අගමැතිගේ කඩා පැනීමෙන් නව මහ බැංකු අධිපති&#3484

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    අගමැතිගේ කඩා පැනීමෙන් නව මහ බැංකු අධිපති&#3484

    තවත් පැය කිහිපයකින් අලූත් මහ බැංකු අධිපතිවරයෙක් පත් කරන්නේ යයි ඊයේ දින පෙරවරුවේදී ගිරාඳුරුකොට්ටේදී පැවති උත්සවයකදී ප‍්‍රකාශ කර කොළඹ පැමිණියද මෙතෙක් මහ බැංකු අධිවරයෙක් පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර නැත්තේ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ මැදිහත්වීම නිසා බව වාර්තා වෙයි.

    නව මහ බැංකු අධිපතිවරයෙක් පත් කරන බවට වූ ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය ප‍්‍රවෘත්ති කෙටි පණිවුඩ සේවාවක් මගින් හිටපු ඇමතිනී රෝසි සේනානායක අතට ලැබෙද්දී ඇය සිට ඇත්තේ අගමැති රනිල් වික‍්‍රමසිංහ, අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු කිහිප දෙනෙකු එක්ව අරලියගහ මන්දිරයේ පවත්වන ලද සාකච්චාවකයි.

    රෝසි සේනානායක මහත්මිය මෙම පණිවඩුය මහ බැංකු අධිපතිටත් ඔහු අගමැතිටත් පෙන්වීමත් සමඟ ඔවුන් යෙදී සිටි සාකච්චාව වහා නවතා දමා මේ සම්බන්ධයෙන් හදිසි සාකච්චාවක් තවත් පිරිසක් සමඟ ආරම්භ කර ඇත.

    එම සාකච්චාව පැවතෙද්දී දරනගන්නට ලැබුනේ ජනාධිපතිවරයා කොලඹ පැමිණ නව මහ බැංකු අධිපතිවරයෙක් පත් කිරීම සඳහා මහ බැංකුවට යමින් සිටින බවයි. වහාම සියළු සාකච්චා නවතා දමා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ද සමඟ මහ බැංකුව වෙත ගොස් ඇත්තේ ඒ නිසාය.

    මේ හේතුව නිසා නව මහ බැංකු අධිපති ලෙස නියෝජ්‍ය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ පත්වීම් ලිපියද රැගෙන එහි ගිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පත්වීම නොකොට හදිසි සාකච්චාවක් පමණක් පවත්වා ආපසු පැමිණ තිබේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    http://lankadaily.com/latestnews/item/9190-2016-06-30-11-37-54
    එජාපයේ මඩ යුනිට් එක ඇවිස්සිලා නිවුසුත් දාලා

    සයින් කරලා ඔක්කෝමත් හරිලු. රනිල් අර සිංගප්පූරූ හොරාව අතහරින්න කැමති නැති සීන් එකක් තියෙන්නේ. හොරු රකින එක යහපාලනය නෙවෙයි.
     
    Last edited: