අංගොඩ_ලොක්‌කා>>>සමයං

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
අංගොඩ_ලොක්‌කා>>>සමයං

2016 වර්ෂය

main.jpg



වැලිකඩ බන්ධනාගාරයේ එක්‌තරා සිරමැදිරියක්‌ තුළ සඟවා තිබූ ජංගම දුරකථනය කෙඳිරිලි හඬින් නාද වන්නට විය. සිරමැදිරියේ සිටි පුද්ගලයා එකවරම දුරකථනයේ නාදවන හඬ නතර කළේය.
මේ සිර මැදිරිය තුළ රඳවා සිටියේ කොළඹ පාතාලයේ තවත් කෙරුම් කාරයෙකි. ඔහු නමින් අංගොඩ ලොක්‌කාය. අංගොඩ, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, අයි. ඩී. එච්. ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වූ පාතාල කල්ලියට නායකත්වය දුන්නේ අංගොඩ ලොක්‌කාය.
මොහු බන්ධනාගාරගත වුණේ මීට මාස හත අටකට උඩදීය. හෙරොයින් ජාවාරම්, මිනීමැරුම්, කොල්ලකෑම්, කප්පම් ගැනීම් සම්බන්ධයෙන් අංගොඩ ලොක්‌කාට ඇති චෝදනා ප්‍රමාණය විශාලය.

බන්ධනාගාර නිලධාරීන් සිරමැදිරිය අසලින් ඔබමොබ සක්‌මන් කරමින් සිටිති. අංගොඩ ලොක්‌කාට එයින් ප්‍රශ්නයක්‌ නැත. ඔහු හෙමිහිට දුරකථන ඇමතුම ලබා ගත්තේය. අංගොඩ ලොක්‌කාට දුරකථන ඇමතුම ලැබී තිබුණේ පාකිස්‌තානයෙන්ය. දෙවුන්දර කුඩු මධුෂ් අංගොඩ ලොක්‌කාගේ සමීපතම මිතුරා විය. ඔහු ඒවනවිට සිටියේ පාකිස්‌තානයේය. මධුෂ් පාකිස්‌තානයේ සිට අංගොඩ ලොක්‌කාට නිතර නිතරම ඇමතුම් ලබා දුන්නේය.

දකුණේ මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන් අතර කුඩු මධුෂ්ට හිමිවී තිබුණේ සුවිශේෂී ස්‌ථානයකි. පසුගිය කාල සීමාවේදී පොලිසිය සහ ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලිවලින් මධුෂ්ට දිගින් දිගටම තර්ජන එල්ල විය. මධුෂ් ජීවිතය බේරා ගන්නට පාකිස්‌තානයට පලා ගියේ මීට වසර කීපයකට උඩදීය.

පාකිස්‌තානයේ සිට ඔහු දකුණේ කුඩු ජාවාරම මෙහෙයවූවේය. සිය පාතාල කල්ලියට නායකත්වය දුන් මධුෂ් දකුණේ පාතාල ක්‍රියාකාරකම් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන ගියේය.එදින කුඩු මධුෂ් අංගොඩ ලොක්‌කාට කතා කළේ දැඩි කලබල ස්‌වරයෙන්ය.
ලොක්‌කා අපේ හර්ෂට ගහලද...? මට දැන් පණිවුඩයක්‌ ආවා."
මධුෂ් සිය මිතුරාගෙන් විමසුවේය.

අංගොඩ ලොක්‌කා මඳ වේලාවක්‌ නිහඬව සිටියේය. ඇත්තටම ඔහු සිටියේ දැඩි ශෝකයෙන්ය. තම සමීපතම සගයකු වූ හර්ෂ යසශ්‍රී ඒ වනවිට අවසන් ගමන් ගොස්‌ සිටියේය.
"අර සමයං කියන පාහරයා හර්ෂව මැරුවා. මටත් දැන් ටිකකට ඉස්‌සරවෙලා මේක ආරංචි වුණේ.
"අංගොඩ ලොක්‌කා කීවේ දැඩි වේදනාවෙන් ය. ඒ වදන් අසා කුඩු මධුෂ් කෝපයෙන් කෑගැසුවේය.
"මම ඕකව මරණවා. ඕකගෙ හත්මුතු පරම්පරාවම විනාශ කරනවා. හර්ෂයා මට හිටපු හොඳම කොල්ලා. ඌ මාව නැති කළා.

සිය හිතට නැඟුණු වේදනාව පහව යන තුරු කුඩු මධුෂ් කෑගැසුවේය.
"මටත් දුකයි. වෙච්ච වැඩේට, හර්ෂයා හිත හොඳ කොල්ලා. සමයං ව නැති කරලා, මේකෙ පලිය කවදා හරි උගෙන් ගන්නවා.
හර්ෂ ඝාතනය කිරීමේ පලිය සමයං ගෙන් ගන්නා බවට අපගේම ලොක්‌කා සිය කල්‍යාණ මිතුරු වූ කුඩු මධුෂ්ට පොරොන්දු වුණේය. හර්ෂ යසශ්‍රී දකුණේ පාතාලයට සම්බන්ධ වුණේ මීට වසර දහයකට පහළොවකට උඩදීය. රාජගිරිය ඔබේසේකර පුරයේදී ඉකුත් 03 වැනිදා හර්ෂ ඝාතනයට ලක්‌වන්නේ සිය අනියම් බිරිඳගේ නිවසේ සිටියදීය.

පාතාල ලෝකයට අත් පොත් තැබූ දා සිට හර්ෂ සිදු කළ අපරාධ ප්‍රමාණය මෙතෙකැයි ගණනය කළ නොහැකිය.දකුණේ පාතාලයේ මහා බලවතකුව සිටි දෙවුන්දර කුඩු මධුෂ්ගේ කල්ලියට හර්ෂ සම්බන්ධ වන්නේ බොහෝම ලාබාල වයසේදීය. එතැන් සිට කුඩු මධුෂ්ගේ නියෝග ක්‍රියාත්මක කරමින් විවිධ අපරාධවල නිරත වූ හර්ෂ දකුණේ පාතාලයේ අපරාධකාරයන්ගේ ලැයිස්‌තුවේ නමක්‌ හදා ගත්තේය.

දකුණේ හෙරොයින් ජාවාරමට සංචාරක හෝටල්වලින් රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් මුදල් ලබා ගැනීම කුඩු මධුෂ්ගේ ප්‍රධානම ආදායම් මාර්ගය විය. 2006 වර්ෂය වනවිට කුඩු මධුෂ් දෙවුන්දර ප්‍රදේශයේ සිය පාතාල ආධිපත්‍යය පතුරුවාගෙන සිටියේ පොලිසියට පවා තර්ජන එල්ල කරමින්ය.
කඹුරුපිටිය මූලහේන ප්‍රදේශයේ විශාල රජයේ ඉඩමකින් කොටසක්‌ බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටි මධුෂ් ඊට අයිතිවාසිකම් කියන්න පටන් ගත්තේය.

එවකට දක්‍ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාව සිටියේ ඩැනී හිත්තැටියගේ මහතාය. මධුෂ් මූලහේනේ රජයේ ඉඩමෙන් කොටසක්‌ අල්ලා ගැනීමට එරෙහිව හිත්තැටියගේ මහතා සටන් කරන්නට පටන් ගත්තේය. මධුෂ් නිතර නිතරම හිත්තැටියගේ මහතා ට තර්ජනය කරමින් මේ ඉඩමේ අයිතියට ඇඟිලි නොගසන ලෙස දැනුම් දුන්නේය. එහෙත් නීතිය කාටත් එක බව කියමින් හිත්තැටියගේ මහතා මධුෂ් අල්ලාගත් ඉඩම නැවත පවරා ගන්නට උත්සාහ ගත්තේය.
මේ ඉඩම් පලහිලව්ව දුරදිග යන්නේ එතැන් සිටය. මධුෂ් සිය ගෝලබාලයන් යොදවා හිත්තැටියගේ මහතාගේ මස්‌සිනා ඝාතනය කරන්නේ ඔහුව රිද්දවීම සඳහාය.සිය මස්‌සිනා ඝාතනය කිරීම නිසා හිත්තැටියගේ මහතා මධුෂ් සමඟ දැඩි ලෙස කෝපාවිෂ්ඨව සිටියේය. ඔහු මධුෂ්ට එරෙහිව සටන් කරන්නට පටන් ගත්තේය.
අවසානයේ හිත්තැටියගේ මහතාට ද මරණ වරෙන්තු නිකුත් කරන්න කුඩු මධුෂ් කටයුතු කළේය. ඩැනී හිත්තැටියගේ මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව පැවරී තිබුණේ කොමාන්ඩෝ නිශ්ශංක සහ පසුගිය 03 වැනිදා රාජගිරියේදී මරා දැමුණු හර්ෂ යසශ්‍රී වෙතය.

මේ අතරතුර කුඩු මධුෂ් ඇතුළු කණ්‌ඩායමක්‌ පෑලියගොඩ අපරාධ කොට්‌ඨාසය මගින් අත්අඩංගුවට ගන්නේ ලීසිං ආයතනය සහ පෞද්ගලික බැංකු කීපයක්‌ කොල්ලකෑමේ චෝදනා මතය. එවකට පෑලියගොඩ අපරාධ කොට්‌ඨාසය භාරව සිටියේ වර්තමානයේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයකු වන ප්‍රියන්ත ජයකොඩි මහතාය.

කුඩු මධුෂ්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු සිදු කළ පෙර වැරදි රැසක තොරතුරු අනාවරණය වුණේය. එමෙන්ම අනාගතයේ සිදු කිරීමට නියමිත අපරාධ කීපයක්‌ පිළිබඳවද ඔහු හෙළි කළේය.
"සර් ඔය ඩැනී හිත්තැටියගේ මටයි මගේ තාත්තාටයි පුළුවන් තරම් කරදර කරනවා. අපි අල්ලගෙන ඉන්නා ඉඩම් ටික මිනිහා ගන්න හදනවා. මම දිවුරලා සර්ට කියන්නෙ ඔය මිනිහව මරණ එකත් මරණවාමයි..

එදා කුඩු මධුෂ් හිත්තැටියගේ මහතා ඝාතනය කරන බව දිවුරා කියා සිටියේය. මේ පිළිබඳව ප්‍රියන්ත ජයකොඩි මහතා හා ඩැනී හිත්තැටියගේ මහතා දැනුවත් කළේ මධුෂ් නමැති අපරාධකරුගේ තරම දන්නා නිසාය. එහෙත් හිත්තැටියගේ මහතාට තම ජීවිතය ආරක්‍ෂා කර ගන්නට ලැබුණේ නැත. මධුෂ්ගේ ගෝලයන් වන කොමාන්ඩෝ නිශ්ශංක සහ හර්ෂ ක්‍රියාත්මක වූහ. හිත්තැටියගේ මහතා සිය නිවසේ සිටියදී එහි කඩාවැදුණු කොමාන්ඩෝ නිශ්ශංක සහ හර්ෂ ඔහුව වෙඩි තබා ඝාතනය කර පලා යන්නේ මධුෂ්ගේ නියෝගය අකුරටම ක්‍රියාත්මක කරමින්ය.

හිත්තැටිය ඝාතනය සම්බන්ධයෙන් කොමාන්ඩෝ නිශ්ශංක සහ හර්ෂ අත්අඩංගුවට පත් වූහ. පසු කලෙක පොලිස්‌ වෙඩි පහරින් කොමාන්ඩෝ නිශ්ශංක අවසන් ගමන් ගියේ තමන් සිදු කළ අපරාධවලට වන්දි ගෙවමින්ය.
කලක්‌ බන්ධනාගාරගතව සිටි හර්ෂ ඇප මත මුදා හැරීමෙන් පසු යළිත් මධුෂ්ගේ කල්ලියට එකතු වුණේය. මධුෂ් සමග රට පුරා කොල්ලකෑම් සිදු කිරීම, මිනීමැරීම හර්ෂගේ රැකියාව විය. ජීවිත තර්ජන නිසා කුඩු මධුෂ් රට හැර ගිය පසු හර්ෂ ඔහුගේ කල්ලිය අතහැර නොගොස්‌ දෙවුන්දරම වාසය කළේය.
මීට වසර හතර පහකට උඩදී හර්ෂ විවාහවූ අතර පසු කලෙක ඔහුගේ බිරිඳ රට හැර ගියේ රැකියාවක්‌ කරන බලාපොරොත්තුවෙන්ය. එතැන් පටන් අනියම් බිරින්දැවරුන් ඇසුරු කිරීම හර්ෂගේ විනෝදාංශය වී තිබුණේය.

මධුෂ් රට හැර ගියද දුරකථන මාර්ගයන් ඔස්‌සේ දෙවුන්දර පාතාල කල්ලිය මෙහෙය වූවේය. අංගොඩ ලොක්‌කාද මධුෂ්ගේ කල්ලිය සමඟ සමීප සම්බන්ධතා ගොඩනඟාගෙන සිටියේය.අංගොඩ ලොක්‌කා සහ සමයං අතර කාලයක සිට පැවතියේ මහා වෛරයකි. හෙරොයින් ව්‍යාපාර මෙන්ම කප්පම් ගැනීමේ සිද්ධීන් මුල් කරගෙන ඇතිවූ මේ ආරවුල එකිනෙකා මරා ගන්නා තරමටම දුරදිග ගොස්‌ තිබිණි.

නවගමුව, කඩුවෙල බෝමිරිය ප්‍රදේශ සිය රජදහන කරගෙන සිටි සමයං හෙරොයින් ජාවාරම ප්‍රධානම ආදායම් මාර්ගය කරගෙන සිටියේය. දිනක්‌ අංගොඩ ලොක්‌කා හර්ෂ හමුවීමට ආවේය. ඔහුට අවශ්‍ය වී තිබුණේ සමයං ට පාඩමක්‌ ඉගැන්වීමටය. "හර්ෂ මේ වැඩේ කොහොම හරි කෙරෙන්න ඕන. මේ සමයං කියන එකා මහ වදයක්‌. අපි ඕකව අයින් කරලා දාමු. උඹ මේ වැඩේ ප්ලෑන් කරලා මට උත්තරයක්‌ දීපං...

අංගොඩ ලොක්‌කා හර්ෂට කීවේය. ඒ වනවිට කුඩු මධුෂ් ද මේ පිළිබඳව හර්ෂ සමග කතා කර තිබුණේය. කුඩු මධුෂ්ගේ නියෝග ඉවත දැමිය නොහැක. හර්ෂ සමයං පරලොව යවන්නට සැලසුමක්‌ සකස්‌ කළේය. ඒ සඳහා සුදුසු පුද්ගලයකු ද සොයා ගන්නට හර්ෂට එතරම් අපහසු වුණේ නැත. කලක්‌ බන්ධනාගාරගතව සිටි මේ පුද්ගලයා යුද හමුදාවෙන් පලා ආ අයෙකි. මුදල් කොන්ත්‍රාත්තුවක්‌ මත හර්ෂ සමයං ඝාතනය කිරීමේ කාර්යය හමුදාවෙන් පලා ආ සෙබළාට භාර කළේය. සමයංට වෙඩි තැබීම සඳහා අවශ්‍ය පිස්‌තෝලය ද ලබාදුන්නේ හර්ෂ විසින්ය.

සමයං කඩුවෙල අධිකරණය වෙත රැගෙන එද්දී අධිකරණ භූමියේ සැඟවී සිටි හමුදාවෙන් පලා ආ පුද්ගලයා ඔහුට වෙඩි ප්‍රහාර කීපයක්‌ එල්ල කර පලා ගියේය. එහෙත් සමයංට තවදුරටත් ජීවත්වීමේ වාසනාව හිමිව තිබුණේය.වෙඩි ප්‍රහාරවලින් තුවාල ලැබූ සමයං දිවි ගලවා ගත්තේය. අංගොඩ ලොක්‌කාගේ සහ මධුෂ්ගේ උපදෙස්‌ මත තමන් මරා දැමීමේ සැලසුම සකස්‌ කළේ හර්ෂ බව සමයං වැඩි දවසක්‌ ගතවන්නට පෙර සොයා ගත්තේය.

"හර්ෂ උඹ නයාට ගහලා පොල්ල වරද්ද ගත්තා. උඹෙන් පළි නොගත්තොත් මං සමයං නෙවෙයි.
සමයං දැඩි ලෙස කෝපාවිෂ්aඨව සිටියේය. හර්ෂ පරලොව යෑවීම සඳහා සමයං සැලසුම් සකස්‌ කරන්න පටන් ගත්තේය. මාස කීපයක්‌ නිවසේ කළ සැලසුම්වල ප්‍රතිඵලය නෙළා ගන්නට සමයංට හැකි වුණේ පසුගිය 03 වැනිදාය.

හර්ෂගේ අනියම් බිරිඳකගෙන් ලබාගත් තොරතුරු මත ඔහු මරා දැමීමේ සැලසුම සකස්‌ කරන්නට සමයං ට හැකිවිය. තම ජීවිත ආරක්‍ෂාව සඳහා හර්ෂ රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ අනියම් බිරිඳකගේ නිවසේ රහසිගත ජීවිතයක්‌ ගත කිරීමට උත්සාහ කළේය. එහෙත් ඔහුට වැඩි දවස්‌ එසේ ගත කරන්නට සමයං ඉඩ දුන්නේ නැත. රාජගිරිය ඔබේසේකරපුරයේ නිවසට කඩාවැදුණු සමයංගේ ගෝලබාලයන් දෙදෙනකු හර්ෂට වෙඩි තබා ඝාතනය කර පලා ගියේ ලෙයට ලෙයින්ම පළිගැනීම සඳහාය.හර්ෂ වෙඩි තබා ඝාතනය කිරීම සැලවීමත් සමඟම අංගොඩ ලොක්‌කාගේ සහ කුඩු මධුෂ්ගේ ඉහමොළ රත් වුණේය. සමයංට පාඩමක්‌ ඉගැන්වීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී දරුණු විපාකයන්ට මුහුණදීමට සිදුවන බව අංගොඩ ලොක්‌කා මෙන්ම පාකිස්‌තානයේ සිටින මධුෂ් හොඳින් දැන සිටියහ.සමයංගේ ජීවිතයට දැඩි තර්ජන එල්ලවී තිබීම නිසා ඔහුට වැලිකඩ බන්ධනාගාරය තුළ හිමිව තිබුණේ විශේෂ ආරක්‍ෂාවකි.වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් විඳින අපරාධකාරයන් සමඟ සමයං තැබීමට බන්ධනාගාර පාලනාධිකාරිය කටයුතු කර තිබුණේ ඔහුට එල්ලවී තිබූ ජීවිත තර්ජන නිසාමය. සමයංට දිනපතා තුන්වේල කෑම බීම ලැබුණේ නිවසින්ය. සමයංගේ බිරිඳ ඔහුට අවශ්‍ය කරන ආහාරපාන දිනපතා රැගෙන ආවාය.අංගොඩ ලොක්‌කා මේ බව සොයාගත්තේය. සමයංට පාඩමක්‌ ඉගැන්වීමට හොඳම අවස්‌ථාව මෙය බව ඔහු තේරුම්ගෙන සිටියේය. අංගොඩ ලොක්‌කා පාකිස්‌තානයේ සිටින සිය සගයාට දුරකථනයෙන් කතා කළේය.

"සමයංට හැමදාම කෑම ගෙදරින් එනවා. ඌට කෑම ගේන හැම කෙනාම මරලා දාන්න ඕනෙ. ඌට බල්ලෙක්‌ හරි කෑම ගේනව නම් ඌවත් මරන්න ඕනේ. එහෙම කළාම සමයංට පෝලිමේ ගිහින් බන්ධනාගාර බත් එක කන්න වෙනවා. එතකොට අපිට ඌ ගැන බලා ගන්න පුළුවන්.අංගොඩ ලොක්‌කා සිය සගයා වූ කුඩු මධුෂ්ට කීවේය. මධුෂ් දෙවුන්දර සිටින සිය පාතාල කල්ලියේ සාමාජිකයන් දැනුවත් කළේය. සමයංට ආහාර පාන රැගෙන වැලිකඩ බන්ධනාගාරය වෙත යන පුද්ගලයන් කවුදැයි හොයන්නට දෙවුන්දර සිට කොළඹට ආවේ නදුන්ය. නදුන් කුඩු මධුෂ්ගේ කල්ලියේ සාමාජිකයෙකි. ඒ වනවිට හර්ෂගේ මෘත ශරීරය අවසන් කටයුතු සඳහා කඹුරුපිටියට ගෙන ගොස්‌ තිබුණේය.

නදුන් නිශාන්ත සහ ආබෲ කොළඹ එන්නට පෙර හර්ෂගේ සිරුරට අවසන් ගෞරව දක්‌වන්නට ගියේය. ඔවුන් හර්ෂගේ සිරුර ඉදිරිපිට පොරොන්දුවක්‌ වූහ.
"හර්ෂ උඹ සහෝදරයෙක්‌ වගේ කාලයක්‌ අපි එක්‌ක හිටියා. අපි උඹව මරපු එකාගෙ ගෑනිව මරලා ඒ පළිය ගන්නවා. උඹේ මිනිය වළ දාන්න ඉස්‌සර අපි ඒ වැඩේ කරනවා."
නදුන් සහ සෙසු සඟයන් කොළඹ එන්නේ හර්ෂගේ සිරුර ඉදිරිපිට වූ පොරොන්දුව ද හිසේ තබාගෙනය.
වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් විඳින අපරාධකරුවන් බැලීමට එන පුද්ගලයන් පිළිබඳව නදුන් ඇතුළු සගයන් විමසිලිමත් වූහ. කාන්තාවන් දෙදෙනකු දිනපතාම සිරදඬුවම් විඳින අපරාධකරුවන්ගේ සිර මැදිරි වෙත යන බව ඔවුන් නිරීක්‍ෂණය කළහ.ආරක්‍ෂාව සඳහා සමයං දඬුවම් ලැබූ සිරකරුවන් සමඟ රඳවා සිටින බව නදුන් ඇතුළු සගයන් දැන සිටියහ.

"මේ ගෑනි තමයි සමයංගෙ ගෑනි අපි මේකිව ඉවරයක්‌ කරලා දාමු. හර්ෂගේ මිනිය වළදාන්න ඉස්‌සර ඌට වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න ඕනෙ." නදුන් සිය සගයන්ට කීවේය. නිශාන්ත සහ ආබෲ යතුරුපැදියක නැඟී වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට බේස්‌ලයින් මාර්ගය වෙත ආහ.බන්ධනාගාරය වෙත ගිය කාන්තාවන් දෙදෙනා ඉන් පිටවී මාර්ගය අසල රැඳී සිටියේ තමන් පැමිණි ත්‍රිරෝද රථය එනතුරුය. නිශාන්ත සහ ආබෲ ක්‍රියාත්මක වූහ. යතුරුපැදිය කාන්තාවන් දෙදෙනා අසල එකවරම නතර කෙරිණි.

"උඹ නේද සමයංගෙ ගෑනි" නිශාන්ත එක්‌ කාන්තාවකගෙන් ප්‍රශ්න කළේය. ඒ කාන්තාව ගැබිනියක වූවාය. නිශාන්තගේ කෑගැසීමෙන් ඇය කෝපයට පත්ව සිටියාය.මොන සමයමක්‌ද? උඹ කවුද මගෙන් එහෙම අහන්නෙ. මෙතැන කෑ ගහන්න ආවොත් අපි පොලිසියට යනවා. කාන්තාවද පෙරළා කෑගසන්න වූවාය. කෝ.. සමයං උඹට දුන්න සල්ලි අපට පෙන්නපං. අපි දන්නවා උඹ කවුද කියලා... .. නැවතත් කෑගසන්නට වුණේය.

අපි යනවා පොලිසියට මේ කොහේද යන එකෙක්‌ මෙතැන අපට තර්ජනය කරනවා... කාන්තාව පොලිසියට යන්නට සූදානම් වූවාය. සැණෙකින්ම ක්‍රියාත්මක වූ නිශාන්ත ඉනේ සඟවාගෙන සිටි පිස්‌තෝලය ඉවතට ගෙන ගැබිනි කාන්තාව වෙත වෙඩි ප්‍රහාර තුනක්‌ එල්ල කළේ මුළු පළාතම භීතියට පත් කරමින්ය.ගැබිනි කාන්තාව විලාප නඟමින් බිම ඇද වැටුණේය. සිය ඉලක්‌කය සපුරාගත් බව සිතූ නිශාන්ත සහ ආබෲ යතුරුපැදියේ නැඟී ජනාකීර්ණ බොරැල්ල නගරය දෙසට වේගයෙන් ධාවනය කර නොපෙනී ගියහ.ගැබිනි කාන්තාවට වෙඩි තැබූ නිශාන්ත සහ ආබෲ කෙළින්ම ගියේ කඹුරුපිටියේ තැන්පත් කර තිබූ හර්ෂගේ දේහය වෙතටය.

හර්ෂ අපි උඹට සාධාරණයක්‌ ඉෂ්ට කරලා දුන්නා. දැන් උඹට නිදහසේ අපිව දාලා යන්න පුළුවන්. අපි සමයංගෙ ගෑනිව ඉවර කළා."
මඳක්‌ නිශාන්ත සහ ආබෲ හර්ෂගේ නිසල සිරුර අසලට ගොස්‌ තමන් වූ පොරොන්දුව ඉෂ්ට කළ බව කියා සිටියෝය. එහෙත් එදින රාත්‍රි රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශනය නරඹද්දී සියල්ල උඩුයටිකුරු වුණේය.වෙඩි ප්‍රහාරයට ලක්‌ව තිබුණේ සමයංගේ බිරිඳ නොව වෙනත් ගැබිනි කාන්තාවක්‌ බව නදුන් ඇතුළු සගයන් දැන ගත්තේ ප්‍රවෘත්ති විකාශය හරහාය.මේ අතර වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට ගැබිනි කාන්තාවකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්‌ඨාසය පුළුල් විමර්ශන ආරම්භ කර තිබුණේය.බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පූජිත් ජයසුන්දර, කොළඹ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී මතුරට මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ නුවන් වෙදිසිංහ මහතා මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කළේය.අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නෙවිල් සිල්වාගේ මෙහෙයවීමෙන් විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මෙම ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සොයමින් රට පීරන්නට පටන් ගත්හ.වැලිකඩ බන්ධනාගාරයේ ආරක්‍ෂා සහිතව සිටි සමයංගෙන් ද මේ පිළිබඳව ප්‍රශ්න කෙරිණි. ප්‍රහාරය සඳහා පැමිණි යතුරුපැදියේ අංකය ඔස්‌සේද පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කළහ. අවසානයේදී මෙම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් පිළිබඳව සියලු විස්‌තර පොලිසිය සොයා ගත්තේය. ඉන් නොනැවතුණු ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නෙවිල් සිල්වා ඇතුළු නිලධාරීන් මාතර කඹුරුපිටිය, දෙවිනුවර ප්‍රදේශවල කරක්‌ ගසමින් කළ වැටලීම්වල සාර්ථක ප්‍රතිඵල ලැබී තිබිණි.

වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට ප්‍රහාරය සැලසුම් කළ නදුන් අත්අඩංගුවට ගැනීමට හැකි වුණේය. නදුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ගැබිනි කාන්තාවට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ සියලු තොරතුරු හෙළි කරගන්නට පොලිසියට හැකිවිය. පාතාල කල්ලි එකිනෙකා මරා ගැනීම අවසානයක්‌ නැත. හෙට දිනයේ ද මේ පාතාල අපරාධකාරයන් තම විරුද්ධවාදීන් ඝාතනය කරති...:sorry::sorry:
 
Last edited:

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
2017 වර්ෂය

සමයං ඇතුළු 7ක ඝාතනය අංගොඩ ලොක්කාගේ වැඩක් (lakbima.lk)



කඩුවෙල අධිකරණයේ විභාග වන නඩුවක් සඳහා කළුතර බන්ධනාගාරයේ සිට රැගෙන යමින් සිටි පාතාල කල්ලි නායක එම්.ජී. අරුණ දමිත් උදයංග පතිරණ නොහොත් සමයං නමැත්තා හෙවත් පාතාලයේ ඔහුගේ ගෝලයන් පස්දෙනෙක් සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් සමග ඝාතනය කරමින් බන්ධනාගාර බස් රථයට ප්‍රහාරය එල්ල කර ඇත්තේ අංගොඩ ලොක්කා නමැති පාතාල අපරාධකරු ඇතුළු කණ්ඩායමක් බවට තොරතුරු අනාවරණය වී තිබේ.
‍පොලිස් නිල ඇඳුමින් සැරසී මෙම ප්‍රහාරය එල්ලකර ඇති අතර ඒ සඳහා ටී 56 වර්ගයේ අවි 06ක් පමණ භාවිත කර ඇති බව ‍පොලීසිය සැකකරයි. අංගොඩ ලොක්කා ඔහුගේ ප්‍රධාන ගෝලයෙක් වන රණා‍ලේ ලඩියා ඇතුළු අටත් දහයත් අතර පිරිසක් මේ ප්‍රහාරයට සම්බන්ධ වී ඇති බවට සැකකළ හැකි තොරතුරු රාශියක් ‍පොලීසියට ලැබි ඇත.
සමයං නමැති පාතාල අපරාධකරු සිය ගෝලබාලයන් මගින් පසුගිය කාලයේ දිගින් දිගටම අංගොඩ ලොක්කා නමැත්තාගේ ගෝලබාලයන්ට වෙඩි තබා ඝාතනය කිරීමත් අංගොඩ ලොක්කාව මරා දැමීමට අවස්ථා කිහිපයකදීම උත්සහ දැරීමත් හේතුවෙන් මේ ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැක කෙරේ. මෙයට පෙර අවස්ථාවකදීද හමුදා ඇඳුමින් සැරසී සමයං නමැත්තා ඝාතනය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වී ඇති අතර මිරිහාන විශේෂ විමර්ශන ඒකකයට අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් සමග එම ඇඳුම් තොගය අසුවීමත් සමග සැලසුම ව්‍යර්ථ වී තිබෙන බව සඳහන්ය.
සමයං නමැත්තා පාතාලයේ ගෝඩ්ෆාදර් වීමේ සිහිනෙන් පෙළුණු අයෙක් බවත් ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වලට ප්‍රහාර එල්ල කරමින් පාතාලයේ අණසක ඔහු යටතට ගැනීමට ක්‍රියා කරමින් සිට ඇති බවත් ‍පොලිස් තොරතුරු සඳහන් කරයි. මෙම අපරාධකරු වයස අවුරුදු දාසයේ දහඅටේ තරුණයන්ගේ කණ්ඩායම් සකස් කරමින් ඔවුන් ලවා තමන්ට කප්පම් නොදෙන ව්‍යාපාරිකයන්ට කැති මන්නාවලින් පහරදීමට කටයුතු කරමින් සිටි බව ‍පොලීසිය කියයි.
කඩුවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට සමයංගෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර ඔහුට බියෙන් ‍පොලීසියට පැමිණිලි නොකරන බවද සඳහන්ය.
බන්ධනාගාරයේ සිට ත්‍රී ජී තාක්ෂණය ඇති ජංගම දුරකථන භාවිතා කරමින් කප්පම් ගැනීම් සහ කුලියට මිනිස් ඝාතනවල ඔහු නිරතව සිටි බව ‍පොලිස් තොරතුරුවල සඳහන්ය. මහනුවර අංකුඹුර ප්‍රදේශයේදී මුස්ලිම් ව්‍යාපාරිකයකුට පසුගියදා වෙඩි තබා ඝාතනය කරන්නේද මොහුට ලද කොන්ත්‍රාත්තුවකට අනුව බව ‍පොලීසියට තොරතුරු ලැබි තිබුණි. ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ ‍පොලිස් කණ්ඩායමක් අධිකරණ නියෝගයක් ලබාගෙන බන්ධනාගාරයට ගොස් කළ ප්‍රශ්න කිරීමේදී තමා එම ඝාතනය කොන්ත්‍රාත්තුවකට අනුව කළ බව පිළිගෙන ඇති බවද ‍පොලිස් තොරතුරු අනාවරණය කළේය.
සමයං නමැති මෙම පාතාල අපරාධකරු ඇතුළු ඔහුගේ ගෝලබාලයන් ඝාතනය කළ අංගොඩ ලොක්කා ඇතුළු පිරිස වැඩි කල් යන්නට මත්තෙන් අත්අඩංගුවට ගැනීමට හැකිවෙතැයි ‍පොලීසිය විශ්වාස කරයි. එහෙත් ඊට පෙර ඔවුන් අවිආයුධ සමග භාරවනු ඇති බවට විශ්වාසයක්ද ‍පොලීසිය තුළ පවතී.
අංගොඩ ලොක්කා නමැත්තා පසුගිය ආණ්ඩුව සමයේදී අධීක්ෂණ මන්ත්‍රීවරයකුගේ සමීපයේ සිට පාතාලයේ අණසක පතුරවමින් සිට ආණ්ඩු පෙරළියත් සමග දේශපාලන බලය ගිලිහුණු අයෙකි. සමයං නමැත්තා ඔහුගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන අතර කඩුවෙල අධිකරණයේදී සමයංට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහ කරන්නේ අංගොඩ ලොක්කාගේ සැලසුමකට අනුව බව කියැවිණි.





ගයාන් කුමාර වීරසිංහ / තාරක දුෂ්‍යාන් - කළුතර



මැරුණු සමයං ගේ මිතුරන් බුකියේ දාපු ශෝක පණිවිඩ



16864828_1793685300952227_6738038495844867428_n.jpg



16996353_1236260989814345_9194892514496833794_n.jpg


jhjrtjedjed.png
 
Last edited:

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
සමයංගේ මරණයත් සමග ‘වැලිකඩින් ප්‍රීති හඬත් කළුතරින් දුකත්’ මතු වූ හැටි



කළුතර දී බන්ධනාගාර බස් රථයකට අද උදෑසන එල්ල වූ වෙඩි ප‍්‍රහාරයෙන් අරුණ දමිත් උදයංග පතිරණ හෙවත් සමයං ජීවිතක්ෂයට පත්වීමත් සමග කොළඹ රක්ෂිත බන්ධනාගාරයේ සිටින ඇතැම් පාතාල කල්ලි සාමාජිකයන් ප්‍රීතියට පත්ව ඇති බව වාර්තා වනවා.
කළු සාගර නමැති පාතාල සාමාජිකයාගේ ගෝලයන්ද ඒ අතර සිටින බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ අතර කළුතර බන්ධනාගාරයේ ඉතිරිව සිටින සමයංගේ ගෝලයන් දස දෙනෙකු පමණ දහවල් ආහාරය ද ලබා නොගෙන නිලධාරීන් සමගද කතා කිරීමෙන් වැළකී සිටින බව වාර්තා වුණා.



සමයංගේ ගමන කළුතරින් නිමවීමත් සමග ‘හඬමින් වැළපෙමින්’ කොළඹ රැඳවියෙක් කළ දේ



ගුණසිංහගේ ලසන්ත බුද්ධික නැමති අපරාධකරුවෙකු අද (27)කඩුවෙල අධිකරණ භූමියේදී හඬා වැළපුණු බව පැවසෙනවා.
ඒ රක්ෂිත බන්ධනාගාරයේ සිට නඩුවක් සඳහා ගෙනා අවස්ථාවේ දී.
අද උදෑසන කළුතරදී ඝාතනයට ලක්වූ සමයංගේ නඩුව සඳහාම සැකකරුවෙකු ලෙස ඔහුව ඉදිරිපත් කර තිබුණා.
පසුව කළුතරදී ඇතිවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමත් සමග ඔහුගේ නඩුව ඉක්මනින් අවසන් කර රක්ෂිත බන්ධනාගාරයට ගෙන ඒමට නිලධාරීන් කටයුතු කරනු ලැබුවා.
බන්ධනාගාරයට පැමිණි පසුව ඔහු “දෙවියෝ මාව බේරුවා..මාව තනි වුණා ..”යනුවෙන් ඔහු හඬා වැටුණු බවයි nethgossip.lk වෙත වාර්තා වුණේ.






සමයං අමනයෙක් – ආමි රොෂාන් නෙත් එෆ් එම් වෙත කළ කතාව



පොලිස් දෙපාර්තමේන්තුවේ සහ නෙත් එෆ් එම් රේඩියෝවේ මැදිහත් වීමෙන් තම ජීවිතය බේරාගෙන යහපත් පුරවැසියෙකු ලෙස සමාජගත වීමට අවස්ථාව හිමිවූ බව කලක් පාතාලය සමග සබඳතා පැවැත්වූ රොහාන් ප්‍රදිප් නොහොත් ආමි රොෂාන් පවසනවා.
මොහු කලක් එම් පී අරුණ දමිත් උදයංග පතිරණ හෙවත් සමයං නැමැත්තා සමග සමිප සබඳතා පැවැත්වූ අයෙක්.
ඊයේ සිදුවූ ඝාතන සිද්ධින් සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
” සමයං එක්ක හිටපු ආමි රොෂාන් හැටියට මම සමයංට උදව් කළා, සමයංගෙ ලඟින් හිටියෙත් මම. නමුත් හතුරෙක් වුනත් මැරැනම හිතට දුකක් එනවා ඕනම මිනිහෙකුට.
මොකද මගේ ලඟින් ඉඳල, කාලා බීල දෙන්න එකට ඉඳල යාලුවො වගේ එතන ගඡ මිතුරෝ වගේ හිටියේ. නමුත් මු වගේ අමනයෙක් මැරිච්ච එක ගැන මම කවදාවත් දුක් වෙන්නේ නෑ. මොකද වු ඒ තරම්ම අමනයෙක්!
ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරින් කීප දෙනෙක් ඇතුව මාව ඔතනින් බේරල අරගෙන මට සඳා ඡීවිතයක් දුන්නට ඒ මිනිසුන්ට ස්තූතිවන්ත වෙනවා.
එකත් එක්කම නෙත් එෆ් එම් එකටත් ස්තූතිවන්ත වෙනවා. එකේ කොටස්කාරයෙක් නේ නෙත් එෆ් එම් එක.
හැබැයි මින් මත්තට නම් කිසිම දේකට මේ වෙන්නේ නෑ. ඒක නිසා තමයි සොබාධර්මයෙන් මාව බේරුවේ.
එහෙම නොකළ නම් ඔය කියපු කීප දෙනාගේ කීමට පිටුපාල සමයං එක්ක හිටිය නං අද සමයංට වෙච්ච වැඩේ බල්ලෙකුට වඩා අන්ත තිරිසනෙක් විදියට මම අද මැරිල ඉන්නවා. ඒ ගනයට වැටෙන්නේ නැතුව මේ තත්වෙන් තිබ්බට හැමොටම ස්තූතිවන්ත වෙනවා. “
 
Last edited:

kasun757

Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    හිරගෙවල් ඈතුලෙ මොබයිල් පෝන් නෑති කරා නම් එලියෙ නටන චන්ඩිත් නවත්තන්ඩ තිබ්බ..මෙවට බන්දනගාර නිලදාරින් වග කියන්න ඔන.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රණාලේ සමයං යනු දරුවන් නොසිටි රණාල
    කණිෂ්ඨ විද්යාලයේ ගුරු යුවළක් දරුකමට හදාගත්
    කෙනෙකි.
    සාමාන්ය පෙළින් පසු අධ්යාපනය කඩාකප්පල්
    කරගත් ඔහු ගංජා හා මත්කුඩු වලට ඇබ්බැහිවීතම
    දෙමාපියන් ලෙස සිටි යුවළගේ
    වස්තු දේපළද විකුණා සිය පුරුද්ද වෙනුවෙන් වියදම්
    කළේය. ඔහු ඔවුන් මහන්සියෙන් හම්බ කළ ජාසිංහ
    මුල්ලේ කෝටිගණනක ඉඩකඩම් හා නිවසක්ද විකුණා
    දැමුවේය. ඔවුන් සතු කඩකාමරයක ආදායමද බලහත්
    කාරයෙන් පැහැරගෙන තිබුණි.
    ඔහු බලාගත් පියා මියයාමෙන් පසු මව බය කරගන
    ජීවත්වූ ඔහු පළාතේ කොල්ලන් සමග කල්ලිගැසී
    මාපියන්ට නිගරුවන ලෙස හැසිරුණි. මවටද දස වද දුනී,
    ලක්ෂ 5 ක කොන්ත්රාත්තුවකට මිනීමැරුමක් සිදු කර
    වරක් පොලිස් අත්අඩංගුවට පත්වූ හෙතෙම පසුව ඇප
    මත නිදහස් වුවත් කුලියට මිනීමැරීම හා කොල්ලකෑම
    දිගටම සිදු කළ පාතාල චණ්ඩියෙකු විය.
    පසුව විවාහ දිවියට පිවිසි ඔහු එක් දරු පියෙකු වුවත්
    මාපිය දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් උනන්දු
    නොවූ අතර කණ්ඩායමක් සාදාගෙන පලාතක්
    බයකරගෙන සිටිම ජීවිතය යයි තේරුම් ගත්තේය. ඔහු
    50 දෙනෙකුට ආසන්න පිරිසක් මරා ඇතැයි
    කියැවේ.ඒවා ඔහු විසින් හෝ ගෝලයින් ලවා
    කරවා ඇත. බන්ධනාගාරයේ සිටියදීත් අපරාධ
    මෙහෙයවීමට ඔහු හොඳ සැලසුම් කරුෙවකු වන අතර
    2015 ඔහුට බන්ධනාගාර බසයේ මුල් ප්රහාර එල්ලව
    ඇත්තේද එවැනි සැලසුමක් සිදු කිරීමේ පලිය
    වශයෙනි.
     

    j.a.sudesh

    Junior member
  • Dec 14, 2012
    85
    27
    18
    37
    සමාජෙ වැරදි බන්

    සමයං ගැනනම් දන්නෙ නෑ ඒත් සුරංගව නම් දන්නව වගෙ බන්...අවුරුදු 3 -4 කලින් අතුරුගිරියෙ පෙත්තෙ අපි එකට සෙල්ලම් කලා වෙගෙ මතකයි..ඒ කාලෙනම් අහින්සක කොල්ලෙක්....
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    හර්ෂ, මදුෂ් පොඩි කාලේ ඉඳල යාලුවෝ. මදුෂ් මොලකාරය , හර්ෂ කියන්නේ GAN BAN type පොරක්. ක්ලබ් එකේ මල පැන්නහම පිස්තොලේ මිටෙන් ඔලුවට කාගෙත් ඉස්සරහ පහර දෙන ජාතියේ පොරක්. හර්ෂගේ අවසන් කටයුතු වලට කලින් රිටර්න් දෙනවා කියල තාම කියල තිබ්බේ. වැඩේ වැරදුනා, ඊට පස්සේ කිව්වලු අව්රුද්දෙ දානෙට කලින් වැඩේ කරනවා කියල. සමහරු කියනව හර්ෂ ගේ මල ගෙදර මදුෂ් ආවලු. සමහරු කියනව ස්කයිප් එකෙන් කතා කරල ඇන්ඩුවලු. හර්ෂ් සමයං ව ඇතුලෙදි දන ගස්සවලත් තියනවා.
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    මදුෂ් දෙවූන්දර නෙවෙයි, කඹුරුපිටියේ බැරගම්මුල්ලේ, දේවුන්දර කුඩු රන් කලේ චමිල්..!