අක්‌කෙක්‌ එනවා ඔන්න නංගි ගෙට !

Thinking

Member
Oct 31, 2011
240
61
0
අක්‌කෙක්‌ එනවා ඔන්න නංගි ගෙට !

අක්‌කෙක්‌ එනවා ඔන්න නංගි ගෙට ගනින්


කොළඹ ජනප්‍රිය බාලිකා විද්‍යාලයක ප්‍රාථමික ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන්ට පංතිභාර ගුරුතුමියක්‌ විසින් පසුගිය සතියේ අපූරු අවවාදයක්‌ ලබාදී තිබුණි. ළමයි ඔයාලට ලොකු අක්‌කලා පාසලේ තැන් තැන්වලට යන්න එන්න කියලා කථා කළොත් යන්න එපා. එහෙම කථා කළොත් වහාම අපට ඇවිත් කියන්න.

මෙම අවවාදය තේරුම් ගැනීමට නොහැකි වූ ශිෂ්‍යාවක්‌ ගුරුවරියගෙන් ඒ ගැන විමසා ඇත. ඊට නිසි පිළිතුරු දීමට නොහැකි වූ ඇය පවසා ඇත්තේ ඔයාල දැනට අපි කියන දේ අහන්න කෝ... යෑයි කියාය.

මේ පිළිබඳව ශිෂ්‍යාවන් කිහිපදෙනකු පාසල් ඇරී ගෙදර පැමිණ දෙමාපියන්ට පවසා ඇත. ඒ අනුව දෙමාපියන් කිහිප දෙනකු පංතිභාර ගුරුතුමිය හමුවී මේ සම්බන්ධව විමසා තිබේ. අපට මෙම තොරතුරු ලබා දුන්නේ ද එසේ විමසනු ලැබූ මවක විසිනි. මම අපේ දුවගේ පංතිභාර ටීචර් හමුවෙලා මේ ගැන අහලා බැලුවා. එතකොට ටීචර් කිව්වේ ඉහළ පංතිවල ශිෂ්‍යාවන් කිහිප දෙනකු පාසලේ අහුමුළුවල අසභ්‍ය ආකාරයෙන් හැසිරීමේ සිද්ධීන් කිහිපයක්‌ වාර්තා වූ බවය. එනිසා ප්‍රාථමික පංතිවල දැරියන් ඔවුනගෙන් ආරක්‍ෂා කර ගැනීමට මෙවැනි අවවාදයක්‌ දුන් බවය.

මෙම තොරතුරු ලද පසු අපි කොළඹ නගරයේ මෙන්ම තවත් නගර කිහිපයක බාලිකා විද්‍යාල කිහිපයක තොරතුරු විමසා බැලුවෙමු. එවැනි පාසල් කිහිපයක ද මෙවැනි සිද්ධීන් වාර්තා වී තිබේ. නමුත් ඒවා ප්‍රසිද්ධවීමට නොදී තබා ගැනීමට විදුහල්පතිවරියෝ උත්සාහයක නිරත වී සිටිති.

ඇත්තටම ඒවා සඟවා තබා ගැනීමට වඩා ඒ පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීම අත්‍යවශ්‍යය. එසේ නොවුණහොත් සිදුවන්නේ යළි නිවැරැදි කළ නොහැකි වරදකට ඔබේ දියණිය යොමුවීමය.

මේ පිළිබඳව අප සමග කතාබහ කළ ඇතැම් විදුහල්පතිවරියන්, ගුරුවරියන් පැවසුවේ මෙවැනි සිද්ධීන්වලට ප්‍රධානම හේතුව දෙමාපියන් තම දියණියන් ගැන සොයා නොබැලීම බවය. අද ගොඩාක්‌ දෙමාපියන් තමුන්ගේ දරුවන්ගෙන් බලාපොරොත්තු වන්නේ පස්‌වැනි ශ්‍රෝණියේ ශිෂ්‍යත්වය සමත්වීම, සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත්වීම සහ උසස්‌ පෙළ විභාගය සමත්ව විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට සුදුසුකම් ලැබීම පමණක්‌ බවය.

ළමයි කවුද ආශ්‍රය කරන්නේ? මොනවද එයාලා කරන්නේ? කියල හොයලා බලන්නේ නැහැ. අම්මලා දුවලා එකට ඉඳගෙන රූපවාහිනී චැනලවල යන මෙගා ටෙලි නාට්‍ය බලනවා. ඒවායේ ගොඩාක්‌ තියෙන්නේ අනියම් සම්බන්ධතා ගැන... ඉස්‌සර දෙමාපියෝ වැඩිහිටියෝ එකට ඉඳගෙන ඔවැනි දේවල් බලනවා තබා කථා කළේවත් නැහැ. ඒත් දැන් අම්මලා දුවලගෙන් අහනවා අද තියෙන ටෙලි නාට්‍ය මොකක්‌ද? ඊයේ එම ටෙලි නාට්‍යවල මොනවද වුණේ කියලා. හැබැයි පාසලේදී මොනවද කළේ. පංතිභාර ගුරුතුමිය පාසලට ආවද? ඉගැන්නුවේ මොනවද? කියල අහන්නේ නැහැ. ඇතැම් දෙමාපියන් ඊට දෙන සරලම උත්තරය තමයි... අනේ ටීටර් අපිට එයාල ඉගෙන ගන්න දේවල් තේරෙන්නේ නැහැ. දැන් තියෙන විෂයයන් අපි ඉගෙන ගෙන නැහැ කියල කියනවා. අප සමග කතාබහ කළ විදුහල්පතිවරියන් සහ ගුරුවරියන් පැවසූ අදහස්‌වල සාරාශංය එයයි.

මේ පිළිබඳව තරුණ දියණියන් සිටින දෙමාපියන් අවධානය යොමු කළ යුතුය. අනේ අපේ පාසලේ ඔයවගේ දේවල් වෙන්නේ නැතැයි පවසමින් මතුවෙමින් පවතින අනතුරක්‌ මගහැර නොසිටිය යුතුය.

වර්තමානයේ තරුණ දියණියන් තුළ හැඟීම් උත්තේජනය වීම ඉහළ යන්නට පටන්ගෙන ඇත. ඊට එක්‌ හේතුවක්‌ වී ඇත්තේ ඔවුන් ගනු ලබන ආහාර පානය. රසකාරක යෙදූ ක්‌ෂණික ආහාර පාන, හෝමෝන ලබාදී ඉතා ඉක්‌මනින් වර්ධනය කළ කුකුලන්ගේ මස්‌ ආහාරයට ගැනීම වර්තමානයේ තරුණ දියණියන් අතර බහුලව දක්‌නට ලැබේ. එහි ප්‍රතිඵලය වී ඇත්තේ වයස අවුරුදු 8 - 9 වන විට ඔවුන් වැඩිවියට පත්වීමය. සාමාන්‍යයෙන් දැරියක්‌ වැඩිවියට පත්වීම සිදුවන්නේ වයස අවුරුදු 10 - 12 අතර වියේදීය. ඉතා කලාතුරකින් වයස අවුරුදු 8 - 9 වන විට වැඩිවියට පත්වූ අවස්‌ථා තිබේ. නමුත් වර්තමානයේ ගනු ලබන ආහාර අනුව වයස අවුරුදු 8 - 9 වන විට දැරියන් වැඩිවියට පත් වූ අවස්‌ථා බහුලව වාර්තා වේ.

වැඩිවියට පත්වීම යනු ඔවුන්ගේ ඩිම්බකෝෂයෙන් ඩිම්බ පිටවීමය. ඩිම්බ පිටවීම ආරම්භවීමත් සමගම ඔවුනගේ ස්‌ත්‍රී හෝමෝන ක්‍රියාකාරීත්වය ද ආරම්භ වේ. එවිට ඔවුනගේ සිතුම් පැතුම් ද වෙනස්‌වීමට පටන්ගනී. ලිංගික හැඟීම් දැනෙන්නට පටන් ගනු ලබයි. එහිදී ඔවුනට බාහිරින් දකින්නට අසන්නට ලැබෙන සිද්ධීන් අනුව එම ලිංගික හැඟීම් මතුවීම තව තවත් ඉහළ යයි.

මේ සඳහා ඔවුනට වරද පැටවීමෙන් පමණක්‌ ඵලක්‌ නෑ. දියණියන් සිටින දෙමාපියන් ඔවුනට කුඩා කල සිට මුංඇට, කවුපි, රටකජු වැනි ධාන්‍ය වර්ග මිශ්‍ර ආහාර වැඩිපුර ආහාරයට එක්‌ කළ යුතුය. ඉන් නිසි කලට ඔවුනගේ ප්‍රජනන හෝමෝන ක්‍රියාකාරිත්වය ආරම්භ වේ. අඩු වයසින් වැඩිවියට පත්වී හැඟීම් මතුවීමේ අවදානම ඉන් මගහරවා ගත හැකිය.

අධ්‍යාපනයට පමණක්‌ නොව ක්‍රීඩා කටයුතු සඳහා ද දියණියන් යොමු කිරීමට දෙමාපියන් උනන්දු විය යුතුය. එවිට ඔවුනගේ සිතුවිලි ක්‍රීඩා කටයුතු සඳහා යොමුවීමෙන් අනවශ්‍ය දේවල් පිළිබඳ සිත යොමු කිරීම මගහරවා ගත හැකිය.

බොහෝ දෙමාපියන් තම දියණියන් ක්‍රීඩා කටයුතුවලට යොමු නොකරන්නේ වැරැදි මත සිත්හි තබාගෙනය. ක්‍රීඩා කටයුතු=වල යෙදෙන විට ඔවුනගේ කන්‍යාපටලයට හානි සිදුවේ යෑයි සිතති. කන්‍යාපටලය පිහිටා ඇත්තේ යෝනි මාර්ගය ඇතුළතය. එසේම එය අසම්පූර්ණ පටලයකි. එය පිහිටිය ද නොපිහිටිය ද කිසිදු ගැටලුවක්‌ මතු නොවේ. පළමු එක්‌වීමේදී මෙය හානියට ලක්‌වේ යෑයි සිතීමද මුලාවකි. ඇතැම් තරුණියන්ගේ කන්‍යාපටලය පිහිටා ඇති ආකාරය අනුව ලිංගික එක්‌වූවාට එය හානියට ලක්‌ නොවේ.

ක්‍රීඩාවකට දියණියන් යොමුවීමෙන් ඔවුන්ගේ හෝමෝන ක්‍රියාකාරිත්වය කාර්යක්‍ෂම වේ. එවිට ඔවුනගේ සිරුර හොඳින් වර්ධනය වේ. සිරුරේ හැඩය හොඳින් මතුවේ.

පොතට පතට පමණක්‌ දියණියන් යොමු කිරීමෙන් ඔවුනට ඉන් ඒකාකාරී බවක්‌ ඇති වේ. එවිට මනස තෘප්තිමත් කරන කටයුතු කෙරෙහි සිත වැඩිපුර යොමු කරයි. එහි ප්‍රතිඵලය අප මුලින් සඳහන් කළ ආකාරයේ සිද්ධීන් වෙත ඔවුන් යොමුවීමය.

මෙහිදී යම් කෙනෙකු මෙසේ විමසිය හැකිය. ඇයි දියණියන් පමණක්‌? තරුණ පුතුන් තුළ මෙවැනි සිද්ධීන් මතු නොවේද? ඊට පිළිතුරු ලෙස පැවසිය හැක්‌කේ එවැනි සිද්ධීන් ඔවුන් තුළ දක්‌නට ලැබීම අඩු බවය. මන්දයත් තරුණ පුතුන් වැඩිවියට පත්වන්නේ වයස අවුරදු 12 - 14 අතර වියේදීය. එසේම පිරිමි දරුවන් දියණියන් මෙන් නොව පොත පතට පමණක්‌ නොව ක්‍රීඩාවට ද වැඩි අවධානයක්‌ යොමු කරති. එය පුරුෂ ගති ලක්‍ෂණය.

කෙසේ වෙතත් වර්තමානයේ මතුවෙමින් පවතින මෙම අනතුරින් තරුණ දියණියන් සහ පුතුන් බේරා ගැනීම සඳහා ඔවුනට ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ දැනුමද නිසි ලෙස ලබාදිය යුතුය. බොහෝ විට මෙවැනි කටයුතු සඳහා ඔවුන් යොමුවන්නේ කුතුහලය නිසාය.


උපාලි ද සේරම්

Code:
divaina
 

kingdewi

Well-known member
  • කෙසේ වෙතත් වර්තමානයේ මතුවෙමින් පවතින මෙම අනතුරින් තරුණ දියණියන් සහ පුතුන් බේරා ගැනීම සඳහා ඔවුනට ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ දැනුමද නිසි ලෙස ලබාදිය යුතුය. බොහෝ විට මෙවැනි කටයුතු සඳහා ඔවුන් යොමුවන්නේ කුතුහලය නිසාය.

    Agreed!
     

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    කෙසේ වෙතත් වර්තමානයේ මතුවෙමින් පවතින මෙම අනතුරින් තරුණ දියණියන් සහ පුතුන් බේරා ගැනීම සඳහා ඔවුනට ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ දැනුමද නිසි ලෙස ලබාදිය යුතුය. බොහෝ විට මෙවැනි කටයුතු සඳහා ඔවුන් යොමුවන්නේ කුතුහලය නිසාය.

    Agreed!

    :yes::yes::yes::yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    eek4wd.gif
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    කෙසේ වෙතත් වර්තමානයේ මතුවෙමින් පවතින මෙම අනතුරින් තරුණ දියණියන් සහ පුතුන් බේරා ගැනීම සඳහා ඔවුනට ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ දැනුමද නිසි ලෙස ලබාදිය යුතුය. බොහෝ විට මෙවැනි කටයුතු සඳහා ඔවුන් යොමුවන්නේ කුතුහලය නිසාය.

    Agreed!

    agreed in 100 times ...... no proper education , lankawe kellontai kollantai sex kiyanne magic ..... okai llokuma awula .