RAW එකෙන් නම් ගම් විස්තර ඇතුව සම්පුර්ණෙන්ම කිව්වනේ 21 උදේ ගහනව ගහන්නෙ මෙන්න මුන් මේ තැන් වලට කියලා,, සමහර විට මේ ගෑනි වෙන්න ඇති source එක. who knows.
"මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසා සිටියේ සාරා ජෙස්මින් සෛයින්දමර්දු පිපිරීමෙන් මියගියේද නැතිනම් ජීවත්ව සිටින්නේද යන්නය.
සාක්ෂිකරු මෙහිදී පැවසුවේ, එම පිපිරීමෙන් ඇය මියගිය බවට රාජ්‍ය බුද්ධි සේවයද සැක පළ කළත් පසුව සිදුකළ DNA පරීක්ෂණවලදී ඇය මියගිය බවක් අනාවරණය නොවු බවය.
පසුව ඇය සෙවීම සඳහා කරන ලද පරීක්ෂණවලදී සයින්දමර්දු පිපිරීමෙන් පසුව සාරා ඇසින් දුටුවන්ගේ සාක්ෂි සටහන් කර විශේෂ වාර්තාවක් 2020 මැයි
මස 31 වන දින රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධාන කාර්යාලයට යොමු කළ බව බුද්ධි නිලධාරියා පැවසීය.
මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපතිවරයා විමසා සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ඉන්දියාවේ "රෝ" බුද්ධි සේවය අප්‍රේල් 04 සහ 20 වන දින නිශ්චිත බුද්ධි තොරතුරු මඟින් අනතුරු ඇඟවීමක් කර ඇති පසුබිමක එවැනි නිශ්චිත තොරතුරක් ඔවුන් ලබාගන්නට ඇත්තේ කුමන මාර්ගයකින්ද යන්නය.
ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු කියා සිටියේ ප්‍රහාරයෙන් පසු සහරාන් හෂීම්ගේ ජාතික තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ 97 දෙනෙකුගෙන් පමණ තමන් ප්‍රශ්න කළද, එයින් පාස්කු ප්‍රහාරය පිළිබඳ පෙර දැන සිටියායැයි තහවුරු වූයේ සහරාන්ගේ බිරිද හාදියා සහ සහරාන් සමීපව ඇසුරු කළ නව්ෆර් මව්ලවි පමණක් බවය.
ඒ අනුව රහසිගතව සැළසුම් කරන ලද මෙම ප්‍රහාරය පිළිබඳ බාහිර පාර්ශවයකට තොරතුරු අනාවරණය කරගත හැක්කේ ප්‍රහාරයට සෘජුවම සම්බන්ධ පුද්ගලයෙකුගෙන් පමණක් බව සාක්ෂිකරු අවධාරණය කළේය.
ඔහු මෙහිදී පෙන්වා දුන්නේ, වර්තමානය වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සහරාන් හෂීම්ගේ බිරිඳ ලබා දී ඇති ප්‍රකාශ අනුව සාරා ජෙස්මින් මෙම ප්‍රහාරය පිළිබද සියලු තොරතුරු දැන සිට ඇති බව අනාවරණ වූ බවය.
ඒ පිළිබඳ වැඩිදුරත් පැහැදිලි කරමින් සාක්ෂිකරු කියා සිටියේ පාස්කු ප්‍රහාරයෙන් පසු අප්‍රේල් මස 23 වන දින සහරාන්ගේ බිරිඳ හාදියා සහ හස්තුන්ගේ බිරිඳ සාරා, නින්දවුර් නිවසේ දී හමුවී ඇති අතර එහිදී සාරා විසින් හස්තුන් එවා තිබු ප්‍රහාරයට දිවුරුම් දුන් අවස්ථාවේ ලබාගත් ඡායාරූප හාදියාට පෙන්වා ඇති බවය.
ඒ අනුව හස්තුන් හරහා ප්‍රහාරයේ සියලු තොරතුරු පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් දැන සිටින්නට ඇති බව සාක්ෂිකරු ජනාධිපති කොමිසමේ අවධානයට යොමු කළේය.
මෙහිදී කොමිසමේ සාමාජිකයෙකු ප්‍රශ්න කළේ, පාස්කු ප්‍රහාරයෙන් පසු ඔත්තුකරුවා නිරුපද්‍රිතව සිටියේ නම් එම පුද්ගලයා බේරාගැනීමට රෝ ඔත්තු සේවය කටයුතු කර ඇත්ද යන්නය.
එහිදි බුද්ධි නිලධාරියා සඳහන් කළේ, තමන් කිසියම් මෙහෙයුමක් සඳහා ඔත්තුකරුවෙකු යෙදවුවේ නම් අනිවාර්යයෙන්ම මෙහෙයුම අවසානයේ ඔත්තුකරු නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කරන බවය.
මෙහිදී ජනාධිපති කොමිසම හමුවේ විශේෂ අනාවරණයක් කළ සාක්ෂිකරු කියා සිටියේ පාස්කු දෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට ත්‍රස්තවාදින්ගේ පැහැදිලි සැළසුමක් තිබු බව විමර්ශනවලින් අනාවරණ වූ බවය." source derana.lk
http://sinhala.adaderana.lk/news/140693/පාස්කු-කොමිසම---ප්‍රහාරකයන්ගේ-දෙවන-ඉලක්කය-දළදා-පෙරහැර
Last edited: