රට ඉවරෙටම ඉවරයි

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    භීෂණය සහ ඝාතනය රට පුරාම වෙලා ගත්තේය. ඝාතන සංස්කෘතියේ පුරෝගාමීන් නිරුපද්‍රිතව සිටියදී ඔවුන්ගේ මනදොල සපුරාලමින් සැණකෙලිද, බලි බිලිද අඩු නොවීය. ආරක්ෂක අංශ, ගෝනි බිල්ලෝ සමඟින් දඩයම් සොයා ඉගිල ගියහ. රටපුරා තැන් තැන්වල මිනී කඳු ගොඩ ගැසිණි. වධකාගාර තැන තැන ඇරඹිණි. ජවිපෙ දෙවන කැරැල්ලේදී වධකාගාර වල දුක්විද සිය ගණනින් නොව දහස් ගණනින් මිය ගියෝය. ඔවුන්ගේ සිරුරු පුළුස්සා හෝ ගංගාවල පා කර හරින ලදී. වධකාගාර ස්ථාපිත වූයේ රජයේ ආයතන, කුළියට ගත් පෞද්ගලික නිවාස, පොදු ස්ථාන සහ නිවාස සංකීර්ණයන්හිදීය.

    කොළඹින් පිට ප්‍රචලිත වධ කඳවුරු පිහිටියේ....


    1. මාතර එළියකන්ද,
    2. පැලවත්ත,
    3. ඇඹිලිපිටිය ජාතික පාසල ඉදිරිපිට මහවැලි නිල නිවාස,
    4. කළුතර සොරණාතොට වත්ත,
    5. ගාල්ල වලව්වත්ත,
    6. අගුණුකොලපෑලැස්සේ ප්‍රජා ශාලාව,
    7. මැදිරිගිරිය ඒකනායක,
    8. දඹුල්ලේ පැල්වෙහෙර රජයේ ගොවි‍පල,
    9. බදුල්ලේ හාලිඇල මෝටර්ස් ගරාජය,
    10. හලාවත පොල්වත්ත,
    11. වැලිගම කඳවුර,
    12. මාතර තලල්ලේ කම්කරු වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය,
    13. ගාල්ල හිල්ටොප්,
    14. ගාල්ල ‍කොටිගල,
    15. කරන්දෙනිය උණගස්වල,
    16. කළුතර බෝඹුවල,
    17. මොණරාගල සියඹලාන්ඩුව අම්පාර 4 කනුව අසල මුතුකණ්ඩි ව්‍යාපෘති කාර්යාලය,
    18. පොල්ගොල්ල සමූපකාර විද්‍යාලය,
    19. බතීගම වත්ත,
    20. කෑගල්ලේ වික්‍රමසිංහ බංගලාව,
    21. හපුතලේ බෙරගල සමර් ‍ෆැසන් ඇඟළුම් කම්හල,
    22. නුවරඑළිය පුරහළ,
    23. පල්ලකැලේ කඳවුර අසළ ග‍ඟෙන් එ‍ගොඩ සියඹලාගස ඉදිරිපිට වර්තමානයේ හෝටලයක් ඉදිකර ඇති ස්ථානය,
    24. කුරුණෑගල වැහැර,
    25. ලිදුළ තේ කම්හල ආදී ස්ථාන කිහිපයකමය.


    කොළඹ සහ ඒ අවට ප්‍රකට වධකාගාර පිහිටියේ...

    1. කොළඹ යටාරෝ කැෆ්ටේරියාව,
    2. කොළඹ තුම්මුල්ල,
    3. කොළඹ රේස්කෝස් පිටිය,
    4. බියගම සපුගස්කන්දේ බටලන්ද,
    5. බත්තරමුල්ලේ සෙත්සිරිපාය,
    6. ඔරුවල වානේ සංස්ථා පුහුණු ආයතනය,
    7. කොළඹ සරසවි නීති පීඨය,
    8. කොළඹ ටොරින්ටන් සහ ග්‍රෙගරි පාරේ කාර්යාල,
    9. කැලණි සරසවියේ ක්‍රීඩාගාරය,
    10. මත්තේගොඩ කඳවුර,
    11. මීරිගම යොවුන් නිකේතනය,
    12. පෑලියගොඩ පට්ටිය හන්දිය,
    13. කැස්බෑව,
    13. දෙමටගොඩ හරක් මඩුව,
    14. බොරැල්ල කනත්ත,
    15. මොඩර් ෆාම්පාරේ ‍ගොල්ෆ් පිටිය,
    16. ජයවර්ධනපුර නේවාසිකාගාරය,
    17. ජයවර්ධනපුර සරසවියේ කළමනාකාර ගොඩනැගිල්ල,
    18. හැව්ලොක් ටවුන් හෙන්ද්‍රි ප්‍රේදිරිස් ක්‍රීඩා මණ්ඩපය,
    19. මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩා මණ්ඩපය,
    20. කැලණියේ පට්ටිය හන්දියේ බිලියඩ් ශාලාව වැනි ස්ථානවලය.


    මෙම දුක්මුසු වධකාගාර නාටකයේ හද කම්පා කරවන එක් ආන්දෝලනාත්මක ජවනිකාවක් වූයේ බටලන්ද වධකාගාරයයි. එය පිහිටියේ ගමිපහ දිස්ත්‍රික්කයේ බියගම මැතිවරණ කොට්ඨාශයේ බටලන්ද පිහිටි අක්කර 20ක පොල් ඉඩමකය.


    ශ්‍රී ලංකාවට අවශ්‍ය පොහොර ශ්‍රී ලංකාවේම නිෂ්පාදනය කිරීම සදහා රාජ්‍ය පොහොර සංස්ථාව පිහිටවූ අතර ඒ සඳහා අවශ්‍ය යූරියා නිෂ්පාදන යන්ත්‍රාගාරයක් ස්ථාපනය කිරීම බ්‍රිතාන්‍යයේ කොලොන් සමාගමට පවරන ලදී. ඒ අනුව සපුගස්කන්දේ පිහිටි භූමියක් තෝරාගත් අතර විදේශීය කාර්මික විශේෂඥයින් සෑහෙන කලක් ශ්‍රී ලංකාවේ සිටිය යුතු බැවින් බටලන්ද නිවාස යෝජනා ක්‍රමය බියගමදී ඉදිකරන ලදී.

    සපුගස්කන්ද පොලිස් ස්ථානය, කිරිබත්ගොඩ බියගම මාර්ග‍යේ පිහිටා ඇති අතර එම හන්දියෙන් හැරී කිලෝමීටර් 2ක් යන විට බටලන්ද ගම හමුවේ. බටලන්ද නිවාස යෝජනා ක්‍රමය පිහිටා ඇත්තේ එහිය. මෙයට සාදා ඇති විවිධ වර්ගයේ නිවාස ඒකක 64ක් අයත්ය. කාර්යාල සංකීර්ණයක්, සමාජ ශාලා ගොඩනැගිල්ලක් සහ පිනුම් තටාකයක්ද එහි විය.

    මානව සංහතිය මුහුණ දුන් බිහිසුණු කුරිරු රංගනයක යෙදුණු බටලන්ද වධකාගාරයේ ම්ලෙච්ඡ ජවනිකා ක්‍රමයෙන් අනාවරණය වන්නට විය. ඝාතකයින්ට දේශපාලනයේ අනුග්‍රහය ලැබෙද්දී එහි දුගඳ කැළණි මිටියාවත හරහා තන බිම් ඔස්සේද පැතිරිණි. ජනතා‍වගෙන් වසා තබන්නට වෑයම්කල රහස් සොබා දහමේ හාස්කමකින් මතු වූයේ පුදුමයක් මෙනි. ඒ බටලන්ද වධකාගාරයේ සිටි කිහිප දෙනෙක් එළියට පැන යාමෙන් පසු කල හෙළිදරව්වන් සහ නෛතික ක්‍රියාමාර්ගයන් නිසාය.

    බටලන්ද වධකාගාරයේ ප්‍රධාන සැකකරුවෙක් වූයේ කැළණිය කොට්ඨාශයේ ‍සහකාර පොලිස් අධිකාරි මෙහෙයුම් ලෙස කටයුතු කරමින් එයට නායකත්වය දුන් ඩග්ලස් පීරිස්ය. විභාගයෙන් අසමත්වීම හේතුවෙන් 1990 වනවිට පීරිස් සිටියේ ස්ථීර නොකල සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙසය. ජේෂ්ඨ පොලිස් අධිකාරි නලීන් දෙල්ගොඩ විසින් 1989 නොවැම්බර් 25වැනිදා පොලිස් අධිකාරි තනතුරකට ඩග්ලස් පීරිස් උසස් කරන ලෙසට නිර්දේශ කරන ලදී. එයට ‍හේතු ලෙස ලිපියේ දක්වා තිබුණේ ජවිපෙ දෙවනි කැරැල්ල පැවති කාලයේ එය ඉදිරියට යෑම වැලැක්වීමටත් කඩාකප්පල්කාරින් ඉවත්කොට දැමීමට වගකිවයුතු වන දේ සිදුකල යුතු බවය.

    මෙම පත්වීමෙන් පොලිස් නිලධාරින් 130 දෙනෙකු ඉක්මවා ඔහු‍ ජේෂ්ඨත්වයෙන් ඉහළ නැංගේය. පොලිස් සේවයේ එතෙක් සිදුකරන ලද දිගම දුර පැනීම එය විය.

    මෙහිදී ඉවත්කොට දැමීම යනුවෙන් අදහස් කළේ මනුෂ්‍ය ඝාතන සිදු කිරීමය. මෙම මනුෂ්‍ය ඝාතන හදුන්වනු ලැබුවේ 55එෆ්.එෆ් මරණ යනුවෙනි. අදාළ වචනයන්හි සාමාන්‍ය තේරුම නැතිකර දමනවා හෝ මරණයට පත්කිරීම බව ඩග්ලස් පීරිස් පිළිගත්තේය.

    ඉවත් කොට දැමීම යනු අධිකරණ ක්‍රමයෙන් බාහිරව කඩාකප්පල්කාරින් ඝාතනය කිරීම බව එවකට සිටි පොලිස්පති අර්නස්ට් එඩ්වඩ් පෙරේරා කොමිසමේදී පිළිගත්තේය. සිරුරු මත ටයර් දමා ගිනි තැබීම හැදින්වුයේ ටයර් සෑයවල් යන නමිනි.

    ඩග්ලස් පීරිස් හදිසියේම අතුරුදහන්ව කොමිසම ඉදිරියට පසුව ආවේ නැත. ඔහු තල්පාවිල විදාන කංකානම්ගේ විමලසේන නමින් ව්‍යාජ ගමන් බලපත්‍රයකින් 1996 ජුලි 20වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ස්විස්ලන්තයට පැන ගියේය. කොමිසම හමුවේ සාක්කි දීමට පොලිස් පරික්ෂක පී. නිශ්ශංක කැඳවීමට ටික වේලාවකට පෙර නිශ්ශංක තමාටම වෙඩි තබාගෙන සියදිවි හානිකර ගත්තේය.

    කොමිසන් වාර්තාවේ ප්‍රකට ලෙසින් හෙළිවන අය අතර සහකාර පොලිස් අධිකාරි
    ඩග්ලස් පීරිස්, සපුගස්කන්ද පොලිස් ස්ථානයේ කාර්යභාර්ය නිලධාරි වශයෙන් කටයුතු කල පොලිස් පරික්ෂක කිර්ති අතපත්තු, කැළණිය පොලිස් කොට්ඨාශයේ ජේෂ්ඨ පොලිස් අධිකාරියේ නලීන් දෙල්ගොඩ, කැළණියේ පොලිස් කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති වූ මෙරිල් ගුණරත්න, කැළණිය පොලිස් ‍කොට්ඨාශයේ කඩාකප්පල්කාරි ක්‍රියා මර්ධන ‍ඒකකයේ කාර්යභාර නිළධාරි රංජිත් වික්‍රමසිංහද, බියගම ආසනය නියෝජනය කල
    ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ යෞවන කටයුතු සහ රැකිරක්ෂා ඇමති රනිල් වික්‍රමසිංහ විය.

    නියෝජ්‍ය පොලිස්පති මෙරිල් පෙරේරාගේ සාක්ෂි අනුව රටේ පැවති තත්වය විශේෂ එකක් වූ අතර එය මැඩලීමට විශේෂ ක්‍රියාමාර්ග ගැනිමට සිදුවිය.

    පොලිස් කොට්ඨාශවල ප්‍රධාන පොලිස් ස්ථානයන්හි කඩාකල්පල් ක්‍රියා මර්ධන ඒකක පිහිටුවුයේ 1987දීය. නිලධාරින්ට සිවිල් ඇදුමින් සැරසී සිවිල් ලක්ෂණ දැරූ වාහන පවරාගෙන ගමන් කිරීමට බලය දෙනු ලැබීය.

    මෙම වාහන සමහරකට ලියාපදිංචි අංක නොතිබු අතර තිබු‍ණේ ගරාජ් අංක පමණි. මෙම කණ්ඩායම් සෝදිසි කණ්ඩායම් ලෙස හැදින්විණි. ඒවා
    ප්‍රා, කොළ කොටි, කළු බළල්ලු, කහ බළල්ලු, දිවි මකුළුවා යන නම්වලින් හැදින්විණි.

    ඒවායේ ප්‍රධාන කාර්යය වූයේ කඩාකප්පල්කාරින් අත්අඩංගුවට ගෙන විනාශ කිරීමය.


    කැබිනට් අමාත්‍ය සහ එජාප මන්ත්‍රී ජෝන් අමරතුංග කොමිසම හමුවේ කියා සිටියේ ඔහු තුළ පැවති විශ්වාසයනම් කළු බළල්ලු ශ්‍රී ලංකාවේ පොලිසියේම සංවිධානයක් බවය.

    ඔහුගේ කැබිනට් සගයින් වන රනිල් වික්‍රමසිංහ සහ ජෝෂප් මයිකල් එම අදහසට එකඟවීම ප්‍රතික්ෂේප කලහ. ඩග්ලස් පීරිස්ගේ නිවස ඉදිරිපිටවූ ආරක්ෂක නිළධාරින් සිටි නිවසේ බිත්තිවල කළු බළල්ලු යන වචනය ලියා තිබිණි.


    බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නිවාස 20ක් පමණ රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පිට වෙන්කරගෙන තිබිණි. කොමිසම පවසන පරිදි රනිල් වික්‍රමසිංහ, ඔහු‍ගේ ආරක්ෂකයින්, කාර්යාලය සඳහා ඉන් නිවාස 7 භාවිතා විය.

    සෙසු නිවාස පොලිස් නිළධාරින් සහ භටයන් සඳහා වෙන්විය. කාන්තා පොලිස් කොස්තාපල්වරියන් වූ පද්මිණී ප්‍රේමලතා, කාන්ති ප්‍රනාන්දු, සේපාලිකා යන අයද බටලන්ද සංවිධානමය ව්‍යුහය තුළ විය.

    බටලන්දේ නිවාස මුදාලන ලෙසට රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටින ලද්දේ ඩග්ලස් පීරිස් විසින් වන අතර එය ඔහු තම නිළධාරින්ට හිතුවක්කාරි ලෙස වෙන්කරදී තිබිණි.
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    එහිදී හෙළිවූ පරිදි සැකකරුවන් බටලන්දට ගෙන යන්නේ ඇස් වසා බැදගෙනය. පුද්ගලයින්ගේ හිස පහලට සිටින සේ එල්ලා සිටි අතර ඔවුන්ගේ සිරුරු අතරින් ලේ වැගිරෙනු දක්නට ලැබිණි. නිර්වස්ත්‍රකර අනුකම්පා විරහිතව පහරදුන් අතර,

    දෑස් වලට මිරිස් කුඩු දමා ඇගිලිවලට ඇල්පෙනිති කටුවලින් ඇන්නෝය.

    සෑම අවස්ථාවකදීම ඇස් වසා බැදි රෙදි පටිය සහ ඔහුගේ අත්පා බැදි දම්වැල ඉවත් කරනුයේ වැසිකිලියට යෑමේදී සහ ආහාර ගැනීමේදී පමණි. රැඳවුම්කරුවන්ට දිනකට දෙනු ලැබුවේ එක් ආහාර වේලක් පමණි. පෙරවරු 10ට දෙන එම කෑම බොහෝ අවස්ථාවල නරක්වී තිබිණි. කාමරයේ සිටින විට අත්පා බැදි දම්වැල ගෘහ භාණ්ඩයකට බැද තබා තිබුණි. පහරදීමේදී මිනිසුන් වේදනාවෙන් හඬනු දිගටම ඇසිණි. නිර්වස්ත්‍ර රැඳවුම්කරුවන් බිම වේදනාවෙන් කෙදිරි ගාමින් සිටියෝය. පහරදීම් නිසා ලේ ගලන තුවාල ඇතිවී තිබිණි. ඇතමෙකුට මුත්‍රා සමඟින් ලේ පිටවිය. අත් ඉහළට සිටින සේ සැකකරුවන් පොළවෙන් උස්සා වහලේ එල්ලනු ලැබීය. ඉන් පසු රැඳවියා පද්දන විට පුද්ගලයෝ ඔහුට පොලුවලින් පහර දුන්නෝය. වේදනාවෙන් කෑගසන විට කෑගැසීම වැලැක්විම පිණිස මුඛයට පාන්කඩ එබූ අතර පහරදීම යළි පටන් ගැනිණි.

    එම සාක්ෂිකරුවන් ‍බටලන්ද කොමිසම ඉදිරියේ තවදුරටත් පැවසූ පරිදි ඇතමෙකුගේ තුවාල පැසවා තිබූ අතර පැසූ තුවාලවල පනුවන් ගසා තිබිණි.

    අයකුගේ මුඛය පුළුස්සා තිබිණි. එමෙන්ම සැකකරුවෙක් දෑත් සහ දෙපා ධර්මචක්‍ර සංකේතයක් ලෙස බැඳ සැකකරු කරකවමින් පොලු කැබලිවලින් යටිපතුල්වලට පහරදී ධර්මවක්‍ර වධය පැමිණිම, දැල්වෙන දුම්වැටිවලින් පිලිස්සීම යන වධ ක්‍රමද ක්‍රියාත්මක විය.

    එමෙන්ම බටලන්දේ රැඳවියන් ගෝනි බිල්ලන් බවට පත්කර ගනිමින් මහා මාර්ගවලටද ජවිපෙ සැකකරුවන් සෙවීම සඳහා ගෙන යන ලදී. ඇතැම් සැකකරුවන්ට කිහිප වතාවක්ම ගැහැණු ඇදුම් අන්දවා බොරු කොණ්ඩයක් පළදවා සඟයන් පෙන්වන ලෙස කියමින් අවට නගරවල එහා මෙහා ගෙන ගියෝය. සෑම අවස්ථාවකම මෙම නිවාස වල රඳවා සිටි පුද්ගලයින් සංඛ්‍යාව 100කට අධිකය.

    පිටතට ගෙන ගිය අය ඉන් පසු නැවත නිවෙස් තුළට ගෙන ආවේ නැත. නිදහස්කල ඇතැම් රැදවියන් නිදහස් වී තිබුණේ රුපියල් 50,000ක පමණ මුදලක් ඔවුන් නම් කල අයෙකු වෙත රැඳවියන්ගේ ඥාතීන් විසින් ලබාදීමෙන් පසුවය.

    මානෙල්වත්ත විහාරයේ පලිපාන හිමි 1989 ජනවාරි 31වැනිදා අත්අඩංගුවට පත් අතර බටලන්ද නිවාසයේ රඳවා සිටින කාලයේ ඔහුගේ සිවුර ගලවා නිර්වස්ත්‍රව තබන ලදී. එම හිමියන්ට පයින් පහරදී පුළුස්සාද තිබිණි. පලිපාන හිමි කොමිසම හමුවේ පැවසූ පරිදි පහරදුන් එක් අයෙකු ‍වූයේ කොමිෂන් සභාව ඉදිරියට කැඳවූ අවස්ථාවේදී හදුනාගත් කාන්තා උප පොලිස් පරික්ෂක පද්මිණී ප්‍රේමලතාය. ‍


    ජවිපෙ සන්නද්ධ අංශය විසින් 1989 ජුලි 16 වැනිදා අළුයම 2.55‍ට සපුගස්කන්ද පොලිසියට පහරදී ආයුධ කිහිපයක් ගෙන ගිය අතර ප්‍රහාරකයින් දෙදෙනෙකු සහ පොලිසියේ තිදෙනෙකු මරමුවට පත්විය. එක් මියගිය ප්‍රහාරකයෙකු වූයේ සුමිත් පෙරේරා හෙවත් කළුවාය. පසුව සපුගස්කන්ද පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති රෝහිත ප්‍රියදර්ශන 1990 පෙබරවාරි 20 පස්වරු 8.30ට අතුරුදහන් විය.ඔහු‍‍ගේ සිරුර 1990 පෙබරවාරි 23වැනිදා සවස කැළණි නදියේ පාවෙමින් තිබියදී හමුවිය. ප්‍රියදර්ශනගේ සිරුරෙහි තනපුඩු 4ක් තිබීම හේතුවෙන් සිරුර හඳුනාගැනීම පහසුවිය. එවකට සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා වූයේ කීර්ති අතපත්තුය. අතුරුදහන් වීම් වලට විරෝධය පෑ ජාඇල පොලිසි‍යේ උප පොලිස් පරික්ෂක අජිත් ජයසිංහ 1990 පෙබරවාරි 24වැනිදා දෙමටගොඩ දුම්රිය හරස් පාර අසළදී ඩග්ලස් පීරිස්ගේ මෙහෙයවීමෙන් පැහැරගෙන ගොස් නීති විරෝධීව රඳවා ගන්නා ලදී.

    බටලන්දේ පැවති රැස්වීම් වලින් සාකච්ඡා කරනු ලැබූ කරුණු නීති විරෝධි ඒවා බව යමෙකුට එළබිය හැකි එකම නිගමනය වනු ඇතැයි කියා සිටි කොමිසම අවසර නොලත් රැස්වීම්වලදී කඩාකප්පල්කාරි මර්ධන කටයුතු සම්බන්ධයෙන් පොලිසියේ ක්‍රියා කලාපයට රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇතැයිද එබදු නියමයන් කිරීමට ‍නෛතික බලයක් නොමැති අතර ඒ සම්බන්ධයෙන් ඔහු තම බලය අයථා ලෙස පාවිචිචි කර ඇතැයිද කියා සිටියේය.

    ජවිපෙ ප්‍රචණ්ඩ ක්‍රියා රජයේ සංවිධානවල ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපෑ අතර තත්ත්වය කුමක් වුවත් වගකීමේ හැගීමෙන් යුත් රජයක් ඊට ප්‍රතිචාරය දිය යුත්තේ නීතියේ අධිපත්‍යයට සහ ආණ්ඩු කිරීම සිදුවිය යුත්තේ පිළිගත් වලංගු වන සම්මතයන්ට අනුකූලව බව කොමිසම අවධාරණය කර තිබිණි.

    මෙම කාල සීමාවේ පාලක පක්ෂයේ ඇතැම් දේශපාලකයෝ පොලිසියේ කටයුතු වලට ක්‍රියාශීලිව සහභාගිවූ අතර ඇතැම් අවස්ථාවක පොලිසියේ කටයුතු මෙහෙයවූ බවට සඳහන් වාර්තාව එම කාලයේ සිදුවූ කරුණු පිළිබදව බටලන්ද සිද්ධිය එක් නිදසුනක් බවද කොමිසම කියා සිටියේය.

    බටලන්ද කොමිසම අවසාන වශයෙන් කළ නි‍ර්දේශ අතර මෙයද විය. “ජේෂ්ඨ පොලිස් නිලධාරින් විසින් මෙන්ම එවකට රජයේ දේශපාලනඥයෙකු විසිනුත් මානව අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය නිරීක්ෂණය කොට ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයට පවරා ඇති අධිකරණ බලයත් එම අධිකරණය විසින් අධිකරණ බලය උචිත ලෙස ක්‍රියාත්මක කිරීමත් නොතකාම පෙරකී අයිතිවාසිකම් දඬුවම් විදීමට සිදුවන බියක් නොමැතිව පිට පිට උල්ලංඝනය කර තිබෙනු අපට පෙනී යයි. විධායකය නියෝජනය කරන යම් යම් පුද්ගලයින් විසින් මූලික මිනිස් අයිතිවාසිකම් දිගින් දිගටම උල්ලංඝනය කිරීමට එක් හේතුවක් නම් ඔවුන්ගේ හැසිරීම අප්‍රමාදව ක්‍රියාත්මක වන සහ උචිත දඬුවම්වල තරවටුවලට ලක් නොවිමය. පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් පිට පිටම උල්ලංඝනය කර ඇතැයි හඳුනා ගනු ලබන පුද්ගලයින්ගේ ‘ප්‍රජා අයිතිවාසිකම් අහිමි කිරීමේ’ ස්වරූපයෙන්වූ සුදුසු දඬුවම් එම පුද්ගලයින්ට පැවරීමට අවශ්‍ය අතිරේක අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරීම අපි ‍නි‍ර්දේශ කරමු.”

    බටලන්ද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව 1998 මාර්තු 27වැනිදා ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග වෙත භාරදෙන ලදී. වාර්තාව භාර දීම සදහා එදින පස්වරු 5.30ට වෙලාව ලබාදී තිබුණද ජනාධිපතිනිය පැමිණියේ පස්වරු 8.30ටය. කොමිසමේ සභාපති විනිසුරු ධර්මසිරි ජයවික්‍රම විසින් සංෂිප්ත විස්තරයක් මෙහිදී ඉදිරිපත් කරන ලදී.

    ජනාධිපතිවරුන් 6 දෙනෙක් විසින් වරින්වර ස්ථාපිත කරන ලද විශේෂ ජනාධිපති කොමිෂන් සභාවන්හි ලද ප්‍රගතීන් කුමක්දැයි කිසිවෙකු ඇසුවහොත් දිය හැකි පිළිතුර වන්නේ එම කොමිෂන් සභා සියල්ලම ඒවායේ නිර්දේශ ක්‍රියාත්මක නොකල හුදෙක් නාමමාත්‍රික සහ නෛතික බලයක් ක්‍රියාවට නොනැගූ දේශපාලන ඇස් බැන්දුම් පමණක් වන බවය. මෙම සෑම කොමිසමකම නිර්දේශ පිළිබදව අදාළ ජනාධිපතිවරුන් විසින් නීතියේ මුලික මූලධර්මයක් වන වගකීමට බැදි සිටීම හෙවත් වගවීම පිළිබද දැනුවත්ව හෝ නොදැනුවත්ව අත්හැර දමා ඇත්තේය.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ගාල්ල ‍කොටිගල
    අඩේ ගාල්ලේ කොටිගල කියන්නේ අපේ ගෙවල් කිට්ටුවමයි. එත් අද තමයි ඇහුවේ එකේ වදකාගාරයක් තිබ්බ කියල. ඕක කන්දක්, පට්ට කැලැවක් ඔය කාලේ හැබැයි.
     
    • Like
    Reactions: SLHodahitha

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    අඩේ ගාල්ලේ කොටිගල කියන්නේ අපේ ගෙවල් කිට්ටුවමයි. එත් අද තමයි ඇහුවේ එකේ වදකාගාරයක් තිබ්බ කියල. ඕක කන්දක්, පට්ට කැලැවක් ඔය කාලේ හැබැයි.
    kottawa kale ney thibba qyanne
     
    • Like
    Reactions: Kalegana

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    කුහක ජෙප්පො හිතුවේ ඩප්පි බෝම්බ ගහල විප්ලවයක් කරලා රට අල්ලගන්න.... දෙවෙනි කැරල්ල මුන් ගැහුවේ ජේ ආර් රනිල් කවුද කියලා නොදැන​

     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    කුහක ජෙප්පො හිතුවේ ඩප්පි බෝම්බ ගහල විප්ලවයක් කරලා රට අල්ලගන්න.... දෙවෙනි කැරල්ල මුන් ගැහුවේ ජේ ආර් රනිල් කවුද කියලා නොදැන​

    උන් දෙන්නම මිනීමරුවෝ කියල නොදැන. නේද?
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    උන් දෙන්නම මිනීමරුවෝ කියල නොදැන. නේද?
    ඔව් බන්. ජේවිපි උන් ඉට හපන් උනා. උන්ව මරණ්න මුන් ඉට වඩා හපන් උනා.

    හොදම වැඩේ කියන්නේ ඔක පක්ස දෙකම එන එන හැම ජනාදිපති කෙනෙක්ම ආරක්සා කලා. අන්තිමට බඩලන්දේ නඩුවෙනුත් කිසි හෙනයක් උනේ නැ එකෙක්ට වත්.

    අපරාදේ මැරුන මිනිස්සු ටික....


    diga wadi kiyawanna, ketiyen kiyapan moko seen eka kiyala
    පක්ස දෙකම එන එන හැම ජනාදිපති කෙනෙක්ම ආරක්සා කලා. අන්තිමට බඩලන්දේ නඩුවෙනුත් කිසි හෙනයක් උනේ නැ එකෙක්ට වත්.
    ------ Post added on Feb 15, 2023 at 7:16 PM
     
    • Like
    Reactions: hasithayad

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    උන් දෙන්නම මිනීමරුවෝ කියල නොදැන. නේද?
    ඒ වුනාට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මහත්මයෙක් කියලා. අන්තිමට බලනකොට ප්‍රභාකරන්ටත් එහා මිලේච්චයෙක්
     
    • Like
    Reactions: hasithayad