අජෙනරාල් සරත් ෆොන්සේකා -Video Game
සරත් ෆොන්සේකාගේ මේ ඉතිහාසය ඔබ දන්නවාද?
විශේෂාංග ලිපි 2010 අගෝස්තු 29 වෙනි ඉරිදා, 10:40
සරත් ෆොන්සේකාට විරුද්ධ තීන්දුවට මහින්ද රාජපක්ෂ අත්සන් තැබීමෙන් පසුව අපට සරත් ෆොන්සේකා ගැන සිතා බැලීමට සිදුව තිබේ. එකී තීන්දුවෙන් පසුව ජෙනරාල් සරත් ෆොන්සේකා ජෙනරාල් සරත් ෆොන්සේකා ජෙනරාල් නොවේ. නිකම්ම නිකම් සරත් ෆොන්සේකාය. දැන් අපට ගැටලූ කිහිපයක් මතු වී ඇත.
සරත් ෆොන්සේකාට විශ්‍රාම වැටුප අහිමි විය. ඕනෑම රජයේ සේවකයකුට විශ්‍රාම වැටුප හිමිය. ෆොන්සේකාට එය අහිමි ඔහු රජයේ සේවකයකු නොවන නිසාද?
මේ තීන්දුවට පෙර ඔහු සතුව පදක්කම් සම්මාන රැසක් විය. ඒවා යුධ පෙරමුණේ කොටි සමග මුහුණට මුහුණ ගැටී ලබා ගත් ඒවාය. දැන් ඔහුට ඒවා අහිමි කර ඇත. එනම් සරත් ෆොන්සේකා කවදාවත් හමුදාවේ සිටියේ නැද්ද? කොටින්ට විරුද්ධව යුද්ධ කළේ නැද්ද? (සියඹලා ගෙනාවේම නැද්ද?)
මහින්ද රාජපක්ෂ අත්සන් කිරීමෙන් පසුව සරත් ෆොන්සේකා ජෙනරාල් නොවේ. සාමාන්‍ය සෙබළෙක්වත් නොවේ. හමුදාවේ කිසිම තනතුරක් දරා නැද්ද? හමුදාවට අණ දුන්නේම නැද්ද?
මහත්වරුණි, සමාවන්න! මට පැටලී ඇත.
මා දන්නා තරමින් සරත් ෆොන්සේකා හමුදාවට බැඳුනේ 1970 ගණන්වලදීය. ඉන් පසුව ඔහු යුද්ධ කළේය. හමුදාවට අණ දුන්නේ ය. යුද්ධය දිනුවේය. ඒ ජයග්‍රහණය නිසා හමුදා සේවයේ සිටියදීම ජෙනරාල් විය. ඉන් පසුව තවත් උසස් වීමක් ලද්දේය. 2009 නොවැම්බර් මාසයෙන් පසුව දේශපාලනයට ආවේය.
මා දන්නා මේ ඉතිහාසය වැරදී ඇත. සරත් ෆොන්සේකා හමුදාවේ සිටියේවත් කොටින්ට විරුද්ධව යූධ පෙරමුණේ සටන් කළේවත් හමුදාවට අණ දුන්නේවත් ජෙනරාල් වූයේ වත් නැත. මන්ද ඔහු දැන් නිකම්ම නිකම සරත් ෆොන්සේකාය.
අපි සරත් ෆොන්සේකා වෙනුවෙන් ඉතිහාසයක් නිර්මාණය කරමු. අන් කළ හැකි දෙයක් නැත. 1970ට පෙර ඔහු ජීවත් වූ බැවින් හා 2009ට පසුව ජීවත් වන බැවින් ඒ අතර කාලය තුළදී ඔහු ජීවත් වූ බව නිසැකය. ජීවත් වීම සඳහා යම් යම් දෑ කළ බවද අවිවාදිතය.
ඒ නිසා අපි මෙසේ සිතමු. ඔහු පාසල් යන කාලයේ ඔහුහොඳ පිහිණුම් ශූරයකු බවත් මළල ක්‍රීඩකයකු බවත් අපි අසා ඇත්තෙමු. ඒ නිසා පාසල් කාලයෙන් පසුව ඔහු පීන පීනා ඉන්නට ඇත. ගමේ රස්තියාදුකාරයන් සමග බෝක්කු උඩ ගංජා උරන්නට ඇත. (මේ බ්ලොග් කෙරුවාව ගැන මා දන්නේ සොච්චමක් නිසා ‘ගංජා’ වචනය මත කොටු දැමීමේ තාක්ෂණ ප්‍රයෝගය නොදන්නා කම ගැන කමත්වා! ) මුහුදේ මාලූ බාන්නට ඇත. ඔරු පදින්නට ඇත.
කෝච්චියේ කඩල විකුණන්නටද ඇත. සංගීත සංදර්ශනවල ටොෆි සිගරට් විකුණන්නට ඇත. ගාල්ලේ කඬේක කරෝල කිරන්නට ඇත.
ඒ නිසා ඔහුට පදක්කම් නැත. ජෙනරාල්කම් නැත. විශ්‍රාම වැටුප්ද නැත. හමුදාවේ සිටියේම නැත.
2009 නොවැම්බර් මාසයෙන් පසුව කාලය ගැන අපට ප්‍රශ්නයක් නැත. මන්ද ඉන් පසුව ඔහු දේශපාලනය කළ බව අපි කවුරුත් දනිමු.
දැන් තවත් ප්‍රශ්නයක් පැන නගී. සරත් ෆොන්සේකා ටොෆි සිගරට් වික්කා නම් යුද්ධ කළේ කවුද? යුද්ධය දිනන්නට අණ දුන්නේ කවුද?
ඊට පිළිතුරක් ඇත. මහින්ද නිතරම බණින සුද්දාම ඊට උත්තරයක් සොයා ගෙන ඇත. එනම්, කොටි ත්රස්තයන්ට විරුද්ධ සටන ජය ගත් ආකාරය රඟ දැක්වෙන කොම්පියුටර් ගේම් එකක් සැකසීමට ප්‍රංශකාරයා සූදානම්ය.
එම ගේම් එකට අනුව හමුදා ඛණ්ඩයක් මෙහෙයවමින් කොටි පරදවමින් කොටි ග්‍රහණයේ සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට හැකිය.
අප ඔළු කුරුවල් වන තුරු කල්පනා කළ යුතු නැත. මහින්දට තිබෙන්නේ මුලින්ම ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාරයෙන් එම ප්‍රංශ සමාගමට සල්ලි දී ගේම් එක හැදීම ඉක්මන් කරවීම ය. ඉන් පසුව මහින්දට සරත් ෆොන්සේකාගෙන් ගලවා ගත් හමුදා ඇඳුම ඇඳ ගත හැකිය.
මහින්දට ලජ්ජාව කියා දෙයක් ගෑවිලාවත් ඇත්නම් තරු පටි, සම්මාන පදක්කම් හා වෙනත් ලාංඡන ගලවා මේසය මත තබා නිකම්ම නිකං නිල ඇඳුම පමණක් හැඳගෙන තරගයට අවතීර්ණ විය හැකිය.
ඉන් පසුව ගේම් එකේ දුර යන හැටියට සරත් ෆොන්සේකාගෙන් ගලවා ගත් සම්මාන පැළඳගත හැකි. එක් එක් සම්මානය, එක් එක් තරුව පැළඳගත යුත්තේ කවර මොහොතකදැයි ගෝඨා මල්ලීගෙන් අසාගත හැකිය.
සරත් ෆොන්සේකාට ජයග්‍රහණය කිරීමට හෝ මිය යාමට ලැබුණේ එක් උත්සාහ කිරීමේ අවස්ථාවක් පමණක් වුවත් උත්සාහ කිරීමට ලැබුණේ එක් අවස්ථාවක් පමණක් වුවත් මහින්දට දහ දොළොස් වතාවක් උත්සාහ කළ හැකිය. ඕනෑනම් ඊටත් වැඩි වාර ගණනක් වුවද උත්සාහ කළ හැකිය. එසේ උත්සාහ කිරීමෙන් පසුව ජෙනරාල් මහින්ද රාජපක්ෂ ලෙස කොම්පියුටරය ෂඞ් ඩවුන් කළ හැකිය.
සිහිපත් කිරීමයි - මෙම ගේම් එක ගසා ලපයි සිපයි හා කොළු කුරුට්ටන්ද ජෙනරාල්ලා විය හැකි බැවින් එය ශ්‍රී ලංකාවේ වෙළඳපොළට නිකුත් කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමි.
- මනුසත් -
යුද්ධය දිනුවෙ මමයි. අරූ නෙමෙයි.
බලාපල්ලා පදක්කම්, නම්බුනාම ඔක්කොම මා ළඟනෙ.

Last edited:

pattam nethi wenna puluwan....... eka eka aulak ne neh 