අකුණු

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    අකුණු ගැසීම හෙවත් අපේ ගැමි ව්‍යවහාරයට අනුව හෙණ ගැසීම පෘථීවිය මතුපිට සිදුවන්නා වු ස්වාහාවික ක්‍රියාවලියකි. එහෙත් මෙමගින් මිනිසුන්ට මෙන්ම අනෙක් ජීවීන්ට හා ස්වාභාවික පරිසරයට හානි සිදු වන බැවින් අකුණු ස්වාභාවික විපත් (Natural Disasters ) ගණයට අයත් වෙයි.පෘථීවියේ උපත සිදු වුයේ කවදාද එදා පටන් පෘථීවියේ අකුණු ගැසීම සිදු වන්නට ඇත. අකුණු ගැසීමෙන් ස්වාභාවික විපත් සිදුවුවත් පෘථීවි ජීවයේ උපතට අකුණු ගැසීම හේතුවක් වුවා සේම උපන් ජීවය අඛණ්ඩව පවත්වා ගැනීමට ද අකුණු ආධාර වේ. මේ නිසා පෘථීවිය මත අකුණු වල ක්‍රියාකාරිත්වයක් නොතිබුණා නම් ජීවින්ට ජීවත් වීමට සුදුසු ස්ථානයක් ලෙසට පෘථීවිය සැකසෙන්නේ නැත. එබැවින් අකුණු ගැන දැනුවත් වීම අකුණු අනතුරු වලින් බේරීමට තිබෙන පහසු මාර්ගයකි.

    Lightnings_sequence_2_animation.gif


    අකුණු යනු කුමක්ද?

    අකුණු පහරක් යනු විද්‍යුත් ආරෝපණය කැටිවු වලාකුළක් තුළින් හෝ වලාකුළු අතර හෝ වලාකු පෘථීවිය දක්වා නැතහොත් පෘථීවිය වෙතට සිදුවන විද්‍යුත් ක්‍රියාවලියකි. මෙම ක්‍රියාවලිය විද්‍යුත් විසර්ජනය (Electric Discharges) යනුවෙන් හැඳින්වෙයි




    අකුණු වර්ග


    තාප අකුණු (Heat Lightning)

    heat+lightning.jpg


    800px-Lightning_Tokyo_Aug_2008.JPG


    තල අකුණු (Sheet Lightning)

    sheetlightning-full.jpg


    jeffersonskylightning6_std.jpg


    රොකට් අකුණු (Rocket Lightning)


    20070716_lightning04.jpg


    triggeredlightning01.jpg


    රිබන් අකුණු (Ribbon Lightning)

    Lightning_02.jpg


    පබළු අකුණු (Bead Lightning)

    mn006343_w561.jpg


    Orage5-soft.jpg


    බෝල අකුණු (Ball Lightning)

    800px-Lightning_NOAA.jpg


    රතු දේවතාවා (Red Sprite)

    800px-Galunggung.jpg


    නිල් ජෙට් (Blue Jet)

    lightning_blue.jpg


    800px-Lightning_1.jpg










     
    Last edited:
    ඇත්තෙන්ම වටින ලිපියක්-ස්තුතියි.මා ගාව තියනව අකුණු ගැන තව විස්තරයක්,හෙව්වා තවම හොයාගන්න බැරිවුනා.සමාවෙන්න හොයාගත් විගස මෙතනට දානවා.අකුණු ගැන විද්‍යාත්මකව තවම හරියට නිශ්චිතවම හොයාගෙන නෑ-අනුමාන විතරයි.මට මතකයි ඩිස්කවරි එකේ මේ ගැන දිගටම කතා කලා.+&- වලාකුළු වල අසමාන හැසිරීම ගැන නවීන විද්‍යාවට හසුනොවන පැතිකඩ ගැන බුදු දහමෙනුත් යමක් ගත හැකියි.ඒ මතු නොව,අහඹු-විශ්මිත දේ ලෝකයේ පවතිනවා.අර විස්තර හොයාගත්ත ගමන් දාන්නම්.
    වටින ලිපියක්-නැවතත් ස්තුතියි!
    :)
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචන් අකුණු ඇති වෙන්න වායුගොලයක් තියෙන්න ඕනෙ නේද?
    පෘතුවිය ඇති උන මුල් කාලේ වායුගෝලයක් තිබ්බද නැත්තනම් ඒක පස්සෙ ඇතිඋන එකක්ද?

    මොනව උනත් වටින පෝස්ට් එකක් ඔන්න මාත් රෙපක් දැම්මා
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අම්මෝ ම්ං නම් හරි බයයි අකුනු වලට:(
    එල මචන්..ඔයාගෙ ත්‍රෙඩ් නම් නියමයි.:)...(මේක රොවින් මල්ලිටත් පෙන්නන්න ඕන :lol:)
     
    • Like
    Reactions: RuZZa

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඇත්තෙන්ම වටින ලිපියක්-ස්තුතියි.මා ගාව තියනව අකුණු ගැන තව විස්තරයක්,හෙව්වා තවම හොයාගන්න බැරිවුනා.සමාවෙන්න හොයාගත් විගස මෙතනට දානවා.අකුණු ගැන විද්‍යාත්මකව තවම හරියට නිශ්චිතවම හොයාගෙන නෑ-අනුමාන විතරයි.මට මතකයි ඩිස්කවරි එකේ මේ ගැන දිගටම කතා කලා.+&- වලාකුළු වල අසමාන හැසිරීම ගැන නවීන විද්‍යාවට හසුනොවන පැතිකඩ ගැන බුදු දහමෙනුත් යමක් ගත හැකියි.ඒ මතු නොව,අහඹු-විශ්මිත දේ ලෝකයේ පවතිනවා.අර විස්තර හොයාගත්ත ගමන් දාන්නම්.
    වටින ලිපියක්-නැවතත් ස්තුතියි!
    :)

    අනිවා ඔන්න පැහැදිලි කිරීම මතක ඇතුව දාන්න ඕන......මගේ ගාවත් තියෙනව විද්‍යාත්මක පැහැදිලි කිරීමක්...මම ඒක දැම්මේ නැත්තෙ කියවන්න කම්මැලි වෙන නිසා...දැන් දාන්නම්


    අකුණු ඇතිවන්නේ කෙසේද?


    ලෝක ගෝලයේ ඇතිවන අකුණු වලින් වැඩිම ප්‍රමාණයක් වර්ධනය වන්නේ කැටිවැහි වලාවළය. හොඳින් ආරෝපණය වු කැටි වලාකුළක පහළ කොටසේ ඍණ ආරෝපණ (-) හා ඉහළ කොටසේ ධන ආරෝපණ ( +) පවතී. මෙසේ හොඳින් ආරෝපණය වු වලාකුළු අතර ප්‍රේරණය (Induction) නිසා වලාකුලට පහළ පෘථීවිය මතුපිට ධන ආරෝපණ හට ගනී. මෙසේ ආරෝපණ කේන්ද්‍ර අතර වර්ධනය වන විද්‍යුත් ක්ෂේත්‍ර වාතයේ බිඳවැටීම් ක්ෂේත්‍ර දක්වා වර්ධනය වු විට ආරෝපණ කේන්ද්‍ර අතර විද්‍යුත් විසර්ජන හටගනි. පෘථීවියට ආසන්න වායුගෝලයේ බිඳවැටීම් විද්‍යුත් ක්ෂේත්‍රය මීටරයට කිලෝවෝල්ට් 12 ත් 15 ත් අතර ප්‍රමාණයක් වෙයි.

    එහෙත් වායුගෝලයේ ඉහළට යනවිට පීඩනයේ අඩු වීම නිසා බිඳවැටිම් විද්‍යුත් ක්ෂේත්‍රයේ අගය ක්‍රමයෙන් අඩුවේ. වියළි වාතයේදී ට වඩා ජලවාෂ්ප සහිත වාතයේ සන්නායකතාව හෙවත් විදුලිය ගලා යාමේ හැකියාව (Conductivity) වැඩිය.

    මේ හේතුව නිසා වලාකුළක් තුළ පවතින බිඳවැටීම් විද්‍යුත් ක්ෂේත්‍රය පෘථීවිය ආසන්න ස්තර වල තිබෙන බිඳවැටීම් විද්‍යුත් ක්ෂේත්‍රයට වඩා අඩුය. මේ නිසා බොහෝ අවස්ථාවලදී පෘථීවිය වෙතට අකුණු ගලා ඒමට පෙර වලාකුළ තුළ විද්‍යුත් විසර්ජන හෙවත් වලා අකුණු ආරම්භ වේ.

    අකුණු පහරක අඩංගු ශක්තිය කොපමණද?


    පෘථීවි අකුණු පහරක සාමාන්‍ය ධාරාව ඇම්පියර 25000 ක් පමණ වන අතර වෝල්ටීයතාව වෝල්ට් මිලියන 100 ක් පමණ වේ. ඒ අනුව කුලෝම්බ 5 ක පමණ විද්‍යුත් ආරෝපණයක් පෘථීවිය වෙත ගෙන එන අකුණු ධාරාවක් සතු ශක්තිය ජූල් මිලියන 500 ක් පමණ විශාල අගයකි. මෙයින් අකුණු පහරකට කොපමණ විනාශයක් කළ හැකිද යන්න තීරණය කිරීමට පුළුවන.