අගමැති වැය ශීර්ෂය කපන යෝජනාව සම්මතයි

minister.

Junior member
  • Apr 7, 2012
    74
    15
    8
    අගමැති වැය ශීර්ෂය කපන යෝජනාව සම්මතයි

    අගමැති වැය ශීර්ෂය කපන යෝජනාව සම්මතයි - පක්ෂව ඡන්ද 123 - 0


    පාර්ලිමේන්තුවේ සභාවාරය හෙට පෙරවරු 10.30 තෙක් කල් තැබීය.

    අගමැති වැය ශීර්ෂය කපා හැරීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් ලැබිණි. විරුද්ධව එක ඡන්දයක්වත් නොලැබිණි. ඒ අනුව යෝජනාව වැඩි ඡන්ද 123කින් සම්මත කළ බව කතානායක කරු ජයසූරිය මහතා නිවේදනය කළේය.
    අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැය ශීර්ෂය කපා හැරීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් ලැබී තිබෙනවා.

    එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය මෙම යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළා.

    පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වී එක්සත් ජාතික පක්ෂයට සමඟ නැවත එක්වූ වසන්ත සේනානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කළා.

    අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැය ශීර්ෂය කපා හැරීමේ යෝජනාවට විරුද්ධව කිසිදු ඡන්දයක් නොලැබුනේ, ආණ්ඩු පක්ෂය අද පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි නොවීම හේතුවෙන්.
    vote-1233-fb-1200x600.png
     

    minister.

    Junior member
  • Apr 7, 2012
    74
    15
    8
    But still he can use public money at his own risk.But he may have to prove it in the court.if he lost the case he would be in jail.