මේ සිද්ධිය හින්දා අප්‍රමාණ පිරිසක් අනුන්ගෙ පව්වලට කරගහනවා දැක්කා. අපි හේතුඵලව දකින්න පුරුදු වෙන්න ඕනෙ හැමදෙයක්ම. නැත්නම් වෙන්නෙ අනුන්ගෙ පව් බලෙන් කරේ දාගෙන සංසාරයේ බරපතළ විදිහට තමන්ට විදවන්න.
꧁━━━━━━ •⊰🛞⊱• ━━━━━━꧂
සාමාවතිය ඇතුළු 500 ක් ස්ත්‍රීන්
ගින්නෙන් මැරෙන්න හේතුව
꧁━━━━━━ •⊰🛞⊱• ━━━━━━꧂
උදේනි රජු ගේ අග්‍ර මහේසිකාව වූ සාමාවතිය ඇතුළු පරිවාර ස්ත්‍රීන් 500ක් දෙනා ද සමඟ මාළිගය පිටින් ම ගිනිගෙන මරණයට පත් විය. මේ ගින්න ඇති කළේ මාගන්ධියා නම් බිසව ගේ කීමට ඇගේ මාමා ඇතුළු පිරිසක් ය.
කෙසේ නමුදු මෙසේ අවාසනාවන්ත ලෙස මැරෙන්නට හේතුව පෙර සාමාවතිය රජ බිසවක්ව සිටිය දී මේ 500ක් කාන්තාවන් ද පිරිවාර ස්ත්‍රීන් වූ අතර මේ හැමදෙන දිනක් දිය කෙළියට ගොස් හවස් වන තුරු ම දිය ක්‍රීඩා කොට පසුව ගිනි තැපීමට දර ආදිය බලා ගං ඉවුරේ තෘණ ලැහැබක් දැක එහි පසේබුදු කෙනෙකුන් සිටින බව නො දැක ගිනි තැබුවා ය. ගිනි ගොඩ මැද පසේබුදු හිමි දිස්වන විට බියට පත් වී රජු මෙය දැනගත හොත් මහා විපතක් වේ යැයි බියෙන්, වධක චේතනා ඇතිව ම මේ පසේබුදු රජාණන් වහන්සේ හොඳට ම දවමු යැ යි නැවත ගිනි තැබූහ.
පසේබුදු රජාණන් වහන්සේ සමවතින් සිටි බැවින් කිසිම අපහසුවකට පත් නොවී පසුව අහසින් වැඩි සේක. නමුදු දූෂිත සිතින් ගිනි තැබූ පවින් නිරයේ පැසී ශේෂ විපාක ලෙස ආත්ම භාව සීයක් ම මෙලෙසින් ගෙය තුළ හිරවී දැවී මිය යන්නට වූ බව තථාගතයන් වහන්සේ වදාළේ ය.
https://pitaka.lk/books/karma-vipaka/7-8.html
සතුරු ප්‍රයෝගයක් නිසා භාග්‍යවතුන් වහන්සේ ගැන නොසැලෙන ශ්‍රද්ධාවකින් ආදරයකින් සිටි හේතුව නිසාම, අවාසනාවන්ත මරණයක් අත්වූ ඉතා ගුණසම්පන්න සාමාවතියගෙ සිදුවීම ගැන උරන වූ පෘථග්ජන ස්වාමින්වහන්සේලාට බුදු පියාණන් වහන්සේ වදාළ කාරණය තමයි,
අද සාමාවතිය මෙසේ ශ්‍රද්ධා ගුණ සම්පන්න උනත් අතීත භවයන්හිදී සාමාවතිය කලාවූ වරද දනී නම්, ඇයට සිදු වූයේ සාධාරණයක්මයී කියලා ඔබලා කියාවි යැයි වදාලා...
වර්තමාන කැම්පස් දරුවගෙ සිදුවීමත් හේතුඵලව විමසලා බලන්න....
මුගලන් මහරහතන් වහන්සේ අතීත භවයක තමන්ගෙ අන්ධ අම්මයි තාත්තයි කැලේකට අරන් ගිහින් පොලුවලින් ගහලා මැරුව සිදුවීම අහලා ඒ ගැන වෛරයක් ඇති කරගත්ත පිරිස තමයි අවසානයේදි මුගලන් මහරහතන් වහන්සේට පොලුවලින් ගහලා පිරිනිවන් පාන්න කටයුතු සිද්ධ කලේ. අවසානයේ රහතන් වහන්සේ නමක් ඝාතනය කරලා අවීචියේ යන්න උනා ඒ අයට. අම්මා තාත්තා මරපු කෙනා සසරින් මිදිලත් ඉවරයි. බැනපු අය අදටත් අවීචියේ දුක් විදිනවා.