අටමස්ථාන සංකල්පය
අටමස්ථාන සංකල්පය
එදා ගෞතම බුදුපියාණන් මේ හෙළබිම ජීවමානවම වැඩසිටි යුගයේදීත් අටමහ ස්ථානයක් වැඳපුදා ගැනීමේ සිරිතක් බෞද්ධ ලෝකයා අතරේ පැවතිණි. බුද්ධ ධර්මයේ එන අට්ඨාංගික මාර්ගයන් සිහිපත් කරමින් අටමස්ථානයන් වැඳපුදා ගැනීමේ සිරිත එදා පටන්ම හෙළබිම පැවති බවට ලංකාවේ ලියූ හත්‍ථසාලීනි නම් අති පැරණි ග‍්‍රන්ථයේද සඳහන් වේ. වලගම්බා, භාතිය, දුටුගැමුණු, විජයබා, මහා පරාක‍්‍රමබාහු මෙන්ම නිස්සංකමල්ල යන රජදරුවන්ද මෙම හෙළබිමේ පිහිටි අටමහ ස්ථාන වලින් කිහිපයක් හෝ වැඳ පුදා ගන්නට එ්වා කරා රජ පෙරහරෙන් ගිය බව ඉතිහාස පොත්වල සඳහන් වේ. මේ කිසිම හෙළ රජදරුවෙකු අටමස්ථාන වන්දනාව සඳහා ඉන්දියාවට හෝ භාරත දේශයට හෝ ගිය බවක් ඉතිහාසයේ නම් සඳහන්ව නැත. මහා පරිනිබ්බාන සුත‍්‍රයේ ගෞතම බුදුපියානන්ම අනුදැන වදාල පරිදි වැඳපුදා දැකබලාගත යුතු ස්ථාන හතරමත් මේ බෞද්ධ අටමස්ථාන සංකල්පයටද පාදක වන්නට ඇත. මේ අනුව සිරිපතුල් අටකුත්, බෝ අංකුර අටකුත් වැඳීම බෞද්ධ අටමස්ථාන සංකල්පයට හා අෂ්ටපල බෝධි සංකල්පයටද මුල් වුවාට සැකයක් නැත.
අද වන විටත් බෞද්ධ ලෝකයා අනුගමනය කරණ අනුරාධපුරයේදී අටමස්ථානයන් වන්දනා කරගැනීමේ සිරිතටද මුල් වූයේ මේ මුල්ම අටමස්ථාන වන්දනාවයි. එදා ඉන්දියාවට බුද්ධාගම හඳුන්වා දුන් අශෝක මහරජතුමාත් ඉන්දියාව තුළද මේ අටමස්ථාන වන්දනාව ආරම්භ කිරීමට ආකෘති වශයෙන් ස්ථාන අටක්ම ගොඩනංවා එ්වාට වන්දනා මාන කිරීමට ඉන්දීය ජනතාවටත් පුරුදු කළේය.
අටමස්ථාන වන්දනා සංකල්පය පසුව හිංදු හා වේද ආගම් වලටද ඇතුළත් වූ බව ඉන්දියාවේදී ලියූ ලලිත විස්තරය නමැති පොතේ සඳහන් වේ. ඉන්දියාවේදී හින්දුන් හා බමුණන් පව් සෝදා හරින තොටුපල අටක් ලෙසින් තීර්ථ ස්ථානයන් අටක් නම් කර එම ස්ථානයන් වැඳපුදා ගත් බවත්, ශිලාදිත්‍ය නම් ඉන්දියාවේ රජකම් කළ රජු පවා මෙම තීර්ථ ස්ථානයන් වැඳ පුදා ගන්නට ගිය බවත් ”දිව්‍යාවදානය” නම් සංස්කෘත පොතේ සඳහන් වෙයි. බෂාම්තුමා ලියු ඉන්දියා ඉතිහාසය පොතේද මෙම අටමස්ථාන වන්දනාව පිළිබඳව පැහැදිලිවම සටහන් කර තබා ඇත. ඉතා ඈත අතීතයේ පටන්ම මේ හෙළබිමේ ජන්බුද්වීපයේ – අනුරාධපුර යුගයටත් පෙර යුගවලදී පවා හෙළබිම බෞද්ධයාට වැඳපුදා ගන්නට – අටමස්ථානයන්ම ඉදිකර, නම් කර, පැවති බව පැහැදිලිය. මේ අටමහ ස්ථානයන් කලින් කලට වෙනස් විය. මෙසේ වෙනස් වූ බවට පැහැදිලිවම සාධක ඇත්තේ අප අද භාවිතා කරන සිංහල පිරිත් පොතේය. මේ පිරිත් පොතේ ”විහාර අස්න” යන නමින් ඒ ඒ යුගවල, ඒ ඒ ප‍්‍රදේශවල පිහිටුවා තිබූ අටමස්ථානයන් වෙන් වෙන්ව සඳහන් කර වෙන්ව පේළියට ලියා තබා ඇත. මේ ලෙසින් අටමස්ථානයන් ලියා තැබීම කවදා ආරම්භ වී දැයි තිරණය කරන්නට අපහසු නමුත් ඒ ඒ යුගයන්හීදී වැඳපුදාගත් ස්ථානයන්ගේ නම් වෙන් වෙන්වම එකම ඡේදයකට සඳහන් කර ලියා තබා ඇත.
විහාර අස්නෙහි එන අතීතයේදී වැඳපුදා ගත් විහාරයන් දක්වන නම්වල එක් පෙළකට ගොනුකර ලියා ඇති මෙම පූජනීය ස්ථානයන්ගේ නම් දෙස විමසිල්ලෙන් බලන්න. ”ජේතවන විහාරය, කපිල විහාරය, ඉසිපතනාරාමය, කුසිනාරාමය, පුර්වාරාමය, දක්‍ෂිණාරාමය හා උත්තරාරාමය, සිළුමිණි සෑය යන අටමස්ථානයන් අනුරපුර යුගයට පෙර එක්තරා වකවානුවක (බුද්ධ යුගයේදී) වැඳපුදාගත් විහාර ලේඛනයට ඇතුළත් කර ලියා තබා ඇත. මෙහි එන කපිල විහාරය යනු රජගල පිහිටි වේලුවනාරාමය අසල පිහිටි පැරණි බෞද්ධ මුලස්ථානයයි.
මෙයින් පැහැදිලි වන පරම සත්‍යය නම් මේ හෙළ බිමේ යම් අතීත යුගයක මේ නම්වලින් සඳහන් වූ බුදු පා පහස ලැබූ මෙම උතුම් ස්ථානයන් පිහිටුවා තිබුණු බවයි. අද මේවා ඉන්දියාවේ හෝ මහා භාරතයේ හෝ විහාරස්ථානයන් යැයි නම් කර අපේ හෙළ ඉතිහාසය යටපත් කරන්නට දරන අසාර්ථක උත්සාහයන් ගැනද හෙළබිමේ ජීවත්වන අවංක බෞද්ධයින් හැටියට අප කල්පනා කළ යුතුය. මේවා අපේ පිරිත් පොතේ ලියා තබා ඇත්තේ ඇයි?
කාලයාගේ ඇවෑමෙන් ඉසිපතනාරාමය ඉසින්බැස්සගල යන නමින්ද, – රජගහ නුවර – රජගල නමින්ද, ජේතවනාරාමය – රිටිගල නමින්ද, කුසිනාරාමය – බුදුගල යන නමින්ද කටට පහසු ලෙසින් නම් සකස් වී භාවිතයට ගෙන ඇත. මේ සියලුම ස්ථානයන් අද වන විට සොයා දැන බෞද්ධ ලෝකයාට සද්ධා සිතින් වැඳපුදා ගෙන බුද්ධ ශක්තියට අනුගතවන්නට අවශ්‍ය පරිදි ස්ථාන (ඨාන) වශයෙන්ම හඳුන්වා දීම මේ පොත් ලියා එලිදැක්වීමේ එකම පරමාර්ථයයි.
එදා ගෞතම බුදුපියාණන් වහන්සේ මේ හෙළබිමේ ජන්බුද්වීපයේ වැඩසිටි යුගයේදීම වැඳපුදා ගන්නට අනුදැන වදාළ අනුරාධපුර රාජධානිය දියුණු වන්නටත් පෙර වසර 600 ක් පමණම දීර්ඝ කාලයක් පුරාමත් රටේ පාලකයින්, රජදරුවන් හා මහජනයාද වැඳපුදා ගත් අතීත අටමහ ස්ථානයන් වෙන් කොට හඳුනා දැක බලා ගැනීමේ පහසුව සඳහා මෙහි සටහන් කර තබමි.
I. ගෞතම බුදුපියාණන් වහන්සේ බුද්ධත්වයට පත්වූ ජයසිරි මහ බෝ සමිඳු පිහිටි ස්ථානය
අද වන විට හිරිවඩුන්න සිරිමහ බෝධීන් වහන්සේ ලෙසින් පොදුවේ කවුරුත් හඳුන්වන මෙම ජයසිරි මහ බෝ සමිඳු පිහිටා ඇත්තේ මෙම හෙළබිම ලංකාද්වීපයේ හරි මැදය. එනම් මධ්‍ය මණ්ඩලයේය. ලංකාව පිහිටි දේශාංශක හා අක්‍ෂාංශක ගැන බලා එ් අනුව හතරැුස් කොටුවක් ලෙසින් සකස් කර ගෙන එහි මුළු හතර යා කර කතිරයක් ගසා බලා ලංකාවේ හරිමැද ලක්‍ෂය ලබාගන්න. මෙම ලක්‍ෂය හරියටම හිරිවඩුන්න බෝ සමිඳු දැනටත් වැඩවාසය කරන ස්ථානයයි. දඹුල්ල හබරණ මාර්ගයේ 110 කී. මීටර් කණුව අසලින් වමට හැරී කී. මීටර් එකක් පමණ ගුරුපාර දිගේ ගමන් කරන විට මෙම රමණිය ස්ථානයට ළඟා විය හැකිය. එදා පටන්ම මේ බෝධීන් වහන්සේට සුදු බෝධිය යන නම ව්‍යවහාර කර තිබූ බවද පෙන්වා දිය යුතුය.
“ජයෝ මුනින්දස්ස – සුබෝධි මුලේ
අහෝසි මාරස්ස – පරාජයෝහී”
යන බෝධි වන්දනා ගාථාවෙහි ”සුබෝධි” යනු මේ සුදු බෝධියට එදා භාවිතා කළ විශේෂ නාමයයි. ලංකාවේ හෝ ලෝකයේ හෝ වෙනත් කිසිදු බෝධීන් වහන්සේ නමකට සුදු බෝධිය යැයි නම් කර නැත. අදත් වසරකට වරක් ජයසිරි මහ බෝ සමිඳුන්ගේ බෝධි මූලයෙන් වෙසක් පොහොයට ආසන්න දිනයක සුදු බෝ අංකුරයක් මතුවීම මගින් මේ සුදු බෝධිය ලෝකයාට ප‍්‍රදර්ශනය කරනු ලැබේ.
මෙම ජයසිරි මහ බෝධි මුලයේ ගෞතම බුදුපියානන්ට බුද්ධත්වයට පත්වීම සඳහා වැඩ හිඳින්නට මුචලින්ද නම් නාග ගෝත‍්‍රික රජතුමා විසින් කරවා දුන් වජ්රාසනයද අදටත් ඒ බෝධි මූලයේම නොසෙල් වී තැන්පත් වී පවතී. මේ වජ්රාසනය කිසිවෙකුටත් සොලවන්නට, වෙනස් කරන්නට හෝ විනාශ කරන්නට බැරි ආකාරයටම ස්ථාවරවම තැන්පත් වී ඇති ආකාරය එය දැක බලාගෙනම ඔබටද සහතික කර ගත හැකිය.
පුරාවිදා රක්‍ෂිතයක් ලෙසින්ද වනවාසී නිකායට අයත් ආරඤ්ඤ සේනාසනයක් ලෙසින්ද අදටත් ආරක්‍ෂා වී පවතින මේ උතුම් පුන්‍යභූමිය එදා හෙළ රජදරුවන් විසින් වැඳපුදා ගත්, විහාර අස්නේද නම සඳහන් වන, උත්තරාරාමය ලෙසින් එදා හැඳින්වූ ජටිල කාශ්‍යප ඇතුළු භික්ෂුන් වහන්සේ දහසක් දෙනාද එකල වැඩ සිටි ස්ථානයයි.
අටමස්ථානයන්ට අයිති පළමුවන ස්ථානය වන මේ ස්ථානය පිළිබඳව වැඩි දුරටත් තොරතුරු දැන ගන්නට මුලින් ලියූ පළමුවන පොතද කියවා බලන්න.
II. සිදුහත් බෝසත් කුමරා උත්පත්තිය ලැබූ ලුම්බිණිය
එදා හෙළ රජදරුවන් විසින් ගල් කටාරම් කොටා ගෞතම බුදුරජාණන් වහන්සේටම පූජා කරන ලද මෙය උතුම් පූජනීය ස්ථානයකි. අටමස්ථාන අතරින් වැදගත්ම තැනක් ගත් මේ පූජනීය ස්ථානය පිහිටා ඇත්තේ මහනුවර දිස්ති‍්‍රක්කයේ තෙල්දෙණිය ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ බඹරගල රජමහා විහාරය, වැවගම රජමහ විහාරය යන නම් වලින් අද හඳුන්වන ස්ථානයේය.
ඉන්ද්‍රසාල ගුහාව ඇතුළු කටාරම් කෙටු ගල්ගුහා 50 කට අධික සංඛ්‍යාවක් මේ රජමහ විහාර භූමියේ අදටත් දකින්නට ඇති අතර මෙයින් ගල්ලෙන් 14කම මුල්ම යුගයේ හෙළ බසින් ලියූ අකුරු සහිත සෙල්ලිපි 14 ක්ද ඇත. ගෞතම බුදුපියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ පසු 16 වැනි වසර ගත කළේ බඹරගල රජමහ විහාර භූමියේ පිහිටි ඉන්දසාල ගුහාවේදීය. මෙම ගල්ගුහාවේ කොටා ඇති සෙල්ලිපියකින් එය ඉන්දසාල ගුහාව බවට අද හඳුනාගෙන ඇත. එදා මේ ගුහාව ගෞතම බුදුපියාණන්ට වස් වසන්නට සුදුසු පරිදි අලංකාර ලෙසින් සකස් කර පිළියෙල කර දුන් බවට අදත් එහි දකින්නට ඇති චිත‍්‍ර වල නෂ්ටාවශේෂ වලින්ද පැහැදිලි වෙයි.
ති‍්‍රපිටකයේ දීඝ නිකායේ සඳහන් සක්ක පඤ්ඤහ සූත‍්‍රය ගෞතම බුදුපියාණන් එදා දේශනා කළේ මෙම ඉන්දසාල ගුහාවේ වැඩවාසය කරන අවස්ථාවේදීය. ඒ බව ති‍්‍රපිටකයේම පැහැදිලිවම සඳහන් කර ඇත. මහාචාර්ය පරණවිතාන මහතාද මෙම ස්ථානය ඉන්දසාල ගුහාව ලෙසින් හඳුනාගෙන ඒ බව ප‍්‍රකාශ කර ඇත. සක්කස්ස දේවානමින්ද නම් වූ චක‍්‍රවර්ති රජ පරපුරෙන් පැවත ආ වේදේහ නුවර විසු රජ කෙනෙකුට, එනම් ”දේවයන් වහන්සේ” යැයි මහජනයා එදා ආමන්ත‍්‍රණය කළ හෙළදිව පැරණි චක‍්‍රවර්ති රජ පරපුරෙන් පැවත ආ රජෙකුට, මේ සක්ක පඤ්ඤහ සුත‍්‍රය ගෞතම බුදු පියාණන් වහන්සේ මෙම ඉන්දසාල ගුහාවේදී දේශනා කර වදාළ සේක. පනිත නමින් වූ චක‍්‍රවර්ති රජ පරපුරටම අයත් රජ කෙනෙකුටත් මෙම ඉන්දසාල ගුහාවේදීම පනිත සුත‍්‍රය දේශනා කළ නමුත් එය අද ති‍්‍රපිටකයේ දක්නට නැත. සක්කස්ස දේවා නමින්ද සක්දෙවියන් ලෙසින් පසුව හැඳින්විය.
මෙම රජමහ විහාර භූමිය තුළ අදටත් සල්ගස් දැකගන්නට ඇති අතර වසර 3000 කටත් වඩා පැරණි විශේෂිත සල්ගසක් එහි අදටත් දක්නට ඇත. මේ සල්ගස මුලදී ගෞතම සිද්ධාර්ථ කුමාරයාගේ උපත සිදු විය. එදා ඒ ප‍්‍රදේශයේ රජකම් කළ සක්කස්ස රජ පරපුරේ රජදරුවන් සිදුහත් උපත සිහිපත් කරන්නට විශේෂ විහාරයක් කරවා ඊට වැඳුම් පිදුම් කළ බවද ඉතාම පැහැදිලිව දකින්නට ඇත. ගෞතම බුදුපියාණන් වහන්සේගේම බුදු පා පහස ලැබු බුදු සිරිපතුලක්ද මෙම විහාර භූමියේම විහාරයක තැන්පත් කර එදා රජ දරුවන් හා මහජනතාව වැඳුම් පිදුම් කරගත් බව දක්වන චිත‍්‍ර සටහනක් අදටත් මෙම බඹරගල රජ මහා විහාරයේම ඇති පැරණි පොතක දක්නට ඇත.
මහනුවර රාජධානි කාලය තෙක්ම මේ විහාරය අටමස්ථාන අතරින් එකක් ලෙසින් හෙළදිව වැසියන් වැදපුදාගත් බවත් පෙන්වා දිය යුතු කරුණකි. එදා පිරිත් පොතේ සඳහන් අටමස්ථානයන් අතරින් සිළුමිණි සෑය යනුවෙන් සඳහන් කළ ස්ථානය මෙයයි. මෙහි අතීතයේ මෙවැනි සෑයක් තිබී පසුකලෙක විනාශ වී ගිය බවද පෙනෙන්නට ඇත.
මේ ස්ථානයට යන මාර්ගය හා ඒ පිළිබඳව වැඩි මනත් තොරතුරු පළමුවන පොතේද විස්තර වශයෙන් සටහන් කර ඇති නිසා එයද කියවා බලන්න.
III. පළමු ධර්ම දේශනාව පැවැත් වූ ඉසිපතනේ මිගදාය
අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ මැදවච්චියට ආසන්නව පිහිටා ඇති ඉසින් බැස්සගල රජමහා විහාරය නමින් අද ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ එදා දම්සක් පැවතුම් සුත‍්‍රය දේශනා කළ උතුම් පුදබිමයි. ගෞතම බුදුපියාණන්ගේ ජීවමාන කාලයේම මෙම ස්ථානය ඉසිපතනාරාමය ලෙසින් හෙළබිම බෞද්ධයින් අතරේ ප‍්‍රසිද්ධ විය. අටමස්ථාන අතරින් මේ ස්ථානයද වසර අට සියයක් පමණ දීර්ඝ කාලයක් තුළම අතීත බෞද්ධ රජදරුවන්ගේ හා මහජනතාවගේ ගෞරවයට හා වන්දනාමාන වලට යොදාගන්නා ලදී.
මෙම ගල්තලාව එතරම් උස නැතත් ලක්ෂ ගණනකට එකවර රැස් විය හැකි ස්ථානයකි. පස්වග මහණුන් එදා භාවනානුයෝගීව වැඩසිටියේ මෙම ගල් පර්වතයේම නැගෙනහිර බෑවුමේ පිහිටා ඇති අරහත් ගුහාව නමින් අදටත් හඳුන්වන ස්වාභාවිකව පිහිටා ඇති ගල් ගුහාවේය. කවදාවත්ම ජලය නොසිඳෙන ලිඳක්ද එහි පිහිටා ඇත. අරහත් ගුහාවට නැගෙනහිර දෙසින් මහා අරුම පුදුම නුග යායක් වැනි විශාල ප‍්‍රදේශයක පැතිරුණු නුග ගසකි. නුග ගසට ඔබ්බෙන් අක්කර 100ක පමණ ප‍්‍රදේශයක් පුරා පැතිරුණු මුව වනයකි. මේ මුව වනයට අදත් මුවන් මොනරුන් ආදී සතුන් පැමිණෙනු දැක ගත හැකිවෙයි. මෙය ස්වාභාවික දසුනකි.
එදා ගෞතම බුදුපියාණන් පළමුවන ධර්ම දේශනාව පැවැත් වූ මේ ප‍්‍රදේශයේ පාලකයාව සිටියේ සාතාගිර නම් යක්ෂ ගෝති‍්‍රක රජුයි. හේමවත යනු සාතාගිර රජුගේ මිත‍්‍ර රජෙකි. මේ ප‍්‍රදේශය එදා කසී රටට අයත්ව තිබු බවද පෙන්වා දිය යුතුයි.
සාතාගිර ප‍්‍රාදේශීය රජු විසින් මෙහි විශාල ගල් තලාව මැද එනම් එදා ගෞතම බුදුපියාණන් පළමුවන ධර්ම දේශනාව පැවැත්වු ස්ථානයේම කුඩා දාගැබක් තනවා තමන්ගේ වැඳුම් පිදුම් සඳහා යොදා ගන්නා ලදී. පසු කලකදී හිරිවඩුන්න ජය සිරි මහ බෝ සමිඳුන් ගෙන් බෝ අංකුරයක් ගෙන්වා ගෙන එහි රෝපණය කළ අතර අදටත් ඒ අති පැරණි බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්නට හැකි අයුරින්ම එහි රැකී ආරක්ෂා වී පවතී. මේ ආසන්න කාලයකදීම ගෞතම බුදු පියාණන්ගේ බුදු පා පහස ලැබූ බුදු සිරි පතුල් යුගලයක්ද මෙම ස්ථානයෙහි තැන්පත් කර විහාරයක් කරවා වන්දනා මාන කිරීම සඳහා යොදාගත් අතර මෙම ස්ථානයද අටමස්ථාන වලින් එකක් බවට එදා ප‍්‍රසිද්ධ විය. ඉසිපතනාරාමය ලෙසින් පිරිත් පොතේ විහාර අස්නෙහි මෙය නම් කර ඇත.
නයිපෙන සහිත නාගරූප කෙටු ගල් පුවරුවක්ද මේ ස්ථානයේම තැන්පත් කර ඇත්තේ නාග ගෝත‍්‍රයේ රජ වරුන්ද මෙම ස්ථානය වැඳපුදා ගත් බවට සාක්ෂියක් වශයෙනි.
බුද්ධත්වයට පත් වු ගෞතමයන් වහන්සේගේ පළමුවන ධර්ම දේශනාව අසා මේ බුද්ධ සාසනයේ බිහි වු පළමුවන සංඝයා වහන්සේත්, පළමු ශ‍්‍රාවකයින් වහන්සේලා හැට නමකුත් බිහිවුයේද මෙම උතුම් ස්ථානයේදීය. මේ නිසා මේ බුද්ධ සාසනයේ ආරම්භය සිදු වුයේ මේ පුන්‍ය භූමියේදීය. පසුකලක හෙළබිම රජ සිටුවරු හා මහජනයා මේ උතුම් ස්ථානයද අටමස්ථාන වලින් එකක් සේ දීර්ඝ කාලයක් තුළ වැඳුම් පිදුම් කරගත්හ.
IV. ගෞතම බුදුපියාණන්ගේ පිරිනිවීම සිදු වු කුසිනාරාමය
රත්නපුර දිස්ති‍්‍රක්කයේ බලන්ගොඩට නුදුරු කල්තොට ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයට අයත් වලවේ ගංගාධාරයේ උඩ කොටසේ පිහිටි ඉතාම රමධෑය භූමි භාගයකි (බුදුගල). කුසිනාරාමය, එදා මල්ලව රජදරුවන් මේ ප‍්‍රදේශයේ රජකම් කරන යුගයේදී ගෞතම බුදු පියාණන් වහන්සේ පිරිනිවී වදාළේ අද බුදුගල නමිනුත්, එදා කුසිනාරා නුවර නමිනුත්, ප‍්‍රසිද්ධ වූ මෙම කුඩා නගරයේදීය.
බුදුගලට නුදුරෙන් පිහිටි අද රජවක නමින් හඳුන්වන ප‍්‍රදේශයේ එදා මල්ලව රජදරුවන්ගේ රාජධානියේ අගනුවර පිහිටියේය. ඇඹිලිපිටියේ සිට වලව ගංතීරයේ උඩහට පිහිටි සරු සාරවත් ප‍්‍රදේශයක් එදා මල්ලව රටට අයත් ප‍්‍රදේශ ලෙසින් සැලකිණි.
මහා පරිනිබ්බාන සුත‍්‍රයේ සඳහන් වන පාඨයන් සිහිපත් කරවන පරිසරයක් බුදුගල කුසිනාරා නුවරදී අදටත් එහි ගිය කෙනෙකුට දැකගත හැකිය. මේ කුසිනාරාව දුර්ගයන්ද සහිත කුඩා නුවරකි. මේ නුවර පිරිනිවන් පාන්නේ නැතිව රජගහනුවර, චම්පා නුවර, ශ‍්‍රාවස්ති නුවර හෝ වෙනත් ප‍්‍රධාන නගරයක පිරිනිවන් පාන්නට ආනන්ද හිමියන් ගෞතම බුදු පියාණන්ට ආරාධනා කළත් එය නොපිළිගෙන ගෞතමයන් වහන්සේ එහිදීම පිරිනිවන් පා වදාළ සේක.
මේ ආකාරයෙන් මල්ල රජුගේ උපවර්තන නම් සල් උයනේදී පිරිනිවන් පා වදාළ බුදු පියාණන් වහන්සේගේ දේහය ආදාහනය කිරීමට සකස් කරන ලද ආදාහනාගාරය අදටත් එහිදී දැකගත හැකිය.
බුදුගල විහාරස්ථානයට ආසන්නවම පිහිටි ඉඩමේ එනම් පුරාවිද්‍යා ආරක්ෂිත බිමේදී අද මෙය දැකගත හැකිය. මල්ලව රජුන්ට ලැබුණු දන්ත ධාතූන් වහන්සේ ඇතුළු අනිකුත් ධාතුන් වහන්සේලා තැන්පත් කර වැඳපුදා ගන්නට දන්ත ධාතු මන්දිරයක් මුලින්ම හෙළබිම ඉදිකළේද මෙම මල්ලරට කුසිනාරා නුවරය. අදටත් මෙම දළදා මාලිගාවේ නටඹුන්ද එහිදී දැකගන්නට ඇත. හිරිවඩුන්න සිරිමහ බෝ සමිඳුන් ගෙන් ලබාගත් බෝධි අංකුරයක් ද මේ අසලම ස්ථානයක එදා රෝපනය කරවා පංචවාස නමින් ස්ථූප පහක් ද එහි ඉදිකරවා වැඳුම් පිදුම් කරන්නට පටන් ගන්නා ලදී. ඒ අනුව මෙයද අටමස්ථාන වලින් එකක් බවට පත්විය.
ගෞතම බුදුපියාණන් පිරිනිවන් පා වදාළ කටාරම් කෙටු එම ගල් ලෙනෙහි ගෞතම බුදුපියාණන් ගේ පාද ස්පර්ශය ලැබු බුදු සිරිපතුලක්ද තැන්පත් කර එයට වන්දනා මාන කිරීමක්ද ඒ යුගයේදීම ආරම්භ විය. මේ අනුව මේ හෙළබිමේ අටමස්ථානයන් අතරට කුසිනාරානුවරද ඇතුළත් විය. මල්ල රජ පරපුරේ අන්තිම සමාජිකයින් වු දන්ත කුමරු හා හේමමාලා කුමරිය දළදා වහන්සේ ආරක්ෂා කරගෙන පුද පූජා පවත්වන්නට තරම් තමන්ට හැකියාවක් හෝ ශක්තියක් නොවු නිසාත්, මේ වන විට අනුරපුර රාජධානිය දියුණු වී බලවත් රජවරුන් යටතේ පාලනය වූ නිසාත් දන්තධාතුන් වහන්සේ හොර රහසේම කුසිනාරා නුවර සිට අනුරාධපුරයට වඩම්මවාගෙන විත් එවකට අනුරපුර රජකළ කිත්සිරි මෙවන් රජුට භාර දුන්හ. අනුරපුර රාජධානියේ එතෙක් කාලයක් තුළ දන්ත ධාතුන් වහන්සේලා වැඳ පුදාගත් බවක් ඉතිහාසයේ ලියැවී නැත.
මේ අනුව කිත්සිරි මෙවන් රජු දවස වන විට අනුරාධපුරය අංග සම්පූර්ණ බෞද්ධ අගනගරය බවට පත්විය. ජය ශ්‍රී මහ බෝධි අංකුරය, බුදු සිරිපතුළ, සිරි දළදා වහන්සේ හා සියලු හෙළ අටුවා පොත් ද මේ වන විට රුහුණේ සිට අනුරාධපුරයට රැුගෙන විත් අනුරාධපුර නගරයේ තැන්පත් කර තිබුණි. ඒ කි‍්‍ර.ව. 303 පමණ වන විටදීය.
V. සැවැත්නුවර ජේතවනාරාමය
අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ රිටිගල නමින් අද හඳුන්වන කඳු වලින් වට වූ ප‍්‍රදේශය පුරා පැතිරුණු ඓතිහාසික පුරාවස්තූන් හමු වූ ප‍්‍රදේශය එදා සැවැත් නුවර ජේතවනාරාමය යනුවෙන් හැඳින්වු අටමස්ථානයන්ගෙන් එකකි.
බුද්ධත්වයට පත් වූ ගෞතම බුදුපියාණන් වහන්සේ තම මුල් කාලය ගත කළේ රජගහ නුවර වේලුවනාරාමය ආශ‍්‍රය කරගෙනය. අනේපිඬු සිටුතුමා විසින් අලංකාර ලෙසත්, මහා ධනයක් වැය කරමින් රිටිගල කන්දේ නා වනය තුළ ජේතවනාරාමය ඉදිකර දුන් පසුව අවසාන වසර 20 ක් පමණම ගෞතම බුදුපියාණන් ජීවත් වුයේත්, ධර්මය දේශනා කළේත් මෙම රිටිගල ජේතවනාරාමය මුලස්ථානය කර ගනිමින්ය.
කොසොල් රාජ්‍යය නමින් එදා හෙළබිම දේවහෙළයට අයත් වූ ප‍්‍රධානතම රාජ්‍යයේ අගනුවර වුයේද සැවැත් නුවරයි. රිටිගලට නැගෙනහිරින් වූ අද මහවනයක් සහිත වූ ප‍්‍රදේශයේ එදා කොසොල් රටේ අගනුවර වන සැවැත් නුවර පිහිටියේය. මේ ප‍්‍රදේශය පසුගිය වසර 1000 කටත් වැඩි කාලයක්ම මහ වනයෙන් වැසී වනගතව පවතින නිසා සැවත් නුවර ද ඉතිහාසයෙන්ම මැකී යන්නට ඇත.
ගෞතම බුදු පියාණන් වහන්සේ ජීවමානවම වැඩසිටි යුගයේදීම. සැවැත්නුවර ජේතවනාරාම භූමියේ මඟඵල ලාභී භික්ෂුන් වහන්සේලා දහස් ගණනක් වාසය කළ බව අදටත් එහි දකින්නට ඇති නටඹුන් වලින් මනා සේ පැහැදිලි වෙයි. සුදත්ත සිටුතුමා විසින් කරවන ලද මෙම සුවිශේෂි පූජාභූමියේ විශේෂත්වය වන්නේ එහි සියලු ඉදිකළ විහාර ආරාම තනි කලුගල් වලින් නිම කිරීමයි.
මේ යුගයට අයත් වන ගොඩනැගිලි ලංකාවේ හෙළබිම සෑම ප‍්‍රදේශයකින්ම දැනට සොයාගෙන ඇති අතර මේ සියලුම තැන්වලදී දකින්නට ඇත්තේ එකම තාක්ෂණයක් උපයෝගී කොට ගෙන කලු ගලෙන්ම නිම වූ අතිවිශිෂ්ඨ නිර්මාණයන් එදා මේ හෙළබිම පුරා විසිරී තිබුණු ආකාරයයි. රිටිගල ජයසේන යනුවෙන් අතීතයේ විසු කෙනෙකු පිළිබඳව රිටිගල ඉතිහාස කථාවේ කවුරුත් සඳහන් කරති. මේ රිටිගල ජයසේන යනු එදා සුදත්ත සිටුතුමාට ජේතවනාරාමය නිර්මාණය කරන්නට අතහිත දුන් ප‍්‍රධාන තාක්ෂණ ශිල්පියාය. අදටත් රිටිගල පැරැුන්නෝ ජයසේන යන නම සිහිපත් කරන්නේ ගෞරවයෙනි.
ගෞතම බුදුපියාණන්ට සුදත්ත සිටුතුමා ජේතවනාරාමය සාදවා පූජා කළ ආකාරයටම එවකට සැවැත් නුවර විසු තවත් මහධන සිටුවරයෙක් යශෝධරා අරහත් තෙරණියටද එවන්ම වූ විශ්මිත ආරාමයක් සාදවා පූජා කෙළේය. ඒ රිටිගල කන්දට බටහිරින් පිහිටි ”මානෑව කන්ද” නමින් අද හඳුන්වන ස්ථානයේය. මෙම කන්ද එදා ”මෙහෙණි ආරාම කන්ද” යන නමින් ප‍්‍රසිද්ධ වී තිබුණි. රිටිගලට ආසන්නයේම පිහිටි මරදන්කඩවල නගරයට කි.මීටර් 1 ක් පමණ දුරින් පිහිටා ඇති මානෑව කන්දේ ද රිටිගල ඉදිකළ විහාර ආරාම අංගයන් හැකිතාක් දුරට ඒ ආකාරයෙන්ම තනවා සකස් කර පූජා කරන්නට උත්සාහ ගෙන ඇති බවද පෙනෙන්නට ඇත. ජලය රැස් කළ විශාල පොකුණු, ගල්ලෙන්, විහාර ආරාම හා ඊට අදාළ වෙනත් පහසුකම් මෙන්ම මෙහෙණින් වහන්සේලා 500 කට පමණ ලැගුම් ගන්නට අවශ්‍ය කුටිද මෙහි අදටත් දකින්නට ඇත. මේ සියල්ලම රිටිගල මෙන්ම තනි කලුගලින්ම නිමවා තිබීම විශේෂ වූ ලක්ෂණයකි. මේ ස්ථාන දෙකම එකම යුගයක එකම තාක්ෂණයෙන් නිම කළ බවත් පැහැදිලිය.
රිටිගල නමින් අද ප‍්‍රසිද්ධව ඇති ජේතවනාරාමය යනුවෙන් ති‍්‍රපිටකයේ, පිරිත් පොතේ හා මහාවංශයේද නම් කර ඇති මෙම ඓතිහාසික පූජා භූමිය එදා අනුරාධපුර යුගයට පෙර යුගයේදී බෞද්ධයින් වන්දනා මාන කරගත් අටමස්ථානවලින්ද එකක් විය. ගෞතම බුදුන්ගේම අනුදැනුම මත හිරිවඩුන්න ජය සිරි මහ බෝ සමිඳුන්ගෙන් ලබාගත් බෝධි අංකුරයක් මෙහි රෝපණය කර එයට ආනන්ද බෝධිය යනුවෙන් නම් කර ඒ අසළම බුදු සිරි පතුල් යුගලයක්ද පිහිටුවා එදා වැඳුම් පිදුම් කරගත් බව ඉතිහාසයෙන් පැහැදිලි වෙයි. ආනන්ද බෝධිය රෝපණය කර තිබුණේ දැනට රිටිගල පුරාවිද්‍යා වැඩබිම ලෙසින් හඳුනාගෙන ඇති ගෞතම බුදුපියාණන් උදෙසා පිළියෙළ කර දුන් ගඳකිළියට උතුරු දෙසින් වු නා වනයේය. අද මේ බෝධීන් වහන්සේ පෙනෙන්නට නැත්තේ එය මහ වනයට යට වී අභාවයට ගිය නිසාය. රිටිගල කන්ද වටාම පිහිටි කඳුවැටි ආශි‍්‍රතව තවත් පූජා භූමි 8ක්ද එදා මෙහි පැවති බව ඉතිහාසයේ සඳහන්ය.