අඟහරු තරණයට ලංකාවෙන් 3 දෙනෙක්

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    අඟහරු තරණයට ලංකාවෙන් 3 දෙනෙක්

    ඉදිරියේදී අඟහරු ග‍්‍රහයා මත ඉදිකිරීමට යෝජිත ජනාවාස ව්‍යාපෘතිය සඳහා පදිංචිකරුවන් තෝරාගැනීම සඳහා "Mars One" නම් ඩෙන්මාර්ක් පර්යේෂණ ආයතනය විසින් කැඳවූ අයදුම් පත් සඳහා 202,586 දෙනෙකු ඉල්ලුම් කර තිබුණා.

    පසුගිය අගෝස්තු 31වනදායින් අවසන් වූ මේ සඳහා ඇමරිකාවෙන් 24%ක්, ඉන්දියාවෙන් 24%ක්, චීනයෙන් 6%ක්, බ්‍රසීලයෙන් 5%ක් ආදී ලෙස රටවල් 140ක අයදුම්කරුවන් අතර ලංකාවෙන්ද 3 දෙනෙකු අයදුම් කර ඇත.

    පෘතුවියේ ජීවත්වීම එපා වී අඟහරු මතය යාමට ලංකාවෙන් අයදුම් කල පුද්ගලයන් අතර මධුර ශබ්ධ කෝෂයේ නිර්මාතෘවරයාද වේ.

    මොවුන් අතුරින් ඉදිරියේදී 24 දෙනෙකු තෝරාගැනීමට නියමිත අතර ඔවුන් 4 දෙනාගෙන් යුත් කණ්ඩායම් 6ක් ලෙස අඟහරු මතට යැවීමට නියමිතය. අඟහරු වෙත යන පළමු අයදුම් කරුවන්ට රැගත් යානය පෘතුවියෙන් පිටත් වන්නේ 2022දීය. දින 200 ක් අභ්‍යාවකාශ චාරිකාවෙන් පසු ඔවුන් අඟහරු මත 2023දී ගොඩබසී.

    අඟහරු ග‍්‍රහයා මතට පිටත්කෙරෙන මේ පුද්ගලයන් ආපසු ගෙන්වාගැනීමක් සිදුනොකරන අතර මෙය අඟහරු ග‍්‍රහයා මත ස්ථිර ජනාවාස ඇති කිරීමේ අරමුණින් සිදු කෙරෙනා ව්‍යාපෘතියක් නිසා ගගනගාමින් ආපසු ගෙන්වාගැනීමට බලාපොරොත්තු නොවන බව එම ආයතනය පවසයි.

    මෙම සඳහා ලැබුණු අයදුම්පත් ප‍්‍රාසාංගික රූපවාහිනී වැඩසටහනක ට යොමුකර අවසන් 24 දෙනා තෝරාගන්නා අතර ඔවුනට අවුරුදු 8 ක පුහුණුවක්ද ලබාදේ. එහිදී අඟහරු ග‍්‍රහයා මතුපිටදී කටයුතු කළ යුතු ආකාරය හා ගමන අතරතුරදී කටයුතු කළ යුතු ආකාරය පිළිබද කියාදේ.

    අඟහරු මත උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 සිට සෘණ 135 අතර පරාසයක විහිදෙන අතර වායුගෝලය සැදී ඇත්තේ ස්වසනයට නුසුදුසු කාබන් ඩයොක්සයිඞ් වායුවෙනි. අඟහරු මතට ගොඩබැසීමෙන් අනතුරුව ඔවුනට ජනාවාස ඉදිකිරීමේ වගකීම පැවරෙන අතර එහිදී අඟහරුගේ කර්කෂ පරිසරයට එරෙහිව සටන් වැදීමටද ඔවුනට සිදුවේ.

    පෘතුවියේ සිට අඟහරුට ඇති ලඟම දුර කිලෝමීටර් මිලියන 4.6ක් වන අතර උපරිම දුර කිලෝමීටර් මිලියන 401ක් වේ. සාමාන්‍ය දුර කිලෝමීටර් මිලියන 225කි.

    පෘතුවිය මත දින 365ක් අවුරුද්දක් වන නමුත් අඟහරු මත අවුරුද්දක් සඳහා දින 669කි.

    http://applicants.mars-one.com/over...Age=&maximumAge=&country=LK&language=&rating=