එක එක්කෙනා දරන්නේ තමන් හරි යයි තමන්ට බොහෝ කලක සිට තමන්ගේ සිරුරේ ලේ හා බද්ධ කර ගනිමින් හා ආදේශ කර ගනිමින් සිටිනා මතවාදයන් හා සිතනා කෝණයේ සිට බැලීමෙන්..මමත් එහෙමයි..මාවත් ඉන් අයින් කරලා ගන්න බෑ..
ඔය සුවිශේෂි වෙනස මං දකින විදිහට මුලින්ම අපි, අපි තුලම සිදු විය යුතු හා සිදු කර ගත යුතු වෙනසක්......
ඉන් එහාට දෙගොල්ලන්ටම රඟපාන්න භූමිකා නැති වේදිකා නාට්‍යයක් වගේ කියලයි මට හිතෙන්නේ.. භූමිකා රඟ නොදැක්වෙන වේදිකාවකින් ඇති ඵලය කුමක්ද??ලස්සන සැරසිලි අතරේ අන්ද මන්ද වෙනවා හැරෙන්න..
ලෝකයේ ඕනෑම දියුනු රටක ඕනෑම සමාජ ක්රමයක යුද්ධයකින් පස්සේ පශ්චාත් ඵල විපාක වශයෙන් ඇතිවෙලා තියෙන්නේ කන්න බොන්න අඳින්න නැති දහස් ගනන් ජනයා සාගතයෙන් හා ලෙඩ රෝගවලින් බැලූ බැලු අත මියැදීමයි..ඉන් පස්සේ තමයි යුද්ධ කල රටවල් හෙමින් හෙමින් අද තියෙන තත්ත්වයට ඔවුනටම ආවේනික වු කඳවුරු තුල (ප්රජාතන්ත්රවාදී හෝ සමාජවාදී) ගොඩ නැගිලා තියෙන්නේ...
ඔය කියන යුද්ධයේ අවාසි උතුරට වගේම දකුනටත් තිබුනා. අපි එක පැත්තකට තරාදියේ බර දාලා කිරුවොත් ඒ පැත්ත විතරනේ බර වැඩි වෙන්නේ..අපි සම තුලිතව හැම ජාතියක්ම..හැම ජීවියෙක්ම අපේ මහ පොලොව තුල පහුගිය අවුරුදු 30-40 තුල විඳපු කාලකන්නි කාල පරාසය නැවත ගොඩ නොනැගෙන තැනට අපි ඔක්කොම මතවාද දුරලා කටයුතු කරමු..මතවාද කරපින්නාගෙන එකිනෙකාට බැණ අඬ ගසා ගැනීම අපි දැන් අවුරුදු 30-40 කාලය පුරාවට කරන දෙයක්නේ..තවම බැරි වුනානේ අපිට අපේම කියල ජාතික මතවාදයක් රට තුල ගොඩ නගා ගන්න....
එය කරන්නේ කෙසේදැයි කියා යමෙක් විමසනවානම් මෙහි නිර්මාන කරුවා ඊට අල්ප වශයෙන් ජාතීන් අතර සමානාත්මතාවයට කරුණු ගෙන හැර පා තිබුනත් ඉන් එහා ගිය අද දවසට අපි හොයමින් සිටිනා සමාජ ව්‍යුහය වෙනස් කල යුතු අන්දම හා එහි පියවරයන් ජාතික වශයෙන් අප තුලටම ආරෝපනය කොට ගත හැක්කේ කෙසේදැයි මදක් පැහැදිලි කොට දැක්වුවානම් මෙය මීට වඩා විශිෂ්ඨ නිර්මානයක් වෙන්නට තිබුනු බවයි මගේ හැඟීම..
කොහොමත් උඹගෙ නිර්මාන ශක්‍යතාවයට මගේ සහෝදර ආචාරය...
මේ මෙහෙවරේ අවසානයක් දකින තුරු අපි සැවොම එක්වී අපේ රටේ හැම පරම්පරාවකටම නිවහල් දේශයක් සකසා දෙනු වස් ඊට හා එතැනට විසඳුම් සොයමු...