අඑත් පොරෙන්දු

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඔබට
    කිසිකලෙක
    මෙ ඩනවාර්ගික ගැටලුවෙන්
    කිසිකෙනෙක් අහිමි වී ගොස් නැත
    කකුල් උඩදා
    එනිසාම ඔබ යුද්ධය රසවිදිය හැක
    තුවාලය ඇති එකා
    ජිවිතාන්තය දක්වා හඩනු ඇත
    කදුලට තොප ගාව ඇත්තේ
    උණ්ඩයක් මිස
    සහෝදර දෑත් නමි නොවන බව
    මම දනිමි
    තොපගේ දඩයමට
    මා බිල්ලක් නොවනු ඇත
    මගේ මවි මෙන්
    මගේ පියා මෙන්

    රිදුණු තැන්වලින් තවම ලේ ගලන
    මම
    අරවින්දන්


    කතාවට තම ජාති ආලය ඉහටත් උඩින් ඇති සිංහල ජාතියේ එකකු වුනත් උබේ අදහස් විශිශ්ටයි සහෝ....

    ආයෙමත් ජාති ආලය උපදවගෙන ප්‍රබාකරන් කෙනෙක් ඉපදින කන් බලා ඉන්න සිංහල ජාතිකයින් අතර උබ වැන්නන් සිටීම ජාතිය ලැබූ වාසනාවකි.

    මටත් කරන්න පුළුවන් ඔබව අගය කරන්න විතරයි......වෙන ඉතිං මම මක් කරන්නද...
     

    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    අරවින්දට අරවින්දගේ විදිහට අදහස් ප්රකාශ කරන්නට ඉඩ දෙමු….
    ප්රශ්න තියෙනවා නම් ඒවා තාර්කිකව විසදා ගන්නබලමු….
    මොනවා උනත් අපිට තියෙන දේවල් වලින් ලක්ශයෙන් පන්ගුවක්වත් උතුරු නැගෙනහිර මිනිස්සුන්ට නැහැ..
    කවුරු හරි ඒක බොරු කියනවනම් මට පුලුවන් ඒක ඔප්පු කරන්න..
    මොකද මම මේ දවස් වල ඉන්නේ එහේ..
    අකුරක් ලියන්න පැන්සලක්, පොතක්, අඩුගානේ රබර් සෙරෙප්පු දෙකක් නැති අසරන පොඩි එවුන් එහේ ටකරන් මඩු වල අපි වගේ කුලල් කා ගන්නේ නතිව යසට ඉගෙන ගන්නවා..
    මෙන්න එක උදාහරනයක්..


    මේක ගත්තෙ මඩකලපුවෙ පනිච්චන්කර්නි මහ විද්යාලෙදි..
    jg7hp0.jpg


    කවිය විශිස්ටයි අරා…
     

    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    තමන්ගේ නම වෙනස් කරන් හැගීම් වෙනස් කලත් උප්පත්තිය වෙනස් කරන්න පුළුවන්ද අරා ? :rolleyes:

    මිනිසුන් කියන දෙය නොව ඔවුන්ගේ ක්‍රියාවෙන් ඔවුන්ව තිරණය කරන්න යැයි සාත්‍රේ පවසා ඇත.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    එක එක්කෙනා දරන්නේ තමන් හරි යයි තමන්ට බොහෝ කලක සිට තමන්ගේ සිරුරේ ලේ හා බද්ධ කර ගනිමින් හා ආදේශ කර ගනිමින් සිටිනා මතවාදයන් හා සිතනා කෝණයේ සිට බැලීමෙන්..මමත් එහෙමයි..මාවත් ඉන් අයින් කරලා ගන්න බෑ..

    ඔය සුවිශේෂි වෙනස මං දකින විදිහට මුලින්ම අපි, අපි තුලම සිදු විය යුතු හා සිදු කර ගත යුතු වෙනසක්......

    ඉන් එහාට දෙගොල්ලන්ටම රඟපාන්න භූමිකා නැති වේදිකා නාට්‍යයක් වගේ කියලයි මට හිතෙන්නේ.. භූමිකා රඟ නොදැක්වෙන වේදිකාවකින් ඇති ඵලය කුමක්ද??ලස්සන සැරසිලි අතරේ අන්ද මන්ද වෙනවා හැරෙන්න..

    ලෝකයේ ඕනෑම දියුනු රටක ඕනෑම සමාජ ක්‍රමයක යුද්ධයකින් පස්සේ පශ්චාත් ඵල විපාක වශයෙන් ඇතිවෙලා තියෙන්නේ කන්න බොන්න අඳින්න නැති දහස් ගනන් ජනයා සාගතයෙන් හා ලෙඩ රෝගවලින් බැලූ බැලු අත මියැදීමයි..ඉන් පස්සේ තමයි යුද්ධ කල රටවල් හෙමින් හෙමින් අද තියෙන තත්ත්වයට ඔවුනටම ආවේනික වු කඳවුරු තුල (ප්‍රජාතන්ත්‍රවාදී හෝ සමාජවාදී) ගොඩ නැගිලා තියෙන්නේ...

    ඔය කියන යුද්ධයේ අවාසි උතුරට වගේම දකුනටත් තිබුනා. අපි එක පැත්තකට තරාදියේ බර දාලා කිරුවොත් ඒ පැත්ත විතරනේ බර වැඩි වෙන්නේ..අපි සම තුලිතව හැම ජාතියක්ම..හැම ජීවියෙක්ම අපේ මහ පොලොව තුල පහුගිය අවුරුදු 30-40 තුල විඳපු කාලකන්නි කාල පරාසය නැවත ගොඩ නොනැගෙන තැනට අපි ඔක්කොම මතවාද දුරලා කටයුතු කරමු..මතවාද කරපින්නාගෙන එකිනෙකාට බැණ අඬ ගසා ගැනීම අපි දැන් අවුරුදු 30-40 කාලය පුරාවට කරන දෙයක්නේ..තවම බැරි වුනානේ අපිට අපේම කියල ජාතික මතවාදයක් රට තුල ගොඩ නගා ගන්න....

    එය කරන්නේ කෙසේදැයි කියා යමෙක් විමසනවානම් මෙහි නිර්මාන කරුවා ඊට අල්ප වශයෙන් ජාතීන් අතර සමානාත්මතාවයට කරුණු ගෙන හැර පා තිබුනත් ඉන් එහා ගිය අද දවසට අපි හොයමින් සිටිනා සමාජ ව්‍යුහය වෙනස් කල යුතු අන්දම හා එහි පියවරයන් ජාතික වශයෙන් අප තුලටම ආරෝපනය කොට ගත හැක්කේ කෙසේදැයි මදක් පැහැදිලි කොට දැක්වුවානම් මෙය මීට වඩා විශිෂ්ඨ නිර්මානයක් වෙන්නට තිබුනු බවයි මගේ හැඟීම..

    කොහොමත් උඹගෙ නිර්මාන ශක්‍යතාවයට මගේ සහෝදර ආචාරය...

    මේ මෙහෙවරේ අවසානයක් දකින තුරු අපි සැවොම එක්වී අපේ රටේ හැම පරම්පරාවකටම නිවහල් දේශයක් සකසා දෙනු වස් ඊට හා එතැනට විසඳුම් සොයමු...
     
    Last edited: