අඩි 40-50හේ තේ ගස් තියන කැලෑ තේ වත්ත...

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    දන්න කෙනෙක් කරන්නේ බන්.මේක ඇත්ත.මේක සුද්දෝ වවපු වත්තක්,එරත්න පාරෙන් සිරිපාදේ යනකොට වරණගල ඩෑම් එකට පහල කොටසේ තියෙන්නේ,සුද්දෝ වවපු තේ වත්තක් නමුත් හැම වර්ශයකම අවසානයේ සත 50ක පාඩුවක් තිබුන නිසා තේ වත්ත පාලුවට අත ඇරලා දාලා තියෙන්නේ( මේක ගමේ කතාවක්) මේ කෑල්ල බදු අරගෙන කරන්නේ.මෙයා ලෝකල් මාර්කට් එකට නෙමෙයි දාන්නේ ඔක්කොම රට යවන්නේ මෙයාගේ තේ කොලේම රෝල් කරලා කොලේම වීදුරු බෝතලේක්ට දාලා යවන ප්‍රොඩක් එකකුත් තියෙනවා අර චීන්නු තේ බොන්නේ කොලේ දිග ඇරෙනකල් ඉන්දලා.මේක බලන්න සුද්දෝ එනවා ඔක්කොගෙනම ඩොලර් තමා මෙයට එන්නේ.රසට ගැන නන් කියන්න විදිහක් නෑ මට තේ එක බොන්න හම්බුනේ නෑ.එරතන පාරෙන් සිරිපාදේ යන කෙනෙක්ට වර්ණගලට පහල කොටසේ විමසිල්ලෙන් බලන් ගියොත් ඔය කියන තේ කැල්ල බලාගන්න පුලුවන්,තවම උසට උසේ තියෙනවා.