අඩෝව් පව් නේද.?

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,672
    6,001
    113
    @ගෙදර
    Fb eken issuwe :eek:
    කවදාවත්ම හිතුවේ නෑ මෙහෙම type කරන්න වෙයි කියල,
    දමිත් අසංක,
    දශකයකට කළින් ලංකා ඉතිහාසයේ H.R. ජෝතිපාල මහතා තබා තිබූ වාර්ථාවකට ආසන්න වූ පුද්ගලයා ඔහුවිය,
    ඒ තනි පුද්ගලයෙකුගේ ගීත ඇල්බමයක් වූ " සිතේ පෙම්පුරා, " නම් කැසට් පටය වැඩිම ප්
    ‍රමාණයක් අලෙවිවූ නිසාය,
    ( රෙකෝඩ් බාර් වල උණු උණු කැවුම් වගේ එය විකුණෙන ලද අතර මාද පානදුරේ කැන්ඩි රෙකෝඩ් බාර් එකට රුපියල් 250/= ක් දී සතියක් එය එනතුරු බලාසිටියේ තොග අවසන් බැවිනි, )
    එය එකල පාඩු පිට පාඩු ලැබූ නිල්වලා ආයතනය ගොඩදැමු අතර නිල්වලා ආයතනය සමඟ ඔහු ඇතිකරගත්තා වූ ගිවිසුම නිසාවෙන් ඔහුට සිදුවූ පාඩුව එකලදී ද කෝටියකට වඩා වැඩි විය යුතුය,
    තවද,
    එම ගීත ප්‍රසංග වේඳිකාවේ ගයද්දි පවා ඔහු නිල්වලා ආයතනයේ කොටස ගෙවූ බව එකල ඔහු ස්වර්ණවාහිනීයේ වැඩසටහනකදී කියනවා මට ඇසුණි,
    ඔහුව පිස්සෙක් විය යුත්තේ එතනදීය,
    ඔහුගේ හඬ මතින් ඉපයූ මුදල ඔහුට නිසියාකාරව නොලැඹුණේ නිල්වලා ආයතනය හා ඔහු අතර තිබුණු ගිවිසුමක් හේතුවෙනි,
    එම ගිවිසුම තනිකරම ඔහුව මුළා කොට තිබුණු,
    ඔහු එදත් සියල්ල සඟවමින් පාඩුව විඳගනිමින් කැළෑ වැදුණු අතර මාධ්‍යයෙන් පවා ඈතට විය,
    ප්‍රසංගයකදී පවා ඔහුව දක්නට නොලැබුණේය,
    ඔහු ඒ වනවිටත් පාසල් ප්‍රේමය විවාහ කරගෙන සිටි අතර දරුවෙකුද සිටි බව අප්‍රකටව තබාගත්තෙහිය,
    එය අසාර්ථක පවුල් ජීවිතයක් ද යන්න මා නොදනිමි,
    ඔහු තදින්ම ගංජා පානය කෙරූ පුද්ගලයෙකු වූ අතර පසුකාලීනව ඔහු නිළියකට පෙම් බැන්ඳෙකි,
    දන්නා විදියට නම් ඇය ඔහුව ලස්සනට තිබ්බේය,
    දමිත්ගේ බාහිර ස්වරූපය වෙනස් වූයේ ඇය නිසාම බව කිවයුතුය,
    ඇය ද දැන් ඔහු ලඟ නැත,
    ඔහු පිස්සු වැටුණ එක සාධාරණ විය යුතුය,
    පළමු විවාහයේ බිරිඳ යක්ෂණියක බව ඔහු ලඟම සිටිනා අය පැවසුවත්,
    ඔහු වෙත එකල තිබු කාන්තා පාර්ශවයේ ඇල්ම බැල්ම අසීමිතව ලැබීම හේතුවෙන් එය අසාධාරණ නොවන බව මට හිතුණත් ඔහුට ඇය සංගීත ප්‍රසංග වෙත යෑම පවා තහනම් කර තිබුණි,
    මට ඔහුගේ පුද්ගලික ප්‍රශ්න අඳාල නොවන අතර එහෙත් මා ඔහුට පෙම් බැඳි නිසා ඔහු ගැන සෙවිල්ලෙන් සිටියෙක්මි,
    ඔහුගේ ලඟ උන් අයට පුළුවන් වූවා නම් ඔහුව රකින්නට....?
    අද ඔහු තාමත් අපි වෙනුවෙන් ගැඹුරු හඬින් ගයනවා ඇත,
    ඔහු පසුකාලීනව ධර්මය වෙත නැඹුරු විය,
    වෙලාවකට ඔහු පන්සලටමවී සිටියේය,
    සරමක් කමිසයක් හැදගත් ඔහු පන්සලට වී සිටිනා අයුරු ඔබ දුටුවා නම් " මේ අර අපි දන්න දමිත්මද....? " කියා සෙනිකවම අසනු ඇත,
    යාන්තමින් වගේ ඔහු ප්‍රසංගයකදී දක්නට ලැබුණත් ඔහු පුංචි තිරයේදී නම් අපිට දක්නට ලැබුණේ වර්ෂයකට එක්වරක් වගේ පමණි,
    ඔහු නිහතමානී චරිතයකි,
    " අයියේ, " " අක්කේ, " " මල්ලියේ, " " අම්මේ, " තාත්තේ, " නංඟියේ, " ආදරණීය ආමන්ත්‍රණ ඔහුගේ භාෂාව විය,
    උඹ බං බොලන් දමිත්ගේ කටින් කිසිවෙකු හෝ අසා නොතිබිය යුතුය,
    ඔහුට ජීවිතයේ වැරදුණු තැන් මා නොදනිමි,
    මොකද,
    මා ඔහුගේ කථාව නොදන්නා බැවිනි,
    එහෙත් අද ඔහු,
    සිය ගමේම විහාරස්ථානයේ ආවාස ගෙයින් හොරෙන් ගත් සිවුරක් අඳිමින් ගම වටා ගිය අයකි,
    ඒ තරම් පිස්සු කෙළින්ට ඔහු වැටුණේ කොතැනකද,
    ඔහු දැන් මානසික වෛද්‍යවරුන් වෙත යොමු කොට ඇත,
    කොහේද දමිත් උඹට වැරදුණේ....?
    උඹ වෙනුවෙන් මම හැමදාමත් බලන් ඉන්නව උඹේ හඬට ලෝබ නිසාවෙන්ම,
    වරෙන් ගිහින් හිත හදන්,
    පිළිවෙලකට,
    මම දන්නව උඹ ලැජ්ජකාරයෙක් කියල,
    කමක් නෑ,
    හදාගනින් හිත මිනිස්සුන්ට තමයි වරදින්නෙ කියල,
    වරෙන් ආයෙත් වෙනද වගේම ඒ හඬත් එක්ක,
    ලංකාවේ මිනිස්සු උඹට හිනාවෙන එකක් නෑ බං
    :shocked:
     

    ScoobyDooby

    Junior member
  • Aug 19, 2018
    65
    5
    8
    Mona unath balanna me youtube video karayo mnussayek ge dukak udin salli hoyana widiha. Oyala owa balanawa nam harima nuugath oyala. Pattare article ekakin balanna. Oya video blog walin balanna epa. Kibul kadulu hala hala minissunge duka udin salli hoyanawa.:sorry: