අකුණු

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    අකුණු


    lightning1.jpg



    ”අකුණු ගැසීම” හා අහස් ගිගැරුම ඉතා ඈත කාලයක සිටම මනුෂ්‍යයාට වටහා ගැනීමට දුෂ්කර වූ කි‍්‍රයාවකි. එය මුලින්ම වටහා ගැනීමට නොහැකි වූ ස්වභාවික ලෝකයේ මහා පුදුමයක් ලෙසයි සලකන්නේ.’අකුණු ගැසීම’ හා ‘අහසේ ගිගුරුම’ ඇති වන්නේ ‘වර්ෂාව‘ ඇති විටකදී යැයි ඔබ දන්නවා ඇති. අකුණු ගැසීම හා අහස් ගිගුරුම යන කි‍්‍රයාවලි දෙකම එකවර සිදුවන නමුත් අකුණු පෘතුවිය වෙත ළඟා වන්නේ ආලෝකය දැක ගැනීමෙන් අනතුරුව බව ඔබ දැකලා ඇති. ගිඟªරුම් හඬ ළඟා වීමට පෙර ආලෝකය අප දකින්නේ ශබ්දයට වඩා වේගයෙන් ආලෝකය ගමන් කරන නිසා යැයි විද්‍යාඥවරුන්ගේ අදහසයි. ඔබ ඒ බව නිරීක්‍ෂණය කර තිබෙනවාද? යම් වේලාවක අකුණක් ගසනු දුටුවොත් හෝ අහසේ ගිගුරුමක හඬ ඇසුණොත් ඔබට බියවීමට හේතුවක් නොමැත. එයට හේතුව නම් ඒ වන විට ඒ දෙකම සිදුවී අවසාන නිසයි.කෙනෙකුට ‘අකුණක්’ වැදෙන්නේ ඔහු එහි ආලෝකය හා ශබ්දය යන දෙකම දැකීමට හා ඇසීමට කළින් බව ඔබට පෙනේවි.

    අකුණු සැරය ළඟාවෙන්නේ කුමන ප‍්‍රදේශවලට ද?අවට ප‍්‍රදේශයේ ඇති උසම ස්ථානවලට තමා “අකුණු සැරය” ළඟාවන්නේ. උස් ගොඩනැගිලි හා කුළුණු ආදිය නිතර නිතර අකුණු සැර වලට ලක්වෙන්නේ මේ නිසයි.ඔබ දන්නවාද ‘ඇමරිකා එක්සත් ජනපදය’ ඇතුළු රටවල ඇති උසම තට්ටු ගොඩනැගිලි මුදුනට මිනිත්තුවකට කීප වාරයක් අකුණු වදිනවද කියලා.ඒ රටවල මේ සඳහා අපූරු උපක‍්‍රම යොදා තිබෙනවා. ඒ උස් නිර්මාණවලට යොදා ඇති “අකුණු සන්නායක” නිසා ඒ අකුණු සැර ඒවාට හානි නොකොට සන්නායකය දිගේ පොළොවට යැවෙනවා. අකුණු ගසන වේලාවක විවෘත ස්ථානවලින් සහ ලෝහමය නිර්මාණවලින් ඈත්ව සිටිමින් රේඩියෝ, රූපවාහිනි, රෙදි මදින ස්ති‍්‍රක්ක හා ටෙලිෆෝන් ආදිය කි‍්‍රයාත්මක නොකොට සිටීම ප‍්‍රවේශම් සහිත බව ඔබ සිතට නඟා ගත යුතුය.

    අකුණු ගැසීම අකුණක් පෘතුවිය කරා එන්නේ විශේෂ හේතු නිසා බව කිව යුතුය. වැහි වළාකුළු වල නිරන්තරයෙන් අකුණු ගැසීම සිදුවේ. එය ඔබ දන්නවාද? වළාකුළෙන් වළාකුළට අකුණු සැර වැදීම නිතර සිදුවන බව.වළාකුළු තුළ අකුණු ගැසීම් සිදු වන්නේ ඒවායේ ඇතිවන සංකීර්ණ විද්්‍යුත් කි‍්‍රයාකාරිත්වය නිසයි.විදුලි ශක්තිය ආරෝපණය වූ වළාකුළු දෙකක් ළං වූ විට වැඩි ආරෝපණයක් ඇති වළාකුළෙන් අඩු ආරෝපනයක් ඇති වළාකුළ වෙත විදුලිය පනී. මේ පැනීමේදී මහත් ශබ්දයක් ඇසෙනවා. අවට වැස්ස වැටීමට පෙර වළාකුළුවල “විදුලි කෙටීම” පෙනෙනවා. අහසේ ගිගුරුම ඇසෙනවා. විද්‍යාඥයන් තව දුරටත් අකුණු ගැසීම ගැන පවසන්නේ මේ ආකාරයටයි.ආරෝපිත වළාකුළු දෙක අතර ඇති විභව අන්තරය වාතයේ ප‍්‍රතිරෝධයට වඩා බෙහෙවින් ඉහළ ගිය විට විදුලිය වාතය තුළින් පෘතුවිය කරා පැමිණෙනවා යන්නයි.

    ධ‍්‍රැවා ලෝකය(Aurora Polaris)ධ‍්‍රැවා ලෝකය කියන්නේ මොකක්ද?මේ ආලෝකය පිළිබඳ සෙවීම ආරම්භ වූයේ 1716 දීය. ඒ වර්ෂයේ මුළු යුරෝපය පුරාම එම විශ්මය ජනක ආලෝකය දැකිය හැකි වුණා. මේ පිළිබඳ කරුණු සොයා මුලින්ම ලෝකයට එය ඉදිරිපත් කළේ එවකට විසූ ඉංග‍්‍රීසි තාරකා විද්‍යාඥ “එඩ්මන්ඩ් හැලී විසිනි. ධ‍්‍රැවා ලෝකය හා පෘතුවියේ චුම්භක ක්ෂේත‍්‍රය අතර ඇති සබැදියාව තමා මින් හෙළි කෙරෙන්නේ. ධ‍්‍රැවා ලෝකය පිළිබඳව විද්‍යාත්මක පොත පතේ සඳහන් වන්නේ මෙසේය.”ධ‍්‍රැවා ලෝකය” යනු උත්තර ධ‍්‍රැවය හා දක්ෂිණ ධ‍්‍රැවය” යන දෙක ආසන්නයේ අහසේ දක්නට ලැබෙන නිල්, රතු, කොළ, කහ, සුදු ආදී විවිධ වර්ණ වලින් යුතු ආලෝකයයි. උත්තර ධ‍්‍රැවය ආසන්න අහසේ පැතිරෙන මේ ආලෝකය, “උත්තරාලෝකය” හෙවත් උතුරු එළි-සෙත් ලෙසත් ධ‍්‍රැවය ආසන්න අහසේ පැතිරෙන ආලෝකය “දක්ෂිණා ලෝකය” හෙවත් “දකුණු එළි- සෙත්” ලෙසත් හැඳින්වේ.

    සෞර කි‍්‍රයාකාරිත්වය වැඩි වූ විට සහ පෘතුවියේ චුම්භක ක්ෂේත‍්‍රයට බෙහෙවින් බාධා වූ අවස්ථාවල “ධ‍්‍රැවා ලෝකය උතුරු අක්ෂාංශ 70” අවටත් බෙහෙවින් දර්ශණය වේ. ධ‍්‍රැවා ලෝකය දර්ශනය වන්නේ කිලෝ මීටර් 80 ක් පමණ ඉහළ අහසේය. ඇතැම් විට කිලෝ මීටර් 1000 ක් දක්වා උස අඩවියෙහි ද ඒවා දැකගත හැක. ධ‍්‍රැවා ලෝකය තිර, චාප, කිරණ, කදම්බ, අවාන්, රැස් වළලු, ආදි විවිධ ස්වරූපයෙන් දර්ශනය වේ. එම ආලෝකය පැතිරෙන විට අහසේ පිපිරීම් ශබ්ද ඇසේ. මේ අත්‍යාංලංකාර ආලෝකය ලොව ස්ථාන කීපයකදී මැනවින් දැකගත හැක. කැනඩාවේ උතුරේ හඩ්සන් බොක්ක අවට, උතුරු ස්කොට්ලන්තය අවට, නෝර්වේ හා ස්විඩන්හි දකුණු ප‍්‍රදේශ හා දකුණු ඕස්ටේ‍්‍රලියාව යන ස්ථාන ඒවාය.

    විද්‍යා පොත පත ඇසුරෙනි


    lightning-storm-bolt-thunder2.jpg


    lightning2.jpg


    lightning.jpg
     

    Similar threads