අගෝස්තු 18 සිට ලංකාවට PayPal..!!!

අගෝස්තු 18 සිට ලංකාවට PayPal..!!!

---අන්තර්ජාලය භාවිතා කර ව්‍යාපාර කරන්නන්ට සුභ පණිවිඩයක්--

PayPal යනු අන්තර්ජාතිකව මිලියන ගණනාවක් භාවිතා කරන ඔන්ලයින් ගෙවීමේ ක්‍රමයකි. මෙය අතිශයින් පහසු ගෙවීම් ක්‍රමයක් වේ.

අපේ රටේ සිට PayPal මාර්ගයෙන් වෙනත් රටක සිටින කෙනකුට මුදල් යැවිය හැකි වුවද වෙනත් රටක සිට එවන මුදල් ලබා ගත නොහැකිය.

මේ පහසුකම ලබා දෙන්නැයි බොහෝ කාලයක් තිස්සේ දේශීය මෘදුකාංග නිමැවුම්කරුවන් ඇතුළු අපනයනකරුවෝ රජයෙන් ඉල්ලා සිටියහ. එයට හේතුවක් නම් සුළු අගයන් සඳහා වන ගෙවීම් පිණිස PayPal හොඳ මාර්ගයක් වීමය.

නිදසුනක් හැටියට විදේශිකයකුට වෙබ් අඩවියක් හෝ ග්‍රැෆික්ස් නිර්මාණය කර ගෙන දේශීය තරුණයෙක් එයට ඩොලර් 200 ක ගෙවීමක් ඉල්ලන විට විදේශිකයා ඒ පිණිස බැංකුවකට ගොස් කාලයක් වැය කරන්නට සූදානම් නැත. ඒ නිසා PayPal වැනි සේවාවක් තිබීම අත්‍යාවශ්‍ය වේ.

ලංකාවට PayPal පහසුකම ලබාගැනීම සම්බන්ධයෙන් පැවති සන්ධාන ආණ්ඩුව විසින් වරින් වර කරන ලද ප්‍රකාශ රාශියක් අන්තර්ජාලයේ දැකිය හැකිය.පැවති රජය පැවසුවේ PayPal පහසුකම ලබා ගැනීම පිණිස කටයුතු කරමින් යන බවය. ඒ කටයුතු දේශීය බැංකුවකට පවරා ඇති බවද ඔවුන් තවදුරටත් පවසන ලදී.

තවත් ඒවායේ කියන්නේ දේශීය බැංකු හතරක් ඒ පිණිස වෙහෙසෙන බවය. වසර ගණනාවක් තිස්සේ, මේ හැම අවස්ථාවකදීම පැවති රජය කතා කළේ PayPal පහසුකම අපට අද හෙටම ලැබෙන ආකාරයටය. එහෙත් අද වන විටත් එය ලැබී නැති බව හැම දෙනාම දනිති.

එක්සත් ජාතික පක්ෂ රජය බලයට පත් වූ අවස්ථාවේ සිට මේ ඉල්ලීම අපටද නොයෙක් වර අසන්නට ලැබුණේය. මේ පිළිබඳව සොයා බැලූ අපට දැන ගන්නට ලැබුණේ මාධ්‍ය ඉදිරියේ කයිවාරු ගැසුවා විනා පැවති සන්ධාන ආණ්ඩුව ලංකාවට PayPal පහසුකම ලබා දෙන්නට කිසිම දෙයක් කර නොමැති බවයි.

රටකට PayPal පහසුකම ලබා ගැනීමට නම් කරුණු දෙකක් සම්පූර්ණ විය යුතුය.

1. එරට එක වාණිජ බැංකුවක් හෝ PayPal විසින් ගනුදෙනු කිරීම පිණිස හඳුනාගෙන තිබීම.
2. එරට බල පවත්වන මූල්‍ය රෙගුලාසි PayPal ගනුදෙනු වලට බාධාවක් නොවීම.

පැවති රජය කථා කළේ මේ පළමු කාරණය ගැන පමණකි. එහෙත් තමන්ට වෙනස් කරන්නට හැකිව තිබුණු එහෙත් මේ දීර්ඝ කාලය තිස්සේ නොකළ මූල්‍ය රෙගුලාසි වෙනස් කිරීම ගැන පැවති සන්ධාන ආණ්ඩුව වචනයක් වත් කතා නොකළේය

ශ්‍රී ලංකාවේ බල පවත්වන නීති අනුව ඔන්ලයින් එන මුදලක් ගණුදෙනුකරුවෙකු වෙනුවෙන් භාර ගැනීම පිණිස වාණිජ බැංකුවකට නීතිමය ප්‍රතිපාදන නොමැත. PayPal ලංකාවේදී සක්‍රිය වීමට නම් අදාළ නීති හා රෙගුලාසි වෙනස් විය යුතුය. එය වන තුරු අපට PayPal මඟින් මුදල් ලබා ගත නොහැකිය. දෙවන අවශ්‍යතාවය සපුරා තිබීම පළමු අවශ්‍යතාවය සැපිරීමට අත්‍යාවශ්‍ය කරුණක් වේ.

එක්සත් ජාතික පක්ෂ රජයේ දින මුල් දින 180 ක කාලය තුළ අපට මෙය කළ නොහැකි විය. ඒ කාලය මඳවීම නිසා හා වෙනත් ප්‍රමුඛතා තිබුණු හෙයිනි.
එසේ වුවද අගෝස්තු 17 වැනිදා එක්සත් ජාතික පක්ෂයේ නව රජය බලයට පත්වූ වහාම ඉටු කළ යුතු ප්‍රමුඛ කාර්යයක් සේ PayPal පහසුකම අපේ රටට ලබා ගැනීම හඳුනා ගෙන තිබේ. මෙය ඔබට අත්‍යාවශ්‍ය කරුණක් බව අපි දනිමු. ඒ ඔබ තේරුම් ගැනීමට රාජපක්ෂ රෙජීමයට කවදාවත් නොතිබුණු හැකියාවක් අපට ඇති නිසාය.

-රවී කරුණානායක-

බම්ප් එකක්වත් දාල පලයව්...

එම සටහන මෙතනින් බලන්න
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Carrot.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,335
    100,191
    113
    ලංකාවෙ දේශපාලනයටත් පේපැල් ආව එහෙනන්.

    ඕක වෙන සීන් එකක් බන් තියෙන්නෙ. උන් ඩෝන්ට් කෙයාර් මචන්. උන්ට හෙන ගේමක් දෙන්න ඕනි ඕක දාන්න. ඒ යන කොස්ට් එකත් එක්ක උන් ඒක දැන්ම දාන්නෙ නෑ.
    කස්ටම් කෙයාර්, ලීගල් කේස් ඕව ඔක්කොටම ලෑස්තිවෙලා උන් සපොර්ට් එක දෙන්නෙ.

    අනිවා දෙයි ලංකාවෙ ඉන්න ඉන් හා කිව්වත් නැතත් උන් දෙන වෙලාවට.:yes::yes::yes:
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ha ha mun mekenuth waasi gannada hadanne?
    giya anduwath try kalane lankawata paypal support eka hada ganna.