අංශභාගය

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    අංශය අභාග්‍ය කරවන අංශභාගය
    අංශභාගය බොහෝ විට මාරාන්තික නුවූවද ඇතැම් අය කරා එය පැමිණෙන්නේ පියවරින් පියවරටය. එලෙසම සමහර දෙනකුට අංශභාගය වැලඳෙන්නේ හිටිඅඩියේමය. සරලව කියන්නේ නම් හිටිඅඩියේ ක්ලාන්ත වී ඇද විටෙන අයකු එසේත් නැතිනම් සිරුරෙහි අවසඟ ගතියක් පැමිණ රෝහලට ගෙන යන අයකු රෝහලෙන් පිටතට පැමිණෙන විටෙක අංශභාග රෝගියකු බවට පත්විය හැකිය.

    එලෙසම සැත්කමක් වැරැදීමෙන් (මොළයේ ගෙඩියක් වැනි දෑ)ද අංශභාග තත්ත්වය වැලඳෙන බවත්, කෙමෙන් කෙමෙන් යම් රෝග ලක්‍ෂණ හරහා අංශභාගයට පත්වන බවත් අවසානයේ සිහිමූර්ඡා වීමෙන් වමනය යෑමෙන් අසාධ්‍ය තත්ත්වයට පැමිණෙන වගත් කිව යුතුය.


    මෙහිදී පළමුව රෝගියාගේ අවදානම් සහගත තත්ත්වය හොඳින් තේරුම් ගත යුතුය. වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර වීමෙන් පසුව බොහෝ විට ජීවිත අවදානමෙන් පමණක් නිදහස් වූ රෝගියා අවසඟ වූ අතපය සමඟින් ගිලන් තත්ත්වයට පත්වේ. එයට පසුව රෝගියා ආයුර්වේද ප්‍රතිකාරයන් වෙත යොමු කරවන්නේ නම් රෝගියා පිළිබඳව නිවැරැදි තතු වෛද්‍යවරයාට දිය යුතුය. මෙහිදී ප්‍රධාන වශයෙන් අංශභාගයට පැමිණීමට පළමුව රෝගියා පසුවූ රෝගී තත්ත්වය කුමක්ද? එය කුමන කාලයක සිට තිබුණු දෙයක්ද? රෝගියාගේ වයස, ස්වභාවය යන දෑ වඩා වැදගත් වේ.


    නියම කරන ඔෟෂධ වර්ග දීමේදී රෝගියාට ගිලීමේ පහසුව තිබේදැයි යන්න සැලකිලිමත් විය යුතුය. හොඳින් කාර්යක්‍ෂමව සිට හිටිඅඩියේ එක්තැන්වූ රෝගියාගේ මානසික තත්ත්වයද මෙතැනදී සලකා බැලීම වැදගත් වේ.


    රෝගියාගේ ආහාර පිළිබඳව සැලකිලිමත් වීමේදී තෙල් අධික ආහාර රෝගියාට නොදීම, ජීර්ණයට අපහසු ආහාර නොදීම, ලුණු සහ සීනි මඳ වශයෙන් දීම, පෝෂ්‍යදායී සමබල ආහාර වේලක් රෝගියා වෙනුවෙන් පිළියෙල කිරීම වඩාත්ම වැදගත්ය.


    ඔෟෂධ භාවිතයේදී නිෂ්පාදිත ඔෟෂධ වර්ග මෙන්ම කෂාය වර්ගද රෝගියාට අවශ්‍ය වේ. කෂාය සඳහා ගන්නා ස්වාභාවික කෘමි නාශකවලින් තොර විය යුතුය. කෂාය සඳහා එක්කර ගන්නා දෑ අලුතින් නෙළාගත් සහ කපා කොටාගත් දෑ වීම තවත් විශේෂයකි. එවැනි දෑ වෙළෙඳපොළෙන් ලබා ගැනීම කළ හැකි වුවද එම ද්‍රව්‍ය බෙහෙත් සරක්කු සහ පුස් වර්ග නොමැති ඒවා වීම යහපත්ය. එසේ නොවුවහොත් ඔෟෂධීය වර්ගවල රැඳි අපද්‍රව්‍ය හේතුවෙන් රෝගියා වෙනත් රෝගාබාධයනටද බඳුන් විය හැකිය.


    වෛද්‍ය උපදෙස් පැතීමේදී රෝගියාගේ සුවය ප්‍රමාදය කියා නිතර නිතර වෛද්‍යවරුන් මාරු කිරීම නොකළ යුතුය. අංශභාගය වෙනත් රෝගයන් සේ ඉක්මනින් සුව නොවන අතර බොහෝ විට අංශභාගය ඉතාම සෙමෙන් සෙමෙන් සුවවන්නක් බව ස්ථිරව කිව හැකිය.


    අංශභාග රෝගියකුට උවටැන් කිරීම පහසු නොවුණත් රෝගියාට ඉතාම සැලකිල්ලෙන් සහ කැපවීමෙන් එය කළ යුතුය. ශාරීරිකව වගේම රෝගියාව මානසිකවත් හොඳ සුවතාවකින් තැබීම රෝගියාගේ රෝගී භාවයට අපමණ සුවයකි.

    උපදෙස්
    සර්වාංග ආයුර්වේද වෛද්‍ය
    අනෝමා කුමාරි වීරසූරිය
    මැල්සිරිපුර
    0713566204
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි බෙදා ගත්තට රෙප් ++