ගෑස් ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් රැගත් නෞකාවක් කොළඹ වරායට 😍

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,448
    8,601
    113
    A man lifts a gas tank during an opposition protest demanding the resignation of President Gotabhaya Rajapakse. June 30, 2022 Colombo, Sri Lanka





    ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් රැගත් නෞකාවක් අද (22) දින දිවයිනට පැමිණ තිබේ.

    ලිට්‍රෝ ගෑස් සමාගම උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එමඟින් ගෘහස්ත ගෑස් සිලින්ඩර 300,000 නිකුත් කිරීමට නියමිත බවය.

    එමෙන්ම ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් සහ 3700ක් රැගත් නෞකා දෙකක් ලබන 24 සහ 28 යන දිනයන්හිදී මෙරටට පැමිණීමට නියමිතව ඇත.

    කෙසේ වෙතත් අදත් (22) දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගෑස් හිඟයක් පැවති බවට තොරතුරු වාර්තා විය.

    පසුගිය දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් හිඟයක් පවතින බවට පාරිභෝගිකයින්ගෙන් තොරතුරු ලැබුණු අතර ඇතැම් ස්ථානවල ගෑස් මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන් පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබිණි.

    පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය ක‍ළේ අවශ්‍ය පරිදි ප්‍රමාණවත් තොග පවත්වා ගැනීම සඳහා නව ඇණවුම් සිදුකර ඇති අතර පෙබරවාරි මාසය අවසන්වීමට පෙර ගෑස් නෞකා තුනක් පැමිණීමට නියමිතව ඇති බවය.

    මාර්තු මස 12 වැනිදා සිට ලිට්‍රෝ ගෑස් සිලින්ඩර වැඩි ප්‍රමාණයක් වෙළඳවෙළෙපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පසුගියදා කියාසිටියේය.

    කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන වෙළෙදුන් පවසන්නේ ගෑස් පැමිණෙන නිශ්චිත දිනයක් සම්බන්ධයෙන් ලිට්‍රෝ සමාගම තමන්ව දැනුවත් කර නොමැති බවය.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    අනුරටත් බෑ වගේ
    කාටවත් බෑ . තෙල් ගෑස් පොඩි පෝලිමක්වත් ආවෙ නැති එක පාලන කාලයක්වත් නෑනෙ. 🤣
     
    • Like
    Reactions: NRTG

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    කාටවත් බෑ . තෙල් ගෑස් පොඩි පෝලිමක්වත් ආවෙ නැති එක පාලන කාලයක්වත් නෑනෙ. 🤣




    📕 අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නෙ..

    ගෑස් හිඟයක් ආපුවම එකට වගකියන්න ඕන ආණ්ඩුව කියලා. දැන් අපි දන්නවා ඒකට වගකියන්න ඕන ෂෙල් ගෑස් කම්පැනි එක කියලා..

    📕 අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..

    ආණ්ඩුව විදුලිබල වැඩි කරනවා කියලා. දැන් අපි දන්නවා විදුලි බල මණ්ඩලය පාරිභෝගිකයාට සපයන සේවාවෙ පිරිවැය අය කර ගැනීමක් කරන්නෙ කියලා...

    📕 අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ...

    ලංකාවෙ තෙල් මිල වැඩි කරන්නෙ ආණ්ඩුව අනවශ්‍ය විදියට බදු ගහලා, ඇමතිලා කොමිස් ගහලා කියලා. දැන් අපි දන්නවා ඒක එහෙම නෙවෙයි ලෝක වෙළඳ පොළේ උච්චාවචනය අනුව මිල සූත්‍රය සාධාරණයි කියලා..

    📕 අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..

    ඇමතිවරයා බාල බෙහෙත් ගෙන්නනවා කියලා.. දැන් අපි දන්නවා ඒක එහෙම නෙවෙයි බෙහෙත් ගෙන්නනන නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තියෙනවා කියලා..

    📕 අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..

    බාල ගල් අඟුරු ගෙන්නන්නෙ ආණ්ඩුව සහ ඇමති කියලා. දැන් අපි දන්නවා එහෙම බාල අඟුරු ගෙනාවම රටට වාසියි වන්දියක් හම්බ වෙනවා කියලා..

    📕 අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..

    රටේ සහල් මිල වැඩි කරේ ඩඩ්ලි ප්‍රමුඛ හාල් මෝල් මාෆියවකින් කියලා. දැන් අපි දන්නවා ඩඩ්ලි නැත්නම් අපිට ගල් වැලි නැති කොලිට් බත් කන්න ලැබෙන්නේ නෑ කියලා..

    📕 අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ...

    ඉන්දියානු ව්‍යාප්තවාදය කියලා එකක් තියෙනවා කියලා. දැන් අපි දන්නවා ඒකට කියන්නෙ කලාපිය බලවතා සමග රාජතාන්ත්‍රික ගණුදෙණු ශක්තිමත් කිරීම කියලා..

    📕 අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ...

    මේ රට මහින්ද චීන කොලනියක් කරන්න හදන්නෙ කියලා. දැන් අපි දන්නවා ඒක එහෙම නෙවෙයි චීනය අපේ රටට අවශ්‍යය ප්‍රබල ආයෝජකයෙක් කියලා...

    📕 අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ...

    IMF කියන්නෙ අපි වගේ රටවල් ගිලගන්න බලාගෙන ඉන්න රාක්ෂයෙක් කියලා.. දැන් අපි දන්නවා IMF කියන්නෙ අපි වගේ රටවල් අමාරුවෙ වැටුනාම බේරගන්න එන දේවදූතයෙක් කියලා..

    📕 අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..

    විධායක ජනාධිපති ධුරය කියන්නෙ අපෙ වගේ රටකට වැඩක් නැති ඒකාධිපති තනතුරක් කියලා. දැන් අපි දන්නවා ඒක අපි වගේ රටකට කොච්චර වැදගත්ද කියලා...

    📕 අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..

    අපි හිතාගෙන හිටියේ උගත්තු බුද්ධිමතුන්ට පාලන බලය දුන්නොත් රටේ ප්‍රශ්ණ ඉවරයි කියලා. දැන් අපි දන්නවා ඒක එහෙම නෙවෙයි කියලා...

    📕 අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ...

    මේ රටේ සියලුම වැරදි කරන්නෙ දේශපාලඥයන් කියලා. ඒත් දැන් අපි දන්නවා දේශපාලඥයො කියන්නේ පූස් පැටව් වගේ ජාතියක් රාජ්‍ය නිලධාරීන් තමයි වැරදි කරන්නෙ කියලා..

    📕 අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..

    ජාත්‍යන්තරය එක්ක ගනුදෙනු කිරීමේදී භාෂාවක් විදිහට ඉංග්‍රීසි අත්‍යාවශ්‍ය වෙයි කියලා. දැන් අපි දන්නවා ෂූ ගාලා ආයෝජකයො ගේන්න ඉංග්‍රීසි අවශ්‍යය නෑ කියලා...

    📕 අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..

    වෙන ආණ්ඩු ජනතාවගෙන් බදු ගහලා ජනතාව සූරාගෙන කනවා කියලා. දැන් අපි දන්නවා ආණ්ඩුව බදු ගහන්නෙ ජනතාවගෙ යහපතට භාණ්ඩාගාරය පුරවන්න කියලා...

    📕 අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..

    අනුර ජනාධිපති වෙන්න කලින් කියපු මිනිරන් ග්‍රැෆයිට්, ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයෙන් විතරක් රට ගොඩ දාන්න පුළුවන්, මුහුදු වතුරෙන් සල්ෆියුරික් අම්ලය හදලා ඩොලර් ගේනවා කියපු කතා ඇත්ත වෙන්න ඇති කියලා. දැන් අපි දන්නවා ඒ ඔක්කොම බයිලා කියලා..

    📕 අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..

    මහින්ද හොරු ආරක්ෂා කරා අනුර ජනාධිපති උනාම එහෙම කරන එකක් නෑ කියලා.. දැන් අපි දන්නවා අනුරත් ආණ්ඩුවෙ ඉන්න මැති ඇමති හොරු රකිනවා කියලා..

    📕 අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ ...

    අනුර මාර වැඩ්ඩෙක් කියලා. දැන් අපි දන්නවා අනුර කියන්නෙ පුස්සෙක් කියලා..

    නිලන්ත සත්සර ගමගේ ✍️

    🔖අනුර ජනාධිපති උනේ නැත්නම් ඔයාලා තාම හිතාගෙන ඉන්න ඒවා ටිකත් කමෙන්ට් කරගෙන යන්න..
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    පුනුරුද නිව්ස්‍..සිරසේ breaking news ගැහුවද ඕක ගැන?😅😅

    කාටවත් බෑ . තෙල් ගෑස් පොඩි පෝලිමක්වත් ආවෙ නැති එක පාලන කාලයක්වත් නෑනෙ. 🤣

    wash laundry GIF

    ------ Post added on Feb 22, 2026 at 6:19 PM
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මුන්ට චන්දේ දීපු එවුන් මේවා අහල කොහොම ඉන්නවද මන්ද?

    මුන් හිතන් ඉන්නෙ මේ රටේ ඉන්නෙ උන්ට ඡන්දෙ දුන්න 68 ලක්ෂෙ ගොන් හැත්ත විතරයි කියලද මන්දා?
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    අම්මො ඉස්සර ඔහොම නැවු එනකන් බල හිටියෙ මැප් එකෙන්....
    ආණ්ඩුවක් උනාම ගෝටාගේ තත්වෙටවත් එන්න ඔනේ....