Orange වල තිබුන ගණන් වැඩිම එක දැම්මේ.. orange alpha
Wire එක් දිගේ ධාරාවක් එනවා වෙන්නම බෑ.. එහෙනම් අපේ ගෙදර ට තියන කණුවෙන් තියන අනිත් ගෙදරත් off වෙන්න ඕන.. එහෙම වෙන්නේ නෑ.. ඒ ගෙදර අවුලක් නෑ.. අපේ ගෙදර අවට ගැහුවෙත් නෑ.. එතකොට ධාරාවක් ප්‍රේරණය වෙන්නත් බෑ.. ප්‍රේරණය උනත් අනිත් ගෙවල් වලත් එහෙම වෙන්න පුළුවන් නේ
------ Post added on Feb 19, 2026 at 7:21 PM

ඔරේන්ජ් ඇල්ෆා කියන්නෙ ඔරේන්ජ් වල බජට් රේන්ජ් එක
ඔරේන්ජ් වල ගනන් වැඩි ප්‍රිමියම් රේන්ජ් එක ඔරේන්ජ් සිග්මා එක
ට්‍රිප් ස්විච් එකක් ගත්තම ඇල්ෆා එකට වඩා සිග්මා එක 2500-3000ක් විතර ගාන වැඩියි. සිග්මා එකට ලයිෆ් ටයිම් වොරන්ටි දෙනවා ඇල්ෆා එකට 5Y
අකුණක් ගහනකොට ට්‍රිප් එක ඕෆ් වෙනවා කියන්නේ ඔයාගේ ගෙදර සර්කිට් එකේ ඕපන් වයර් එකක් තියනවා කියන එක. ඒක සමහර වෙලාවට බල්බ් එකක් දාල නැති එළියේ තියන හෝල්ඩර් එකක් වෙන්න පුළුවන්.
ඔතනදි ට්‍රිප් එක ඕෆ් වෙන්නේ අකුණ ගහල ඉවර උනාට පස්සේ. එතකොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. අකුණු වලින් ආරක්ෂා වෙන්න නං SPD දාන්න.
yes
මේක වෙන්න පුලුවන්
එහෙම නැත්තං අකුණකදි එන transient voltage spike එකක් නිසා වෙන්න පුලුවන්, ඒ transient spike එක L/N දෙකේ බැලන්ස් නැතිව ඇවිත් Trip switch එකට සෙන්ස් වෙනවා එතකොට ඒක ඕෆ් වෙනවා
නමුත් 100%ක් කියන් පුලුවන් ඒක ප්‍රොටෙක්ශන් ෆීචර් එකක් නං නෙමෙයි කියලා මේක ට්‍රිප් එකේ ෆීචර් එකක් නෙමෙයි
ට්‍රිප් එක ඕෆ් උනාට අකුනකින් කිසිම ආරක්ශාවක් ලැබෙන්නෙ නැහැ
හේතු කීපයක් තියනවා
1. ට්‍රිප් එක ඕෆ් වෙන්න ඒක හරහා ගේ ඇතුලට transient voltage එක ඇවිත් ඉවරයි ඩැමේජ් වෙන බඩු තියනවා නං ඩැමේජ් වෙනවා
2. ට්‍රිප් එක මේන් එක සහ සාමාන්‍ය ස්විච් ඕෆ් කරාට අකුණක් නවත්තන්න බැහැ අකුණක එන වෝල්ටේජ් එක ඔය හැම ස්විච් එකකම කන්ටැක් එක අතරින් ස්පාක් එකක් විදියට පැනලා ඇවිත් බඩු ඩැමේජ් වෙන්න පුලුවන්. ඒක නිසා තමයි අකුනූ ගහන වෙලාවට ප්ලග් වලින්ම බඩු ගලවලා අයින් කරන්න කියන්නෙ
සමහර ගෙවල්වල ඕෆ් වෙනවා සමහර ගෙවල් වල ඕෆ් වෙන්නෙ නැති එකටත් හේතු තියෙන්නෙ පුලුවන්
සමහර ගෙවල් වල ට්‍රිප් එක කොහොමත් වැඩ කරන්නෙ නැහැ
ට්‍රිප් ස්විච් එනවා 10mA, 30mA, 100mA වගේ leakage current එකේදි ට්‍රිගර් වෙන ඒවා. 100mA වගේ ඒව ලේසියකට ඕෆ් වෙන්නෙ නැහැ ගෙවල් වලට රෙකමන්ඩ් කරනනෙ නැහැ. කරන්ට් එක වැදිලා මැරුනත් ඕෆ් නොවෙන්න පුලුවන්
10mA එක පොඩ්ඩක් ඇත්නම් ඕෆ් වෙනවා, සාමාන්‍යෙන් ගෙවල්වලට දාන්නෙ 30 එක
30 එකම උනත් ඇතුලෙ තියන electronic components වල වෙනස් කම් නිසා සමහර යුනිට් 30ට වඩා අඩුවෙන් ට්‍රිප් වෙන්න පුලුවන්, උඹට එහෙම එකක් අහුවෙලා තියනවා වෙන්නත් පුලුවන්