අංගුත්තර නිකාය 3.3.3.3 - ගෝතමක සූත්‍රය

dewage55

Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    අංගුත්තර නිකාය 3.3.3.3 - ගෝතමක සූත්‍රය

    අංගුත්තර නිකාය 3.3.3.3 - ගෝතමක සූත්‍රය

    23. විශාලා මහනුවරදී .........
    ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ විශාලා මහනුවර ගෝතමක චෛත්‍යය අසල. එදා භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා වදාළා. .... (පෙ) ....

    පින්වත් මහණෙනි, මා ධර්මය දේශනා කරන්නේ විශිෂ්ට වූ ඤාණයකින් අවබෝධ කරගෙනයි. විශිෂ්ට ඤාණයකින් අවබෝධ නොකරගෙන නොවෙයි. පින්වත් මහණෙනි, මා ධර්මය දේශනා කරන්නේ හේතු සහිතවයි. හේතු රහිතව නොවෙයි. පින්වත් මහණෙනි, මා ධර්මය දේශනා කරන්නේ ප‍්‍රාතිහාර්යය සහිතවයි. ප‍්‍රාතිහාර්ය රහිතව නොවෙයි.

    පින්වත් මහණෙනි, විශිෂ්ට ඤාණයකින් අවබෝධ නොකොට නොව, විශිෂ්ට ඤාණයකින් අවබෝධ කරගෙන ධර්මය දේශනා කරන්නා වූ, හේතු රහිතව නොව, හේතු සහිතව ධර්මය දේශනා කරන්නා වූ, ප‍්‍රාතිහාර්යය රහිතව නොව, ප‍්‍රාතිහාර්යය සහිතව ධර්මය දේශනා කරන්නා වූ ඒ මාගේ අවවාදය පිළිපැදිය යුතුයි. අනුශාසනාව පිළිපැදිය යුතුයි.

    පින්වත් මහණෙනි, ඔබට සතුටු වෙන්නට පුළුවනි. සතුටු සිත් ඇති කරගන්න පුළුවනි. සොම්නසක් ඇති කරගන්න පුළුවනි. ‘ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතයි. ශ‍්‍රාවක සංඝයා සුපටිපන්නයි’ කියලා.

    භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළා. සතුටු සිත් ඇති ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය සතුටින් පිළිගත්තා. මේ ගාථා රහිත වූ දේශනාව (වෙය්යාකරණය) වදාරණ කල්හි සහශ‍්‍රී ලෝකධාතුව කම්පා වුනා.

    සාදු! සාදු!! සාදු!!!

    උපුටා ගැනීම : පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පරිවර්තන කරන ලද අංගුත්තර නිකායේ පළමු කොටසෙනි.

    --
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    බොහොම පින්.

    මහමෙවුනා වෙබ්සයිට් එක ආපහු වැඩද? එළ එළ. :D
     
    dewage55

    Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    මම හිතුවේ නෑ ත් ධර්මයට dewageනැඹුරු කෙනෙක් කියලා.
    Nice thread

    mama me mathaka idan thamai dharmayata godak namburu une eke gaurawaya sampoornayaenma ape gaurawaneeya Ganananda swameen wahanseta himi wenda onee,
    e wagema ape EK eke Buddhagame threads adui api puluwan tharam threads danda onee.
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මමත් ගොඩක්ම මේ පැත්තට නැඹුරු වුණේ පින්වත් ඤාණානන්ද ස්වාමීන්වහන්සේගේ පත පොත කියවල තමයි. :D
     
    Jan 24, 2009
    3,532
    130

    :):):) එළ. එළ. කීප් පෝස්ටිං මචන්
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මමත් ගොඩක්ම මේ පැත්තට නැඹුරු වුණේ පින්වත් ඤාණානන්ද ස්වාමීන්වහන්සේගේ පත පොත කියවල තමයි. :D
    මමත් ඒ හාමුදුරුවොන්ගේ සහ පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවොන්ගේ බණ අහලා සහ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන්ගේ ජීවිත කතාව අහලා තමයි මේ පැත්තට යොමු වුනේ:)
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මමත් ඒ හාමුදුරුවොන්ගේ සහ පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවොන්ගේ බණ අහලා සහ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන්ගේ ජීවිත කතාව අහලා තමයි මේ පැත්තට යොමු වුනේ:)

    පාතේගම සුමනරතන ස්වාමීන්වහන්සේගේ දේශනා අඩංගු පොතක් තියෙනවා 'සසරින් නික්මීම' කියල. බොහොම හොඳ පොතක්. හම්බුණොත් කියවන්න. කොහොමත් භාවනාවට නැඹුරු ස්වාමීන්වහන්සේලගෙ දේශනා හොඳයි. ඒ අය අවබෝධයෙන්නෙ ගොඩක් දේවල් විස්තර කරන්නෙ.:)
     
    :baffled::baffled::baffled:බලමු, පොත් ප්‍රදර්ශනයෙන්ම ගන්න වෙයි ද දන්නේ නෑ
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මේකෙ අන්තිමට මොකක්ද අර 'ලෝක ධාතුව කම්පා වුනා' කියලා අදහස් කරන්නෙ...මට ඒක පැහැදිලි නෑ..
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මේකෙ අන්තිමට මොකක්ද අර 'ලෝක ධාතුව කම්පා වුනා' කියලා අදහස් කරන්නෙ...මට ඒක පැහැදිලි නෑ..
    මොකක්ද කියල හරියටමනම් දන්නෙ නෑ. නමුත් යම් යම් විශේෂ අවස්තාවල පොළොව කම්පනය වුණා කියනවා- උදාහරණයක් විදිහට බුදු හිමියන් ආයුෂ අත් හැරිය මොහොතෙ- මේකත් ඒ වගේ අවස්තාවක්ද දන්නෙ නෑ.