අඟුලාන

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    අඟුලාන ඝාතකයන්ට දඬුවම මරණයයි
    August 25, 2011 11:45 am

    agulana05.jpg


    මහත් අන්දෝලනයකට තුඩු දුන් අඟුලාන ද්විත්ව මිනිස් ඝාතනයේ තීන්දුව අද(25) ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණය විසින් අඟුලාන පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු සිව්දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ.

    දීපාලි විජේසුන්දර, ඩබ්ලිව්.එම්.පී.බී වරාවැව සහ කුමුදුනී වික්‍රමසිංහ යන මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම දඬුවම නියම කර ඇත.

    විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බව තීන්දුව දෙමින් විනිසුරුවරුන් සඳහන් කළේය.

    ඒ අනුව නඩුවේ පළමුවන විත්තිකරු වන පොලිස් කොස්තාපල් ජී. ඊ. කුමාරසිරි, දෙවන විත්තිකරු වන අඟුලාන පොලිසියේ හිටපු ස්ථානාධිපති බී.නිව්ටන්, තුන්වන විත්තිකරුවන් වන පොලිස් පරීක්ෂක නිහාල් ජයරත්න සහ ග්‍රාමරාක්ෂක නිලධාරී ජනප්‍රිය සේනාරත්නට මේ අනුව මහාධිකරණය මරණ දඬුවම නියම කර ඇත.

    2009 වසරේ අගෝස්තු මස 12 වැනිදා දිනේෂ් තරංග ප්‍රනාන්දු සහ ධනුෂ්ක අපොන්සු යන තරුණයින් දෙදෙනා පැහැරගෙන ගොස් මරාදමන ලදැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබිණි.

    මෙම නඩුවේදී නීතිපතිවරයා විසින් එල්ල කර තිබූ සියලු චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව අධිකරණය සඳහන් කර ඇත.


    Code:
    http://www.adaderana.lk/sinhala/news.php?nid=18297
     
    Last edited:

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මේව කිව්වට කෙරෙන වැඩ නෙවෙයිනෙ බන්. ඒකනෙ ප්‍රශ්නෙ!