අටමස්ථානය

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    අටමස්ථානය





    දෙවන පෑතිස් රජුගේ කාලයේ ශ්‍රී ලංකා‍‍වේ බූද්ධාගම පිහිටු වීමෙන් පසු මෙරට ‍බෞද්ධාගමික නගරය වුයේ අනුරාධපුරයයි. මෙනිසා එහි වු පුජනිය ස්ථානයන්ට වඩා විශේෂ ගෞරවයක් බෞද්ධ ජනතාව තූළ ඇති විය. දීප වංශය, මහා වංහය, සමන්තප්‍රාසාදීකාව, පුජාවලිය, සිංහල බෝධි වංහය, සද්ධාර්මාලංකාරය, සද්ධර්මරතනාවලය ඇතුළු පොත පතේහි මිහිදු හිමියන් විසින් නම් කළ ආගමික ස්ථාන අටක් පිළිබඳ සදහන් වේ. මේවා නිවැරදි අටමස්ථානයයි.

    තිස්සාරාමය

    භික්ෂුන් විනය කර්ම කරන කම්මාලකය

    ජන්තාඝර පොකුණ

    ශ්‍රී මහාබෝධීය (පිහිටන ස්ථානය)

    පෝය ගෙය (ලෝවමාපාය)

    සංඝයාට ලැබෙන දානය බෙදන ලහබත් ගෙය

    දාන ශාලාව

    රුවන්වැලි සෑය



    1.1216136460.9-ganga-rama-buddhist-temple-.jpg




     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    ශ්‍රී මහාබෝධීන් වහන්සේ

    මෙය පිහිටා තියෙන්නේ මිහිඳු හිමියන් වෙනුවෙන්දෙවන පෑ තිස් රජු මහාමෙව්නාවේ කර වු තිස්සාරාමයෙය. සංඝමිත්තා මෙහෙණිය විසින් මෙරට වැඩම කරන ලද්දේ බුදුන්ට ධර්මාවබෝධයට සෙවණ දුන් ඇසතු බෝ රුකේ දකුණු ශාඛාවයි. මෙය වප් මස පුරපසලොස්වක දිනයකදි මෙරටට ගෙන ආ බව මහා වංශයේ සදහන් වේ. බෝධීන් වහන්සේ අද තිබෙන තැනට වඩා පහත බිමක මුලින් රෝපණය කර ඇතත් ක්‍රමයෙන් බැමි බැදිමාදියෙන් උස් බිමක් දක්වා වර්ධනය වී ඇත.

    මෑත කාලය..,

    1907 සහ 1911 වැසි කුණාටුවකින් මෙහි ශාඛා ‍‍දෙකක් කඩා වැටිණී. 1929 උන්මත්‍තකයෙකු විසින් එක් ශාඛාවක් කපා දමන ලදි. 1985 කොටි ත්‍රස්තවාදීවන් විසින් මළුවේදි වෙඩි තබා සැදැවතියක් ඝාතනය කරන ලදි. 19 වන සියවසේදි උඩමළුවේ තිබු විශ්ණු දේවාලය ඉවත් කරන ලදි. මෙහි පළමු රන් වැට 1969 මහනුවර රාජසිංහ පුස්තකාලාධිපති යටි රාවන නාරද හිමියන්ගේ මුලික්වයෙන් මහනුවර ශ්‍රී බෝධී ආරක්ෂක රන් වැට සභාව කරවන ලදි. දෙවැනි රන් වැට රනිල් වික්‍රමසිංහ මහාතාගේ උපදෙස් පිට රන්වැට ආරක්ෂක කමිටුව මගින් 2003 කරවන ලදි.

    Sri_maha_bobhiya.jpg


     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    පෝය ගෙය (ලෝවමාපාය)


    Lowamahapaya.jpg


    ලෝවාමහාපාය හෙවත් හෙවත් ලෝහප්‍රාසාදය යනු මහා විහාරයේ පෝය ගෙයයි. දෙවන පෑතිස් රජු මෙතන භික්ෂුන් වහන්හසේට අඩමසකටවත් පැති මෝක්ෂය කියවිම සදහා පෝය ගෙයක් ඉදි කළ අතර දුටුගැමුණු රජු (ක්‍රි.පු 161-137) එය නව මහල් කරවා තඹ ලෝහ සෙවිළි කරවීය. මෙහි සැකැස්ම තව්තිසාවෙහි භරණි නම් දෙවඟනගේ ප්‍රාසාදයට සම විය. මෙහි යට මහලේ පෘතග්ජන භික්ෂුන්ද දෙවැනි මහලේ සිට නවවැනි මහල දක්වා රහතුන් වහන්සේලාද වැඩ සිට ඇත. වස් අවසාන කාලයේ භික්ෂුන් මෙතැනට රැස්වීමේ සිරිතක්ද පැවත ඇත. මෙය සද්ධාතිස්ස , දෙවැනි සිරිනාග , මහසෙන් , කිත්සිරිමෙවන් , මහා පැරකුම්බා ආදි රජවරැ පිළිසකර කර ඇත. මෙහි ගල්කණු 1600 ක් වේ. ලෝවාමහාපාය අසල ඇති වෙනත් ස්ථාන ලහවත්තේ, රංසිමාලකය, හා චතුශාලාව හෙවත් දාන ශාලාව පිහිටා ඇත.


    රුවන්වැලි සෑය


    දෙවන පෑතිස් රජතුමා රුවන් මළුව නම් බිමේ ශිලා ස්ථම්භයක තම මුණුබුරෙකු අනාගතයේදී මෙහි ස්ථුපයක් කරවන බව සදහන් කර ඇත. මෙය දැක දුටුගැමැණු රජු මෙහි මහාසෑය කර වූ බවත් පසුව ඵය රුවන්වැලිසෑය ලෙස ප්‍රසිද්ධ වී ඇත. මහා වංශයේ සදහන් වන ලෙස විශ්කම්භයෙන් අඩි 370 පමණ වූ ස්ථුපය ගිලා නොබැසීම සදහා රියන් සතක් ගැඹුරට අත්තිවාරම් කපා ගල් දමා ඇතුන් ලවා පාගවා සිනිදු මැටි යොදා , යකඩ දැල් දමා ශක්තිමත් කළ අයුරු සදහන් කර ඇත. ධාතු ගර්භය ගල් පුවරු හයකින් නිමවා ඇත. එහි රනින් කළ බෝරුකක් හා එහි සෙවණේ වැඩ සිටින බුදු පිළිමයක්ද ශක්‍ර , බ්‍රහ්ම , පංච , සිඛ , කාලනාග පිරිවරද තැබීය. බුද්ධ චරිතයේ බොහෝ කතා සිතුවමට නගා ඇත. මෙහි වැඩ දුටු ගැමුණු රජ සමයේ නිමා කළ නොහැකි වූයෙන් සද්ධාතිස්ස රජු සතරැස් කොටුවට ඉහලින් ජත්‍රයද ලංජිතිස්ස රජු ප්‍රේසාවේ ගල් ඇල්ල වීමද සිදු කළ අතර සතරැස් කොටුව, දෙවතා කොටුව සහ කොත් කැරැල්ල පස් වැනි සිය වසින් පසුව ඉදි කර ඇත. ධාතුසේන රජු මෙහිජත්‍රය පිළිසකර කර ඇත. රුවන්වැලි සෑය ආශ්‍රිත වෙනත් කැටයම් හත්ථිවේදය , ඇත් පවුර , පස් පිළිම ගෙය , සූර්ය සේවාලය , කුඩා දාගැබ , සිරි පතුල් ගල් , කඩොල් ඇතුගේ දළ , සළපතළ මළු‍වේ කවය , කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල ලිපිය , භාතියාභය රූපය හා දුටුගැමුණු රූපය , ගල් ටැඹ , ශිලාචේතිය , එළාර සොහොන යන ස්ථානද මේ අසලම පිහිටා ඇත.

    RUWANWELISAYA.jpg


     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    ඉංග්‍රීසි රජයෙන් නම්කළ අටමස්ථාන

    ඉංග්‍රීසින් ලංකාවේ පාලන බලය අත් කර ගැනීමෙන් පසුව බෞද්ධ වෙහෙර සතු ඉඩ කඩම් විශාල ප්‍රමානයක් රජය අයත් කර ගන්නා ලදි. 1856 ඉංග්‍රීසි රජයෙන් පත් කළ විහාර දේවාල කොමිසම මගින් නම් කළ පහත සදහන් පුජනිය ස්ථාන වර්තමාන අටමස්ථාන ලෙස ඔප්පුවක් මගින් 1872 අටමස්ථානාධිපති හිමිට භාර දෙන ලදි.

    Atamasthanaya.gif



    1. ශ්‍රී මහාබෝධිය
    2. ලෝවාමහාපාය
    3. ථුපාරාමය
    4. මිරිසවැටිය
    5. රුවන්වැලිසෑය
    6. අභයගිරිය
    7. ලංකාරාමය
    8. ජේතවනය

    ලෝවමාපාය


    Lowamahapaya.jpg


    ලෝවාමහාපාය හෙවත් හෙවත් ලෝහප්‍රාසාදය යනු මහා විහාරයේ පෝය ගෙයයි. දෙවන පෑතිස් රජු මෙතන භික්ෂුන් වහන්හසේට අඩමසකටවත් පැති මෝක්ෂය කියවිම සදහා පෝය ගෙයක් ඉදි කළ අතර දුටුගැමුණු රජු (ක්‍රි.පු 161-137) එය නව මහල් කරවා තඹ ලෝහ සෙවිළි කරවීය. මෙහි සැකැස්ම තව්තිසාවෙහි භරණි නම් දෙවඟනගේ ප්‍රාසාදයට සම විය. මෙහි යට මහලේ පෘතග්ජන භික්ෂුන්ද දෙවැනි මහලේ සිට නවවැනි මහල දක්වා රහතුන් වහන්සේලාද වැඩ සිට ඇත. වස් අවසාන කාලයේ භික්ෂුන් මෙතැනට රැස්වීමේ සිරිතක්ද පැවත ඇත. මෙය සද්ධාතිස්ස , දෙවැනි සිරිනාග , මහසෙන් , කිත්සිරිමෙවන් , මහා පැරකුම්බා ආදි රජවරැ පිළිසකර කර ඇත. මෙහි ගල්කණු 1600 ක් වේ. ලෝවාමහාපාය අසල ඇති වෙනත් ස්ථාන ලහවත්තේ, රංසිමාලකය, හා චතුශාලාව හෙවත් දාන ශාලාව පිහිටා ඇත.

    ථුපාරාමය



    මිහිඳු හිමියන් වැඩම කිරිමෙන් පසු දෙවන පෑතිස් රජතුමා කර වු පළමු ස්ථුපය මෙයයි. මෙහි නිදන් කර ඇත්තේ බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුවයි. මෙම නිදන් කිරිමත් සමඟ ධාතු වන්දනාව මෙරට ඇරඹුණී. ප්‍රථම චේතිය නිසා පඨමය චේතිය නම් වේ. සරාම්භයේදි ස්ථුපය ධන්‍යාකාර යුක්ත වුවද 1864 ප්‍රතිසංස්කරණවලින් පසු ඝණ්ඨාකාර හැඩය ගෙන ඇත. මේ ආශ්‍රිත කැටයම් හා වෙනත් ස්ථානද එනම් , ඇත් පොකුන , බෝධිඝරය , පිළිමගෙය , පදලස , චේතිය , දානශාලාව හා මෙහෙණි ආරාමයක්ද දක්නට ඇත.

    Thuparamaya.jpg


    මිරිසවැටිය

    මෙය දුටු ගැමුණු රජු ඉදි කර වන ලදි. මහා වංශයේ සදහන් වන්නේ රජු භිකෂූන්ට නොදි මිරිස් මාළුවක් කෑ නිසා මිරිසවැටිය වන බවයි. පැරණියේ මෙහි සතරැස් කොටුවට ඉහලින් ජත්‍රයක් පමණක් යුක්ත වුවද පසු කාලයක ඒ වෙනුවට දේවතා කොටුව හා කොත්කැරැල්ල එක් කර ඇත. සෝළීන් මෙය කඩා දැමිමෙන් පසු මහ පැරකුම්බාවන් මෙය නැවත ඉදි කරවා ඇත. ලංකාවේ ශිලා කැටයම් අතර ඉතාමත් කලාත්මක ශිලා කැටයම් මෙහි දක්නට ලැබේ.

    Mirisawetiya.jpg





     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    අභයගිරි දාගැබ


    මෙය පැරණි ඉන්දියාවේ නාලන්දා , ජගන්දලා , වික්‍රමශීලා වැනි ‍බෞද්ධ ආගමික විශ්ව විද්‍යාල ගනයට ඇතුල් කළ හැකිය.මෙහි රත්නප්‍රාසාදය දිව්‍ය විමානයක් බදු වූ බව කාශ්‍යපගේ අභයගිරි ශිලා ලිපිය දක්වයි. කලා නිර්මාණ අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා මුරගල් සඳකඩපහණ , කුට්ටම් පොකුණ , සමාධි බුදු පිළිමය ආදිය මෙහි පිහිටා ඇත.

    AAbayagiriya.jpg


    ජේතවන විහාරය


    ලංකාවේ අභයගිරිය දෙවැනි බෞද්ධ නිකාය වන අතර ජේතවනය තෙවැනි නිකාය වේ. මහසෙන් රජු මෙය කර වන ලද්දකි. ජේතවනය ජෝතිය නම් භූමියේ ඉදි කර ඇති අතර මෙයින් ඇරඹුණ නිකාය භාගලික නිකාය සේද හදුන්වයි. ජේතවන ස්ථූපය අනුරාධපුර මහ සෑ තුනෙන් එකකි. බෝධිඝරය , පිළිම ගේ ,පොහොය ගෙය , දාන ශාලාවක් ද මෙහි පිහිටා ඇත.

    -JetawanaStupa1.jpg



    ලංකාරාමය

    පෙර මෙය අභයගිරියට අයත් ආරාමයක් වූ අතර වටදා ගෙයක් හා වෙනම දාගැබක්ද විය. මෙය පූරාණයේ මණීථූපාරාමය , මණීසෝමාරාමය ආදි නම් වලින් හැදින් වූ බව මහා වංශය බෝධි වංශ ගැට පදයේ සදහන් වේ. වළගම්බා රජු සෝමා දේවිය වෙනුවෙන් කළ සෝමාරාමයද මෙයම බව සදහන් වේ. වර්තවාන ප්‍රතිසංස්කරණයේ දී ස්ථූපයේ විශ්කම්භය අඩි 38ක් වන අතර ස්ථූපයේ පැරණි හැඩයද වෙනස් වී ඇත.


    Lankaramaya.jpg


    :):)

     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    විශාල වෙහෙසක් යොදවා කල පලකල් ඉතාමත් අගනා තොරතුරු රැසක්. මාගේ ප්‍රණාමය හා හදපිරි ස්තුතිය ඔබට. මේවා අපේ සංකෘතිය උරුමයන්.

    දැනට අවුරුදු 20 - 25කට පෙර, ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්ත්තුමෙන්තුව හා ලංගම එක්ව, අටමස්ථාන වන්දනාමාන කිරීම සදහා විශේෂ එකාබද්ද වැඩ පිලිවෙලක් සංවිධානය කර තිබුනා. එම ප්‍රවාහන පහසුකම තුලින් අපට අටමස්ථාන ඉතාමත් පසහු මිලකට කරගැනිමේ හැකියාව එකල තිබුණා. එහි තිබු විශේෂත්වය වන්නේ, එම අටමස්ථාන වන්දනා බසයේ ගමන්ගත් සැමට, එම එක් එක් ස්ථානයන් පිලිබදව සවිස්ථරාත්මක පසුබිමක් ලබාදීම සදහා විශේෂ මාර්ගෝපදේෂයකු එහි වීමයි.
     
    • Like
    Reactions: 1118lakmalkumara

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    Valuable post bro!:D
    thanks Bro :)

    good thread +5 rep added

    thanks Bro ;)

    විශාල වෙහෙසක් යොදවා කල පලකල් ඉතාමත් අගනා තොරතුරු රැසක්. මාගේ ප්‍රණාමය හා හදපිරි ස්තුතිය ඔබට. මේවා අපේ සංකෘතිය උරුමයන්.

    දැනට අවුරුදු 20 - 25කට පෙර, ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්ත්තුමෙන්තුව හා ලංගම එක්ව, අටමස්ථාන වන්දනාමාන කිරීම සදහා විශේෂ එකාබද්ද වැඩ පිලිවෙලක් සංවිධානය කර තිබුනා. එම ප්‍රවාහන පහසුකම තුලින් අපට අටමස්ථාන ඉතාමත් පසහු මිලකට කරගැනිමේ හැකියාව එකල තිබුණා. එහි තිබු විශේෂත්වය වන්නේ, එම අටමස්ථාන වන්දනා බසයේ ගමන්ගත් සැමට, එම එක් එක් ස්ථානයන් පිලිබදව සවිස්ථරාත්මක පසුබිමක් ලබාදීම සදහා විශේෂ මාර්ගෝපදේෂයකු එහි වීමයි.

    Thanks Bro :)

    uba kohomada 20-25 eha Danne :dull::dull:

    great post
    Thanks Bro :)

    niyamai REP ADDED
    Thanks Bro ;)

    ela ela..
    11.gif
    passe kiyawanna one..:rofl:
    tnx bro ;)

    nata nata inna wela oka kiyawala danmanam mokada wenne :P:P:P



    :D:D