අක්මාවේ තෙල් තැන්පත් වීම (Fatty Liver) (ආයුර්වේදාත්මක පැහැදිලි කිරිම)

saturn

Well-known member
  • Mar 21, 2015
    4,638
    7,532
    113
    Around the world
    මුලින්ම අක්මාවේ ශරීර විද්‍යාත්මක ව්‍යුහය (Anatomical Structure ) සහ කාර්යභාරය සරලව විමසා බලමු..
    ⭐ අක්මාව ශරීරයේ උදර කුහරයේ දකුණු පසට වෙන්නට ,උරස් හා උදර කුහරය වෙන්වන සීමාවට පහළින් පිහිටා ඇත.
    ⭐ ශරීරයේ දෙවන විශාලතම ඉන්ද්‍රිය වේ.
    ⭐ නිරෝගී අක්මාව ත්‍රිකෝණාකාර, කිලෝග්‍රෑම් 1.5 ක් පමණ බර වන අතර රතු-දුඹුරු පැහැ වේ.
    ⭐ අක්මාව ශරීරයේ වැදගත්ම ඉන්ද්‍රියක වන අතර එයින් විශාල කාර්යභාරයක් සිදුවේ.
    👉 පරිවෘත්තීය ක්‍රියාවලට අවශ්‍ය හෝර්මෝන, ප්‍රෝටීන, ලවණ නිපදවීම.
    👉 ශරී⁣රයේ විෂ ද්‍රව්‍ය ඉවත් කිරීම.
    අක්මාව ආශ්‍රිතව බොහෝ රෝග තත්වයන් ඇති වුවත් අක්මාවේ නියමිත ප්‍රමාණය ඉක්මවා මේද තැන්පත් වීම පිළිබඳව සලකා බලනු ලැබේ...👇👇👇👇👇👇👇👇
    ⭐ අකමාවේ මුළු බර ප්‍රමාණයෙන් 5-10% ක පමණ ප්‍රමාණයක් මේද තැන්පත් වී තිබීම සාමාන්‍ය වේ.
    ⭐ මේ ප්‍රමාණය ඉක්මවා තෙල් තැන්පත් වීම Fatty Liver නම් වේ. බොහෝ අයට විවිධ මට්ටම්වලින් මෙම⁣ රෝගය ඇති බව සැලකෙන නමුත් ඒ බව ඔවුන් නොදනී.
    ⭐ අධික මත්පැන් පානය කිරීම සේ සඳහා ප්‍රධාන හේතුව වන අතර ,එසේ නොවන අයගේද දැන් මෙම රෝග තත්වය ඇතිවෙමින් පවතියි, එයට පහත හේතූන් බලපායි.
    👉 දියවැඩියාව
    👉 අතිස්ථූලතාවය
    👉 අධි රුධිර පීඩනය
    👉 රුධිරගත මේදය වැඩි වීම
    👉 උදර, තට්ටම් ආදී ස්ථානවල මේද ස්ථරය සඳහා සිදු කරන රූපලාවන්‍යමය සහ ශල්‍යමය ප්‍රතිකාර.
    👉 කාලීනව භාවිතා කරන ඖෂධ වර්ග
    ⭐ මෙම තත්වය කාන්තාවන්ට වඩා පිරිමින්ට සුලබ වේ.
    ⭐ මෙම රෝගයේදී ඇතැම් අයට රෝග ලක්ෂණ නොපෙන්වන අතර ඇතැමුන්ට
    👉 වෙහෙස නොවී වෙහෙස දැනීම.
    👉 ආහාර අරුචිය
    👉 බඩ පුරවා දැමීම, ඔක්කාරය.
    👉 උදරයේ අක්මාව ඇති ප්‍රදේශයේ කැක්කුම.
    ⭐ මෙම මේද තැන්පත් වීමේ ප්‍රමාණය අනුව අදියර තුනක් (Grade I, II, III) ය⁣ටතේ වර්ග කෙරෙයි.
    ⭐ රුධිර පරීක්ෂා සහ ස්කෑන් පරීක්ෂණ මඟින් මෙම තත්වය පිළිබඳව තහවුරු කරගත හැක.
    ⭐ මෙම මේද තැන්පත් වීම නිසි ප්‍රතිකාර, ව්‍යායාම සහ නියමිත ආහාර සහ විහරණ අනුගමනය නොකිරීමෙන් එක් අදියරක් තවත් අදියරකට පත්වීම සහ අවසනදී සිරෝසිස් තතවයට පත් වීම සිදු විය හැකිය.
    🔥 මෙම තත්වය වළක්වා ගැනීමට සිදු කළ යුතු දේ..
    👉 මත්පැන් සහ දුම් පානය නතර කළ යුතුය.
    👉 BMI අනුව ශරීරයේ බර පවත්වා ගැනීමට අදාළ ආහාර රටාවන් සහ ව්‍යායාම විධි අනුගමනය කළ යුතුය.
    👉 මාංශ වර්ග අනුභවය අවමකළ යුතුය.
    👉 ගැඹුරු තෙලේ බදින ලද ආහාර , සංතෘප්ත මේද වර්ග අඩංගු ආහාර වලින් වැළකිය යුතුය.( ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, ඩෙවල් වර්ග, සෝස් වර්ග)
    👉 කේක් පුඩිං සහ වටලප්පන් වර්ග, අයිස් ක්‍රීම්, සියළුම කිරි ආහාර වර්ග
    👉 සීනි සහ පැණි රස ආහාර භාවිතය අවම කළ යුතුය.
    👉 සුදු සහල් බත් සහ බේකරි ආහාර(පාන් පිටි නිෂ්පාදන ආහාර) අවම කළ යුතුය.
    👉 ආහාර දිරවීමට ඍජුවම බලපාන මානසික සාධක වන ක්‍රෝධ, ඊර්ෂ්‍යාව , ශෝක, කාංසා වැනි මනෝභාවයන් ගෙන් මිදිය යුතුය.
    👉 ප්‍රමාණවත් රාත්‍රී නින්දක් ලැබිය යුතුයි. (රාත්‍රී වේලාසන නින්දට යාම සහ උදෑසන කලින් අවදි වීම.)
    👉 දිවා කාලයේ නිදා ගැනීමෙන් වැළකිය යුතුය.
    🔥 සුදුසු ආහාර සහ පාන වර්ග
    ============================
    ⭐ හීනටි, සුවඳැල්, මඩතවාළු, පච්චපෙරුමාල් වැනි සහල් වර්ග පරිභෝජනය ඉතා සුදුසුය.
    ⭐ හීන් බෝවිටියා, පිටවක්කා, යකිනාරං, මොණරකුඩුම්බිය කොළවලින් , ඉහත සහල් යොදා පිසින කැඳ ඉතා සුදුසුය.
    ⭐ ගොටුකොළ, සාරණ, කිරිහැන්ද, කිරිඅගුණ, තම්පලා, මුගුණුවැන්න,ගිරාපළා ආදිය ආහාරයට එක් කර ගැනීම ඉතා සුදුසුය.
    ⭐ රාත්‍රී ආහාරයට වැටකොළු, පතෝල, කැකිරි, පිපිඤ්ඤා, බණ්ඩක්කා , ගෝවා වැනි එළවළු වර්ග අමුවෙන් සහ තම්බා ආහාරයට ගැනීම ඉතා සුදුසුය.
    ⭐ පැළ මුං සකස් කර සම්බෝල ලෙස ,ව්‍යංජන ලෙස ගැනීම සුදුසුය.
    ⭐ තේ, කෝපි වෙනුවට රණවරා, බෙලිමල්, කොත්තමල්ලි තම්බා පානය ඉතා සුදුසුය.
    ⭐ සුදුළූණු සහ උළුහාල් තම්බා බීම ඉතා සුදුසුය.
    🔥 අක්මාගත මේද තත්වය සඳහා ආයුර්වේද ප්‍රතිකාර 🔥
    ⭐ ඇතැම් අය BMI තුළ සිටියත්, ශරීර ප්‍රමාණයෙන් කෙසඟ වුවත් මෙම තත්වයෙන් පෙළිය හැකිය.
    ⭐ ⁣මෙම තත්වය පළමු අවස්ථාවේ පවතී නම් ආහාර රටාව සහ ව්‍යායාම මඟින් සුව කරගත හැකිය.
    ⭐ වර්තමාන කාලයේ ඉතා ජනප්‍රිය හීන් බෝවිටියා කැඳ හෝ කොළකැඳ පානයෙන් පමණක් මෙම රෝගයේ තුන්වන අදියර සුව කර ගැනීම සිදු කරගත නොහැක.
    ⭐⭐⭐ දෙවන සහ තුන්වන අවස්ථාවන් සඳහා නිසි රෝග පරීක්ෂාවක් සිදුකර, නිසි ආහාර විහරණ රටා සහිතව ආයුර්වේද ඖෂධ ලබා ගැනීමෙන් සති 3-6 ක කාලයක් තුළ සම්පූර්ණ සුවය ලබා ගත හැකිය.
    ස්තූතියි. 🙏🙏🙏🙏
    වෛද්‍ය එරංග සම්පත් අලහකෝන්
    BAMS (කැලණිය විශ්වවිද්‍යාලය )
    ===============
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    2,717
    3,310
    113
    Kandy
    හීං බෝවිටියා කැඳ, මොනර කුඩුම්බිය කැඳ, යකි නරං කොල කැඳ හොඳයිලු
     
    • Like
    Reactions: SupiriKollek

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    11,723
    36,587
    113
    Homagama

    ආයුර්වේද කිව්වට, ලෙඩේ හදුනාගන්න වෙන්නෙත් බටහිර බටහිර කියලා තුන්වේලටම බනින ක්‍රමවේදයි උපකරණයි පාවිච්චි කරලා. 🫢🫢🥱

    ලෙඩේ හොයාගන්නනවත් ක්‍රමයක් තාක්ෂණයක් නැති වෙදකමකින් ... see more
     
    • Sad
    Reactions: C_S_M

    topkollek

    Well-known member
  • May 22, 2014
    37,923
    1
    50,936
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ⭐ මෙම මේද තැන්පත් වීමේ ප්‍රමාණය අනුව අදියර තුනක් (Grade I, II, III) ය⁣ටතේ වර්ග කෙරෙයි.
    ⭐ රුධිර පරීක්ෂා සහ ස්කෑන් පරීක්ෂණ මඟින් මෙම තත්වය පිළිබඳව තහවුරු කරගත හැක.
    ආයුර්වේද ☝️ :-D
     
    • Sad
    Reactions: C_S_M

    Similar threads