අකුරු කරවූ - හකුරුගල රජමහා විහාරය ☸️🙏🍃 ( Hakurugala Rajamaha Viharaya )

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අකුරු කරවූ - හකුරුගල රජමහා විහාරය ☸️🙏🍃 ( Hakurugala Rajamaha Viharaya ) - Your Choice Way
    අද අපි කතා කරන්න යන්නේ සිත් පහන් වෙන හකුරුගල රජමහා විහාරය ගැන...

    මෙම වෙහෙර වලගම්බා රජතුමාගේ කාලයේදී කරවන ලද්දකී..

    පසුව මෙම විහාරය මත්තමගොඩ දිසාව විසින් ක්‍රි.ව. 1811 යලිත් ප්‍රතිසංස්කරනය කර පූජා කර ඇති බව සදහන් වෙනවා..

    සියයකට අසන්න ශෛලමය පිය ගැට නැග විහාර මළුවට පිවිසෙන්න ඕනේ..

    මේ විහාරයට නම ලැබුනු ආකාරය ගැන ජනප්‍රවාදයක් පවතිනවා..

    ඒ මේ විහාරයේ සංඝයා වහන්සේලා මේ ගමේ දරුවන්ට අකුරු කරවා තිබෙන්නේ මේ විහාරයේදීයි..

    එමනිසා මෙම විහාරය අකුරු කරවු ගල අකුරුගල විය..

    පසුව හකුරුගල ලෙස ව්‍යවහාරයට ආ බවයි සදහන් වෙන්නේ...

    විශාල ගල් පර්වත දෙකක ලෙන් කටාරම් කොටවා තිබෙනවා..

    විහාර ගෙයි 18 රියන් සැතපෙන බුදු පිලිමයක් පවතිනවා..

    මෙහි අඩි 6ක් පමන උස සමාධි බුද්ධ ප්‍රතිමාවකි. සැතපෙන පිලිමයේ පාමුල අඩි 6ක් පමන උස විෂ්නු දේව ප්‍රතිමාවක් ද තිබෙනවා..

    විහාර ගෙයි බිත්ති මත 80මහා ශ්‍රාවක රූප හා වියනෙහි නෙළුම් මල් රටා සිතුවම් කර තියෙනවා..

    විහාර ගෙය අසල ගල් ලෙන ඇතුලෙන් ගලා බස්නා දිය පහර හරි සුන්දරයි...

    ඒ අසලම බෝධීන්වහන්සේ පිහිටි අතර මල් ආසනයට විශාල කැපූ ගල් පුවරුවක් තබා තිබෙනවා..

    ගලා බසින දොල පහරින් අතිතයේ රජ දරුවන් ස්නානය කරන්නට ඇතැයි සිතිය හැකි ස්ථානයකි.

    දිය පීල්ලක ආකාරයෙන් ජලය හිසටම ගලා ඒම අපූර්ව දසුනක්..

    වම් පස කටාරම් කෙටූ ගල් ලෙන ක්‍රි.ව. 1930 කාලයේ රුවන්වැල්ලේ ඒජන්තවරයා වූ කපිතාන් ආර්.ලෝ වාසය කල කුටිය කියලත් සදහන් වෙනවා.. අද එය ආවාස ගෙයක්...

    ඉතින් ඔබත් අපේ අතීත ශ්‍රී විභූතිය දැකගන්න ඒ පහස විදින්න මේ හකුරුගල රජමහා විහාරයට එන්න...

    අවිස්සාවෙල්ල කෑගල්ල මාර්ගයේ කවරනැල්ල නගරය අසල මාගම්මන ප්‍රදේශයෙම් ඇති කුරු පැත්ත මාර්ගයේ කිලෝමීර්ටර තුනක්පමන ගිය විට පර්වත සහිත කඳු ගැටයක හකුරුගල රජමහා විහාරය පිහිටා තිබෙනවා..

    මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න

    Original Article Click Here