අජගර නම් ප්‍රේතයාගේ කථා පුවත.
“නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස”
“අථ පාපානි කම්මානි - කරං බාලො න බුජ්ඣති;
සෙහි කම්මෙහි දුම්මෙධො - අග්ගිදඩ්ඪොව තප්පති.”
තවද පව්කම් කරන්නාවූ අනුවණ තෙම (එය) දනියි. ඒ නුවණ නැත්තේ ස්වකීය පාපකර්මයන් ගින්නෙන් දනලද්දක්හු මෙන් තැවෙයි.
වටහා නොගෙන පව්කම්වල තිබෙන දොස - පව්කම් කරති අනුවණයෝ මිහිරි ලෙස
ඒ කම් සසරැ පල දී ගිනි රැගෙන හිස - දව්නෙකු වගේ පව් විඳවති නිරයේ බැස
එක් කාළයක භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ වාසය කළා. මේ කාළයෙහි මහමුගලන් තෙරණුවෝ ලක්ඛණ තෙරුන් සමඟ ගිජුකුළු පව්වෙහි වැඩ වාසය කළා. එක්තරා දවසක මේ තෙරුන් වහන්සේලා දෙනම ගිජුකුළු පර්වතයෙන් බසින විට දී මුගලන් තෙරුන් වහන්සේ යොදුන් විසිපහක් දිග පිඹුරු ප්‍රේතයෙක් දිවැසින් දුටුවා. ඔහුගේ හිසෙන් ගිනිජාල නැගී කෙළවර පැතිර යනවා. අවසානයෙන් පටන්ගෙන හිස දක්වාත් ගමන්කරනවා. දෙපසින් ගිනිජාලා ඇතිවී මැදට පැමිණෙනවා. තෙරුන්වහන්සේ මේ දැක සිනා පහළ කළා.
ලක්ඛණ තෙරුන් විසින් සිනා පහළ කිරීමට හේතු විමසා සිටියා. එවිට මුගලන් මහ රහතන් වහන්සේ “ඇවැත්නි, එය විස්තර කිරීමට කාලය නොවේ. මේ ප්‍රශ්නයට පිළිතුරු, බුදුරජාණන් වහන්සේ හමුවේදී මගෙන් විමසන්න.” යයි පැවසූවා. එසේ පවසා රජගහනුවර පිඬු පිණිස හැසිරී බුදු පියාණන් වහන්සේ වෙත ගියවිට ලක්ඛණ තෙරුන් විසින් නැවතත් මේ ප්‍රශ්නය ඇසුවා.
එතනදි මුගලන් තෙරුන් වහන්සේ “ඇවැත්නි. මම එක් ප්‍රේතයෙක් දුටුවා. ඔහුගේ මෙබඳු ආත්මභාවයක් තියෙන්නේ. මම ඔහු දැක මවිසින් මෙබඳු ආත්මභාවයක් මෙයට පෙර නොදුටුවෙමියි මට සිනා පහළ වුණා.” මේ මොහොතෙහි බුදුරජාණන් වහන්සේ “දිවැස් ඇති ශ්‍රාවකයින් දැන් වාසය කරනවා.” යයි පවසා තෙරුන්ගේ කථාවේ පිහිටා “මහණෙනි, මවිසින් ද බෝධි මණ්ඩපයේදීම ඔහුව දුටුවා. මෙය කීවොත් නොපිළිගන්නා අයගේ අහිත පිණිස පවතී යයි සිතා නොකීවෙමි. දැන් මුගලන් දිවැස් ලැබ ඔහුව දැක කියයි. එවැනි සත්වයෙක් සිටී” යැයි දේශනා කළා.මේ මොහොතේදී භික්ෂූන් වහන්සේලා ඔහුගේ පෙර අකුසල කර්මය අසා සිටියා. බුදුපියාණන් වහන්සේ ඒ අතීත කථාව මෙසේ දේශනා කළා.
“අතීතයේ කාශ්‍යප බුදු පියාණන් වහන්සේගේ කාළයේදී සුමංගල නම් සිටුවරයෙක් රන් ගඩොල් බිම අතුරා එකසිය විසි රියනක් දිගට එපමණ ධනයක් විසුරුවා මහා විහාරයක් කළා. එපමණම වියදම්කර උත්සවයකුත් කළා. ඔහු එක් දවසක් උදෙන්ම කාශ්‍යප බුදු පියාණන් වහන්සේ වෙත යන විට නුවර දොරටුවේ එක් ශාලාවක කසාවතක් හිසට පෙරවාගෙන මඩ තැවරුණු පාදයෙන් යුතුව නිදාසිටි එක් සොරෙක් දැක්කා. සිටු තුමා ඒ මොහොතේ “මඩතවරාගෙන රාත්‍රියේ ගමන්කර දවල් නිදන්නෙකැ”යි කීවා. සොරා මුහුණ විවරකර සිටුතුමා දැක බලා - “හොඳයි කරන්න ඕන දේ දැනගත්තා”යි වෛරයක් බැද හත්වරක් (සිටුතුමාගේ) කුඹුරට ගිනි තැබුවා.
සත්වරක් ගවගාලේ ගවයින්ගේ පා කැඩුවා. සත් වතාවක් ගෙය ගිනි තිබ්බා. ඔහුගේ කෝපය මෙපමණකින්වත් නිවාගන්නට අසමත් වුණු මේ සොරා සිටුතුමාගේ සුළු සේවකයා සමඟ මිත්‍රත්වයක් ඇති කරගෙන, ඔබේ සිටුවරයාට වඩාත් ප්‍රිය දෙය කුමක්දැයි විමසා සිටියා. සිටු තුමා වැඩිපුරම කැමති බුදු පියාණන් වහන්සේ වැඩ වසන සිටුතුමාම ඉදි කර පූජා කළ ගඳකිළියටයි. ඊට වඩා ප්‍රිය දෙයක් සිටුතුමාට නැහැ” අසා, අසා “එසේ වේවා”යි. “ගඳකිළිය දවා පළි ගන්නවා යැයි සිතා බුදුරජාණන් වහන්සේ පිඬුසිඟා වැඩිවිට - පානය හා පරිභෝගය සඳහා තිබුණ ජලය තිබූ කළ බිඳ දමා ගන්ධ කුටියට ගිනි තැබුවා. සිටු තුමා “ගඳකිළිය ගිනිගන්නවා” යයි අසා ගිනි ඇවිලෙන විට ඇවිත් ගඳකිළියේ දැවෙන හැටි බලා, කෙස් ගහක තරම්වත් දොම්නසක් ඇති කර නොගෙන, වම් අත හකුළුවා දකුණතින් මහත් අත්පොළසන් දුන්නා. අනතුරුව ඔහු අසල සිටි අය මෙපමණ ධනයක් වැයකර කරන ලද ගඳකිළිය දැවෙද්දී සතුටු වෙන්නේදැයි අසා සිටියා.
“දරුවනි, මේ ගිනි තැබීම නිසා මට නැවතත් අසාධාරණ වූ බුදුසසුනේ ධනය නිධන් කිරීමට ලැබෙන නිසා, නැවතත් මෙබඳු ධනයක් වියදම්කර බුදු පියාණන් වහන්සේට ගඳකිළියක් කරන්නට ලබන්නෙමියි සතුටු සිත් ඇති වුණ නිසයි අත්පොළසන් දුන්නේ” යැයි පැවසුවා. සිටිතුමා නැවතත් එබඳුම ධනයක් වැයකර ගඳකිළියක් කරවා විසිදහසක් භික්ෂූන් සහිත බුදු පියාණන් වහන්සේට දානයක් පිරිනැමුවා.
මේ දුටු සොරා “මම මොහු නොමරා නිහඬව කරවන්නට නොහැකි වේ” යැයි සිතා, “මොහු මරන්නෙමියි, ඉණෙහි කිනිස්සක් බැඳගෙන දින හතක් විහාරයේ හැසිරුණා. ඉඩක් ලැබුන් නැහැ. මහසිටුවරයාත් දින හතක් මහදන් දී බුදුරජාණන් වහන්සේට නමස්කාර කොට “ස්වාමීනි එක් පුරුෂයෙක් විසින් මගේ කුඹුරත් සත්වරක් ගිනි තිබ්බා. ගවගාලේ ගවයින්ගේ පා හත්වරක් සිඳ දැම්මා. සත්වරක් මගේ ගෙයත් ගිනි තිබ්බා. දැන් මේ ගඳකිළියත් ඔහු විසින් ගිනි තිබ්බා. මම මේ දානයේ පළමු කොටස ඔහුට අනුමෝදන් කරමි.” කියා කිව්වා.
මේ කථාව සොරාට ඇසුණා. “මම බොහෝම භයානක වැඩක් නේද මේ කර ගත්තේ. මෙපමණ කරදර කළත් සිටුතුමාට මා ගැන කෝපමාත්‍රයක්වත් නැහැ. මේ මහා දානයේ ප්‍රථම කොටස මටයි අනුමෝදන් කරන්නේ. මම ද්‍රෝහියෙක්නේ. මෙවැනි කෙනෙකුගෙන් සමාව නොගැනීම නිසා දේව දඬුවම්ද මගේ හිසමත පතිත වේ” යි සිතා සිටුවරයාගේ පාමුල වැටී “ස්වාමීනි මට සමාවන්නැයි ඉල්ලා සිටියා.” එවිට
“ ඇයි මේ සමාව ඉල්ලන්නේ” යැයි සිටුවරයා ඇසුවා. “මමයි මේ විනාශය කළේ. ඒ නිසා මට සමාවන්නැ”යි ඉල්ලා සිටියා.
ඉන් පසුව සිටුවරයා “කළින් ගිනි තැබීමුත් කරන ලද්දේ නුඹ විසින් දැයි?” ඇසුවා. සොරාත් ඒ සියල්ලම තමන් කළ බවත් ඒ සියල්ලටම සමාව ඉල්ලා සිටියා. එවිට සිටුතුමා මම ඔබව හදුනන්නෙත් නැහැ. නොදැක තිබියදී කුමක් නිසා මෙසේ කිපී මේවා කළාදැයි ඇසුවා. සිටුතුමා එක් දිනක් නගරයෙන් නික්මෙන අතරතුර කියන ලද වචනය සිහිකර කෝපය ඇතිවූයේ යයි පැවසුවා. සිටුවරයා එදින එබඳු වචනයක් කීව බව සිහිපත්වී “දරුව, එසේ කීවෙමි. මට සමාවන්නැ”යි පැවසුවා. සොරාත් සමාව ඉල්ලුවා. ඔහිටත් සමාව දී “දරුව නැගිටින්න. ඔබට මම සමාව දෙමි. දරුව දැන් යන්නැ”යි පැවසුවා.
“උතුමනි, ඔබතුමා මට සමාව දෙන්නේ නම් දූ දරුවන් සමඟ මා ඔබ නිවසේ දාසයන් කරගන්න. යැයි සොරා ඉල්ලා සිටියා. “දරුව ඔබ, මම කී කුඩා වචනයකට මෙපමණ විනාශයන් කරන ලදී. ගෙතුළ වාසය කිරීමෙන් කිසිවක් කියන්නට නොහැකි වේ. ඔබ මගේ ගෙයි විසීමෙන් ප්‍රයෝජනයක් නැත. ඔබට සමාව දෙමි. යන්නැ”යි කීවා.
සොරා එම කර්මය සිදුකොට ආයු කෙළවර අවීචි නරකයේ උපන්නා. බොහෝ කලක් එහි පැසී විපාක කෙළවර දැන් ගිජිකුළු පව්වේ පැසේ යයි බුදුපියාණන් වහන්සේ මෙසේත් දේශනා කළා. මහණෙනි !
අඥානයෝ පව්කරන්නේ අවබෝධ නොකරති. පසුව තමා කළ කර්මයෙහි දැවෙන්නේ, තමා තමන්ට ලැව් ගින්නක් සේ වේ.” යයි පවසා ඉහත ගාථාවෙන් පූර්වා පර සන්ධි ගලපා දහම් දෙසුවා. දේශනාවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී ඵලයන්ට පැමිණියා.
තත්ථ පාපානීති - අනුවණයා හුදෙක් ක්‍රෝධ වශයෙන් පව් කෙරෙති. කරන කළ ද අවබෝධ කර නොගනී පව් කරන්නේ ද පවක් කරමියි අවබෝධ කරගන්නෙක් නැත. මෙම කර්මයට මෙබඳු විපාක ලැබේයයි නොදන්නා හෙයින් අවබෝධ නැතැයි කියන ලදී සෙහීති - හේ තමා විසින් කරන ලද කර්මයෙන් දුම්මෙධොති නුවණ නැත්තා - නිරයේ ඉපිද ගින්නෙන් දැවුනෙකු සේ තැවේ යන අර්ථය දෙයි.
සාදු........ සාදු........ සාදු........
අති පූජණීය තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේ
මිණිපුර අමා ශාන්ති තපෝවන ආරණ්‍ය සේනාසනය
පැල්වාඩිය, රත්නපුර copied .