසුන්ගෙන් ලැබුණ මලයාලම් සටන් ක්‍රම

    ඉහත දෙක එකත්‍රවී සෑදුණු චීන පුඩි හෙවත් චීනඩි සටන් ක්‍රමය

    මලයාඩි නැතිනම් වත්මන සිලාට් නැමැති මැලේ සටන් ක්‍රමය

    ඉන්දියාවේ සිලම්බාඩි හා කලරි පයාට්ටු සටන් ක්‍රම

    නූතන කරාටේ, වූෂු, ටයිකොන්ඩෝ ප්‍රධාන චීන හා ජපන් සටන් ක්‍රම

    අංගම්පොර ලෙස වෙනත් සටන් ක්‍රම ඉදිරිපත් වීම

    දඩුමස්නාමානය, අකාල සන්ධ්‍යා වැනි ටෙලි නිර්මාණ හරහා වර්තමාන සමාජයට මෙම අප්‍රකට ශිල්පය පිළිබඳව නැවත සිහිගැන්වීමක් සිදු කෙරේ. මේ නිසාම වත්මන් සමාජයේ තරුණ තරුණියන් මෙම ශිල්පය හැදෑරීමට දැඩි උනන්දුවක් දැකවීමට පටන් ගත්තේ ය. පවතින විවෘත්ත ආර්ථික ක්‍රමය හමුවේ මෙහි ඇති මුල්‍යමය වාසි දායක තත්වය තේරුම් ගත් ඇතැම් වෙනත් සටන් ශිල්පයන් (ඉහත සඳහන් කළ) හැදෑරූ ගුරුවරුන් තම සටන් ශිල්පය අංගම්පොර ලෙස ලෝකයාට පෙන්වමින් තැනින් තැන ව්‍යාජ අංගම්පොර පාසල් බිහිවූ අතර ඇතැමුන් ක්‍රීඩා අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය ආදී ආයතනවලට ගොස් තමන් පාරම්පරික අංගම්පොර ශිල්‍පියෙක් ලෙස ලියාපදිංචි වීමද සිදු කළේ ය.

    මෙසේ ලියාපදිංචි වූ ඔවුන් අද පවසන්නේ තමන් මෙසේ ලියාපදිංචි වීම නිසා තමන් අංගම්පොර සටන් ශිල්පියෙක් බවයි. එසේනම් ඔවුන්ගෙන් ඇසිය යුත්තේ එක් ප්‍රශ්නයක් පමණි. ක්‍රීඩා හෝ සංස්කෘතික අමාත්‍යාංශයේ කවුරු විසින් කෙදින කුමන අංගම්පොර කෙල පැමිණියෙක් ඉදිරියේ ඔහුගේ කලාව පරීක්ෂණයකට භාජනය කලාද යන්නයි. අංගම්පොර පිළිබඳව කිසිවක් නොදන්නා නිළධාරීන් දුන් සහතිකය අන්ධයන් සතර දෙනෙකු අලියා පිළිබඳව දුන් අර්ථකථනයට සමාන වේ. මෙකළ මුදල් විසි කරන්නේ නම් අමාත්‍යාංශයක ලියාපදිංචි වීම පමණක් නොව ගරු නම්බුනාම, ආචාර්ය පදවි ලබා ගත හැකි බව කාහටත් රහසක් නොවේ.


    Source
     

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    honda lipiyak...TFS
    You must spread some Reputation around before giving it to mjayanatha again.
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    awurudu 33,000 kiyanne balangoda manawaya kalene ban , e kale owa thibuna kiyala sakshi naha. ubala hithen mawagattata ithihase wenas karanna bahane, ewata sakshi one.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජයන්ත චන්ද්‍රසිරි මහත්තයාගේ "මහරජ ගැමුණු" පොතේ නියමෙට ඇගට දැනෙන්න තියෙනවා, අංගම් ශිල්පීන්ගේ වීරත්වය ගැන ලියලා....pdf එක ඕන නම් කියන්න...