අගමැතිගේ වරප්‍රසාද උල්ලංඝනය කරලා -නීතිවේ
ජනාධිපතිගේ ප්‍රකාශ ඇත්තනම් බැඳුම්කර කොමිසම අගමැතිගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කරලා -නීතිවේදීහු කියති
(ලංකා ඊ නිව්ස් -2018.ජන.04, පෙ.ව.8.00) අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයක් නොකළ යුතුව තිබුනා යැයි ජනාධිපතිගේ බැඳුම්කර කොමිෂන් වාර්තාවේ නිගමනයක් ලෙස සඳහන් වී යැයි ජනාධිපතිවරයා විසින් එම වාර්තාවේ කරුණු සම්බන්ධයෙන් තම අර්ථ දැක්වීම් ගෙන හැර පාමින් ඊයේ ප්‍රකාශ කෙළේය.
කොමිෂන් වාර්තාවේ එසේ සඳහන් වී නම් එය අගමැතිවරයාගේ වරප්‍රසාද කඩකිරීමක් බව ලංකා ඊ නිව්ස් වෙත අදහස් දැක්වූ නීතිවේදීහු රැසක් පැවසූහ. අගමැතිවරයෙකු පාර්ලිමේන්තුව තුල කරන ප්‍රකාශයක් නොකළ යුතුව තිබුනා යැයි කීමට කිසිවෙකුට නොහැකිය. පාර්ලිමේන්තුව තුල කරන ලද ප්‍රකාශයක් නොකළ යුත්තක් නම් එය නිගමනය කිරීමට බලය ඇත්තේ ද එය ඉවත් කළ හැක්කේ ද කතානායකතුමාට පමණි. එයද ඉන් වෙන අයෙකුගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීමක් වී ඇත් නම් පමණි.
මේ අනුව අගමැතිවරයෙකු පාර්ලිමේන්තුවේ කරන ලද ප්‍රකාශයක් නොකළ යුත්තක් යැයි නිගමන කිරීමට වෙනත් කිසිදු නෛතික ආයතනයකට බලයක් නැත. ඒ අනුව ජනාධිපතිගේ කොමිසම(යම) තම බලතල ඉක්මවා කටයුතු කර ඇතැයිද එමගින් අගමැතිවරයාගේ වරප්‍රසාද උල්ලංඝනය කර ඇතැයිද නීතිවේදීහු පවසති.
අගමැතිවරයා අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස පත් කිරීම අවුලක් නැති විධිමත් එකක් බව කොමිසම පවසා ඇතැයි ජනාධිපතිවරයා ඊයේ පැවසීය.
කෙසේ වෙතත් මෙකී කොමිෂන් වාර්තාව ජනතාවට හෝ ජනමාධ්‍යයට හෝ ලබා දී නැති අවස්ථාවක එය උපුටා ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කී කාරණා ගැන ලංකා ඊ නිව්ස්හි නම් කිසිදු විශ්වාසයක් නැත. මන්ද යත් පසුගියදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී දෙනෝදහසක් ඉදිරිපිට ‘සහිද් ඛාන් අබ්බාසි‘ නම් වත්මන් පාකිස්ථාන අගමැතිවරයාගේ නම වෙනුවට ‘මොහොමඩ් සෙරීෆ් ‘නමැති වෙනත් කාගේදෝ නමක් පාකිස්ථාන අගමැතිගේ යයි කියමින් තමන් ඔහුට කතා කර පොහොර නැවක් ඉල්ලා ගත්තා යැයි පැවසීමට තරම් මෛත්‍රීපාල සිරිසේන යනු ‘පිස්සු පකිරෙන්තෙක්‘ වී ඇති බැවිනි. මේ වන විට ‘හිනාධිපතිවරයෙකු‘ වී ඇති මෛත්‍රීපාල සිරිසේනගේ කතා සත පහකට විශ්වාස කළ නොහැකිය.
එබැවින් මෙකී කොමිෂන් වාර්තා කාටත් කියැවිය හැකි ලෙස අන්තර්ජාලයට යොමු කරන්නැයි එම කොමිෂන් සභා වලින් ඉල්ලමු. එවිට එක් එක් පුද්ගලයාට ඒවායේ තිබෙන කරුණු ගෙන තමන්ට අවශ්‍ය අන්දමට අර්ථ දක්වමින් කරුණු ඉදිරිපත් කළ නොහැකි වනු ඇත.