අඟහරු මත Sex අවදානම්ලු..

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    අඟහරු මත Sex අවදානම්ලු..

    රතු ග්‍රහයා ලෙසින් හඳුන්වන අඟහරු ග්‍රහයා කියන්නේ දැනට සොයාගෙන ඇති ග්‍රහලෝක අතරේ පෘතුවියට යම්තාක් දුරට හෝ සමානකමක් ඇති එකම ග්‍රහයායි. ඒ නිසාම අඟහරු ග්‍රහයා සම්බන්ධයෙන් කාලයක් තිස්සේ විවිධ පර්යේෂණ අධ්‍යයන කරන්න නාසා ආයතනය ප්‍රමුඛ අභ්‍යවකාශ විද්‍යාඥයින් කටයුතු කලා.

    අඟහරු මත මිනිස් ජනපදයක් ඇති කිරීමේ අදහස මීට ටික කාලෙකට කලින් යෝජනා වූවක්, ඒත් අද වෙනකොට ඒක තවදුරටත් හිතලුවක් නොවෙන තැනට කටයුතු සිද්ධවේගෙන එනවා. අඟහරු ග්‍රහයා මත ගොඩනැගිලි ඇතිකිරීම, ශාක වැවීම, ආහාර සකස් කිරීම, ජලය සහ වායු පවත්වාගෙන යාම සිදුකරන්න පුළුවන් කියලා දැනටමත් පර්යේෂකයන් හොයාගෙන ඉවරයි. ඒත් පර්යේෂකයන්ගේ නවතම සොයාගැනීම්වලට අනුව අඟහරු ග්‍රහයා මත ලිංගික කටයුතු කරන එකනම් ටිකක් අවදානම්.

    අනාගතයේදී අඟහරු ග්‍රහයා මත ජනපද ඇතිවීමෙන් පස්සේ ජනතාව අතරේ වර්ගයා බෝ කිරීම සිදුවෙද්දි ඔවුන්ගේ ලිංගික සහ ප්‍රජනන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිදුකරන ලද පූර්ව නිගමනයන්ට අනුව තමයි මේ ලිංගික කටයුතු ටිකක් අවදානම් කියලා හොයාගෙන තියෙන්නේ, ඒකට ප්‍රධානතම හේතුව තමයි අඩු ගුරුත්වය නිසා (පෘතුවිය හා සංසන්දනයේදී තුනට එකක් වැනි ප්‍රමාණයක ගුරුත්වයක් අඟහරු මත පවතී) ලිංගික ක්‍රියාකාරකම් වලට අහිතකර බලපෑම් එල්ලවේවි යන අදහස. නමුත් සංසේචනය, ගර්භාෂය දරා සිටීම සහ දරුවන් බිහිකිරීම සිදුකල හැකි බව ඔවුන්ගේ මතයයි.

    ඇතැම්විට මේ අවදානම් තත්වය යටතේ ලිංගික කටයුතු සිදුවුවහොත් යම් හෙයකින් ගර්භාෂයේ බිහිවන දරුවන් නව මිනිස් ප්‍රභේදයක් පවා බිහිකිරීමට ඉඩ ඇති බව ඔවුන්ගේ අදහසයි. ඇතැම්විට විකෘති දරු උපත් හෝ මිනිසාගේ ස්වභාවයට වෙනස් ජිවීන් කොටසක් බිහිවීමේ අවදානමක් ඒ තුල ඇති බව ඔවුන්ගේ අදහසයි.

    එසේ උපදින දරුවන්ගේ මොළයේ ප්‍රමාණයේ වෙනස්කම්, ඇස් පෙනීම සහ වචන උච්චාරණයේ වෙනස්කම් ඇතිවිය හැකි බවටද ඔවුන් මත පලකරනවා. එපමණක්ද නොව අඟහරු ග්‍රහයා මත ඇති පාරිසරික තත්වයන් නිසා ස්ත්‍රීන් සහ පුරුෂයන් අතර ආදරය සහ ලිංගික ආසාවන් වැනි හැඟීම් ඇතිවීමට යම්කිසි බාධාවක් ඇතිවේද යන්න පිළිබඳව පවා පර්යේෂකයන් මේ දිනවල සොයමින් ඉන්නවා. මේ පර්යේෂනයන් ඉතාමත් වැදගත් වන්නේ අඟහරු මත ජනපදයේ සම්පූර්ණ පැවැත්ම තීරණය වෙන්නේ මේ පර්යේෂණයන්ගේ ප්‍රතිඵල මත වීම නිසායි.

    උපුටා ගැනීම - www.her.lk
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,024
    113
    pissu huttala earth eka kala kala inna beruwa dan tawa ekak kanna yanawa:rolleyes:
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    හැම දේම තියෙන මෙච්චර හොද ලෝකයක් විනාස කරලා කිසිම දෙයක් නැති ලොකෙක පදින්චි වෙනන හදනවා.