අඟහරු මත ...

meedeniyats

Active member
  • Aug 24, 2010
    552
    105
    43
    mars.jpg

    අඟහරු මත ජලය සොයා ගැනීම ටිකක් පරණ නිව්ස් එකක්. මේ ජලය අයිස් සහ හිම විදියට තියෙනවා කියන එක තමා මෙච්චර කාලෙකට විශ්වාස කලේ. අළුත්ම ආරන්චිවල හැටියට ද්‍රව ජලය, එහෙමත් නැත්නම් ගලා යා හැකි ජලය අඟහරු මත තිබෙනවා කියලා හොයගෙන තියෙනවා. නාසා ආයතනය මේ ගැන අනාවරණය කරන්නයි හදන්නෙ. ජලය ගලා ගිය සටහන් අඟහරු මත තිබෙනවා කියලා කලකට උඩදී සොයාගත්තා (පහල තියෙනවා වගේ).

    WateronMars_1964521a.jpg

    තවදුරටත් මේ සටහන් නිරීක්‍ෂණය කරනකොට සොයාගෙන තියෙනවා, මේ ජලය ගලා ගිය සටහන්, අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා සහ අලුත් ජල සටහන් නිර්මාණය වෙනවා කියන එක​. මේ ඔස්සෙ අධ්‍යනය කරලා, මේ සොයගැනීම කරලා තියෙනවා කියලා තමා කියන්නෙ.


    source