අංග විකල අයව මැව්වේ කව්ද?
දෙවියන් වහන්සේ මේ ලොව ඔබද මාද ඇතුළු සියලු දේ මවන ලදී. අංගවිකලයන් මෙන්ම මන්ද මානසිකයින්ද මවන ලදී. එලෙසම බහුතරයක් පුද්ගලයින් සර්ව සම්පූර්ණව මවන ලදී. පසුව ඔබද මාද මෙම අංගවිකලයන් දෙස බලා ක්‍රියා කරන ආකාරය සටහන් කරනු ලබයි. ඔබගේද මගේද විශ්වාසය මැන බලයි. අවසන් දිනයේ අංගවිකලයින් ඔවුන්ට දෙනු ලැබූ අංගවිකලත්වය නිසාම ස්වර්ගස්ථ කරනු ලබයි. නමුත් මෙම අංගවිකලයින් දෙස බලා අප ක්‍රියාකල ආකාරය අනුව ඔබටද මටද දේව නීතිය ලබා දෙනු ඇත.
හිතන්න මෙලොව සියලුම දෙනා සර්ව සම්පූර්ණව මවන ලද්දේය කියා. එකම අලංකාරයෙන් යුතුව, එකම පහසුකමින් යුතුව, සියලුම දෙනා ධනවත්ව, සියලුම දෙනා නීරෝගී සම්පන්නව, සියලුම දෙනා එකම වර්ණයකින්, සියලුම දෙනා එකම ගෝත්‍රයක, සියලුම දෙනා එකම දැනුමකින්, සියලුම දෙනාගේ සිතුම් පැතුම් ඒකාකාරව...... ඔබ සිතන්නේ මේ ලොව මෙතරම් ප්‍රයෝගික විසිතුරු ලොවක් වේවි කියාද?
ඔබ මම සහ අප සියලුම දෙනා මෙලොවට එවන ලද්දේ එකදු අරමුණක් සඳහාය. ඒ අප විසින් දෙවියන් කෙරෙහි ලබා දුන් වාචික පොරොන්දුව ප්‍රායෝගිකව මැන බැලීම සඳහාය. ඉදින් යම් මතු දිනෙක මෙ පිළිබඳව අප සියලුම දෙනාගෙන් විමසනු ඇත. ඒ සඳහා සූදානම් වෙන්න.
ඉහතින් මා ඉදිරිපත් කොට ඇත්තේ ඉස්ලාම් පවසන දේව වාදයට එරෙහිව අප සමාජයේ සමහරක් පිරිස් මතු කරන ප්‍රශ්න කිහිපයකි. මෙවැනි ප්‍රශ්න රාශියක් මෙලෙස පෙලගැසීමට හැක. නමුත් එවන් ප්‍රශ්න ද ඉහත නිදසුන් තුල වක්‍ර ආකාරයෙන් හෝ අන්තර්ගත වන බැවින්ද එවැනි නිදසුන් තවදුරටත් ඉදිරිපත් කිරීම තුල මෙම ලිපිය අනවශ්‍ය ලෙස දීර්ඝ වීමද සැලකිල්ලට ගෙන අදාල මාතෘකාවට යොමු වෙමි. මෙතෙක් ඉහතින් ඉදිරිපත් කොට ඇති නිදසුන් හා තර්කයන් මතුපිටින් විමසා බැලුවේ නම් එය ඉතා බුද්ධිමත් හා සාධාර්ණ වූ තර්කයන් බවට ඔබට සිතෙන්නට පුළුවන. මන්ද ඉහත වාදයන් තුල ‘දෙවියන් සෑම කෙනෙකුහටම සමානාත්මක ලෙස සැලකිය යුතුයි’ යන සුන්දර හා ආකර්ශණීය වාදය අන්තර්ගත වන නිසාය. නමුත් මෙහිදී පැහැදිලි ලෙස වටහා ගතයුතු කරුණක් ඇත. ඒ දෙවියන් සෑම කෙනෙකුටම සමානාත්මක වියයුතුයි යන තර්කය ඉහත ආකාරයට ප්‍රශ්න කිහිපයකට පමණක් සීමා කොට එසේත් නැත්නම් කිසියම් පුද්ගලයෙකුගේ සිතෙහි ඇති වන තර්කයන්ට පමණක් සීමා කොට කථා කල නොහැක. ඒ අනුව ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ කිසියම් සුළු පිරිසක් මතු කරන තර්කයන් මිස ‘දෙවියන් සමානාත්මක වියයුතුයි’ යන්නේ හි සමස්ථ තර්කය එහි නැත. ඒ අනුව ‘දෙවියන් සමානාත්මක වියයුතුයි’ යන වාදය සදහා මා ඉහත පාර්ශවයන් පූර්වාදර්ශයක් ලෙස ගෙන ප්‍රශ්න කිහිපයක් ඔබගේ බුද්ධිමත් අවධානය සදහා විමසන්නට කැමැත්තෙමි. එනම්,
ඒ පිරිස් මොනවගේ වියයුතුද?…
ඉහත සමානාත්මක වාදය ප්‍රායෝගික වීමට නම් ලොව සියළු (එනම් අතීතයේ, වර්ථමානයේ හා අනාගතයේ වෙසෙන) ජනයා එකම කාල වකවානුවක, එකම ප්‍රදේශයක, එකම පරිසරයක , එකම ස්වරෑපයෙන්, එකම වර්ණයෙන්, එකම අලංකාරත්වයෙන්, සමාන බුද්ධි මට්ටමින්, එක සමාන හැකියාවන්, කෙනෙකුගේ උපකාරය තවත් කෙනෙකු බලාපොරොත්තු නොවන, කාන්තා පිරිමි භේදය පවා නොමැති… සමාජයක් දෙවියන් නිර්මාණය කලයුතුය. එවන් වූ සමානාත්මතකතාවයෙන් පරිපූර්ණ සමාජයක් මේ මිහිමත දෙවියන් ස්ථාපනය කලේනම් එහි තත්වය මොහොතක් උපකල්පනය කර බලන්න. කන්න බොන්න, අදින් පලදින්න, ඉන් හිටින්න තැන පවා තමන් විසින් නිර්මාණය කරගත යුතුයි. එසෙත් නැත්නම් දෙවියන් විසින් ඒ සියල්ල මවා දිය යුතුයි. එසේ වුවා නම් ලොව ක්රියාකාරීත්වයක් පවතීද?
එවන් ජීවිත තුල ජීවයක් පවතීද?.
මෙය අවබෝධ කරගන්න ඔබට ගැඹූරු ඥානයන් අවශ්‍ය නොවනු ඇත. සාමාන්‍ය බුද්ධිය හොදටම ප්‍රමාණවත් ‘සමානාත්මකතාව’ යන වාදයේ බරපතලකම හොදින් අවබෝධ කරගන්න.
ඒ අනුව එදා පටන් අද දක්වාත් අනාගතයටත් මිනිස් සමාජ පැවැත්මේ රහස මේ අසමානාත්මකතාවය යන්න වටහා ගතයුතුය. මනුෂ්‍යයන් අතර අසමානාත්මකතාවය ඇති කොට, එකින් එකා අතර සහයෝගයන් හා අවබෝධයන් නිර්මාණය කොට, ඔවුන් කොතරම් ඒ තුල නිවරුදි ලෙස ක්රියාකරනවාද?
යන්න විමසා බැලීම තමා මේ බුද්ධිමත් මානවයා මිහිමත ස්ථාපනය කිරීමේ මූලික අරමුණ මිස ඉහත ආකාරයේ ‘සමානාත්මකතාවයන්’ වැනි වහසි බස් දෙඩවීම නොවන බව වටහාගත යුතුය. මෙය ශුද්ධ වූ කුර්ආනය 2-155, 156 වාක්‍යය මඟින් අල්ලාහ් (දෙවි) ඉතා අලංකාර ලෙස මෙසේ පවසයි.
ඒ අනුව මේ සියළු විෂමතාවයන් හොදින් අවබෝධ කරගෙන ඒ සියල්ල හමුවේ නොසැලී දේව විශ්වාසයෙන් යුතුව ක්‍රියා කරන පුද්ගලයා තමා සැබෑ ජයග්‍රාහකයා වන්නේ. එවැනි පිරිසට තමා අල්ලාහ් (දෙවි) 2-156 වාක්‍යය මඟින් සුභාරංචි පවසන්නේ. එසේනම් කිසිදිනෙක ප්‍රායෝගික නොව වචනයට පමණක් අලංකාර ‘සමානාත්මකතා’ යන පුහු වාදයන් තුල තවදුරටත් මංමුලා නොවී යථාර්ථයට මුහුණ දෙන සැබෑ දේව භක්තිකයන් වන්නට අල්ලාහ් (දෙවි) අප සියළුදෙනා හට ආශිර්වාද කරත්වා!, යනුවෙන් ප්‍රාර්ථනා කරමින් මෙම ලිපියට විරාමය තබමි.
අබූ අර්ශද්
- සමහරක් මිනිසුන් දුගියන් ලෙසත් තවත් සමහරුන් ධනවතුන් ලෙසත් දෙවියන් මවා ඇත්තේ ඇයිද?
- උපතින්ම ගොළු, බිහිරි, අන්ධ, අංග විකල, විකෘති ලක්ෂන සහිත දරුවන් බිහිවන්නේ දෙවියන්ගේ කුමන කැමත්තකට අනුවද?
- සියල්ල සර්ව බලධාරී දෙවියන් මැවීමන් නම් ලෝකයේ ඉන්නා ඉස්ලාම් නොවන බහුතරය මිත්‍යා දෘෂ්ඨිකයන් දෙවියන්ට පාලනය කල නොහැක්කේ ඇයිද?
- ඉස්ලාම් දහම අදහන මුස්ලිම්වරුන් අතර ම ගැටුම්වලින් දිනපතා 100 ගනන් ඉස්ලාම් භක්තිකයන් මියයද්දී සර්වබලධාරී දෙවියන් මෙයට මැදිහත් නොවන්නේ ඇයිද?.
- ස්වභාවික විපත් (සූනාමි, ගං වතුර, සුලිසුලං… යනාදී) මඟින් මිනිසුන් දහස් ගණන් මියයද්දී එයට සර්වබලධාරී දෙවියන් මැදිහත් නොවන්නේ මන්ද?
දෙවියන් වහන්සේ මේ ලොව ඔබද මාද ඇතුළු සියලු දේ මවන ලදී. අංගවිකලයන් මෙන්ම මන්ද මානසිකයින්ද මවන ලදී. එලෙසම බහුතරයක් පුද්ගලයින් සර්ව සම්පූර්ණව මවන ලදී. පසුව ඔබද මාද මෙම අංගවිකලයන් දෙස බලා ක්‍රියා කරන ආකාරය සටහන් කරනු ලබයි. ඔබගේද මගේද විශ්වාසය මැන බලයි. අවසන් දිනයේ අංගවිකලයින් ඔවුන්ට දෙනු ලැබූ අංගවිකලත්වය නිසාම ස්වර්ගස්ථ කරනු ලබයි. නමුත් මෙම අංගවිකලයින් දෙස බලා අප ක්‍රියාකල ආකාරය අනුව ඔබටද මටද දේව නීතිය ලබා දෙනු ඇත.
හිතන්න මෙලොව සියලුම දෙනා සර්ව සම්පූර්ණව මවන ලද්දේය කියා. එකම අලංකාරයෙන් යුතුව, එකම පහසුකමින් යුතුව, සියලුම දෙනා ධනවත්ව, සියලුම දෙනා නීරෝගී සම්පන්නව, සියලුම දෙනා එකම වර්ණයකින්, සියලුම දෙනා එකම ගෝත්‍රයක, සියලුම දෙනා එකම දැනුමකින්, සියලුම දෙනාගේ සිතුම් පැතුම් ඒකාකාරව...... ඔබ සිතන්නේ මේ ලොව මෙතරම් ප්‍රයෝගික විසිතුරු ලොවක් වේවි කියාද?

ඔබ මම සහ අප සියලුම දෙනා මෙලොවට එවන ලද්දේ එකදු අරමුණක් සඳහාය. ඒ අප විසින් දෙවියන් කෙරෙහි ලබා දුන් වාචික පොරොන්දුව ප්‍රායෝගිකව මැන බැලීම සඳහාය. ඉදින් යම් මතු දිනෙක මෙ පිළිබඳව අප සියලුම දෙනාගෙන් විමසනු ඇත. ඒ සඳහා සූදානම් වෙන්න.
ඉහතින් මා ඉදිරිපත් කොට ඇත්තේ ඉස්ලාම් පවසන දේව වාදයට එරෙහිව අප සමාජයේ සමහරක් පිරිස් මතු කරන ප්‍රශ්න කිහිපයකි. මෙවැනි ප්‍රශ්න රාශියක් මෙලෙස පෙලගැසීමට හැක. නමුත් එවන් ප්‍රශ්න ද ඉහත නිදසුන් තුල වක්‍ර ආකාරයෙන් හෝ අන්තර්ගත වන බැවින්ද එවැනි නිදසුන් තවදුරටත් ඉදිරිපත් කිරීම තුල මෙම ලිපිය අනවශ්‍ය ලෙස දීර්ඝ වීමද සැලකිල්ලට ගෙන අදාල මාතෘකාවට යොමු වෙමි. මෙතෙක් ඉහතින් ඉදිරිපත් කොට ඇති නිදසුන් හා තර්කයන් මතුපිටින් විමසා බැලුවේ නම් එය ඉතා බුද්ධිමත් හා සාධාර්ණ වූ තර්කයන් බවට ඔබට සිතෙන්නට පුළුවන. මන්ද ඉහත වාදයන් තුල ‘දෙවියන් සෑම කෙනෙකුහටම සමානාත්මක ලෙස සැලකිය යුතුයි’ යන සුන්දර හා ආකර්ශණීය වාදය අන්තර්ගත වන නිසාය. නමුත් මෙහිදී පැහැදිලි ලෙස වටහා ගතයුතු කරුණක් ඇත. ඒ දෙවියන් සෑම කෙනෙකුටම සමානාත්මක වියයුතුයි යන තර්කය ඉහත ආකාරයට ප්‍රශ්න කිහිපයකට පමණක් සීමා කොට එසේත් නැත්නම් කිසියම් පුද්ගලයෙකුගේ සිතෙහි ඇති වන තර්කයන්ට පමණක් සීමා කොට කථා කල නොහැක. ඒ අනුව ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ කිසියම් සුළු පිරිසක් මතු කරන තර්කයන් මිස ‘දෙවියන් සමානාත්මක වියයුතුයි’ යන්නේ හි සමස්ථ තර්කය එහි නැත. ඒ අනුව ‘දෙවියන් සමානාත්මක වියයුතුයි’ යන වාදය සදහා මා ඉහත පාර්ශවයන් පූර්වාදර්ශයක් ලෙස ගෙන ප්‍රශ්න කිහිපයක් ඔබගේ බුද්ධිමත් අවධානය සදහා විමසන්නට කැමැත්තෙමි. එනම්,
- දෙවියන් ඇයි අපව උස දේහයක් ඇති පුද්ගලයන් ලෙස මවන ලද්දේ
- දෙවියන් ඇයි අපව ලොව ලස්සනම පුද්ගලයන් බවට පත් නොකලේ
- දෙවියන් ඇයි අපව ලොව ධනවත්ම පුද්ගලයන් නොකලේ
- දෙවියන් ඇයි අපව මිටි දේහයක් ඇති පුද්ගලයන් ලෙස මවන ලද්දේ
- දෙවියන් ඇයි අපව සීතල රටක එසේත් නැත්නම් පාලාතෙක මවන ලද්දේ
- දෙවියන් ඇයි අපව අධික උණූසුම් රටක එසේත් නැත්නම් ප්‍රදේශයක මවන ලද්දේ
- අපේ මුත්තන් මීමුත්තන් ‘දෙවියනේ අපේ කාලයේ නොමැති අධි සුභෝපභෝගි යාන වාහන අපේ මුණූබුරාලාට හා මිණිබිරියන්ට ලබා දුන්නේ ඇයිද?’
- ‘අතීතයේ විසූ අපට නොමැති පහසුකම් වර්ථමාන හා අනාගත මිනිසුන්ට ලබාදීම තුල දෙවියණේ අපට ඇයි සමානාත්මක ලෙස සැලකුවේ නැත්තේ?.
- මුලින් සදහන් කල පාර්ශවයගේ තර්කයන් පූර්වාදර්ශයක් ලෙස ගෙන කාන්තාවක් පහත ආකාරයට ප්‍රශ්න කලෙනම් එහිදී ඇති වන තත්වය මොහොතක් විමසා බලන්න. ඒ පිලිබදව පිරිමියෙකු ලෙස ඔබගේ ස්ථාවරය කුමක්ද?.
- පිරිමියෙක් අප තුලින් ලබන සතුට වෙනුවෙන් කාන්තාව වන අප මාස 10ක් දරු ගැබක් දරාගෙන දුක්විදිය යුතුයි. තමන් කැමති කෑම, බීම, නින්ද, ගමන… යනදී සියල්ල ඒ කාලය තුල කැප කලයුතුයි. ඉතා වේදනාකාරී තත්වයන්ට පත්ව එම දරුවා මෙලොවට බිහි කලයුතුයි. පසුව එම දරුවාට තම රුධිරය කිරි කොට ඒ තුලින් පෝෂණය කලයුතුයි. එම දරුවා ආරක්ෂා කලයුතුයි. මේ සියල්ල තුලින් පිරිමියා නිදහස් කිරීම තුල දෙවියන් කාන්තාව වන අපට අසමානාත්මක ලෙස සලකා තිබෙනවා නොවේද? (කාන්තාව සම්බන්ධයෙන් මෙය එක් තර්කයක් පමණි මෙවැනි තර්ක රාශියක් ඇයි පදනම් කරගෙන මතු කලහැක. නමුත් බුද්ධිමත් ලෙස විමසා බලන කෙනෙකු හට මෙය ප්‍රමාණවත් යයි සිතමි.)
ඒ පිරිස් මොනවගේ වියයුතුද?…
ඉහත සමානාත්මක වාදය ප්‍රායෝගික වීමට නම් ලොව සියළු (එනම් අතීතයේ, වර්ථමානයේ හා අනාගතයේ වෙසෙන) ජනයා එකම කාල වකවානුවක, එකම ප්‍රදේශයක, එකම පරිසරයක , එකම ස්වරෑපයෙන්, එකම වර්ණයෙන්, එකම අලංකාරත්වයෙන්, සමාන බුද්ධි මට්ටමින්, එක සමාන හැකියාවන්, කෙනෙකුගේ උපකාරය තවත් කෙනෙකු බලාපොරොත්තු නොවන, කාන්තා පිරිමි භේදය පවා නොමැති… සමාජයක් දෙවියන් නිර්මාණය කලයුතුය. එවන් වූ සමානාත්මතකතාවයෙන් පරිපූර්ණ සමාජයක් මේ මිහිමත දෙවියන් ස්ථාපනය කලේනම් එහි තත්වය මොහොතක් උපකල්පනය කර බලන්න. කන්න බොන්න, අදින් පලදින්න, ඉන් හිටින්න තැන පවා තමන් විසින් නිර්මාණය කරගත යුතුයි. එසෙත් නැත්නම් දෙවියන් විසින් ඒ සියල්ල මවා දිය යුතුයි. එසේ වුවා නම් ලොව ක්රියාකාරීත්වයක් පවතීද?
එවන් ජීවිත තුල ජීවයක් පවතීද?.
මෙය අවබෝධ කරගන්න ඔබට ගැඹූරු ඥානයන් අවශ්‍ය නොවනු ඇත. සාමාන්‍ය බුද්ධිය හොදටම ප්‍රමාණවත් ‘සමානාත්මකතාව’ යන වාදයේ බරපතලකම හොදින් අවබෝධ කරගන්න.
ඒ අනුව එදා පටන් අද දක්වාත් අනාගතයටත් මිනිස් සමාජ පැවැත්මේ රහස මේ අසමානාත්මකතාවය යන්න වටහා ගතයුතුය. මනුෂ්‍යයන් අතර අසමානාත්මකතාවය ඇති කොට, එකින් එකා අතර සහයෝගයන් හා අවබෝධයන් නිර්මාණය කොට, ඔවුන් කොතරම් ඒ තුල නිවරුදි ලෙස ක්රියාකරනවාද?
යන්න විමසා බැලීම තමා මේ බුද්ධිමත් මානවයා මිහිමත ස්ථාපනය කිරීමේ මූලික අරමුණ මිස ඉහත ආකාරයේ ‘සමානාත්මකතාවයන්’ වැනි වහසි බස් දෙඩවීම නොවන බව වටහාගත යුතුය. මෙය ශුද්ධ වූ කුර්ආනය 2-155, 156 වාක්‍යය මඟින් අල්ලාහ් (දෙවි) ඉතා අලංකාර ලෙස මෙසේ පවසයි.
තරමක බියෙන්ද, කුසගින්නෙන්ද, වස්තූන්, ජීවිත හා (පළතුරු යනාදී) භෝග විනාශ කිරීමෙන්ද අප ඔබ පරීක්ෂා කරන්නෙමු. එය විඳදරා ගෙන ඉවසා කටයුතු කරන කරන පිරිසට (නබිතුමණි!,) ඔබ සුභාරංචි පවසන්න. ඔවුන් තමන්ට කොපමණ විපත් හා අලාභහානී සිදුවුවද ‘ඇත්තෙන්ම අපි අල්ලාහ් වෙනුවෙන්ම සිටින්නෙමු. ඇත්තෙන්ම අපි ඔහු වෙතම යළි පිවිසෙන්නෙමු’ යයි කියන්නෝය.
ඉස්ලාම් දහම කිසිදු අවස්ථාවක මේ මිහිමත වෙසන මානවයාට සමානාත්මක ලෙස සලකන බවට පොරොන්දු ලබාදුන්නේ නැත. ඉස්ලාම් ශුද්ධ වූ කුර්ආනය පුරාවට පවසන්නේ ‘මෙලොව ජීවිතය යනු මතු ලොව විමූක්තිය උදෙසා නුඹලාව පරීක්ෂා කරන මණ්ඩපයක්’ යන්න පමණි. එවැනි ශුද්ධ වූ කුර්ආන් පාඨ බොහෝමයක් ශුද්ධ වූ කුර්ආනයේ දක්නට තිබුණද ඔබගේ දැන ගැනීම සදහා එයින් කිහිපයක් මෙලෙස ඉදිරිපත් කරමි. එනම් 68-17, 7-168, 21-35, 10-30, 47-31, 7-163, 5-48, 6-165… යනාදී එයින් කිහිපයකි. ශුද්ධ වූ කුර්ආනයේ පමණක් නොව නබිතුමාණන් ද මෙම කාරණය දැඩි ලෙස මිනිස් සමාජයට අවධාරණය කොට ඇත. එය පහසුවෙන් වටහා ගැනීම සදහා එක් හදීසයක් ඔබගේ විමසුමට ගෙන එන්නෙ නම්,
නබිතුමාණන් නිදා ගැනීමට පාවිච්චි කලේ රටඉදි අතුවලින් සකසන ලද පැදුරකි. මේ මත නබිතුමාණන් නිදාගන්නා විට එතුමාණන්ගේ ශරීරය පුරා එම රටඉදි අතුවල ඉරටු අච්චු සටහන් වී තිබෙනු දුටු සහාභාවරුන් (හෙවත් සමකාලීන අනුගාමික පිරිස්). ‘අල්ලාහ් (දෙවි)ගේ දූතයාණෙනි!, ඔබ තුමා අවසර දෙන්නේ නම්, මෙම පැදුර මත එලාගත හැකි (සුමුදු) සළුවක් ගෙන දෙන්නෙමු. එය ඔබ තුමාගේ ශරීරය ආරක්ෂා කරනු ඇත’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘මාත් මෙලොවත් අතර ඇති සම්බන්ධය මොකක්ද? දීර්ඝ ගමනක නිරත වන මගියෙකු ඔහුගේ ගමන් විඩාව නිවාලන්න එක්තරා ගසක් පාමුල නතරවන්නේද. එම ගස හා මඟියා අතර ඇති සම්න්ධය තමා මාත් මෙලොවත් අතර ඇති සම්බන්ධය’ යනුවෙන් පවසා එය ප්‍රතික්ෂේප කරන ලදී.
මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදි, ඉබුනු මාජා, අහමද්
ඉහත සදහන් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් මෙන්ම හදීසය තුලින් ද පැහැදිලි වන්නේ සැබෑ මුස්ලීම්වරයෙකුගේ අරමුණූ ලෞකික කාරණයන් පදනම් කරගත් එකක් නොවේ යන්නයි. ඔහුට මේ ලෝකය යනු මතු ලොවෙහි විමුක්තිය සදහා සූදානම් වන තැනක් පමණි. ඒ සදහා ඔහුට දෙවියන් දේව පුස්තකයක් මඟින් මඟපෙන්වීමක් ලබාදී ඇත. වක්තෘවරුන් මඟින් පැහැදිලි කිරීමන් හා ආදර්ශයන් පෙන්වාදී ඇත. මේ සියල්ල බුද්ධිමත් ලෙස විමසා තීන්දු තීරණ ගැනීමේ අයිතිය හා නිදහස ඉස්ලාම් ලොව සෑම පුරවැසියෙකුටම ලබාදී ඇත. එලෙස ඔහු සූදානම් වන අතර තුර දෙවියන් විසින් ද ඔහු නන්අයුරින් පිරික්සන බව ඉහත 2-155,156 වාක්‍යයන් මඟින් අවබෝධ කරගත්තෙමු. එහිදී බිය ගැන්වීම, කුසගින්න, වස්තූන් උදුරා ගැනීම, ජීවිත පවා බිලිගැනීම… වැනි උපක්‍රම දෙවියන් භාවිතා කරන බව අවබෝධ කරගත්තෙමු.