මම මේක දාන්න හිතුවේ asliyanage මහත්තයගෙ "සසරේ පෙර කෙලවර සහ අග කෙලවර" කියන post එක දැකල. මේ එතුමාව විවේචනය කිරීමක් වත්, එතුමාට අගෞරව කිරීමක් වත් නෙමෙයි. මේ හුදෙක්ම අපිට මේ තියෙන සංසාරය මහා දිග එකක් කියන වැරදි ආකල්පය විවේචනය කිරීමක් විතරයි. ඔහොම අගක් මුලක් නැති සංසාරයක් තියෙනව කියල ගත්තොත් මම නම් හිතන්නේ අපි අයෙත් ඔය භව ගමනක් යන ආත්මයක් ඇත කියන සංකල්පයට වක්‍රාකාරව අනුගත වෙනව කියල. අනෙක් අතට මෙහෙම අග සහ මුල නැති සංසාරයක් භයානකයි කිව්වහම අපි නොදැනුවත්වම සංසාරයේ විඳවන්නෙක් පනවගන්නව. ඔන්න ඔය නිසා, මම නම් හිතන්නෙ සංසාරය කියන්නෙ සෑම අවිද්‍යා සහගත සිතක් පාසාම ඇතිවෙන මෙන්න මේ චක්‍රය කියල:
"අනමතග්ගෝයං භික්කවේ සංසාරෝ. පුබ්බාකෝටි න පඤ්ඤායති අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං......."
මේතැනදි සංසාරය මහා දිග එකක් යන මතුපිට අරුතට වඩා ඔය මේ මේ මොහොතේ කාර්ම රැස්වෙන සංසාර චක්‍රයට ගැලපෙන ගැලපෙන පහත ගැඹුරු අර්ථය වඩා යෝග්‍යයි යන්න මගෙ අදහසයි.
පඤ්ඤාවෙන් තොර අවිද්‍යා නීවරණ සහිතව ආරම්භ වන සංසාරයේ අග නිවන නොමැත..
අනමතග්ගෝයං = නඅමතග්ගෝයං = න (නැත) + අම (නිවන) + අග්ගෝයං (අග කොටසෙහි)