දැනට රට තුල පවතින ගෑස් හිඟය මැයි මස අවසන් වන විට යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.
අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කලේ ඉදිරියේදී ඉන්දියන් ණය ක‍්‍රමය යටතේ ලිට්‍රෝ හා ලාෆ්ස් සමාගම් වලට අවශ්‍ය මුල්‍ය පහසුකම් ලබාදෙන බවයි.
එමෙන්ම ඉන්දීය රජයේ මැදිහත්වීමෙන් තවත් සැපයුම්කරුවන් කිහිප දෙනෙකු තෝරා ගැනීමට කටයුතු යොදා ඇති බවත් ඔහු පැවසීය.
ගෑස් මිලදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 90ක් ලෝක බැංකුව විසින් ලබා දෙනු ඇති බවත් ලිට්‍රෝ සහ ලාෆ්ස් සමාගම්වල වෙළෙඳපොළ ප්‍රමාණය අනුව එම මුදල් බෙදා දෙන බවත් ඇමතිවරයා සදහන් කරයි.
ගෑස් පාරිභෝගිකයින්ගෙන් 25% ක් නාගරික නගරවල ජීවත් වන බැවින් ඉදිරියේදී ගෑස් බෙදා හැරීමේ ක්‍රියාවලියේදී නාගරික ප්‍රජාවට ප්‍රමුඛත්වය ලබා දෙන බව ලිට්‍රෝ සමාගම සදහන් කරයි.
මීට පෙර දිනකට ගෑස් සිලින්ඩර 60,000ක් වෙළෙඳපොළට සැපයූ නමුත් ඉදිරියේදී එම ප්‍රමාණය 30,000 දක්වා අඩු කිරීමට සිදුවන බවද සමාගම පැවසීය.
------ Post added on Apr 29, 2022 at 2:15 PM