අඩුවට නිවසක් හදන සාස්තරය

Fakeman

Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    අඩුවට නිවසක් හදන සාස්තරය

    මන් හිතනවා මේ ලිපි පෙළ කියවා අවසන් වූ පසු ඔබට අඩුවට තම නිවස සදා ගැනීමට ගත හැකි කියාමාර්ග ගැන අවබෝදයක් ලබා ගැනීමට හැකි වෙයි කියා. මෙහිදි කියා දෙන්න බලාපොරොත්තු වන්නේ එක පාර ලක්ෂ ගණනක් ඉතුරු කර ගත හැකි ක්‍රමයක් කියා දීම නොව. නිවැරදි කළමනාකරණය තුළින් හා නිවැරදිව අවශය වටිනා අමුද්‍රව්‍ය ( බාල දේ නොදා ඉහළ ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය ) යොදාගත හා මිලදී ගත හැකි අයුරු සාකච්චා කිරීමය. (අඩුම තරමේ නිවස සදා ඉවර වන විට ලක්ෂයක් දෙකක් හො ඉතිරි කර දීමය)
    ප්‍රථමව ඉඩමක් මිළදී ගැනීම ගැන හා නිවසට සැලසුමක් සකසා ගැනීම ගැන බලමු.
    ඉඩමක් මිලදී ගැනීමේදී සැලකිලිමක් විය යුතු කරුණු ගැන මම කලින් කතා කරලා තියෙනවා. ඒ ලිපි බැලීමට මේතනින් යන්න.
    පළමු ලිපිය
    දෙවන ලිපිය
    ලිපිටික කියවන්න කම්මැලි අයට මම කෙටියෙන් නැවතත් මේහි මෙම ලිපියට ප්‍රධාන වශයෙන් අවශ්‍ය දේ පමණක් දමන්නම්.

    ඉඩමක් මිලදී ගැනීමේදී ප්‍රධාන වශයෙන් ජලය, විදුලිය තිබේද හෝ දැනට ලබා ගැනීමට පහසුකම් කිබේද යන්න සැලකිලිමත් වෙන්න. මොකද දැනට මෙම පහසුකම නොමැතිනම් ඉදිරියෙදී මෙය ලබා ගැනීමට තම කාලය හා මුදල් යෙදවීමට සිදු වෙනවා. ඒ වගේම ඉඩමේ ඔප්පු තිරප්පු නිරවුල්ද කියලා බලන්නත් ඕනේ. කච්චේරියට ගියාම ඒක කරගන්න පුළුවන්. ඊළගට ඉඩමට යන එන මාර්ගය, ඉඩමේ පිහිටීම, පසේ ස්භාවය,වතුරට යටවෙන ඉඩමක්ද, අහල පහල ඉන්නේ කවුද, පිරිසිදු වටපිටාවක් තියෙනවද,රජය විසින් සංවර්ධන කටයුතු සදහා ඉඩම පවරා ගැනීමට ඉඩක් තිබේද වගේ දේවල් බලන්න ඕනි.
    ඒවාගේම මේ ගැනත් සැලකිලිමත් වෙන්න. ඔබගේ ඔළුවේ දැනට තිබෙන නිවස තනි තට්ටුවේ නිවසක් ද, තට්ටු කිහිපයක නිවසක්ද යන වග. මොකද මම මෙහෙම කියන්න හේතුව තනි තට්ටුවේ නිවසට මෙන් තට්ටු නිවසට විශාල ඉඩමක් අවශ්‍ය නොවන බැවිනි.
    ඉඩම ගැන ඔය ටික ප්‍රමාණවත් කියලා හිතෙනවා. ඔබත් මේ ගැන අදහසක් එකතු කිරීමට කැමතිනම් පහළින් Comment එකක් දාන්න.
    හරි දැන් අපි බලමු Plan එක ගැන,
    ඉංජිනේරුවෙක්/ සැලසුම්ශිල්පියෙක් හරි තමා ප්‍රධාන වශයෙන් මේ වැඩේ කරන්නේ. මේ අතරින් ඉජිනේරුවෙකුගේ සැලසුම් මිළ අධිකයි. (මේ ගැන පසුව කතා කරමු) කොහොමත් සැලසුම්ශිල්පියෙකුගේ Plan අපිට වර්ග අඩියකට රු.10 සිට ඉහළට මිළදී ගන්න පුළුවන්. එහෙමත් නැතිනම් අපට පත්තරේ තිබෙන Plan එකක් වෙනස් කර බාස් සමග එකතු වී නිවස සාදන්න පුළුවන්.
    මේ වැඩවලට වඩා මම අනුමත කරනුයේ හැකිනම් ඉංජිනේරුවෙක් ලවා හො සැලසුම්ශිල්පියෙකු සමග කතා කර නිවැරදි Architecture Drawing එකක් ඇද ගන්න කියාය. මෙය Engineering Drawings වලට වඩා මිළ අඩුය. ( අඩුම තරමේ Architecture drawing එකක් රු.40,000+ විතර ගානකට පුළුවන් වෙයි Engineering Drawing එක ඊට වඩා රු.30,000-50,000 විතර මිළ වැඩි වෙයි. එහෙම වෙන්න හේතුව Engineer පවසා නිවසේ වැඩ කටයුතු අධීක්ෂණය යටතේ කරගත හැකි නිසයි)
    එහෙනං ඔයාලා බලයි ඇයි,මං ඒ වගේ වියදම වැඩියෙන් යන දෙයක් මෙතැනදී යෝජනා කලේ කියලා. ඒකට හේතුව තමයි ප්ලෑන් එක ඇදගනද්දී එයාලා ආවට ගියාට නෙමෙයි ප්ලෑන් එක අදින්නේ. එයාලා ඔයාගේ ඉඩමට ඇවිත් මැනලා බලනවා ඉඩමේ ප්‍රමාණය. ඊළගට අවට තියෙන ගෙවල් දොරවල්,බෑවුම්,වතුර බැස යන කානු වගේ දේවල් ගැනත් බලනවා. ඊළගට ඉඩමේ පසේ ස්භාවය ගැනත් එයාලා බලනවා. එව්වා සේරම බලලා තමයි ඔයාගේ අදහස් අනුව හදන්න යන නිවසේ ප්ලෑන් එක අදින්නේ.
    මේ දේ පහසුවෙන් කර ගත හැකි ක්‍රමයක් රජයේ පිළිගත්තු සමාගම් ආශ්‍රයෙන් කර ගන්න එක. මම කළින් කිව්ව විදිහට වැඩේ නීට් එකට අඩුවට කර ගන්න හැකි වුවත් මොවුන් Plan එක පමණයි ලබා දෙනුයේ.( Blueprints එකක් ගන්න පුළුවන්/ රුපියල් පනස්දාහක්,හැටදාහක් වගේ යයි‍ BOQ එකත් සමග)
    ඊට පස්සේ ඕකත් අරං යන්න ඕනි ඉඩම අයිති නගරසභාවට හෝ ප්‍රදේශීය සභාවට. එතනදී වරිපනම් ගාස්තු එහෙම ගෙවලා, තව තව අවශ්‍ය වෙන ලියකියවිලි එහෙම දීලා ප්ලෑන් එකට අනුමැතිය ගන්න ඕනි. ඒ වැඩේට සතියක් දෙකක් යන්නත් ඉඩ තියෙනවා. සමහර විට කොච්චර ලොකු ඉදිකිරීම් සමාගම් අදින ප්ලෑන් උනත් පොඩි පොඩි අතපසුවීම් තිබිලා අනුමත වෙන්නේ නැතිව ආපසු එන්නත් ඉඩ තියෙනවා. එහෙම උනොත් ඒ ප්ලෑන් එකේ තියෙන නිවැරදි කල යුතු තැන් මොනාද කියලා බලලා,ආය් ප්ලෑන් එකත් අරං ඒක ඇඳපු අය ලගටම ගිහිං ඒවා නිවැරදි කරලා වැඩේ අනුමත කරගන්න.
    අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-
    *ප්‍රාදේශිය/ නගර සභාව විසින් අනුමත කරන ලද බිම් කට්ටි සැලැස්මේ පිටපතක්
    *අයදුම්පතේ සඳහන් පරිමාණ හා මිනුම් වලට යටත්ව අඳින ලද ගොඩනැගිලි සැලසුම්පත් පිටපත් 03 ක්
    *ඔප්පු පිටපතක්.
    *අයදුම්කරුගේ නමින් ගෙවන ලද වරිපනම් බදු කුවිතාන්සියේ පිටපතක්.
    *වර්ග අඩි 3000 ඉක්මවන විට වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් ගොඩනැගිලි ඉල්ලුම්පත හා සැලසුම්පත අනුමත කර තිබිය යුතුය.
    *අන්ධ බිත්තියක් ඇති අවස්ථාවක ව්‍යුහාත්මක ඉංජිනේරුවරයෙකුගේ නිර්දේශය ලබා ගත යුතුය.
    *ජා.හැ පතේ පිටපතක්
    දැන් Plan එකෙයි ඉඩමෙයි වැඩේ හරි,
    දැන් ඉඩමා ජලය විදුලිය ‍නොමැතිනම් ඒවා ගන්න හැටි කතා කරමු. ඉඩමේ පැත්තක 6’x 12’ වාගේ හොද හයිය හත්තියට මඩුවක් ගහන්න. ඉදිරියේ ගේන බඩු, බාසුන්නැහැලා එහේම මාස දෙක තුනක් ඉන්නේ මේතන තමා. ඉතිං මඩුවක් හදාගෙන,එක වයරින් කරගන්න. මෙතනදී ප්ලග් දෙකක්,බල්බ් එකක් තියෙන පොඩි වයරින් කිරීමක් කරගන්න. මේ වයරින් බඩු ආයේ පස්සේ ගලවලා,ඔයාගේ ගෙදරටම යොදා ගන්න පුළුවන් ඒ නිසා නාස්තියක් වෙන්නේ නෑ. ඉඩ පස්සේ විදුලි දෙපාර්තමේන්තුවට ගිහිං අවශ්‍ය මුදල් බැදලා,ඉල්ලීම කරාම ඒ අය ඇවිත් අපි තාවකාලිකව හදපු මඩුවට විදුලිය දීලා යයි. ඔය වැඩ කරන අස්සෙම ජලය ලබාදෙන මණ්ඩලයයට ගිහිං මුදල් බැදලා,ඉල්ලීම කරාම ඒ අයත් ජලය ලබා දෙයි ඉඩමට.
    ඉඩමේ පැත්තකින් වැසිකිලි වලකුත් කපලා, ඒ හරියෙම පැත්තකින් පොඩි ටොයිලට් එකක් හදාගන්න. අනික පස්සේ කලෙක ගෙදර වැඩට කවුරුහරි එක්කන් ආවත් ඒ අයට ඔයලා පාවිචිචි කරන එව්වට යන්න දෙන්න බෑනේ. ඒ නිසා මේකෙන් අවැඩක් වෙන්නේ නෑ. අනික ඔය කපන වැසිකිලි වලටම ගෙදර ටොයිලට් බට දාගන්නත් පුළුවන්. එව්වා ඒ විදියට කල්පනා කරලා බලලා සකසා ගන්න.
    දැන් නං අපි ලග හොද ඉඩමක් තියෙනවා, ඒකට හරියන අනුමත කරපු ප්ලෑන් එකක් තියෙනවා,ඉඩමට විදුලිය සහ ජලයත් තියෙනවා. දැන් මුලික කාරනා සේරම හරි.ඉළග ලිපියෙන් අමුද්‍රවය ගැන හා වැඩ සදහා බාස්ලා, කොන්ත්‍රාත්කරු, අත් උදව්කරුවන් තොරාගන්නා හැටි ගැන කතා කරමු.මෙය මාගේ හා මිතුරන්ගේ (elakiri(dot)com )අත්දැකීම්වල එකතුවකින් සදා ඇත.


    civillk.com
     

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    අඩුවට නිවසක් හදන සාස්තරය (දෙවන කොටස)
    කලින් ලිපියේදී අපි ඉඩමක් තෝරා ගන්න විදිහ, Plan එකක් නිවැරදිව ඇද ගන්න විදිහ සාකච්චා කරා. කලින් ලිපියට කට්ටියගෙන් එතරම් ලොකු ප්‍රතිචාරයක් නොලැබුණන් මම වැඩේ දිගටම කරගෙන යාමට තිරණය කළා.
    හරි අද පෙර ලිපියෙන් පොරොන්දු උවා සේම කතා කරන්න බලාපොරොත්තු වන්නේ නිවසේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වන ශ්‍රම්‍ය හා අමුද්‍රව්‍ය නිසි ලෙස ලබා ගන්නේ කේසේද කියාය.
    ගෙදර හදන්න භාර දෙන්නේ බාස්උන්නහේටද ,ඉදිරිකිරීම් කොන්ත්‍රාත්කරුට කොහොමද මේක තීරණය කරන්නේ ??
    මේක ගොඩක් වෙලාවට තීරණය වන්නේ අපි කරන රුකියාව මත තමා. ගෙයක් හදද්දි අඩුම තරමේ උදේට හරි හවසක හරි ගිහින් බලන්න ඕනේ මොකද වෙන්නේ කියලා. මම එහෙම යන්න කියන්නේ අපි බාස්ලව දැමමලා කළත්, කොන්ත්‍රාත් දම්මලා කරත් හදන ගෙදරට අපේ අවදානය අඩුයි කියලා දැනුනම ඒ අය හොර වැඩ කරන්න ගන්නවා.මේමා ලොකුවට දැනුනේ නැතිවුනාට ලක්ෂගානක් වියදම් කරලා අපිට ඕන විදිහට ප්‍රමිතියට ගේ හදා ගන්න නැත්නම් ඇති පලේ මොකක්ද? අඩුම ගානේ ඔයාලට ඉන්න වෙලාවක් නැත්නම් තාත්තව හරි සහෝදරයෙකුට හරි හිතවෙතෙකුට හරි කියන්න පොඩ්ඩක් හවසට ගිහිල්ලා විනාඩි 10ක් වගේ කැරකිලා බාස්ලා එක්ක කතා කරලා එන්න කියලා.(ඔයත් කවුරු ගියත් ගිහින් නිකන් එන්න එපා, අනිවාර්යයෙන් බාස්ලා, කොන්ත්‍රාත්කරු එක්ක වැඩේ කොහොමද යන්නේ, මොනවද තව අවශ්‍ය, එයාලට මොනවද තියෙන අඩුපාඩු කියලා හොයලා බලන්න. හැබැයි ඕනාවට වඩා කතාවට යන්න එපා. ඔයාලට එයාලා කෙලවලා යනකම් ඔයාම දන්නේ නැති වෙයි. ඒ හින්දා ඕනාවට වඩා කරන්න යන්නත් එපා)
    බාස්උන්නහේටද ,ඉදිරිකිරීම් කොන්ත්‍රාත්කරුට දෙන්නේ කියලා බලද්දි ගෙදරට ලක්ෂ 50 අඩුවෙන් වියදමක් යනවා හරි ඔයාට ලොකු දැනුමක් මේ ගැන තියෙනවා හරි නම් මේක කොන්ත්‍රාත් අයට දෙන්න එපා. කොන්ත්‍රාත් වැඩේදි සිද්ද වෙන්නේ ලක්ෂ 35 වගේ යන වැඩේට මෙයාලා ලක්ෂ 45-50 වගේ ගන්නවා කරන්න. හැබැයි කොටියක වගේ ගෙයක් හදනකොට මේක අවුලක් නැහැ. කොන්ත්‍රාත් තැනක වැඩකරපු කෙනෙක් හැටියට මම කියන්නේ ලක්ෂ 20 දුන්නත් පාඩු නැහැ. මෙකද ගෙදර සම්පූර්ණ වගකීම එයාලා ගන්නවා. යම් කිසි වගකීම් කාලයක් ගෙදරට හම්බ වෙනවා. Plan එකේ ඉදලා ණය වගේ වැඩත් දැන් කරවා ගන්න පුළුවන්.ඒ වාගේම සමහර වෙලාවට ලාබයක් කියලා දෙයක් ගන්නත් නැති වෙනවා.
    මන් දැන් කියලා තියෙන්නේ කොන්ත්‍රාත් ආයතනයකින් ලැබෙන ප්‍රධාන වාසි ටිකක් අපි දැන් හරියටම කතා කරමු බාස්උන්නහේලා ,ඉදිරිකිරීම් කොන්ත්‍රාත්කරුවන් ගැන.
    ඉදිරිකිරීම් කොන්ත්‍රාත්කරුවන්
    මෙවාට ප්‍රධාන පෙලේ උදාහරණ දෙකක් තමා මාගා, සීයේරා කියන ආයතන. ගොඩනැගිලි සදනවාට අමතරව මේ ආයතන සමහරක්ගෙන් අපිට පුළුවන් Plan, BOQ වගේම උපදේශ් ලබා ගන්න.
    අපි දැන් බලමු මෙයාලා කොහොමද අපේට මිලක් ලබා දෙන්නේ කෙසේද කියා. මිල ගණනයේදී සාමාන්‍යයෙන් සිදුවන්නේ අමුද්‍රව්‍ය, සේවක සහ ඉදිකිරීමේදී වෙනත් දැරීමට සිදුවන මිලට 20%-30% මිළ එකතු කිරීමක් සිදු කර අපට පවසන එකය.( BOQ එක)
    මේයාලගේ වැඩ පටන් ගැනීමට ප්‍රථමව කොන්ත්‍රාත් ලියවිල්ලක් අස්සන් කිරීමට සිදු වෙනවා. ඊට අමතරව අපට මුදල් නොමැතිනම් කොටස්වලට බෙදා කොටසින් කොටසද කළ හැක. මේහීදී BOQ එක කොටසකට එක බැගින් බොහෝ විට වෙනස් වෙයි. ඒ වාගේම වැඩ කොටස නීශ්චිත කාලයකට අවසන් කර ගත ගැනීමටත් TO හෝ ඉන්ජිනේරුවරයෙකුගේ අදීක්ෂණය යටතේ ඉදිකිරීම් කර ගන්න පුළුවන්.
    ප්‍රධාන වාසි ටිකකට තිබෙන්නේ මම ඉහතදී කියපු දේවල්ම තමා. මෙම ආයතන තෝරා ගැනීමේදී මොවුන් මීට පෙර සුදු කරනු ලබපු වැඩ ටිකක් පරීක්ෂා කර බලන්න පුළුවන්. ඊට අමතරව ආයතනය ලියාපදිංචි කර ඇත්දැයි බලන්න. මෙවා ඔබ තෝරාගත් ආයතනයෙන්ම විමසා ලබා ගන්න පුළුවන්.
    බාස්ලා, අත්උදව්කරුවන් තේරීමේදී
    බාස්ලා ගැන කියද්දී දැන් දවසේ පඩිය හෙඩ්බාස්ට නං රුපියල් 2300 ක් වත් ඕනි. ගෝලයන්ට රුපියල් 1600 වගේ තමයි. හැබැයි කොළඹට ඈත දුර පළාත්වල නං බාස්ලාගේ කුලිය අඩුයි. ඈත පළාත්වල ගෝලයෝ ඉන්නවා දවස් පඩිය රුපියල් 1300 යි. බාස්ට 1800 ක් වගේ දෙන්න.
    ඉතිං ඔයාට ඔය ඈත පළාත් වල නෑදෑයෝ ඉන්නවා නං,ඒ අයගේ මාර්ගයෙන් බාස්ලා එහෙම හොයාගන්න පුළුවන් නං ලොකු ලාබයක් තියෙනවා.හැබැයි මෙහෙම බාස්ලා ඈත පළාතකින් ගෙනත් නවත්ත ගන්නවා නං ඒ අයට කන්න බොන්න දෙන්න ඕනි. ඒත් බය වෙන්න එපා. මම අත්දැකීමෙන් දන්න විදියට ඔය ඈත ගම්වල ඉන්න අයට ඕනි බඩ පිරෙන්න කන්න දෙයක් මිසක් අනං මනං විච්චුරන නෙමෙයි. ඉතිං හාල් තුනපහ ටික,එළවලු ටිකක් ගෙනත් දෙනවා නං ගෝලයෝ උයා ගනියි. තේ කොළ/සිනි ගෙනත් දෙනවා නං තේ හදා ගනියි.
    මෙහෙම බාස්ලා ගෙනත් නවත්තන එකේ තව වාසියක් තියෙනවා. ඒ තමයි අපි හිතමුකෝ අපි ඈතින් බාස්ලා/ගෝලයෝ ගේන්නේ නැතිව අහල පහලින් ගත්තා කියලා. එහෙම උනොත් ඒ අය කරන්නේ උදේ 8:30 ට විතර ඇවිත් හවස 4:00 වෙනකොට යන එක. හැබැයි බාස්ලා ඈතින් පළාතකින් එක්කන් ඇවිත් ඉඩමේ නවත්තුවම එහෙම එකක් නෑ. ඒ මිනිස්සු උදේ පාන්දරම වැඩ පටන් අරං,ඔහේ රෑ වෙනකන් වැඩකරනවා. ඇයි ඉතිං ඉන්නෙත් එතනමෙන්. හැබැයි බාස්ලා එක්ක වැඩකරද්දී බොහොම පරිස්සම් වෙන්න ඕනි. තරහ කරගන්නත් හොද නෑ. මොකද බාස්ලා තරහින් වැඩ කලොත් ඒ ගෙදර ඉන්න කෙනාට හරි යන්නේ නෑ කියන එක මම හොදට හොයලා බලලා දැකලා තියෙන දෙයක්.

    ඒ නිසා තමන් දවස් පඩියට බාස්ලා දම්මලා වැඩේ කරනවා නං ඒ අයට හරියට ගෙවීම් කරන්න. හැබැයි මම කළින් කිව්වා වගේ වැඩේ කරද්දී ඔයා හරි ඔයාගේ ලගම කෙනෙක් ඉඩක් ඇවිත් මේ ගැන බලන්න.

    ඉදිකිරීම් කටයුතු වලට අමුද්‍රව්‍ය මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු දේවල් ගැන මම කලින් ලිපියක් ලියලා තියෙන නිසා ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ.ඒ ලිපිය මෙතනින් බලන්න.
    ඉදිකිරීම් කටයුතු වලට අමුද්‍රව්‍ය මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු දෑ
    ඊළග ලිපියෙන් ඉදිකිරීමේදී සැලකිලිමත් විය යුතු දෑ බලාපොරොත්තු වන්න.


    civillk.com
     

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    තව පොස්ට් දෙකකුත් තිබ්බා

    අඩුවට නිවසක් හදන සාස්තරය (තුන්වන කොටස)


    අඩුවට නිවසක් හදන සාස්තරය (අවසාන ලිපිය)

    Civillk. com
    මේකන් තමා ඉස්සුවේ. එළකිරි එකේ එකෙක්ගේ එකක් වගේ පෙන්නේ. කාගේද බන්. ?
    https://www.elakiri.com/forum/showthread.php?p=13776759 :confused::confused:
     

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    oka mn denuwathwa nm site ekkak karanne ne ewagen wisthara hoyagena wena ekkek karannawa wage ;)

    a ehematada mama PM ekak dala ahala balannamko ehenam. wisthara awagayak aha ganna one ekayi hoyanne. wena Elakiri eke gewal hadana Post dala thiyena Set eka kawuda?
     

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    Machan Nara (http://houseplansrilanka.lk/) eka hodaida, geyak hadaganna. Mata me gana kesema idea ekak naha. Un hoda nathnam, wena hoda, gana shape ekek keyannako... Thanks.

    11.gif
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,350
    1,544
    113
    32
    Earth-Cj025
    තව පොස්ට් දෙකකුත් තිබ්බා

    අඩුවට නිවසක් හදන සාස්තරය (තුන්වන කොටස)


    අඩුවට නිවසක් හදන සාස්තරය (අවසාන ලිපිය)

    Civillk. com
    මේකන් තමා ඉස්සුවේ. එළකිරි එකේ එකෙක්ගේ එකක් වගේ පෙන්නේ. කාගේද බන්. ?

    ඕක මගේ අයි මොනවද දැන ගන්න ඕනේ ?

    oka mn denuwathwa nm site ekkak karanne ne ewagen wisthara hoyagena wena ekkek karannawa wage ;)

    මන් බන් කරන්නේ

    මෙන්න මේ ත්‍රෙඩ් එක සම්පුර්ණයෙන්ම කොපි කරලා, ඔය ආර්ටිකල් එක ලියන්නේ.


    අඩුවට-තට්ටු-දෙකේ-ගෙයක්

    https://www.elakiri.com/forum/showthread.php?t=1665687

    ඉතින් දැන් උබට තියෙන අමාරුව මොකක්ද? මම මගේ Site එකේ දාලා තියෙනවා කොහෙන්ද විස්තර ගත්තේ කියලා. අනික මම
    SHEHAN_GIWANTHA, Trouble_Maker, D ran, shaminda peiris මේ අයට කියලා විස්තර අහලා ලියලා තියෙන්නේ.

    හොදට බලපන් එක Post එකක ලියලා තියෙනවා elakiri එකෙන් විස්තර ගත්තා කියලා.අනික අදහස විතරයි ගත්තේ.මොකුත් Copy Paste කරලා දාලා නැහැ මේකෙන් Post දෙකකට විතරයි විස්තර අරගෙන තියෙන්නේ අනිත් ඒවා මමම Type කරලා මගේ දැනුමෙන් හා ඉන්ජිනේරු මහතෙක්ගේ උදව්වෙන් ලියලා තියෙන්නේ.(උබට ඉරිසියාවට වඩා අමාරුවක් තියෙනවනම් Real එකෙන් ඇවිත් කියපන් )

    මේ Post එක දාපු කෙනාටත් එක්ක කියන්නේ (GTRZ)
    Untitled.jpg