අංගුත්තර නිකාය 3.3.3.3 - ගෝතමක සූත්‍රය
අංගුත්තර නිකාය 3.3.3.3 - ගෝතමක සූත්‍රය
23. විශාලා මහනුවරදී .........
ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ විශාලා මහනුවර ගෝතමක චෛත්‍යය අසල. එදා භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා වදාළා. .... (පෙ) ....
පින්වත් මහණෙනි, මා ධර්මය දේශනා කරන්නේ විශිෂ්ට වූ ඤාණයකින් අවබෝධ කරගෙනයි. විශිෂ්ට ඤාණයකින් අවබෝධ නොකරගෙන නොවෙයි. පින්වත් මහණෙනි, මා ධර්මය දේශනා කරන්නේ හේතු සහිතවයි. හේතු රහිතව නොවෙයි. පින්වත් මහණෙනි, මා ධර්මය දේශනා කරන්නේ ප්රාතිහාර්යය සහිතවයි. ප්රාතිහාර්ය රහිතව නොවෙයි.
පින්වත් මහණෙනි, විශිෂ්ට ඤාණයකින් අවබෝධ නොකොට නොව, විශිෂ්ට ඤාණයකින් අවබෝධ කරගෙන ධර්මය දේශනා කරන්නා වූ, හේතු රහිතව නොව, හේතු සහිතව ධර්මය දේශනා කරන්නා වූ, ප්රාතිහාර්යය රහිතව නොව, ප්රාතිහාර්යය සහිතව ධර්මය දේශනා කරන්නා වූ ඒ මාගේ අවවාදය පිළිපැදිය යුතුයි. අනුශාසනාව පිළිපැදිය යුතුයි.
පින්වත් මහණෙනි, ඔබට සතුටු වෙන්නට පුළුවනි. සතුටු සිත් ඇති කරගන්න පුළුවනි. සොම්නසක් ඇති කරගන්න පුළුවනි. ‘ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතයි. ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි’ කියලා.
භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළා. සතුටු සිත් ඇති ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය සතුටින් පිළිගත්තා. මේ ගාථා රහිත වූ දේශනාව (වෙය්‍යාකරණය) වදාරණ කල්හි සහශ්‍රී ලෝකධාතුව කම්පා වුනා.
සාදු! සාදු!! සාදු!!!
උපුටා ගැනීම : පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පරිවර්තන කරන ලද අංගුත්තර නිකායේ පළමු කොටසෙනි.
--