අක්කර 82ක නුවරඑළිය තුරග තරග පිටිය විකුණයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අක්කර අසූ දෙකකින් යුත් නුවරඑළිය තුරඟ තරඟ පිටිය ක්‍රීඩා සමාජයකට විකුණා දැමීමට සුදානමක් ඇති බව සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ සේවක සංගමය සඳහන් කරයි.

    ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් නුවරඑළිය තුරඟ තරඟ පිටියේ නඩත්තු කටයුතු කරනු ලබන්නේ සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය විසිනි.

    2017 වසරේ සිට එම නඩත්තු කටයුතු වෙනුවෙන් සුගතදාස ක්‍රීඩා අධිකාරියට ගෙවිය යුතු රුපියල් කෝටි ගණනක මුදලක් මේ වන විට ගෙවීම පැහැර හැර ඇති බවද ඔවුන් කියා සිටියි.

    එවන් තත්ත්වයක් යටතේ අක්කර 82 ක ඉඩම හා තුරඟ තරඟ පිටිය ඇතුළු සියල්ලම දැනට එහි මෙහෙයුම් සිදුකරන ක්‍රීඩා සමාජයටම විකුණා දැමීමට උත්සාහයක් ඇති බවද ඔවුන් පවසති
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    අරලිය කාරයට විකුනලා
    සුදු පාට පෙට්ටියක් වගෙ තව හොටෙල් එකක් ගැහුවා නම් හරි....
     
    • Like
    Reactions: NRTG

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අරලිය කාරයට විකුනලා
    සුදු පාට පෙට්ටියක් වගෙ තව හොටෙල් එකක් ගැහුවා නම් හරි....
    They already have a hotel close by
     
    • Like
    Reactions: NRTG