අගමැති මෝදිගේ බිරිඳ

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    අගමැති මෝදිගේ බිරිඳ

    අගමැති මෝදිගේ බිරිඳ

    ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි ගේ බිරිඳ ජශෝදාබන් බිහිසුණු රිය අනතුරකට මුහුණදී අනූනවයෙන් දිවි ගලවා ගැනීමේ පුවතක් බදාදා (07 දා) ඉන්දියානු මාධ්‍ය වාර්තා කළේය. මේ වනවිට 65 වෙනි වියේ පසුවන ඇය මේ ආකාරයෙන් මෙම රිය අනතුරට මුහුණදී තිබුණේ රාජස්ථාන් ප්‍රාන්තයේ බේගු නමැති ප්‍රදේශයේ අධිවේගී මාර්ගයකදීය. මෙම අනතුරින් ඇයගේ දිවි බේරී ඇතත් රථය පදවමින් සිටි ඇගේ ඥාතියෙකු මරණයට පත්ව ඇති බවද වාර්තා වෙයි. එයට අමතරව රථයෙහි සිටි තවත් කාන්තාවන් දෙදෙනෙකුද, ආරක්ෂක නිලධාරියෙකුද තුවාල ලබා තිබේ. එදින පෙරවරු 10ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ ඇය ගමන් ගත් මෝටර් රථය තවත් ට්‍රක් රථයක් සමග ගැටීමෙනි. අනතුරින් ජශෝදාබන්ටද සුළු තුවාල සිදුව ඇති අතර ඇය වහා චිතෝර්ගාර් හි රෝහලකට ඇතුළත් කරනු ලැබ ඇත. ට්‍රක් රථයෙහි රියැදුරා අත්අඩංගුවට ගෙන ඇති බවත්, අනතුර පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙනු ඇති බවත් බලධාරීන් සඳහන් කර තිබේ.


    ethera1.jpg

    විශ්‍රාමික ගුරුවරියක වන ජශෝදාබන් අගමැති මෝදිගේ බිරිඳ වුවද වැඩිය මාධ්‍ය තුළ දැකගන්නට ලැබෙන චරිතයක් නොවේ. එයට හේතුවක් නම් ඇය මේ වනවිට මෝදි සමග ජීවත් නොවීමයි. ඔවුන් දෙදෙනා දැන් දශක ගණනාවක් තිස්සේම ජීවත් වන්නේ එකිනෙකාගෙන් වෙන්වය. 1967 වසරේ මේ දෙදෙනා විවාහ වන විට මෝදිගේ වයස අවුරුදු 18ක්ද, ජශෝදාබන්ගේ වයස 16ක්ද වූ බව පැවැසේ. ඔවුන් අතර විවාහය තීන්දු වී ඇත්තේ ඔවුන් කුඩා කාලයේදීමය.
    විවාහයෙන් වසර තුනකට පමණ පසු මෝදි ඇයගෙන් වෙන්ව ජීවත් වීමට පටන්ගෙන ඇති අතර එය සිදුව ඇත්තේ දෙදෙනාගේම එකඟතාව මත බවද සඳහන් වේ. පසුව මෝදි ටික කලක් හිමාලයේ සැරිසරමින් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කිරීමට පටන් ගත් බව පැවැසේ. පසුව ජශෝදාබන්ද ඇගේ අධ්‍යාපන කටයුතු අවසන් කර ගුරු වෘත්තියට පිවිස ඇත. ඇය මේ වනවිට වාසය කරන්නේ මෝදිගේ උපන්ගම වන වද්නගර් සිට කිලෝමීටර් 35ක් පමණ දුරින් පිහිටි බ්‍රහ්මන්වාදා නම් ග්‍රාමයේය. මෙයට ටික කලකට පෙර එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී ඇය පවසා තිබුණේ තමා ජීවත් වන්නේ ඉන්දියානු රුපියල් 14,000ක විශ්‍රාම වැටුපකින් බවයි. ඇය ඉතා සරල, ආගමික ජීවිතයක් ගත කරන තැනැත්තියක බවද සඳහන් වේ. මේ වනවිට ජශෝදාබන් ජීවත් වන්නේ ඇගේ සහෝදරයාත්, ඔහුගේ බිරිඳත් සමගය. ඇයත්, අගමැති මෝදිත් අතර මේ වනවිට කිසිදු සන්නිවේදනයක් සිදු නොවන බවක්ද පෙනේ. තමා කවදා හෝ දිනෙක නැවත ඔහු මුණ ගැසීමට කැමැත්තෙන් සිටින බවක්ද ජශෝදාබන් වරක් ප්‍රකාශ කර තිබිණි.
    අගමැති මෝදි බොහෝ විට ඔහුගේ විවාහය සම්බන්ධ පෞද්ගලික කාරණා සම්බන්ධයෙන් දක්වන්නේ නිහඬතාවකි. ඔහු මුල්වරට සිය විවාහය පිළිබඳව ප්‍රසිද්ධියේ සඳහන් කර ඇත්තේ ද ඉතාම මෑතකදී ය. ඒ, 2014 වසරේ භාරතීය ජනතා පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙමින් නාමයෝජනා ලබා දුන් අවස්ථාවේ ය. මේ වනවිටත් මෝදි සැලකෙන්නේ බ්‍රහ්මචර්යාව රකින අයෙකු ලෙසිනි. ඇතැමුන් පවසන්නේ භාරතීය ජනතා පක්ෂයේ හින්දුවාදී ඡන්දදායකයන් තුළ ආකර්ශනයක් ඇති කිරීම සඳහා ඔහු මෙවැනි ජීවන ෙශෙලියක් අනුගමනය කරන බවයි. එමෙන්ම ඔහු දේශපාලන අරමුණු වෙනුවෙන් සිය බිරිඳ අත්හැර දැමූ බවට චෝදනා නගන්නන්ද නැතුවා නොවේ. එය කාන්තාවන් පිළිබඳ ඔහුගේ ආකල්ප පෙන්වා දෙන්නක් ලෙසද ඔවුහු චෝදනා කරති. 2014 වනතුරුම විවාහය පිළිබඳ ප්‍රසිද්ධියේ සඳහන් කිරීමට මැලිවීම ගැනද මෝදි වෙත නොයෙක් වර දෝෂාරෝපන එල්ල වී තිබේ. ඔහු අගමැති ධුරයේ දිවුරුම් දුන් අවස්ථාවට සහභාගි වීමට තමාට ඇරයුම් නොකළ බව වරක් ජශෝදාබන් මාධ්‍ය වෙත පවසා තිබිණි.
    කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා අතර නිල වශයෙන් දික්කසාදයක් සිදුව නැති බවද සඳහන් වෙයි. මෝදි 2014 නාමයෝජනා ‍පෝරමය පුරවන අවස්ථාවේ, විවාහය පිලිබඳ විමසා තිබූ තැනක 'ජශෝදා' යනුවෙන් ලියා ඇති නමුත් ඔහු පවසා ඇත්තේ තමා ඇය පිළිබඳ වැඩි තොරතුරක් නොදන්නා බවයි. ඇයගේ ලිපිනය පවා නොදන්නා බවක් ඔහු කියා ඇති බව පැවසිණි. කෙසේ වෙතත් තමා හුදෙකලා ජීවිතයට වඩාත් ප්‍රිය කරන බවද වරක් ඔහු පවසා තිබිණි.
    දිගු කාලයක් තිස්සේ මෝදිගෙන් වෙන්ව ජීවත් වුවද ජශෝදාබන් සිය සැමියා අගමැති ධුරයේ කටයුතු කරන ආකාරය පිළිබඳව මහත් ප්‍රසාදයෙන් අදහස් දක්වා තිබෙනුද පසුගිය කාලයේ දක්නට ලැබිණි. මෝදි ඉන්දියාවේ කළු සල්ලි එළියට අදිනු පිණිස එරට රුපියල් 500 සහ 1000 නෝට්ටු අවලංගු කර ඒ වෙනුවට අලුත් නෝට්ටු හඳුන්වා දුන් අවස්ථාව එයට එක් නිදසුනකි. බොහෝ පාර්ශ්ව ඔහුගේ මෙම පියවර විවේචනය කරද්දී ජශෝදාබන් එය ඉතා වැදගත් පියවරක් බව පවසමින් අගය කළාය.



    කිත්සිරි මල්වත්ත
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    අගමැති මෝදිගේ බිරිඳ

    ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි ගේ බිරිඳ ජශෝදාබන් බිහිසුණු රිය අනතුරකට මුහුණදී අනූනවයෙන් දිවි ගලවා ගැනීමේ පුවතක් බදාදා (07 දා) ඉන්දියානු මාධ්‍ය වාර්තා කළේය. .......ඇයත්, අගමැති මෝදිත් අතර මේ වනවිට කිසිදු සන්නිවේදනයක් සිදු නොවන බවක්ද පෙනේ. තමා කවදා හෝ දිනෙක නැවත ඔහු මුණ ගැසීමට කැමැත්තෙන් සිටින බවක්ද ජශෝදාබන් වරක් ප්‍රකාශ කර තිබිණි...... .... මේ වනවිටත් මෝදි සැලකෙන්නේ බ්‍රහ්මචර්යාව රකින අයෙකු ලෙසිනි. ඇතැමුන් පවසන්නේ භාරතීය ජනතා පක්ෂයේ හින්දුවාදී ඡන්දදායකයන් තුළ ආකර්ශනයක් ඇති කිරීම සඳහා ඔහු මෙවැනි ජීවන ෙශෙලියක් අනුගමනය කරන බවයි.


    මේක දැක්කහම සාටක බයියත් අර කුරුස මාර්ක් ගෑනිව අතහැරලා
    බ්‍රහ්මචර්යාව රකීද දන්නේනෑ !! මොකද ඌත් චන්දෙදෙනවා කිවොත් ඕන මිත්‍යා ද්ෂ්ටික වැඩක් කරනවනේ :rofl::rofl::rofl::P:rofl::rofl::rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113

    මේක දැක්කහම සාටක බයියත් අර කුරුස මාර්ක් ගෑනිව අතහැරලා
    බ්‍රහ්මචර්යාව රකීද දන්නේනෑ !! මොකද ඌත් චන්දෙදෙනවා කිවොත් ඕන මිත්‍යා ද්ෂ්ටික වැඩක් කරනවනේ :rofl::rofl::rofl::P:rofl::rofl::rofl:

    හැබැයි සාටක බයියා වයි ෆයි ටෝක් දෙන මොඩන් හාමුට කෙළල ඇරිය නේහ්