අග මුල නැති සසර

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මම මේක දාන්න හිතුවේ asliyanage මහත්තයගෙ "සසරේ පෙර කෙලවර සහ අග කෙලවර" කියන post එක දැකල. මේ එතුමාව විවේචනය කිරීමක් වත්, එතුමාට අගෞරව කිරීමක් වත් නෙමෙයි. මේ හුදෙක්ම අපිට මේ තියෙන සංසාරය මහා දිග එකක් කියන වැරදි ආකල්පය විවේචනය කිරීමක් විතරයි. ඔහොම අගක් මුලක් නැති සංසාරයක් තියෙනව කියල ගත්තොත් මම නම් හිතන්නේ අපි අයෙත් ඔය භව ගමනක් යන ආත්මයක් ඇත කියන සංකල්පයට වක්‍රාකාරව අනුගත වෙනව කියල. අනෙක් අතට මෙහෙම අග සහ මුල නැති සංසාරයක් භයානකයි කිව්වහම අපි නොදැනුවත්වම සංසාරයේ විඳවන්නෙක් පනවගන්නව. ඔන්න ඔය නිසා, මම නම් හිතන්නෙ සංසාරය කියන්නෙ සෑම අවිද්‍යා සහගත සිතක් පාසාම ඇතිවෙන මෙන්න මේ චක්‍රය කියල:

    1678769592465.png

    "අනමතග්ගෝයං භික්කවේ සංසාරෝ. පුබ්බාකෝටි න පඤ්ඤායති අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං......."

    මේතැනදි සංසාරය මහා දිග එකක් යන මතුපිට අරුතට වඩා ඔය මේ මේ මොහොතේ කාර්ම රැස්වෙන සංසාර චක්‍රයට ගැලපෙන ගැලපෙන පහත ගැඹුරු අර්ථය වඩා යෝග්‍යයි යන්න මගෙ අදහසයි.

    පඤ්ඤාවෙන් තොර අවිද්‍යා නීවරණ සහිතව ආරම්භ වන සංසාරයේ අග නිවන නොමැත..

    අනමතග්ගෝයං = නඅමතග්ගෝයං = න (නැත) + අම (නිවන) + අග්ගෝයං (අග කොටසෙහි)
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Kalpa gananak perum piruwe kohomada?
    පෙරුම් පිරුවෙ මහත්තය එක එක භවයන් වලනෙ, භවය එකක්, සංසාරය තව එකක්.
    නොයෙක් භවයන් වල පෙරුම් පුරල එක භවයක බුදු වෙන්න පරිසරයක් තමයි නිර්මාණය වුනේ. බුදු වුනාට පස්සේ භව තනන සංසාර චක්‍රය නැවතුනා... :-)
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    පඤ්ඤාවෙන් තොර අවිද්‍යා නීවරණ සහිතව ආරම්භ වන සංසාරයේ අග නිවන නොමැත..

    අනමතග්ගෝයං = නඅමතග්ගෝයං = න (නැත) + අම (නිවන) + අග්ගෝයං (අග කොටසෙහි)
    සුමංගල හිමි ශබ්දකෝෂය, පොල්වත්තේ බුද්ධදත්ත හිමි ශබ්දකෝෂය, බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනය, මහමෙව්නාවේ සූත්‍ර පිටක පරිවර්තනය, සහ අටුවා අනුව... ඔය අර්ථදැක්වීම වැරදියි.

    .
    අනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො, පුබ්බා කොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්‍ධාවතං සංසරතං.

    මහණෙනි, මේ සසර අනවරාග්‍ර (අපරාන්ත රහිත) ය. එහෙයින් අවිද්‍යාවෙන් වැසුනු තෘෂ්ණාවෙන් බැඳුනු (එහි) දිවෙන සැරිසරණ සත්‍වයන්ගේ පූර්‍වාන්තය නො පෙණේ.
    https://tipitaka.lk/sn-2-3-1

    පින්වත් මහණෙනි, ඉපදෙමින් මැරෙමින් යන මේ ස්වභාවය (සංසාරය) අවසන් නොවන ගමනකි. අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු මේ සත්වයන් සුගති දුගතිවල සැරිසරමින් යන මේ ස්වභාවය ආරම්භක කෙළවරක් දැක්ක නොහැකි ය.
    https://tripitaka.online/sutta/2603
    ------ Post added on Mar 15, 2023 at 5:11 AM
     
    Last edited:

    ඔව් මහත්තය ඔබතුමා හරි, ඔය ස්වාමින් වහන්සේලා කියල තියෙන්නෙ උඩින් තියන භාශාමය අර්ථය, මේ ඒක වැරදියි කියනව නෙමෙයි නමුත් ඔය ස්වාමින් වහන්සේලා කියන අර්ථය හරි නම් උන්වහන්සේලා නිවන් දැකල තියෙන්න ඕනි නේද? මගේ අදහස නම්, ඔයිට වඩා ගැඹුරු දෙයක් ඔතන තථාගතයන් වහන්සේ දේශනා කරල තියෙන්නෙ.

    කොහොම නමුත් මේ links දැම්මට ඔබතුමාට පිං
     
    • Haha
    Reactions: ek_rosh

    nidarsha91

    Well-known member
  • පෙරුම් පිරුවෙ මහත්තය එක එක භවයන් වලනෙ, භවය එකක්, සංසාරය තව එකක්.
    නොයෙක් භවයන් වල පෙරුම් පුරල එක භවයක බුදු වෙන්න පරිසරයක් තමයි නිර්මාණය වුනේ. බුදු වුනාට පස්සේ භව තනන සංසාර චක්‍රය නැවතුනා... :-)
    භවය සසරයි ගැන ඔබේ විග්‍රහය පුලුවන් නම්, ඉදිරිපත් කරනවද මහත්මයා. තර්කයට නෙමෙයි අහන්නෙ, අවබෝධය දියුණු කරගන්නයි. ඔබට පින් !
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    භවය සසරයි ගැන ඔබේ විග්‍රහය පුලුවන් නම්, ඉදිරිපත් කරනවද මහත්මයා. තර්කයට නෙමෙයි අහන්නෙ, අවබෝධය දියුණු කරගන්නයි. ඔබට පින් !
    හොඳමයි මහත්තය, මේ diagram එක බලන්නකො:

    1678873851700.png

    මෙන්න මෙතන භවය (රතු) ගැන තමයි ඔය කියන්නෙ මහත්තය, භවයක් කියන්නෙ කර්මයක් විපාක දීමට ඇතිවෙන පරිසරයක්, ඒ කියන්නෙ විඳවන්නෙක් සහ විඳීමක් නිර්මාණය. මේ භවය උප්පත්ති සහ කර්ම ලෙස දෙආකාරයි

    උප්පත්ති භවයක් කියන්නෙ නිර්මාණය වන විඳවන්නාගේ සහ විඳීමේ ගතිය කලින් තිබුන ගතියට වඩා වෙනස් එකක් වීම (ප්‍රතිසන්ධිය) - උදා: මනුෂ්‍ය භවයක් තිරිසන් භවයකට හැරීම, නැත්නම් එක මනුෂ්‍ය භවයක සිට වෙනත මනුෂ්‍ය භවයකට හැරීම...

    කර්ම භවයක් කියන්නෙ විඳවන්නාගේ සහ විඳීමේ ගතිය වෙනස් නොවී මේ මේ මොහොතේ (පච්චුප්පන මොහොතේ) කර්ම විපාක දීමට ඇතිවෙන පරිසරය - උදා: මල දකින්නා සහ පෙනෙන මල. මෙතන දකින්නා මමත්, දකින මල මගෙ උනොත් තමයි දුක හටගන්නෙ - ඒක තව දිග විස්තරයක්.

    ඉතිං ප්‍රවුර්ති කර්මයේ විපාක ශක්තිය අනුව සමහර සංසාර චක්‍ර කාර්ම භවත් සමහර ඒවා උප්පත්ති භවත් නිර්මාණය කරනව. ඕක තමයි සංසාර චක්‍රය සහ භව අතර සම්බන්ධය.

    මේ ඉතා කෙටි විස්තරයක් මහත්තය තව ගොඩක් දේවල් කියන්න තියෙනව නමුත් type කරන්න අමාරුයි. අනික මේ රූප සටහන තේරුම් ගැනීමේ පහසුවට ඇඳපු ආකෘතියක් විතරයි, මෙහෙම ඇන්දට මේ ඔක්කොම එකට සිදුවෙන ක්‍රියාවලියක්, එකක් පස්සේ එකක් වත්, වෙන් වෙන් කරපු entities තියෙන එකක් වත් නෙමෙයි.
     
    nidarsha91

    Well-known member
  • හොඳමයි මහත්තය, මේ diagram එක බලන්නකො:

    View attachment 199951

    ස්තූතියි මහත්මය. දැන් ඔලුව මෙතන නෑ. අනිවාර්යෙන්ම මේ සටහන කියවල අවබෝධ කරගන්න උත්සාහ කරල අමාරු තැනක් ආවොත් ආයෙමත් අහන්නම්. ඔබට ස්තූතියි. තෙරුවන් සරණයි
     
    • Like
    Reactions: MalSeven

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    මම මේක දාන්න හිතුවේ asliyanage මහත්තයගෙ "සසරේ පෙර කෙලවර සහ අග කෙලවර" කියන post එක දැකල. මේ එතුමාව විවේචනය කිරීමක් වත්, එතුමාට අගෞරව කිරීමක් වත් නෙමෙයි. මේ හුදෙක්ම අපිට මේ තියෙන සංසාරය මහා දිග එකක් කියන වැරදි ආකල්පය විවේචනය කිරීමක් විතරයි. ඔහොම අගක් මුලක් නැති සංසාරයක් තියෙනව කියල ගත්තොත් මම නම් හිතන්නේ අපි අයෙත් ඔය භව ගමනක් යන ආත්මයක් ඇත කියන සංකල්පයට වක්‍රාකාරව අනුගත වෙනව කියල. අනෙක් අතට මෙහෙම අග සහ මුල නැති සංසාරයක් භයානකයි කිව්වහම අපි නොදැනුවත්වම සංසාරයේ විඳවන්නෙක් පනවගන්නව. ඔන්න ඔය නිසා, මම නම් හිතන්නෙ සංසාරය කියන්නෙ සෑම අවිද්‍යා සහගත සිතක් පාසාම ඇතිවෙන මෙන්න මේ චක්‍රය කියල:

    View attachment 199843

    "අනමතග්ගෝයං භික්කවේ සංසාරෝ. පුබ්බාකෝටි න පඤ්ඤායති අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං......."

    මේතැනදි සංසාරය මහා දිග එකක් යන මතුපිට අරුතට වඩා ඔය මේ මේ මොහොතේ කාර්ම රැස්වෙන සංසාර චක්‍රයට ගැලපෙන ගැලපෙන පහත ගැඹුරු අර්ථය වඩා යෝග්‍යයි යන්න මගෙ අදහසයි.

    පඤ්ඤාවෙන් තොර අවිද්‍යා නීවරණ සහිතව ආරම්භ වන සංසාරයේ අග නිවන නොමැත..

    අනමතග්ගෝයං = නඅමතග්ගෝයං = න (නැත) + අම (නිවන) + අග්ගෝයං (අග කොටසෙහි)
    මම මගේ post එකෙන් කිව්වේ කිය්න සරල අදහස නම් අපි නිවන් දකින තුරු ඉපදෙමින් මරෙමින් යනවා, එකට අපි අකමති උනත් නෑතත්. ගොඩක් වෙලාවට අපි ඉපදෙන්නේ සතර අපායෙ. සතර අපායේ දුක කියල නිම කරන්න බෑරි තරම් . බුදු හාමුදුරුවොඅ කියනව උපාමාවකින් වත් කියනන් බෑහ කියල. ඉතින් ඔය මරෙමින්, ඉපදෙමින් යන ගමන තමයි කෙලවරක් නෑති සන්සාර ගමන කියන්නෑ.
    එක ඔනෙම කෙනෙක්ට තෙරෙන්න ඔනෙ.
    එකට සරලම හෙතුව අවිද්යාව.
    එක නෑති කරන්න තයි චතුරාර්ය සත්ය තියෙනෙන.
    එකට කරන්න ඔනි ආර්ය අශ්ටාන්ගික මාර්ගයෙ පිලි පදින එක.
    සලරව කියනව නම් දන් දෙන්න, සිල් රකින්න, සාමධි භවනා කරල සිත සමධි ගත කර ගන්න , ඊට පස්සෙ විදර්ශනා භවනාවක් කරන්න

    ------ Post added on Mar 16, 2023 at 3:53 AM

    1) කාමච්ඡන්ද නීවරණය ය.
    (2) ව්‍යාපාද නීවරණය ය
    (3) ථීනමිද්ධ නීවරණය
    (4) උද්ධච්ච කුක්කුච්ච නීවරණය
    (5) විචිකිච්ඡා නීවරණය
    යි නීවරණ නම් වූ අකුශල ධර්ම පසෙක් වේ. සත්ත්වයාගේ සිත කුශලයට යොමු වන්නට නොදී වසා ගෙන සිටින බැවින් ඒ ධර්මයෝ නීවරණ නම් වෙති.
    (1) කාමච්ඡන්ද නීවරණය යනු රූපාදි පඤ්චකාම විෂයෙහි ඇලෙන්නා වූ ලෝභය ය.
    (2) ව්‍යාපාද නීවරණය යනු අකුශල මූලයන් ගෙන් එකක් වූ ද්වේෂය ය.
    (3) ථීනමිද්ධ නීවරණය යනු කටයුත්තෙහි මනා කොට නොයෙදී හැකිළෙන්නා වූ පසු බසින්නා වූ ස්වභාවය ය.
    (4) උද්ධච්චකුක්කුච්ච නීවරණය යන මෙහි උද්ධච්ච යනු සිතෙහි නො සන්සුන් ස්වභාවය ය, කුක්කුච්චය යනු කළා වූ පව් නො කොට ඉක්මවන ලද කුශලය පිළිබඳව ද ඇති වන්නා වූ පශ්චාත්තාපය ය. මේ දෙකින් ම සිත නොසන්සුන් කරන බැවින් ධර්ම දෙකක් වුව ද නීවරණ වශයෙන් එකක් කොට දක්වා තිබේ.
    (5) විචිකිච්ඡා නීවරණය යනු බුද්ධාදීන් පිළිබඳ වූ සැකය ය.
    ------ Post added on Mar 16, 2023 at 4:19 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,155
    113
    ඔව් මහත්තය ඔබතුමා හරි, ඔය ස්වාමින් වහන්සේලා කියල තියෙන්නෙ උඩින් තියන භාශාමය අර්ථය, මේ ඒක වැරදියි කියනව නෙමෙයි නමුත් ඔය ස්වාමින් වහන්සේලා කියන අර්ථය හරි නම් උන්වහන්සේලා නිවන් දැකල තියෙන්න ඕනි නේද? මගේ අදහස නම්, ඔයිට වඩා ගැඹුරු දෙයක් ඔතන තථාගතයන් වහන්සේ දේශනා කරල තියෙන්නෙ.

    කොහොම නමුත් මේ links දැම්මට ඔබතුමාට පිං

    ඔව් මහත්තය, ත්‍රිපිටක පරිවර්තනය කරපු උතුමන් නිවන් දැකල නැ. එක නිසා උන්වහන්සේලා කියන අර්ත හරි වෙන්නෙ විදිහක් නැ.. ඔබතුමාගේ පවුද්ගලික අදහස නම් අපිට එතුමන්ලගෙ අර්තයට වැඩිය බොහොම අර්තවත්. බොහොම ඉස්තුතියි.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔව් මහත්තය, ත්‍රිපිටක පරිවර්තනය කරපු උතුමන් නිවන් දැකල නැ. එක නිසා උන්වහන්සේලා කියන අර්ත හරි වෙන්නෙ විදිහක් නැ.. ඔබතුමාගේ පවුද්ගලික අදහස නම් අපිට එතුමන්ලගෙ අර්තයට වැඩිය බොහොම අර්තවත්. බොහොම ඉස්තුතියි.
    Welcome Back රෝෂ් මහත්තය ❤️, මම හිතුව ඔබතුමා තවමත් "මම" හොයනව කියල. :lol:

    පවුද්ගලික අදහසක් නම් නොවෙයි නමුත් ඔව්, මහත්තය මමනම් කියන්නෙ ඔය ත්‍රිපිටක පරිවර්තනය කරපු උතුමන් කරල තියෙන්නෙ හරියට වෛද්‍ය පොත් පත් කළා කාරයො set එකක් එකතු කරල පරිවර්තනය කළා වගෙ වැඩක්. :D
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,155
    113
    Welcome Back රෝෂ් මහත්තය ❤️, මම හිතුව ඔබතුමා තවමත් "මම" හොයනව කියල. :lol:

    තැන්ක්යු, තැන්ක්යු.. ස්ප්‍රින්ග් බ්‍රේරේක් එකේ පොඩි ටුවර් එකක් දැම්ම මහත්තයො. ඔබතුමා පාලුවේ ඉන්න ඇති නේ?.

    මම නම් ඉතින් මම කියල ගන්න දෙයක් නැ කියලනෙ මුල ඉදන්ම කිව්වෙ ඉතින් අයෙත් මොනව හොයන්නද..ඔබතුමාට තමයි හොයන්න වෙන්නෙ...

    පවුද්ගලික අදහසක් නම් නොවෙයි නමුත් ඔව්, මහත්තය මමනම් කියන්නෙ ඔය රිපිටක පරිවර්තනය කරපු උතුමන් කරල තියෙන්නෙ හරියට වෛද්‍ය පොත් පත් කළා කාරයො set එකක් එකතු කරල පරිවර්තනය කළා වගෙ වැඩක්. :D

    ඔව් මහත්තයො, වැඩි කියන්නෙ අභය හාමුතුරුවොත් ඔය විදිටහම කිව්වනෙ...මටත්, ඔය ත්‍රිපිටකය පරිවර්තනය කල උතුමන්ට වඩා මට නම්, පාලි හසරක් දන්නෙ නැති අභය හාමුදුරුවන්ගේ කතාවනම් අර උතුමන්ට වැඩිය සිය දහස් ගානක් විස්වාසයි. :rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,164
    67,501
    113
    Mතැන්ක්යු, තැන්ක්යු.. ස්ප්‍රින්ග් බ්‍රේරේක් එකේ පොඩි ටුවර් එකක් දැම්ම මහත්තයො. ඔබතුමා පාලුවේ ඉන්න ඇති නේ?.

    මම නම් ඉතින් මම කියල ගන්න දෙයක් නැ කියලනෙ මුල ඉදන්ම කිව්වෙ ඉතින් අයෙත් මොනව හොයන්නද..ඔබතුමාට තමයි හොයන්න වෙන්නෙ...

    ඔව් මහත්තයො, වැඩි කියන්නෙ අභය හාමුතුරුවොත් ඔය විදිටහම කිව්වනෙ...මටත්, ඔය ත්‍රිපිටකය පරිවර්තනය කල උතුමන්ට වඩා මට නම්, පාලි හසරක් දන්නෙ නැති අභය හාමුදුරුවන්ගේ කතාවනම් අර උතුමන්ට වැඩිය සිය දහස් ගානක් විස්වාසයි. :rofl:
    Ganna deyak nattan trip giye kauda? :oo: