.....:::::අංශභාගය (STROKE).....::::: මොකක්ද මේ

Aug 4, 2009
3,094
582
0
Colombo
.....:::::අංශභාගය (STROKE).....::::: මොකක්ද මේ

අංශභාගය
(STROKE)

අංශභාගය යන රෝගය කුමක්ද?
මෙහිදී මොළයේ ලේ වැගිරීමක් හෝ මොළයට රුධිරය සපයනන නහරයක හිරවීමක් නිසා ශරීරයේ අත්පා වල පණ නැති වීමක් ඇතිවේ.මේසමග බොහෝවිට කථාකිරීමේ දුර්වලතාවයක්ද ඇතිවිය හැක.ඉහත තත්ව ඇතිවීම සමග අත්පාවල දුර්වල වීමක්,හිරි වැටීමක්,වචන නිසියාකාරව ශබ්ද කිරීමට බැරිබවක් බොහෝවිට දැකිය හැක.සමහර රෝගීන්ගේ පෙනීමේ දුර්වල තාවයන් ද ඇතිවේ.මේ දුර්වල තාවයන් නිසා රෝගීන්ට ඇවිදීමට නොහැකිව රෝගාතුර වේ.
සමහර අවස්තාවලදී ඉහත රෝග ලක්ෂණ කෙටි කාලයක් (පැය 24 කට අඩු කාලයක්) තිබී සම්පූර්ණයෙන්ම නැතිවී යයි. මේ තත්වයට Transient Ischaemic Attack (T.I.A) යයි කියනු ලැබේ.මෙසේ සෑදී සුවවන රෝගීන්ගෙන් සැලකිය යුතු කොටස් (1/3) බෙහෙත් නොකල හොත් අනාගත අවුරුදු 5 තුල අංශභග රෝගයට ගොදුරු වේ.

‍‍අංශභාග රෝගයේදී සිදු වන්නේ කුමක්ද?
මොළයට රුදිරය සැපයුම කිහිප ආකාරයකින් ඇනහිටීමට පුලුවන.
1. මොළ‍ෙය් ලේ නහරයක් තුල ලේ කැටි ගැසීම.(Thrombosis)
2. ශරීරයේ වෙන පෙදෙසක තිබූ ලේ කැටියක් ගැලවී රුධිරය මගින් පාවී අවුත් මොළයේ ලේ නහරයක් හිර කිරීම.(Embolism)
3. ‍‍ මොළ‍ෙය් රුධිර නාළයක් පැලීම.(Haemorrhage)
අංශභාග රෝගීන් බොහොමයකට රුධිර නාල කුඩාවීමක් හෝ අධික රුධ්ර පීඩනය හෝ තිබේ.සමහරකගේ ලේ නහර වල ව්‍යුහයේ විකෘති නිසා ලේ ගැලීම ඇතිවේ.
අංශභාග රෝගයට ලක් වීමට වැඩිපුර ඉඩ ඇත්තේ කාටද?
අධික රුධිර පීඩනයෙන් පෙලෙන්නන්ට
දියවැඩියා රෝගීන්ට
දුම්පානය කරන්නන්ට.



අංශභාග රෝගයට ප්‍රතිකාර කරන්නේ කෙසෙද?
අංශභාගයෙන් සුව වීමට බැරියයි බොහෝ දෙනා අතර වශ්වාසයක් තිබේ.මෙය වැරදිය.සමහර අංශභාග රෝගීන් සම්පූර්ණයෙන්ම සුව වේ.ලෙඩුන් විශාල ‍ෙකාටසකගේ සුලුවහයෙන් අත්පා වලංගු නැතිවේ.නමුත් මේ ලෙඩුනට තමුන්ගේ වැඩකටයුතු තමනට කරගත හැක.තවත් රෝගීකොටසක් අත්පා අවලංගු වී රෝගාතුර වේ.ඔවුනට අන්අයගේ ආධාර අත්‍යවශ්‍ය වේ.ප්‍රතිකාර වලින් රෝග නිසා ඇතිවන නුපුලුවන්කම් (Disabilities) අඩු කරගත හැක.
අංශභාග රෝගයේ හේතුව අනුව ප්‍රතිකාර වෙනස් වේ.ලේ කැටි සමහර අවස්ථාවලදී ඉබේම දියවී යාහැක.එසේ වුවත් බොහෝ විට වෛද්‍යවරු තව දුරටත් ලේ කැටි ඇතිවීම වැලැක්වීම සදහා ඖෂධ නිර්දේශ කරති.මේ සදහා දිනකට ඇස්ප්‍රීන් (Aspirin) පෙති කාලේ සිට පෙත්තක් දක්වා (මිලිග්‍රෑම් 75 සිට 300 දක්වා)පාවිච්චි කල හැක.සමහර ‍රෝගීන්ට අංශභාගය ඇතිවූ මුලදීම ඇස්ප්‍රීන් දීමෙන් මොළයේ ලේ වැගිරීම තවත් වැඩිවිය හැක.මේගැන තීරණයක් කිරීමට ස්කෑන් පරීක්ෂණ (CAT scan) සමහර අවස්ථා වලදී යොදා ගනී.කලාතුරකින් විශාල ලේ කැටි ඉවත් කිරීමට හෝ ලේ නහර වල ඇති දුර්වලතා අලත්වැඩියා කිරීමට ශල්‍යකර්ම අවශ්‍යවේ.


පුණරුත්තාපනය
අංශභාග රෝගීන් පුණරුත්තාපනය කිරීමේ ප්‍රධාන මූළධර්‍මර්යක් වනුයේ ව්‍යයාමයි.අවලංගු වූ පේශීන් හා වලංගු පේශීන් යන දෙවර්ගයම මේ මගින් ශක්තිමත් වේ.කතා කිරීමේ දුර්‍වලතා ඇති රෝගීන්ටද ප්‍රතිකාර ක්‍රම ඇත.(Speech Therapy).කෑම ගැනීම හා ඇදුම් ඇදීම වැනි දේ කිරීමට නැවත ඉගෙන ගැනීමට සිදුවේ.
අංශභාග රෝගය නිසා අත්පා පණ නැතිවූ අයද උත්සහකර හැකි තරම් දුරට ස්වාධීන වීමට තැත් කල යුතුය.රෝද පුටුවක් පාවච්චි කිරීමෙන් ඇදකටම ජීවිතය සීමා නොවේ. ව්‍යයාම, රෝගය සෑදී හැකි ඉක්මනින් පටන් ගත යුතුය.මෙ සදහා පවුලේ සාමාජිකයන්ගේ සහයෝගය හා උදව් දිගටම අත්‍යවශ්‍ය වේ.වෛද්‍යවරු මේ ගැන මග පෙන්වීමක් කලත් රෝගියා හා පවුලේ සාමාජිකයන් විසින් වැඩි වගකීමක් දරනු ලැබේ.


අංශභාග රෝගය වලක්වන්නේ කෙසේද?
· දිය වැඩියා රෝගය පාලනය කිරීම.
· අධික රුධිර පීඩනය පාලනය කිරීම.
· තරබාරු පුද්ගලයන් බර අඩු කිරීම.
· ව්‍යයාම ගැනීම.
· දුම්පානය නැවැත්වීම හෝ ඉන් වැලකීම.
· ඇස්ප්‍රීන් දිනකට මිලිග්‍රෑම් 75 සිට 300 අතර ප්‍රමාණයක් ගැනීම.මෙය වෛද්‍ය අවවාද මත කල යුතුය.


:love::love::D:D
 
  • Like
Reactions: sanddun