අගවිනිසුරුවරිය තේරීම් සභාවෙන් පැනගියා

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    අගවිනිසුරුවරිය තේරීම් සභාවෙන් පැනගියා

    කොළඹ කුණු කානු ලැහැස්ති කරන්නෙ සාත්තර කාරයො කිවුවද කාලෙ හරි කියල - පොර ටෝක් සහ කොර ටෝක් - 26--------

    (ලංකා ඊ නිව්ස් -2013.ජන.11, ප.ව.5.30)

    •අගවිනිසුරුවරිය තේරීම් සභාවෙන් පැනගියා -ඇමති පවිත්‍රා
    -අර අපවිත්‍රියො මිනිස්සුත් එක්ක පැනල යනව වගේද?

    •ජනතාවට එපාවුන දවසට මං යනවා- ජනපති
    -ඒක තේරිල වෙන්න ඇති කොළඹ කුණු කානු නවීකරණය කරන්නෙ

    •කව්දෝ ප්‍රශාන්ත නමින් පුද්ගලයකු මගේ බිරිඳගේ දුරකථනයෙන් මට තර්ජනය කලා- නොතේරුම් ඇමති අනුරයාපා



    -ෂුවර් එකටම දෝශාභියෝගයෙන් අමාරුවෙ දැම්ම කේන්තියට ලොක්කම තමයි ප්‍රශාන්ත ජයකොඩි ලව්ව තර්ජනය කරන්න ඇත්තෙ

    •ගුවන් විදුලි භූමිය හෝටලයක් සඳහා පවරාදෙන ලෙස ගෝථා හඩ්සන්ට නියෝග කරයි - ප්‍රවෘත්තියක්
    -ගෝඨටත් හඩු කතා අහලම එපා වෙලා වෙන්න ඇති

    •විවාහ ලියාපදිංචි ගාස්තු 400% කින් ඉහළට- ප්‍රවෘත්තියක්
    -අපොයි සනත්ට, මනුෂට, පවිත්‍රට, දිමුත්ට, නිමල් හිරිපාලට, තමයි බඩට වැදුනෙ

    •මේ ජීවත්වන අපිගැන නෙවෙයි ඉපදෙන්න ඉන්න දරුවොන්ගෙ සමෘද්ධිය වෙනුවෙනුයි අපි කටයුතු කරන්නෙ- ජනපති
    -ඇයි ඉපදිල දැන් ජීවතුන් අතර ඉන්න දරුවො තුන්දෙන වෙනුවෙන් නෙවෙයිද?

    •නීතිවිද්‍යාලයේ පවත්වන විභාගවලට කාටවත් ඇඟිලි ගහන්න බැහැ- ඇමති හකීම්
    -කොහෙ ඇඟිලි ගහන්නද සීත කාමරවල තනියම උත්තර ලියනකොට

    •විදේශගත අපේ ශ්‍රමිකයන්ට රතුපලස එළනවා -ඇමති ඩිලාන්
    -කටුනායක රොෂේන් චානකට රතුපලස් එලුව වගේද?

    •නීතියේ පිහිට ඉල්ලා අගවිනිසුරුවරිය උසාවි යයි -ප්‍රවෘත්තියක්
    -ඔය තියෙන්නෙ ආශ්චර්ය, යකඩ මල්ලට ගුල්ලො ගහන තරමට

    •විනිසුරුවරුන් බාහිර බලවේග වලට හසු නොවිය යුතුයි. අධිකරණයේ පාරිශ=ද්ධභාවය සහ කීර්තිනාමය සුරැකිය යුතුයි -හිටපු අගවිනිසුරු සරත් සිල්වා
    - දියවන්නා පාරෙ ලඳු කැලෑ නැතිනම්

    •ප්‍රාදේශීයසභා මංත්‍රීට වෙඩිතබා ඇත්තේ කොන්ත්‍රාත් ක්‍රමයට මිනීමරන අයෙක් -කැළණිය පොළිසිය
    -අයෙක්ද? පවුලක් ද?

    •නයිනළඟන බොරු පච කාරියක් -ඇමති වීරවංස
    -එහෙනම් නවය පාස්ද බලල දෙමුකො ඇමති පට්ටමක්

    •මං ආර්ථික විශේෂඥයෙක් මිසක් දෛවඥයෙක් නෙවෙයි -පීබී ජයසුන්දර
    -උසාවියෙන් කිව්වෙ දූෂිතයෙක් කියලනෙ

    •කළුකෝට් කාරයො, කම්කරු නායකයො ජනාධිපති වුනා. මීළඟ ජනාධිපති රාජිත වගේ දොස්තර කෙනෙක් වියයුතුයි -මධ්‍යම පළාත්සභා මංත්‍රී
    -ජනතාවගෙ දත් ගලවන්න පුරුදු එකෙක්ම දාන එක තමයි හොඳ

    •රිසානාට සාධාරණ නඩු විභාගයකින් තොරව ද~ුවම් කිරීම අපරාධයක් -රාජපක‍ෂ රජය
    -මහින්ද ෆයිසාල් රජා අගවිනිසුරුවරියගෙ නඩුව අහපු විදියට එපායැ අහන්න

    •ගුවන්විදුලියේ එදා හිටියේ රත්තරං වගේ පඬිවරු -හඩ්සන් සමරසිංහ
    -දෙවිවරු පය ගහයිද හඩ්ඩො බල්ටි ගහන තැන්වල

    •අගවිනිසුරුවරියට ෆොන්සේකට තරම්වත් කොන්දක් නෑ -නලින් ද සිල්වා
    -මූව සෞඛ්‍ය පන්තියකට යවල ගන්න වෙන්නෙ

    •අගවිනිසුරුවරියගෙ බළලා මල්ලෙන් එළියට පැනලා -ඇමති මර්වින් සිල්වා
    -මර්වින්ගෙ ඔළියට පැන්න තරමට කැළිනියෙනුත් පැනල යන්න වෙලා තියෙන්නෙ

    •වෙඩිතැබීමකින් පසු ජනපති විජේදාස රාජක‍ෂගේ නිවසට යයි -ප්‍රවෘත්තියක්
    -සාමාන්‍යයෙන් ඝාතකය සිද්ධිය වූ තැනට හොරෙන් හරි යන එක සිරිතක්ලූ

    •මමත් නීතිඥයෙක් නිසා අධිකරණය හෑල්ලූ කරනවට විරුද්ධයි -ජනපති
    -හොර පෙරකදෝරුවො විරුද්දවෙලා මක්කටෙයි

    •තනතුරුවලට ආවට පස්සෙ කෙළෙහිගුණ නොසලකන්නෙ වසළයො -ජනපති කාර්යාලයේ කුමාරසිරි හෙට්ටිගේ
    -ඔන්න හෙට්ටිගේටත් මහඑකා ගැන තේරෙන්න පටන් අරන්

    •දෝශාභියෝගෙ අර්බුදයක් නෑ -ඇමති බන්ධුල
    -විභාග ප්‍රශ්ණ පත්තරවල වගේ

    පොර ටෝක් කොර කෙළේ හේවායා විසිනි


     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    *අගවිනිසුරුට එරෙහි දොෂාභියෝය ව්‍යවස්ථා විරෝධීයි- ශ්‍රේෂ්ඨාධිකරණය
    - හොරාගෙ අම්මගෙන්නෙ පේන ඇහැව්වෙ.

    *පොදුරාජ්‍යමණ්ඩළීය එකගතාවලට අනුව කටයුතු කළ යුතුයි - රනිල්
    - ඔව් උගෙ තාත්තා කියන දේ ඌ අහන්න එපායැ.

    * මේ රජය ප්‍රජාතන්ත්‍ර විරෝධියි - අනුර කුමාර
    -71, 88-89 කාලෙනෙ ප්‍රජාතන්ත්‍රෙ මේ රටේ රජ කලේ.

    * ආණ්ඩුව කිළිනොච්චි කියලා මැදවච්චි යනවා - රවී
    - ඇත්ත. අන්තිමට ප්‍රභාකරන් කොටුවුනේ වයික්කාලෙදිනේ.

    * දෝෂාභියෝග ක්‍රියාවලිය ගැන ඇමරිකාව විමසිල්ලෙන්- ඇමරිකන් තානාපති.
    -ඕනේ නෑ. අපරාදෙ කාලෙ නාස්ති කරන්නෙ. ඔයාලා පුකවල් පලලා ඩොලර් දාලා එවපු අය ඒක මෙහෙ අපූරැවට කරනවා.

    *ඕන ගොනෙකුට යුද්ද කරන්න පුලුවන් - කිරිඇල්ල
    - අන්තිමට ගොනා වලං කඩේටත් පැන්නා නේ.

    * ෆොනී යුද්ධ හමුදාවට තියා ගැලවීමේ හමුදාවටවත් හරියන්නෑ -මංගල
    - ඒකනේ හිටිය ඔක්කොම ගැලවිලා ගියේ අන්තිමට

    * සීජේට මා සමග එක්වන ලෙස ඉල්ලා සිටිනවා - ෆොනී
    -දැන් ඉතින් ලාහට ගෙම්බො එකතු කරන්න වෙලා නොවැ.

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    * සීජේට මා සමග එක්වන ලෙස ඉල්ලා සිටිනවා - ෆොනී
    -දැන් ඉතින් ලාහට ගෙම්බො එකතු කරන්න වෙලා නොවැ.

    patta :lol::lol::lol: